දෙයක් නොවේ. කථිකා කරගත් වැඩක්, නොකෙරෙන තැනට නොයෙක් කරුණු කාරණා කියා පෑමත් ඒ හා සමානය.
මට ඒ පැරණි නොවන, පිරුළු මිණ මතකයට නැඟුණේ මේ දිනවල නිතර ඇසෙන ජා.ජ.බ සහ ස.ජ.බ අතර එහෙ මෙහෙ වන වාද කතා නිසාය. මෙය ලියන මොහොත වන විට, දෙපිල විසින් දිනයක් නියම කරගත් බව ප්‍රකාශයට පත්ව තිබුණත්, තවමත් ඇතැම් කොන්දේසි හා විෂය කාරණා ගැන එකඟතාවක් නැති සේය. දෙගොල්ල එකතු වී, කෝඳුරු තෙල් පට්ටය පෙරාගන්නා විට, මැතිවරණ දෙකත් හමාර වී තිබෙන්නට ඉඩ ඇත.
දෙගොල්ල එකතු වී, කෝඳුරු තෙල් පට්ටය පෙරාගන්නා විට, මැතිවරණ දෙකත් හමාර වී තිබෙන්නට ඉඩ ඇත.
මේ රටේ ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ කෙරෙන හෝ නොකෙරෙන වාද විවාද නොවේ. ජීවත්වීම පහසු කරවන ඉංග්‍රීසියෙන් quality of life යනුවෙන් අදහස් කරන්නේ, යහපත් ජීවන තත්ත්වයය. එවැනි සමාජයක සැවොම සතුටින් වෙසෙති. මිනිසුන්ට සතුටින් විසීමට නම්, රුකියා, මිල මුදල්, අධ්‍යාපනය, ගමනාගමනය, සෞඛ්‍ය සේවා ආදී පහසුකම් තිබිය යුතුය. ආහාරපාන පහසු මිලට ගත හැකි විය යුතුය.
එදා වේල සොයා ගන්නේ කෙසේදැයි සිතමින් වදවෙන බහුතර ජනතාවකට, ජීවිතයේ කිසිම 'කොලිටියක්' නැත. බංකොලොත් රටවල වෙසෙන්නේ එබඳු 'නෝ කොලිටි කට්ටිය' ය. ඔවුන්ට මේ කෙරෙන - නොකෙරෙන වාද විවාදවලින් කුමන ඵල?
එදා වේල සොයා ගන්නේ කෙසේදැයි සිතමින් වදවෙන බහුතර ජනතාව
වාද - විවාද, මිනිසාට අමුතු දෙයක් හෝ අලුත් දෙයක් නොවේ. බුදුන් දවස ඇතැම්හු විවාදයක් සඳහා, සුදුස්සන් සොයමින් ගමක්, නගරයක් පාසා ඇවිද ගියහ. වාදයම ජීවිතය කරගත් සච්චක හා ඔහුගේ සොහොයුරියන් ඊට නිදසුනකි.
1873 දී පානදුරේදී සිදුවූ ඒ වාදයට මාතෘකා වූයේ බෞද්ධ ක්‍රිස්තියානි ආගම්හි සත්‍යාසත්‍යභාවයය
පානදුර වාදය, සිරි ලංකාවේ පැවැත්වුණු, වාද අතුරින් ප්‍රසිද්ධම එකකි. 1873 දී පානදුරේදී සිදුවූ ඒ වාදයට මාතෘකා වූයේ බෞද්ධ ක්‍රිස්තියානි ආගම්හි සත්‍යාසත්‍යභාවයය. වාදකයන් වූයේ වාගීශ්වර මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් සහ දාවිත් ද සිල්වා පියතුමන්ය.
පානදුරාවාදයට පෙර, දෙපාර්ශ්වය අතර කෙරුණු ගිවිසුමෙන්, කොටසක් මෙහි දක්වන්නේ වර්තමාන වාද - විවාදකයන්ටත් ප්‍රයෝජනවත් වනු පිණිසය.
1. වාදය මුඛ වචනයෙන් කෙරිය යුතුය.
2. දෙපාර්ශ්වයෙන් දෙන්නෙක් විසින් ඒ කතාවල භාවය ලියාගත යුතුය. ඒ ලියන ලද දෑ, කතාකාරයන්ගේ අත්සන් තිබීමෙන් සහතික කළ යුතුය.
3. එක පාර්ශ්වයකට, තමන්ගේ කතාව පිණිස, එක් වරකට, ඉංග්‍රීසි පැයක් යොදාගත හැකිය.
4. කතාව දින දෙකකට නියම කරගෙන කළ යුතුය.
5. වාදය කරන අතර කිසි ගාලගෝට්ටියක්, කිසි කැරලි කෝලහාලයක් නොවන හැටියට දෙපාර්ශ්වය වග බලාගත යුතුය.
6. වාදය කරන අතර, කතා කරන තැනැත්තා හැර, අන් සියල්ලන් විසින් නිශ්ශබ්දව අසා සිටිය යුතුය.
මෙහි දැක්වුණු අවසන් කොන්දේසි දෙක දකින විට, වර්තමාන පාර්ලිමේන්තුවද මතකයට නැගේ.
