The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

කතා කියන කත (ස්ත්‍රී ස්වයං චරිතාපාදන) - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 3, 2024 • 8:51 AM

කතා කියන කත (ස්ත්‍රී ස්වයං චරිතාපාදන) - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙන් බැහැරව ජීවත් වන නිසා හෝ මාගේ පවුල් හා ගෘහස්ථ පරිසරය තුළ හෝ කාර්යය පරිසරය තුළ සිංහල නොවැහැරෙන නිසා හෝ කියවතොත් සිංහල පොතක් කියවන්නට පසුගිය වසර කිහිපය තුළ මා පෙළඹුණ බව මතක ය.
  • එහෙත් බොහෝ සිංහල නවකතා පිටු කිහිපයක්වත් කියවා ගන්නට තරම් පිරියක් ඇති නොවිණ.
  • එහිදී විශේෂයෙන් නාගරික සන්දර්භයේ අප 'වත්ත' ලෙස හඳුන්වන ජනාකීර්ණ ජීවන අවකාශය ගැන ඉතා ගැඹුරු සටහනක් එයි.
  • මේ චිත්‍රපට උත්සවයේ ප්‍රදර්ශනය කෙරුණේ 1960 හා 70 දශකයේ නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලංකාවෙන් බැහැරව ජීවත් වන නිසා හෝ මාගේ පවුල් හා ගෘහස්ථ පරිසරය තුළ හෝ කාර්යය පරිසරය තුළ සිංහල නොවැහැරෙන නිසා හෝ කියවතොත් සිංහල පොතක් කියවන්නට පසුගිය වසර කිහිපය තුළ මා පෙළඹුණ බව මතක ය. එහෙත් බොහෝ සිංහල නවකතා පිටු කිහිපයක්වත් කියවා ගන්නට තරම් පිරියක් ඇති නොවිණ. කියවන්නට වඩා පෙළඹුණේ සමහර කෙටිකතා හා බොහොමයක් චරිතාපාදන ය. 
 
කුමාරසිංහ විසින් රචිත 'කොළඹ මතක'
කුමන හෝ හේතුවකට සිංහලෙන් ලියවුණු චරිතාපාදන හත අටක් පමණ පසුගිය වසර දෙක තුළ මට කියවීමට අවස්ථාව ලැබිණ. ඒ අතරින් මගේ වැඩි අවධානය යොමුවුණේ ගැහැණුන් දෙදෙනෙකු විසින් ලියන ලද චරිතාපාදන ශෛලියේ පොත් දෙකකි. මින් පළමුවැන්න කුමාරසිංහ විසින් රචිත 'කොළඹ මතක' ය. දෙවැන්න බණ්ඩාර මැණිකේ විසින් ප්‍රචිත 'ගැහැණියක්' ය. පළමුවැන්න පරිපූර්න ස්වයං චරිතාපාදනයක් නොවුනත්, තමාගේ කුඩා කාලයේ සිට වැඩිහිටි විය දක්වා ගෙවුණු ජීවන පරිසරය ගැන තම මතක සටහන් පෙළ ගැස්වීමකි. එහිදී විශේෂයෙන් නාගරික සන්දර්භයේ අප 'වත්ත' ලෙස හඳුන්වන ජනාකීර්ණ ජීවන අවකාශය ගැන ඉතා ගැඹුරු සටහනක් එයි. බණ්ඩාර මැණිකේ තම දශක හතක පමණ දිගු දිවිය දිග හරින්නී තේමාත්මක හා කාලාත්මක රටාවකට ය.
 
බණ්ඩාර මැණිකේ විසින් ප්‍රචිත 'ගැහැණියක්'
ගැහැණියක විසින් ලියන ස්වයං චරිතාපාදනයක්, පිරිමියෙකු විසින් ලියන ලද එකකින් වෙනස් වන්නේ කෙසේ ද කියා මම කිහිපවරක් කල්පනා කළෙමි. මෙහිදී මා අදහස් කරන්නේ හුදෙක් අන්තර්ගතයේ විස්තර නොව, රචකයාගේ පර්යාය හෙවත් දෙයක් බලන ආකාරය හෝ කෝණය හෝ පැතිමානය හා රචනය ඉදිරිපත් කරන ශෛලිය යි.
 
image w1280ඒ අතරින් මා වඩාත් ආකර්ෂණය වූයේ, 'භූමිකා' නම් චිත්‍රපටයට ය.
 
මේ සිතිවිලි මාගේ මනසේ දැවටෙන විට ය සිංගප්පූරුවේ ආසියානු චිත්‍රපට සංරක්ෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද පැරණි ඉන්දියානු චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය වූ උත්සවයකට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ. මේ චිත්‍රපට උත්සවයේ ප්‍රදර්ශනය කෙරුණේ 1960 හා 70 දශකයේ නිෂ්පාදනය කළ  චිත්‍රපට කිහිපයකි.
 
