The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ගංවතුර පවතින අවස්ථාවලදී ඔබ නොකළ යුතු දෑ මොනවා ද?

T

The Leader Desk

June 4, 2024 • 4:32 PM

ගංවතුර පවතින අවස්ථාවලදී ඔබ නොකළ යුතු දෑ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සඳහන් කළේ මේවන විටත් ගංවතුර ඇති ස්ථාන නැරඹීමට යාමෙන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති බව ය.
  • අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ජුනි මස පළමු වෙනිදා සිට අද (ජුනි මස 04 වෙනිදා) උදෑසන 6.00වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේය.
  • රත්නපුර දිස්ත්‍රික්කයේ මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මරණ 03ක්, මාතර දිස්ත්‍රිකයේ මරණ 06ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයේ දැක්වේ.
  • ආපදා තත්ත්වයන් ගැන ලබා දෙන නිවේදන නොසලකා හැරීමෙන් වළකින්න ගංවතුර තත්ත්වයන් සම්බන්ධව නිකුත් කරන නිවේදන ගැන ඇතැම් පුද්ගලයින් නොසලකා හැරීම බලවත් වැරැද්දක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක වල පහත් බිම් ආශ්‍රිතව මේ වන විටත් ගංවතුර තත්ත්වය පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. 

ගංවතුර තත්ත්වයක් පවතින අවස්ථාවකදී මහජනතාව සිදු නොකළ යුතු දෑ මොනවාදැයි බීබීසී සිංහල සේවය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ගෙන විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ මේවන විටත් ගංවතුර ඇති ස්ථාන නැරඹීමට යාමෙන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති බව ය.

සිදුව ඇති ආපදා මොනවා ද?

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ජුනි මස පළමු වෙනිදා සිට අද (ජුනි මස 04 වෙනිදා) උදෑසන 6.00වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මරණ 03ක්, මාතර දිස්ත්‍රිකයේ මරණ 06ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයේ දැක්වේ.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 40,728 කට අයත් පුද්ගලයින් 159,991ක් දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

1. ආපදා තත්ත්වයන් ගැන ලබා දෙන නිවේදන නොසලකා හැරීමෙන් වළකින්න

ගංවතුර තත්ත්වයන් සම්බන්ධව නිකුත් කරන නිවේදන ගැන ඇතැම් පුද්ගලයින් නොසලකා හැරීම බලවත් වැරැද්දක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේය.

ජනතාව එම නිවේදන වලට අවනත වීම ඉතා වැදගත් බව ද ඔහු පැවසීය.

ගංවතුර තත්ත්වයන් සම්බන්ධව නිකුත් කරන නිවේදන ගැන ඇතැම් පුද්ගලයින් නොසලකා හැරීම බලවත් වැරැද්දක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේය.

fdgd4d

2. ගංවතුර පවතින ස්ථාන නැරඹීමට යෑම සහ විනෝද වීම

ගංවතුර තත්ත්වයන් ඇතිවූ විට ඒවා නැරඹීමට යාම සහ එම ස්ථානවල විනෝද වීම නොකරන්න.

සෑම විටම අනතුරුදායක මට්ටමින් ඈත්ව කටයුතු කිරීමට පියවර ගන්න.

ගංවතුරට බැසීමෙන් වලකින්න. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් විවිධ බැක්ටීරියා වර්ග ආසාදනය වීමට ඇති හැකියාව ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ගංවතුර තත්ත්වයන් ඇතිවූ විට ඒවා නැරඹීමට යාම සහ එම ස්ථානවල විනෝද වීම නොකරන්න

dfsd33w

ගංවතුර තත්ත්වයන් ඇතිවූ විට ඒවා නැරඹීමට යාම සහ එම ස්ථානවල විනෝද වීම නොකළ යුතුය



03. ගංවතුරේ පිහිනීම සහ ඔරු පැදීමෙන් වළකින්න

ගංවතුර ඇතිවූ විට ඔරු, පාරු සහ කෙසෙල් කඳන් සහ බැරල් ආදිය යොදා ගනිමින් ඔරු පැදීම මෙන්ම ගංවතුරේ පිහිනීමට යෑම අතිශය භයානක විය හැකිය.

ගංවතුරේ පිහිනීමට යෑම අතිශය භයානක විය හැකිය.


dfs3e23dගංවතුරේ පිහිනීමට යෑම අතිශය භයානක විය හැකිය


04. විදුලි රැහැන් ඇල්ලීමෙන් වළකින්න

ගංවතුර තත්ත්වය සමග ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ඇති විදුලි රැහැන් ආදිය ඇල්ලීමෙන් වලකින්න.


05. වාහන ධාවනය හැකිතාක් සීමා කරන්න

ගංවතුර තත්ත්වය සමග බොහෝ පුද්ගලයින් ඒ හරහා වාහන, බස් ආදිය ධාවනය කරන අයුරු දක්නට ලැබේ.

කෙසේ වුවත් අදාළ මාර්ගවල තත්ත්වය සහ ජල මට්ටම ගැන අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ගංවතුර පවතින අවස්ථාවල එලෙස වාහන ධාවනය අනතුරුදායක විය හැකිය.

ගංවතුර පවතින අවස්ථාවල එලෙස වාහන ධාවනය අනතුරුදායක විය හැකිය.


dfged3ගංවතුර පවතින අවස්ථාවල එලෙස වාහන ධාවනය අනතුරුදායක විය හැකිය


06. පානීය ජලය සහ ආහාර

ගංවතුර ඇති අවස්ථාවල ළිං ඇතුළු ජල සැපයුම් මාර්ග අපිරිසිදු විමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කොට උණුකර නිවාගත් පිරිසිදු ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන්න.

ආහාර පිසීමට සහ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට ගංවතුර භාවිත නොකරන්න.

ගංවතුරට නිරාවරණය වූ ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වලකින්න.

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් විවිධ බැක්ටීරියා වර්ග ආසාදනය වීමට ඇති හැකියාව ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි.

xdgsdf4නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් විවිධ බැක්ටීරියා වර්ග ආසාදනය වීමට ඇති හැකියාව ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි


හදිසි ආපදා අවස්ථාවකදී කුමක් ද කළ යුත්තේ ?

* කාලගුණ බලධාරීන් හා ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වීම හා එම උපදෙස් අනුව කටයුතු කිරීම.

* ආපදා මල්ලක් සූදානම්ව තබා ගැනීම

* ජංගම දුරකතනය චාජ්කර තබා ගැනීම

* හදිසි අවස්ථාවක් නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය අමතන්න

(BBC සිංහල සේවය)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...