මෙහි දැක්වුණු අවසන් කොන්දේසි දෙක දකින විට, වර්තමාන පාර්ලිමේන්තුවද මතකයට නැගේ.
ගම්පල වාදය, උදන්විට වාදය, බද්දේගම වාදය හා ඌරුගොඩවත්තේ වාදය ඇතුළු, සුප්‍රකට පංච මහා වාදයන් හැදෑරීම, වාද්‍රභිමුඛ පක්ෂවල කාට කාටත් වැදගත් වනු ඇත.

මේ වාද කතා අතුරින් කිහිපයක් ඉංග්‍රීසියටද පරිවර්තනය කෙරුණි. ඒවා කියැවූ කර්නල් ඕල්කට්, ලෙඩ් බීටර්, බෙනට් වැනි විද්වතුන් මෙන්ම, බ්ලැවම්ස්කි මැතිනිය වැනි උගත් කතුන්ද ලංකාවට පැමිණීමට පෙළඹුණාහ.
වර්තමානයේ කෙරෙන්නට යන වාද විවාදයන් දකින විට මෙහි පැමිණ සිටින විදේශිකයන්ද ආපසු යාමට තීරණය කළහොත් පුදුම විය යුතු නැත. (වාසනාවකට මෙන් ඒවා කෙරෙන්නේ සිංහල භාෂාවෙනි.) එසේම, වාදය අසන්නට රොක්වන බයියන්, එහෙයියන්, කයියන් හා ගොට්ටන් ආදීන් යහපත් හැසිරීමෙන් සිටීමට වග බලාගත යුතුය. වාදයට මැදට පැන, පුටු මේස පෙරළා, මිරිස් කුඩු ගසා, කථිකයන්ගේ අණ්ඩකෝෂ මිරිකා, එය ගාලගෝට්ටියක් නොකළ යුතුය.
වාදයට මැදට පැන, පුටු මේස පෙරළා, මිරිස් කුඩු ගසා, කථිකයන්ගේ අණ්ඩකෝෂ මිරිකා, එය ගාලගෝට්ටියක් නොකළ යුතුය.
අප මෙසේ සඳහන් කරන්නේ, විනය තකා කටයුතු කරන අය මෙන්ම විනය නොතකා කටයුතු කරන අයද දේශපාලන පක්ෂවල සිටින බැවිනි.
ඇමෙරිකාව වැනි රටවල, මැතිවරණ සමයේ, අපේක්ෂකයන් අතර පැවැත්වෙන ප්‍රසිද්ධ වාද, රෑපවාහිනි නාලිකා ඔස්සේ ලෝකයම නරඹති. අතට අත දී ඇරුඹෙන වාදය, අතට අත දීමෙන් නිමා වෙයි.
ඇමෙරිකාව වැනි රටවල, මැතිවරණ සමයේ, අපේක්ෂකයන් අතර පැවැත්වෙන ප්‍රසිද්ධ වාද අතට අත දී ඇරුඹෙන වාදය, අතට අත දීමෙන් නිමා වෙයි.
මේ යැංකි වාද සම්බන්ධයෙන්, රස කතාද මතු වෙයි. ඇමෙරිකානු විකට තීරුවක මෙසේ දැක්වුණි.
''බයිඩ්න් හා ට්‍රම්ප් අතර සිදුවූ විවාදයෙන් ජය ගත්තේ කවුරුන්ද? එය නොනැරඹූ ජනතාවය!''
තවත් අවස්ථාවක, ඩොනල්ඩ් ට්‍රම්ප්, තම ප්‍රතිවාදී ජෝ බයිඩ්න්ට සරදමක් කරමින් කියා සිටියේ, ඔහු වාදයට පෙර, මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට (drug test) පෙනී සිටිය යුතු බවය.
''බයිඩ්න් හා ට්‍රම්ප් අතර සිදුවූ විවාදයෙන් ජය ගත්තේ කවුරුන්ද? එය නොනැරඹූ ජනතාවය!''
ලෝකයේ ඇතැම් වාදවලට අවසානයක් නැත. මුලින්ම ඇතිවූයේ කිකිළියද, බිත්තරයද යනු එවැනි වාදයකි. සැබැවින්ම ඒ වාදය සිදුවිය යුත්තේ මිනිසුන් අතර නොව, කිකිළිය සහ බිත්තරය අතරය.
ගඟක නෑමට ගිය තරුණයෙක් ගිලෙන්නට විය. පාරේ යන මහලු මිනිසකු දුටු ඔහු උදව් ඉල්ලා කෑ ගැසීය. මහලු මිනිසා නොදන්නා තැන්වල දිය නෑම, පිහිනීමට නොදැනීම ආදිය පිළිබඳව දොස් කියන්නට ගත්තේය.
''දේශනේ පස්සෙ බැරියැ. ඉස්සෙල්ල මාව ගොඩ දාල ඉන්නවා.'' තරුණයා කෝපයෙන් කීය. වාදකරුවන්ට කීමට ඇත්තේද ඒ ටිකමය.
''දේශනේ පස්සෙ බැරියැ. ඉස්සෙල්ල මාව ගොඩ දාල ඉන්නවා.'' වාදකරුවන්ට කීමට ඇත්තේද ඒ ටිකමය.
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - deshaya.lk)