ඒ අතරින් මා වඩාත් ආකර්ෂණය වූයේ, 'භූමිකා' නම් චිත්‍රපටයට ය. 1977 තිරගත කරන ලද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රකට ඉන්දියානු සිනමාවේදියෙකු වන ශ්‍යාම් බෙනෙගාල් ය. භූමිකා චිත්‍රපටය ජනප්‍රිය වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකක් වූයේ එහි ප්‍රධාන භූමිකාව රඟ පෑ සුප්‍රසිද්ධ නිළියක වූ ස්මිතා පටේල් වීම හා ඇය නිරූපණය කරන ලද චරිතයට පාදක වූයේ 1940 හා 50 දශක වල සුප්‍රසිද්ධ මරාති වේදිකා හා සිනමා නිළියක වූ හංසා වඩ්කාර්ගේ ජීවිත කතාව වූ නිසා ය. භූමිකා චිත්‍රපටය ඉන්දියාවේ හොඳම නිළිය, තිර පිටපත හා චිත්‍රපටය සම්මානයෙන් සම්භාවනාවට ලක් විණ.
24925982448 d1737bbe13 cහංසා වඩ්කාර් 
දුගී ගැමි පවුල් පසුබිමකින් පැවත ආ හංසා වඩ්කාර් (ඒ ඇයට පසුකාලයේදී සිනමා කර්මාන්තය විසින් පට බඳින ලද නමකි) කුඩා ගැහැණු ළමයෙකු කාලයේ ම, ගමේ වැඩිහිටි අයෙකුට විවාහ කර දෙන අතර ඇයගේ ගායන හැකියාව නිසා, කුඩා කල ම සිනමා කර්මාන්තයට ආශක්‍ත වේ. අනතුරු ව හංසා මරාති වේදිකාවේ හා සිනමාවේ නැතිව ම බැරි කෙනකු බවට පත් වන්නී ය. වැඩිහිටි වයසක පසු වන සැමියා හංසාගේ සිනමා කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඔවුන්ගේ විවාහය ගැටුම් සහගත එකක් වේ. මේ අතර හංසා, වරින් වර සුප්‍රසිද්ධ නළුවෙකු, සිනමා අධ්‍යක්ෂකවරයෙකු (නසරුදීන් ෂා) හා බ්‍රාහ්මණ ධන කුවේරයෙකු (අම්රිෂ් පූරි) සමග ප්‍රේම සබඳතා පවත්වන ලද අතර, ඒවා ද ගැටුම් සහගත නාටකීය ඒවා බවට පත් වෙයි. මේ සියලු අභියෝග මැද හංසා තමාගේ ජීවිතය තමාගේ අතට ම ගෙන, තමාගේ තීරණ හරි හෝ වැරදි වූවත්, ඒවායේ වගකීම තමා ම දරාගෙන, අසම්මත ජීවිතයක් ගත කරන්නී ය.
bhumikaewrභූමිකා චිත්‍රපටය ඉන්දියාවේ හොඳම නිළිය, තිර පිටපත හා චිත්‍රපටය සම්මානයෙන් සම්භාවනාවට ලක් විණ.
 
භූමිකා හා අනෙකුත් චිත්‍රපට කිහිපය නරඹා සතියකින් පමණ මා හට ශාස්ත්‍රීය වැඩ පැවරුමකට මහාරාශ්‍රඨයේ පූනේ විශ්ව විද්‍යාලයට යෑමට සිදු විය. එහිදී දේශන කිහිපයකට අමතර ව, 'ආසියාවේ පර්යේෂණ කිරීම' මැයින්, භූමියේ විශ්ව විද්‍යාලයේ උපකුලපතිගේ සභාපතිත්වයෙන් කෙරුණු සංවාද මණ්ඩපයකට සහභාගී වීමට සිදු විය. මෙහිදී මාගේ අදහස් දැක්වීමට මා පාදක කරගත්තේ මෑතදී ම'විසින් බලන ලද, භූමිකා චිත්‍රපටය හා 'අ ඩොන්කි ඉන් අ බ්‍රාහ්මින් විලේජ් (දමිළ, 1967, ජෝන් ඒබ්‍රහම්) හා සුබර්නරේඛා (බෙන්ගාලි, 1965, රිතික් ඝටක්) යන චිත්‍රපට ත්‍රිත්වය ය.  මා ගෙන හැර පෑවේ මේ චිත්‍රපට තුන ආවරණය කරන ඉන්දීය සන්දර්භයේ පැතිකඩ කිහිපයක් වන සමාජ ස්තරායන / කුල ක්‍රමය, ධනවාදය / කර්මාන්තකරණය හා පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳව ය.

