The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ඇඟවල් වල ලේ රත් කර ගෙන ඡන්ද පොලට යාමෙන් රටට යහපතක් වේ ද ? (මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

June 4, 2024 • 11:07 AM

ඇඟවල් වල ලේ රත් කර ගෙන ඡන්ද පොලට යාමෙන් රටට යහපතක් වේ ද ? (මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනිසාම මේ වන විට අප ජන සමාජය තුළ ඉතා පැහැදිලි දේශපාලනමය නැඹුරුවක් දක්නට පුළුවන.
  • එය හුදෙක් අප රටේ මතු යහපැවැත්ම උදෙසා බව පැවසෙන එක්තරා ආකාරයකට සංකීර්ණ ලක්ෂණ පවා මතු කරන දේශපාලනික අදහස් මතවාද සමුදායකි.
  • ඒ අනුව අප සමාජය තුළ පැතිර පවත්නා විවිධාකාර දේශපාලන මතිමතාන්දර සම්බන්ධයෙන් විෂම බවට වඩා සමානාත්මතා ලක්ෂණ දැකිය හැකි බව ඒ සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේෂණයන් ගෙන් පෙනී යයි.
  • ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනක් වනුයේ මානව ඉතිහාසය තුළ දැකිය හැකි වූ ප්‍රබලතම සංසිද්ධියක් වූ සමාජවාදය මේ වන විට මුලු ලොවින් සේම අප රටේ පක්ෂ දේශපාලන කරලියෙන් ද ඉවත් වන බව ඉතා හොඳින් පෙනී යාම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එනිසාම මේ වන විට අප ජන සමාජය තුළ ඉතා පැහැදිලි දේශපාලනමය නැඹුරුවක් දක්නට පුළුවන.

සාමාන්‍යයෙන් සමාජයක් යනු විවිධ විෂයන් සම්බන්ධ බහු විධ ආකල්ප විකල්ප වලින් සපිරි සංස්ථාමය ව්‍යුහයකි. එහෙත්, මේ වන විට අප සමාජය සම්බන්ධයෙන් අත්දකින්නට ලැබෙන ප්‍රායෝගික සත්‍යයක් තිබේ. එනම් එම සමාජමය ආකල්ප වල බහු විධ ස්වරූපය අව ප්‍රමාණ වීම හා එම සමාජමය ආකල්ප තුළ පවත්නා දේශපාලනික ස්වරූපය කෙමෙන් කූට ප්‍රාප්ත වීම ය.

 



එහෙත්, මෙම දේශපාලනය යනු සෛද්ධාන්තික හෝ න්‍යායික වශයෙන් හඳුනා ගත හැක්කක් නොවේ. එය හුදෙක් අප රටේ මතු යහපැවැත්ම උදෙසා බව පැවසෙන එක්තරා ආකාරයකට සංකීර්ණ ලක්ෂණ පවා මතු කරන දේශපාලනික අදහස් මතවාද සමුදායකි. ඒ අනුව අප සමාජය තුළ පැතිර පවත්නා විවිධාකාර දේශපාලන මතිමතාන්දර සම්බන්ධයෙන් විෂම බවට වඩා සමානාත්මතා ලක්ෂණ දැකිය හැකි බව ඒ සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේෂණයන් ගෙන් පෙනී යයි. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනක් වනුයේ මානව ඉතිහාසය තුළ දැකිය හැකි වූ ප්‍රබලතම සංසිද්ධියක් වූ සමාජවාදය මේ වන විට මුලු ලොවින් සේම අප රටේ පක්ෂ දේශපාලන කරලියෙන් ද ඉවත් වන බව ඉතා හොඳින් පෙනී යාම ය.

 

සමාජවාදය මේ වන විට මුලු ලොවින් සේම අප රටේ පක්ෂ දේශපාලන කරලියෙන් ද ඉවත් වන බව

ඒ අනුව වත්මන් සමාජ ආර්ථික යාන්ත්‍රණයේ ගාමක බලය වන නව ලිබරල්වාදය අප රටේ කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ඉඳුරාම ප්‍රතික්ෂේප නොකරන අතර ඔවුන් ගෙන් වැඩි පිරිසකගේ මතය වනුයේ නව ලිබරල් වාදය තුළ පවත්නා දුර්දාන්ත ලක්ෂණ පිටු දැක එය සුභාවිතකරණයට ලක් කිරීම ඔස්සේ යහපත් හෙට දවසක් උදා කිරීම පිණිස තම පක්ෂය කැප වන බවකි.

