''හැබෑට?''
''අපේ පෘථිවිය වගේමලු. වාසයටත් සුදුසුලු.''
''මාරයිනේ...''
''වතුරත් තියෙනවලු. ඉර එළියත් සැර නැතිලු. පොළොවෙ ගහකොළත් ඇතිලු.''
''මිනිස්සු...?''
''මිනිස්සු කොහෙද වෙන ග්‍රහලෝකවල. මෙහෙන් ගියොත් මිසක...''
''ඉතින් යමුකො. වීසා ප්‍රශ්නෙකුත් නැතුව ඇතිනෙ.''
''නෑ නෑ.. තාම කවුරුවත් ගිහිල්ලත් නෑ.''
යුක්රේන් යුද්දෙටත් මිනිස්සු යවපු එකේ, දැනටමත් මෙහෙ ඒජන්සියක් දාගෙන ඇති.
''යුක්රේන් යුද්දෙටත් මිනිස්සු යවපු එකේ, දැනටමත් මෙහෙ ඒජන්සියක් දාගෙන ඇති. ටිකක් හොයල බලනවකො.''
''බැලුවා... මෙහෙ විදේශ නියුක්ති එකේ කෙනෙක් කිව්වා, නාසා ආයතනෙන් අහල බලන්ඩ කියලා.''
''ඉතින් අහමුකො.''
''ඇහුවා''
''ඉතින් මොකද කිව්වෙ?''
හැබැයි, ආලෝක වර්ෂ හතළිහක් යනවලු, ඒ ලෝකෙට ළඟා වෙන්ඩ
''පුළුවන් නම් ස්පේස් ෂිප් එකක් හදාගෙන යන්ඩලු... හැබැයි, ආලෝක වර්ෂ හතළිහක් යනවලු, ඒ ලෝකෙට ළඟා වෙන්ඩ.''
''ඉතින් ප්‍රශ්නයක් නෑනෙ.''
''දැනට අපි හොයාගෙන තියෙන වේගවත්ම අභ්‍යවකාශ යානයෙන් ගියත්, අපේ අවුරුදු 300,000 ක් ගතවෙනවලු එහාට යන්ඩ.''
''කීයක් හරි දීලා, ෂෝට් කට් එකක් හොයාගන්ඩ බලමුද?''
මේක බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යනව වගේ ගමනක් නෙවෙයිනෙ
''මේක බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යනව වගේ ගමනක් නෙවෙයිනෙ.''
''නාසා ආයතනෙත් අපේ මිනිස්සු ඉන්නවනෙ. අහල බලනවකො. සල්ලිවලට ග්‍රහලෝකත් හෙලවෙනව, මේ කාලෙ.''
''මේක තනියම කරන්ඩ පුළුවන් වැඩක් නෙවෙයි. හොඳ දළකාරයො ටිකක් හොයාගන්න ඕනෙ.''
''ජනාධිපති අපේක්ෂකයො ටික අල්ලගන්න බලමු. කොහොමටත්, ඡන්දෙන් පැරදුණොත් ඒගොල්ලන්ට ඉන්ඩ වෙන්නෙ වෙන ග්‍රහලෝකෙක තමයි.''
මා සිතේ මැවුණු එම හාස්‍යෝත්පාදක සංවාදය, එතැනින් නිමා කරමි.
මිනිස් වාසයට සුදුසු යැයි සැලකෙන, අලුත් ග්‍රහලෝකයක් (Gliese 12 b) සොයාගෙන ඇති බව සැබෑය.
මේ සිරි ලංකාවෙන් පිටවී, වෙනත් ග්‍රහලෝකයකට යාමට හෝ පෙළගැසෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙහි වෙසෙන බවද සැබෑවකි.
ආලෝක වර්ෂ 40ක් ගෙවා එහි යාම අපට කළ නොහැකි දෙයක් බවද සැබෑය. එහෙත්, මේ පෘථිවියෙන් කෙසේ වෙතත්, මේ සිරි ලංකාවෙන් පිටවී, වෙනත් ග්‍රහලෝකයකට යාමට හෝ පෙළගැසෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙහි වෙසෙන බවද සැබෑවකි.