hagdසංවාද මණ්ඩපය අවසානයේදී, රේවතී බටව්ඩේකාර් නම් ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් හනිකට මා වෙත පැමිණ, ජ්වලිත ව කීවා ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ පදනම වන්නේ හංසා වඩ්කර්ගේ ස්වයං චරිතාපාදනය බව ය. 1970 දී මුලින් ම මරාතී බසින් ලියන ලද එම ස්වයං චරිතාපාදනයට හොඳම චරිතාපාදනය සම්මානය මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ප්‍රදානය කළේ ය. පසුව 'යූ ආස්ක් - අයි විල් ආන්ස්වර්' නමින් එය 2013 වසරේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර, ඉන් අනතුරු ව, මරාතී පිටපත නැවත වරක් ජර්මන් බසට ද පරිවර්තනය වී ඇත. ජර්මානු භාෂා විශේෂඥවරියක වන රේවතී විශ්ලේෂණය කරන්නී මරාතියෙන් ජර්මාණු බසට පරිවර්තනය වූ විට හැලුණු, මගහැරුණු, අලුතින් එකතු වූ පද පේලි හා ඒවා පිටුපස ඇති සංස්කෘති ම ය හා මතවාදීමය රටාවන් ගැන ය. හංසාගේ ස්වයංචරිත පාදනය ගැන මා දැක්වූ උනන්දුව නිසා, රේවතී පසු දා ම මට එම පොතේ ඉංග්‍රීසි පිටපතක් ලබා දීමට කටයුතු කළා ය.

 38798524181 0aaf5c8e06 zසම්මතය සතයකට නොතකා තම ජීවිතය ගත කළ හංසා ස්වයංචරිතාපාදනයට පිවිසීම, තම කතාව අනෙකෙකුට පැවසීම පමණක් නොව, එය කියන්නේ කෙසේ ද කියා කිසිදු සම්මතයකින් තොර ඕපපාතික (ස්පොන්ටේනියස්) ශෛලියක් අනුගමනය කර තිබීම මේ කෘතියේ විශේෂත්වය යි.
 
සාහිත්‍යකරණය හෝ නිර්මාණාත්මක රචනා ගැන කිසිදු විධිමත් පුහුණුවක් නොලද, සම්මතය සතයකට නොතකා තම ජීවිතය ගත කළ හංසා ස්වයංචරිතාපාදනයට පිවිසීම, තම කතාව අනෙකෙකුට පැවසීම පමණක් නොව, එය කියන්නේ කෙසේ ද කියා කිසිදු සම්මතයකින් තොර ඕපපාතික (ස්පොන්ටේනියස්) ශෛලියක් අනුගමනය කර තිබීම මේ කෘතියේ විශේෂත්වය යි.
 
සාමාන්‍යයෙන් රචනාවක හුරු පුරුදු සරල රේඛීය විකාශනයකින් නොවේ හංසා තම කතාව කියන්නී. වෙනත් ආකාරයකින් කියතොත් ඇයගේ කතාව දිග ඇරෙන්නෙ නොන්-ලීනියරාකාරයෙනි. මේ ශෛලිය ඇගේ කතාවට ගැලපෙන්නේ ඇගේ ජීවිතයේ පරිච්ඡේද ද පෙල ගැසී ඇත්තේ සුමට ව ගලායන ආකාරයෙන් නොවීම යි. ඇගේ කතාව අනපේක්ෂිත බාධාවන්ගෙන් ගහණ එකකි. ඒ අනුව ඈ කතාව කියන්නීත් එක්තරා ඩිස්රප්ශනාකාරයකිණි. සමහර විට එම සටහන් සුමට ව ගලාගෙන යන ලෙස කියවීම උගහට ය. සමහර විට පැටලැවෙන සුළු ය. 
 
එහෙත් ඒ උගහට කියවීමේ අනුභූතිය හංසාගේ ජීවිතයේ නියම ස්වරූපය අපට අභිමුඛ කරයි. බොහෝ ස්වයං චරිතාපාදන රචන තුල රචකයාගේ ඊගෝව කේන්ද්‍රීය ව ඉලිප්පීම දැනුවත් ව හෝ එසේ නොමැති ව සිදුවන නමුදු කෙතරම් ජනප්‍රිය චරිතයක වුව ද හංසා මේ රචනා-වලේ නොවැටී ලියන්නී කෙසේ ද කියා සිතාගත නොහැක. තමන්ට වැදගත්කමක් ආරෝපණය කරන හෙවත් 'ඇසර්ටිව් ඊගෝ' කියන ලක්ෂණය මෙහි දක්නට ඇත්තේ ම නැත.
 
තම ජීවිතයේ ගත් තීරණ හා ඒවායේ හරි වැරදිභාවය ප්‍රශ්න කළ හැකි වුවත්, ඒවායින් ඈ බොහෝවිට බැට කෑවත්, කතාව කීමේදී හංසා පාපෝච්චාරාණාත්මක හා අඳෝනාත්මක ස්වරයකට පසු නොබසින්නී ය. විශේෂයෙන් කාන්තා ස්වයං  චරිතාපාදන තුළ ඇති කතා වස්තු හා අත්දැකීම් වින්දිත ස්වරූපයේ ඒවා වුව ද, හංසාගේ ජීවිතයේ එවැනි බර කොටසක් තිබුන ද, ඇය නොවේ 'අනේ මා අසරණී' (පුවර් මී) තානයෙන් නාහෙන් හඬමින් පාඨක අනුකම්පාව යදින්නී. ඒ ලෙස ම, ඈ ලාභ පෙමිනිස් අත්පොලසන් වටයක් අපේක්ෂාවෙන් වීරවරියකගේ වේශය ආරෝපණය කර ගන්නී ද නැත.

නො'රොක්' නොවනු පිණිස - (උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...