ඉහත සඳහන් ප්‍රකාශ හා මතවාද සාමාන්‍ය ජනතාව විසින් මැදහත් සිතින් විචාරාත්මකව විමසා බැලිය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් එවැන්නක් උදෙසා අප රටේ දේශපාලන සංස්කෘතියෙන් නිසි අවකාශයක් ලබා දෙන්නේ ද යන්න විමසා බැලිය යුත්තකි. ඊට හේතුව හුදෙක් දේශපාලනය යනු හැඟීම් ආවේග මත පදනම්ව නොඑසේ නම් “ඇඟේ ලේ රත් කර ගෙන”පිවිසිය යුතු විෂයක්ය යන දුර්මතය සමාජය පුරා පැතිර තිබීම ය. ඒ අනුව දේශපාලනය දෙස විවේක බුද්ධියෙන් යුතු සංතීක්ෂණ ලෙසින් විමසා බලා තීරණ ගැනීමේ සමාජමය අවකාශය මේ වන විට අහිමි වෙමින්, අහිමි කෙරෙමින් තිබේ.

 

461041526වර්තමාන සමාජය දේශපාලනමය ක්‍රියාකාරකම් වල යෙදෙනුයේ ජන සංයුතීන් පදනම් කර ගනිමිනි

වර්තමාන සමාජය දේශපාලනමය ක්‍රියාකාරකම් වල යෙදෙනුයේ ජන සංයුතීන් පදනම් කර ගනිමිනි. මෙම ජන සංයුතීන් හි ක්‍රියාකාරීත්වය මුලුමනින්ම පාහේ ආවේගය, උද්වේගය පදනම්ව පවතී. ඇතැම් විට හැඟීම් ආවේග කණ්ඩායම් ආවේගය ඔස්සේ ප්‍රචණ්ඩත්වය වෙත යොමු වීමේ පහසු හැකියාවක් තිබේ. මෙය එක් එක් දේශපාලන පක්ෂ නායකයන් විසින් ජනතාව කුළුගැන්වීම පිණිස යොදා ගන්නා තාක්ෂණික උපාය මාර්ගයක් බව ද පෙනෙයි.

 

ගාලු මුවදොර අරගලය යනු නාගරික මධ්‍යම පාන්තික තරුණ ප්‍රජාව කේන්ද්‍ර කර ගත් එවැනි ජනතා නිර්දේශපාලනික ජනතා නැඟී සිටීමකි.

කිසියම් සමාජයක පැන නඟින දේශපාලන අස්ථාවරත්වය හමුවේ ආණ්ඩු විරෝධය ජනප්‍රිය සංස්කෘතිකාංගයක් තෙක් ප්‍රවර්ධනය කළ හැක්කකි. මෑත ඉතිහාසයේ පැවැති ගාලු මුවදොර අරගලය යනු නාගරික මධ්‍යම පාන්තික තරුණ ප්‍රජාව කේන්ද්‍ර කර ගත් එවැනි ජනතා නිර්දේශපාලනික ජනතා නැඟී සිටීමකි. එම අරගලය හුදු සාම්ප්‍රදායික විකල්ප දේශපාලනයට උරුම වූ ආවේගකාරී බවින් බැහැර වූ බවට එම අරගල භූමිය තුළ පුස්තකාලයක් සේම විනෝද ක්‍රියාකාරකම් ද ස්ථාපනය කර තිබීමෙන් පෙනී යයි. එහෙත්, එයට පසුව පක්ෂ දේශපාලනය එක් වීමෙන් එහි නිර්ව්‍යාජත්වය බිඳ වැටුණු බව අප ගේ වැටහීම ය.