මිනිසාට තවමත් පිටසක්වල ජීවීන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට හැකි වී නැත
විද්‍යා ප්‍රබන්ධාත්මක චිත්‍රපට බලන රසිකයනට නම්, අභ්‍යවකාශ ගමන් යනු ඉතා පහසු කටයුත්තක් ලෙස හැඟෙන්නට ඉඩ ඇත. එසේම, එම චිත්‍රපටවලදී අපට දක්නට ලැබෙන, පිටසක්වළ ජීවීහු, සුද්දන්ටත් වඩා හොඳට ඉංග්‍රීසි කතා කරති. මිනිසාට තවමත් පිටසක්වල ජීවීන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට හැකි වී නැත. බැරි වෙලාවත් පිටසක්වල ජීවියකු කතා කළත්, අපට ඒ බස තේරෙන්නේද නැත.
භාෂා උගැන්වීමට, සිරි ලංකාවේ තරම් දක්ෂ ගුරුවරුන් ලෝකයේම නැත. (අවුරුදු දහයක් දොළහක් පාසලේ ඉංග්‍රීසි උගන්වා ඇතත්, ළමයින්ට ඉංග්‍රීසි බැරිවීම, වෙනම කතාවකි.)
භාෂා උගැන්වීමට, සිරි ලංකාවේ තරම් දක්ෂ ගුරුවරුන් ලෝකයේම නැත
කොරියාවට යන අයට, කොරියන් බසද, ජපන් යන අයට ජපන් බසද, මැදපෙරදිග යන අයට අරාබි බසද යනාදී වශයෙන්, මාසෙන් දෙකෙන් භාෂා ප්‍රවීණයන් බිහි කරවන අපේ වැඩකාරයන්ට අභ්‍යවකාශ ගමන් සුලබ වන කාලයක, ''විශ්ව භාෂා'' උගැන්වීමද මහ කජ්ජක් නොවනු ඇත.
චන්ද්‍රයාන්
ඉන්දියාව ද අභ්‍යවකාශ චාරිකා ගැන දක්වන්නේ මහත් උනන්දුවකි. ''චන්ද්‍රයාන්'' සඳ මත බැස්වීමෙන් පසු, එරට පුවත්පතක කාටූනයක මෙසේ දැක්වුණි.
''චන්ද්‍රයා මත ඉන්දියානු ධජය සවි කිරීම ගැන අපි මහත් සේ උදම් වනු දකින පකිස්ථානුවෝ මෙසේ කියනු ඇත.
''තමුසෙලා හඳට කොඩිය ගෙනියන්ඩ කලින් අපි, හඳ අපේ රටට ගෙනල්ලා, අපේ කොඩියෙත් හයි කෙරුවා.''
පකිස්ථානු ජාතික ධජයේ දැක්වෙන්නේ අඩසඳ සහ තරුවකි.
පකිස්ථානු ජාතික ධජයේ දැක්වෙන්නේ අඩසඳ සහ තරුවකි.
පකිස්ථානු, කාටූනයක මෙසේ දැක්වුණි.
නව ග්‍රහලෝකයක් වෙත යන ඉන්දියානු අභ්‍යවකාශ යානයක සිටින, ගගනගාමියා එම භූමියට පය තැබූ පසු, අගමැති මෝදිට, ඇමතුමක් දෙයි.
''දැන් අපි මොකද කරන්න ඕනෙ?''
''සේරටම ඉස්සෙල්ලා, රාම් මන්දිරයක් හදන්න, මුල්ගලක් තියනවා''
''සේරටම ඉස්සෙල්ලා, රාම් මන්දිරයක් හදන්න, මුල්ගලක් තියනවා.''
එක අලුත් ග්‍රහයෙක් නොව, ග්‍රහයන් සියයක් සොයා ගත්තද, ඒවාට යාමට සැරසෙන මිනිසුන්ගේ, ඔළු ගෙඩි ඇතුළේ කාලාන්තරයක් තිස්සේ ඔද්දල් වන කුණු කන්දල් ඉවත් කරගත නොහැකි නම්, ඒ ගමනින් කුමන ඵලයක්ද? පෘථිවිය යනු, විශ්වයට හඳුන්වා දිය යුතු හිතකර ග්‍රහයකු නොවේ.

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - deshaya.lk)



