බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් සැබෑ ලෙසම දේශපාලන නිදහස ලැබ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනය. ඉදින්, වසර පණහකට ආසන්නව, 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තම ආර්ථික බංකොළොත්භාවය ස්වයං ප්‍රකාශයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. එතෙක්, රට භුක්ති විඳි මොනයම් හෝ ආර්ථික ස්වාධිපත්‍යයක් වී ද, එය ද අහිමි කරගත් බව ඉන් කියවිණි. එය රටේ දේශපාලන ස්වාධිපත්‍යය වියවුලට පත්කළ බරපතල ගැටළුවකි.
මෙවන් පසුබිමක, මීට වසරකට පමණ පෙර එක්සත් ජනරජ පෙරමුණ බිහිවූයේ එකී බරපතල දේශපාලන- ආර්ථික-සමාජ අර්බුදයට පිළියමක් සොයන අටියෙනි. එහි පළමු වාර්ෂික ජාතික සමුළුව, 2024 ජුනි මස 1වෙනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සවස 3 ට අභිමානවත්ව මුළු දෙනු ලැබේ. මෙම ලිපිය, එම වසරක ජනරජ කතිකාවත පිළිබඳ මතකය අවදි කිරීමටය.

තම තරුණ වියේ සිටම, දේශපාලන සටන් බිමේ ධෛර්යවන්ත නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ, දේශයේ අරමුණු අධිෂ්ඨානයෙන් යුතුව ජයග්‍රහණය කිරීමට නොනවත්වා කැපවුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් ඇරඹී එක්සත් ජනරජ පෙරමුණ, අද දිවයිනේ දිස්ත්‍රික්ක 20 ක් පුරා විහිදී පවතින සංවිධාන ජාලයක් සහිත පිළිගත් දේශපාලන පක්ෂයකි.
ජයග්‍රාහී ජාතිකවාදී දේශපාලන ධාරාවන්ට මෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන අරමුණු ස්ථාපිත කිරීමට කැපවුණු පාඨලී චම්පික රණවක, හෙට දවස අද දැකිය හැකි තරම් පුළුල් දේශපාලන බුද්ධියක් හිමි නායකයෙකි. ඔහු, වසර 2012 දී, මෙරට දරුණු ආර්ථික අර්බුදයක මුව විට ඇති බැව් ප්‍රකාශ කළේ කරුණු කාරණා සහිතවය. සංවර්ධනය මුවාවෙන් සිදුවෙන බලවත් රාජ්‍ය ධන මංකොල්ලයකට රට මුහුණ පා තිබීමත්, වරප්‍රසාද ලත් පවුල් ආධිපත්‍යයක් සහිත දේශපාලන බලඅධිකාරිය සහ සම්බන්ධ රාජ්‍ය නිලධාරින් අතළොස්සක් ඇතුළුව ජාවාරම්කාරි ව්‍යාපාරික සහචර බලවේග විසින් මෙරට ආර්ථිකය හැසිරවීම තුළ බලගතු අර්බුදයකට රට පත්වෙන බැව් ඔහුගේ දැඩි අවධාරණය විය. එම ව්‍යාසනය, කූඨප්‍රාප්ත වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදුවුයේය. ඉන් පීඩාවට පත් ජනතාව සෘජු මහජන අරගලයකට පැමිණ ඔහු බලයෙන් පහ කිරීමට තරම් ධෛර්ය සම්පන්න විය.
ජනතාව සෘජු මහජන අරගලයකට පැමිණ
මෙම ව්‍යාසනාකාරී අර්බුදය පසුබිමේ, සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ජනතා වෛරයට හා විවේචනයට බඳුන් විය. එම පක්ෂ කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු විය. එබැවින්, පුළුල් දේශපාලන විඥානයක් සහිත දේශපාලන ක්‍රියාධරයන්, විද්වතුන්, වෘත්තීය සමිති නායකයන් මෙන්ම තරුණ මෙන්ම කාන්තා ප්‍රජා නායකයින් රැසක් එක්ව පිහිටුවා ගත් එක්සත් ජනරජ පෙරමුණ, තම ප්‍රධාන අරමුණ ලෙස දුටුවේ, මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සහ රට ගොඩ නැඟීමය. ආර්ථික පරාධීන බවට පදනම් වූ හේතූ විමසා සිටීම හා ඊට වගකිව යුතු දේශපාලනඥයන් විවේචනය කිරීමට පමණක් සීමා නොවී, එම අර්බුදයෙන් ගැලවීමට කාලානරූප ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඉදිරිපත් කරමින් සහ ක්‍රියාවට නඟිමින් එක්සත් ජනරජ පෙරමුණ රටට ඔබින දිශානතිය තෝරාගනු ලැබීය.