ආණ්ඩු විරෝධයක් පැන නඟිනුයේ යම් සමාජයක් තුළ පවත්නා දේශපාලන අස්ථායී බව ඔස්සේ සමාජ ආර්ථිකය බිඳවැටීම මුල් කර ගනිමිනි. එනිසා එහි ඉතා පැහැදිලි සාධාරණ හා යුක්ති සහගත බවක් තිබිය හැක. එහෙත් වර්තමන විකල්ප දේශපාලනය තුළ ආණ්ඩු විරෝධය සේම රාජ්‍ය විරෝධය ද හරි හරියට ක්‍රියාත්මක වන බව පෙනේ. ආණ්ඩු විරෝධය යනු හුදු පාලකයන්ට එරෙහි ක්‍රියාත්මක භාවයක් වුවද රාජ්‍ය විරෝධය යනු නියත ලෙසම රටට ජනතාවට එරෙහි වූවකි. එමෙන්ම එය ඉදිරි සමාජමය යහපැවැත්මට බරපතල හානියකි.

 
ඇරිස්ටෝටල්

පසුගිය වකවානු තුළ විවිධ කණ්ඩායම් ආණ්ඩු විරෝධයේ මුවාවෙන් රාජ්‍ය විරෝධීන් රුපියල් ප්‍රකෝටි ගණනක රාජ්‍ය සම්පත් ගිනි තබා විනාශ කළ බව ද අප අමතක කළ යුතු නැත. දේශපාලන විද්‍යාව ක්‍රි.පු 3-5 අතර කාලයේ ග්‍රීක දාර්ශනිකයන් විසින් බිහි කරන ලද බව ප්‍රකට මතයයි. දේශපාලන විද්‍යාවේ පියා වන ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාව යන සමාජ විද්‍යාව හඳුන්වා ඇත්තේ ලොව සියලු සමාජ විද්‍යා අතර අග්‍රගණ්‍යම සමාජ විද්‍යාව (Master science ) ලෙසිනි. නමුත් ක්‍රි.පූ 6 වන සියවසේ පහළ වූ බුදු දහම තුළ මිනිසා සහ ලෞකිකත්වය පිළිබඳව විස්තර කෙරෙන විට රාජ්‍ය පාලනය සම්බන්ධ දාර්ශනික අර්ථ නිරූපන ලබා දී තිබේ. දීඝ නිකායේ අග්ගඤ, චක්කවත්තී සීහනාද සහ කූටදන්ත ආදී සූත්‍ර සම්බන්ධ විශ්ලේෂනයක් කිරීමේ දී පාලකයන් රාජ්‍යය සම්බන්ධයෙන් පැවැතිය යුතු ආකාරය සම්බන්ධ බෞද්ධ දාර්ශනික විග්‍රහය වටහා ගැනීමේ අසීරුවක් පැන නොනඟියි.


නමුත් ඒ දහම් කරුණු වත්මන් දේශපාලනික හමස් පෙට්ටියට ඇද දමා තිබේ.

වර්තමනයේ පවා ඇතැම් දේශපාලනඥයන් පවත්නා පාලන ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවක් මතට වී ජනතාව අමතනුයේ දැඩි ආවේගාත්මක ස්වරූපයකිනි. එය දකින්නවුනට එක් වරම හැඟී යනුයේ ජනතාව ගේ දුක් පීඩා හමුවේ දැඩිව සංවේදී වීම මත ඔවුන්ගේ ඒ ආවේගශීලීත්වය ඉස්මතු වී ඇති බවකි. එහෙත්, හැගීම් ආවේග බහුල එම කතාව නිමා වත්ම ඔහුගේ එම හැඟීම්බර ආවේගාත්මක බව එක් මොහොතින් නිමා වී ඔහු සාමාන්‍ය සැහැල්ලු හැසිරීම් සහිත පුද්ගලයකු බවට පත්ව වේදිකාවේ අසුන් ගෙන සිටින්නවුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙනු අපට පෙනේ. ඒ අනුව අපට හැඟී යනුයේ ඔවුන් ගේ එම දේශපාලනමය කතාව රංගනවේදීන් යොදා ගන්නා සමාරෝපණමය තත්වයක් ( Impersonation ) මිස සැබෑ ආවේගයක් නොවන බව ය. භාවාත්මක සිදුවීම් (Emotional factor ) ලෙස හැඳින්විය හැකි මෙබඳු නිරූපණයන් අධිකරණ හමුවේ පෙනී සිටින නීතිඥයන් කෙරෙන් ද දක්නට පුළුවන.


එමෙන්ම ඉහත සඳහන් දේශපාලනඥයන් එබඳු සිදුවීම් මුල් කොට ජනතාව වෙත කරනු ලබන භාවාතිශය සන්නිවේදනයන් මුල් කොට ඒවාට කන් දෙන ඇතැම්හු එම දේශපාලන මතිමතාන්දර සේම එම ප්‍රකාශ කරන්නවුන්ගේ සන්නිවේදන හැකියාව සහ ඔවුන්ගේ පෞරුෂය මුල් කොට එම මත කෙරෙහි අධානග්‍රාහී ලෙස එල්බ ගනිති. එම තත්ත්වය හැඳින්වෙනුයේ පක්ෂ භජනය (Partisanship )යනුවෙනි.සාමාන්‍ය ඡන්ද දායකයා ගෙන් පාක්ෂිකයයා වෙන් කෙරෙන සීමාව ද මෙයම වේ. එහි දී හුදෙක් විචාර බුද්ධියම නොව හැගීම් ආවේග මත පදනම් වන නැඹුරුවක් ඔවුන් තුළ හට ගන්නා අතර එය ආකල්පමය ධ්‍රැවීයකරණය ( Ideological polarization ) ලෙස හැඳින්වේ. පසුව මේ තත්ත්වය යටතේ තමන් නතු වූ දේශපාලන කඳවුර හා සම්බන්ධ දේශපාලන න්‍යාය හා සිද්ධාන්ත කුමක් වුව කෙසේවත් එය අත නොහැර හිඳීමේ නැඹුරුවක් ඔවුන් තුළ ඇති වීමේ පහසු හැකියාවක් තිබේ.

 

image 2a473fd63bකැරලි කෝලාහල සේම ප්‍රචණ්ඩකාරී ක්‍රියා දක්වා වර්ධනය වීමේ පහසු හැකියාවක් පවතී.

මෙය පෞරුෂමය පවුල්මය ප්‍රජාමය හෝ සමාජමය වශයෙන් සාධනීය කරුණක් නොවන අතර හුදු නොදියුණු සමාජමය ලක්ෂණයක් බවද කිව යුතු ය. එමෙන්ම සමාජයේ විවිධ ජන කොටස් තුළ දේශපාලනමය මුල් කොට මෙම මානසිකත්වය නිරතුරුව පැවතීම සමාජමය වශයෙන් ඥානක අප්‍රසන්නතාව ( Cognitive dissonance ) පැතිර යාමට සේම පසුව එය කැරලි කෝලාහල සේම ප්‍රචණ්ඩකාරී ක්‍රියා දක්වා වර්ධනය වීමේ පහසු හැකියාවක් පවතී.

විවිධ දේශපාලනික කෝණ වලට අනුව ඉහත සඳහන් සංසිද්ධියට සාධනීය අර්ථ කථන ලබා දිය හැක. එහෙත්, එය ප්‍රජාතන්ත්‍රවාදී දියුණු සමාජ ක්‍රමයක් තුළ විචාරශීලීව රටක සමාජ දේශපාලන ගමන් මඟ වඩාත් සංවිධිත අයුරින් හැසිරවීමට එය සුවිසල් බාධයක් බව නම් ඉඳුරාම කිව යුතුව තිබේ. ඒ අනුව ඉදිරි මැතිවරණ වල දී පාලකයන් වෙනස් කිරීමට ඇති ජනතා පරමාධිපත්‍යය මත හිමි ව ඇති හිමිකම “ඇඟවල් වල ලේ රත් කර නොගෙන”මනා සිහි බුද්ධියෙන් ප්‍රයෝජනයට ගත යුත්තක් බව ද කිව යුතුම ය.

 

campainඉදිරි මැතිවරණ වල දී පාලකයන් වෙනස් කිරීමට ඇති ජනතා පරමාධිපත්‍යය මත හිමි ව ඇති හිමිකම “ඇඟවල් වල ලේ රත් කර නොගෙන”මනා සිහි බුද්ධියෙන් ප්‍රයෝජනයට ගත යුත්තක් බව කිව යුතුම ය.

prnith(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය
(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇඟවල් වල ලේ රත් කර ගෙන ඡන්ද පොලට යාමෙන් රටට යහපතක් වේ ද ? (මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර) | The Leader