ව්‍යවස්ථදායකය තුළ මහජන නියෝජනයට සැබෑ වටිනාකමක් ලබාදෙමින්, විධායකයේ සෘජු කොටස්කාරයෙකු නොවී, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්ට නායකත්වය සපයමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙරට ව්‍යවස්ථාදායකයට නව වටිනාකමක් සැපයීය. ඉන් නොනැවතී, ජනතා මර්දනයට මෙන්ම ජනතා සංවිධාන මර්දනයට ආණ්ඩුව ඉදිරිපත් කළ අණපණත් වලට එරෙහි විපක්ෂයේ බලය ශක්තිමත් කිරීමට කැප විය. රට වෙලාගත් දුෂණ, වංචා මෙන්ම පාරදෘශ්‍ය බවින් තොර බොහෝ ගනු-දෙනු හෙළිදරව් කිරීමටත්, තවදුරටත් රටේ ධනය කොල්ලකෑමට එරෙහිවත් අප අදහස් ජනගත කිරීමටත් පක්ෂ නායකත්වය පසුබට නොවීය. ඒ සඳහා නායකත්වයේ සහ ක්‍රියාධරයන්ගේ බුද්ධිමය කැපවීම හා ක්‍රියාකාරීත්වය, පක්ෂ යාන්ත්‍රණය මෙහෙය වීම තුළ ලබාගැනීම එක්සත් ජනරජ පෙරමුණේ විශේෂත්වයයි.
රට බංකොළොත් බවට පත්වීමෙන් අණතුරුවත්, සෞඛ්‍ය, බලශක්ති, අධ්‍යාපන, අධිකරණ, නීතිය හා සාමය, යටිතල පහසුකම් ක්ෂේත්‍රවල සිදුවූ මෑත කාලීන ජාවාරම් හා අපහරණයන් හෙළිදරව් කිරීම, අප විසින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කළ මැදිහත්වීමකි. විශේෂයෙන්, රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් හා ණය බරින් මිදීම සඳහා ගත් ක්‍රියාමාර්ග අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම් රාමුවට සහයෝගය දැක්වීමත්, එහෙත් සබුද්ධික විවේචකයෙක් ලෙස එම ගිවිසුම් රාමුවේ සඳහන්, යහපත් දේශපාලන සදාචාරයක් සහ යහපාලන ආණ්ඩුකරණයක් සඳහා වූ යෝජනා ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව අපොහෝසත් වීමත් අපගේ දැඩි විවේචනයට හසුවිය.
අවංකබව, විවෘතබව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය සහ කුසලතාවය වටිනාකම් ලෙස සලකන අප පක්ෂය, ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, සමාජ සාධරණත්වය සහ සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි මෙන්ම නවීන ප්‍රතිපත්ති රාමුවක් ලාංකික සමාජයට ඉදිරිපත් කළේය. විශේෂයෙන්, ණය අර්බුදය විෂයෙහි, දේශීය ණය ප්‍රතිව්‍යුවගත කිරීමේදී ආණ්ඩුව දැක්වූ ප්‍රතිගාමී ආකල්පය දැඩි ලෙස විවේචනය කළ එක්සත් ජනරජ පෙරමුණ, ඉන් පීඩාවට පත් ජනතාව මත කිසිදු සහකම්පනයකින් තොරව ආර්ථික අර්බුදයේ මුළු බර පැටවීම ගැන දැඩි සමාජ මතයක් ජනිත කළාය. ඉන් නොනැවතී, ජනතාව තුළ ඇති වී ඇති අපේක්ෂා භංගත්වයත්, අසහනයත්, වෛරයත් සමනය කළ හැකි මනුෂ්‍යත්වයේ වැඩපිළිවෙලක්, “දේශය වෙනුවෙන් එක්වන පියවරක් ” නමින් මෙරට සියළු සබුද්ධික දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කොට සාමූහික ඉදිරි දැක්මක් හා ආණ්ඩුකරණයක් වෙනුවෙන් ක්‍රියා කරමින් සිටී.
සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාව පමණක් නොව දිවයිනේ සතර අතම, පක්ෂයේ පොදු වැඩපිළිවෙලකට ගොනු කරමින්, ජනගරුත්වය සුරකින සාධරණ සමාජයක් සඳහා කැපවූ දියුණු සංස්කෘතික පුරවැසියෙක් බිහි කිරීමේ අධ්‍යාපන හා සංස්කෘතික සමාජ සංවාදයක් ගොඩ නැඟීමට අප පක්ෂයේ “ජනරජ කතිකාවත” අරමුණ කොට ගත්තේය. ඒ සඳහා විවිධ ක්ෂේත්‍රයන් හි ප්‍රමාණික බුද්ධිමතුන්ගේ දායකත්වය පක්ෂයේ සෙසු අංශ වෙත ලැබීම රට වෙනුවෙන් ශක්තිමත් දේශපාලන මතවාදී පදනමක් ගොඩනැඟීමකි.
සමෘද්ධිමත් ධනෝපායන රාජ්‍යයක් ගොඩනැංවීමේ, ගෝලීය ප්‍රවණතාවයන්ට අනුරූප වන අපගේ ඉදිරි දැක්ම සහ ප්‍රකාශිත වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් ඉන්න හිතෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපගේ ක්‍රියාශීලි තරුණ හා කාන්තා සංවිධාන කරනු ලබන මැදිහත්වීම, රටේ අනාගතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති කරන්නකි. කුසලතාවයට සහ ප්‍රායෝගිකත්වයට ඉඩ සලසමින් සැබෑ ජනරජයක් බිහි කිරීමට ස්ථිරසාරව හා සාමුහිකව මැදිහත් වීම මෙවර අපගේ පළමු ජාතික සමුළුවේ බලාපොරොත්තුවයි. අභිලාෂයයි. ඒ සඳහා එක්ව රොඳ බඳින ලෙස ජනතාවට කරන අපගේ ආයාචනයයි මේ.

(බන්දුල චන්ද්‍රසේකර)
ජනරජ පක්ෂයේ මහ ලේකම්
banchasekara@gmail.com



