The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)

T

The Leader Desk

June 5, 2024 • 6:59 AM

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර අගමැති මෝඩිට ලැබී ඇත්තේ සියලු අනාවැකි සහතික කළ “හින්දුත්වා කෙබාබය” නොව, “හින්දුත්වා පූරියක්” ය. අද උදයේ මෙය ලියන විට ඉන්දීය ලොක් සභාවේ, ආසන 543 න් 542 ක ප්‍රතිපල නිකුත් කර අවසන්ව තිබුණි.
  • බී.ජේ.පිය ගිය වර 2019 දී ආසන 303 ක් ලබා ගත් අතර මෙවර මෝඩි කියුවේ ඔහු ආසන 400 ක් දිනා ගන්නා බවය.
  • මෝඩිගේ බී.ජේ.පියට ලැබී ඇත්තේ ආසන 240 කි.
  • සියලු මාධ්‍ය එවැනි ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන් සිටියද මෝඩිගේ බී.ජේ.පියට මෙවර ලැබුණේ ආසන 240 ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙවර අගමැති මෝඩිට ලැබී ඇත්තේ සියලු අනාවැකි සහතික කළ “හින්දුත්වා කෙබාබය” නොව, “හින්දුත්වා පූරියක්” ය. 

අද උදයේ මෙය ලියන විට ඉන්දීය ලොක් සභාවේ, ආසන 543 න් 542 ක ප්‍රතිපල නිකුත් කර අවසන්ව තිබුණි. එක් ආසනයකට නිතරගයෙන් මන්ත්‍රීවරයෙකු පත් විය.
 
bjp 19බී.ජේ.පිය ගිය වර 2019 දී ආසන 303 ක් ලබා ගත් අතර මෙවර මෝඩි කියුවේ ඔහු ආසන 400 ක් දිනා ගන්නා බවය.
 
මෝඩිගේ බී.ජේ.පියට ලැබී ඇත්තේ ආසන 240 කි. බී.ජේ.පිය ගිය වර 2019 දී ආසන 303 ක් ලබා ගත් අතර මෙවර මෝඩි කියුවේ ඔහු ආසන 400 ක් දිනා ගන්නා බවය. සියලු මාධ්‍ය එවැනි ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන් සිටියද මෝඩිගේ බී.ජේ.පියට මෙවර ලැබුණේ ආසන 240 ක් පමණි. බහුතර ආණ්ඩුවක් සඳහා අවශ්‍ය ආසන 272 ක ඉක්මවා ඔහුගේ එන්.ඩී.ඒ සන්ධානයට හවුල් බලයක් වෙනුවෙන් ලැබී ඇත්තේද ආසන 293 කි. 
rahul 0dමෙවර රහුල් ගේ කොන්ග්‍රසය තනිව ආසන 99 ක් දිනා ඇත.  
ගියවර රහුල් ගේ කොන්ග්‍රසය ඇතුලත් වූ සන්ධානයට ලැබුණේ ආසන 80 කි. මෙවර රහුල් ගේ කොන්ග්‍රසය තනිව ආසන 99 ක් දිනා ඇත. ඔවුන්ගේ “ඉන්ඩියා හවුල” එකතුවක් ලෙස ආසන 234 ක් දිනා ගෙන ඇත. එබැවින් මෙවර ලොක් සභාවෙහි විපක්ෂය ප්‍රබල විපක්ෂයක් වන්නේ ය. එවගේම මෝඩිගේ අධිකාරි බලය දුර්වල වීම සමග ඔහුගේ සන්ධානයෙන් චන්ද්‍රබාබු නයිදු ගේ තෙලුගු දේසම් පක්ෂය වැනි ප්‍රාන්ත පක්ෂ දෙක තුනක් රහුල් සමග හවුල් වුවහොත් මෝඩිට අගමැති කමද අහිමි වන්ට ඉඩ ඇත.
 
 
මෙවර ප්‍රතිපල ඉතා පැහැදිලිව මෝඩි කලින් වර මැතිවරණ ජයග්‍රහණ සඳහා යොදා ගත් හින්දුත්වා අන්තවාදය ප්‍රතික්කේෂ කළ බවක් පෙන්වයි. මෙවරද ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය හින්දුත්වා බලය වෙනුවෙන් ගොනු කෙරුවක් විය. අයෝද්‍යාහි රාම් මන්දිර් දෙව් මැදුර සමස්ථ හින්දු ජනතාව වෙනුවෙන් නිදහස්කර ලබා දුන්නේ යැයි ඔහු මැතිවරණයට පෙරාතුවම ඔහුගේ හින්දුත්වා සංකේතය ලෙස එය ඔසවා තැබුවකි. එහෙත් අයෝද්‍යාහි රාම් මන්දිර් දෙව් මැදුර පිහිටි ෆයිසබාද් ආසනයෙහි බී.ජේ.පිය පරාජය විය. රට පුරා හින්දු නායක මෝඩි වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය දියත් කළද බහුතර හින්දු බලයක් ඇති ප්‍රාන්තවල ඔහු බරපතල ලෙස පරාජය වී ඇත. උත්තර් ප්‍රදේශයෙහි මෝඩිගේ බී.ජේ.පි ය ආසන 75 ක් තරග කර දිනා ඇත්තේ 33 කි. මහරශ්ට්‍රාහි ආසන 28 ක් තරග කර දිනා ඇත්තේ 09 කි. රාජස්තාන් හි 25 ක් තරග කර දිනා ඇත්තේ 14 කි. තමිල් නාඩුවල ආසන 23 ක් තරග කර කිසිදු ආසනයක් දිනා ගන්නට නොහැකි විය.
idia poorරහුල්ගේ සන්ධානයට එළෙසින් වැඩි වූ ඡන්ද සතු විරෝධයෙහි මූලික ප්‍රකාශය වන්නේ මෝඩිගේ අන්ත දූෂිත, ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකය විසින් අතරමං කර ඇති ග්‍රාමීය ජනතාවගේ අපේක්ෂා භංගත්වය ය. 
ප්‍රාන්ත වශයෙන් ගතහොත් රහුල්ගේ සන්ධානය ඉදිරිපත් කළ “ඉන්දීය ෆෙඩරල් ව්‍යවස්ථාව රැක ගැනීම” සිදුව ඇත. සියලු ප්‍රාන්ත වල මෝඩි ප්‍රතිරූපයට ලැබුණු ඡන්ද සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති අතර, ඉන්දීය ව්‍යවස්ථාව රැක ගැනීමට ඡන්දය ඉල්ලූ රහුල් ගේ “ඉන්ඩියා හවුලට” ඉතා පැහැදිලි ඡන්ද වැඩි වීමක් ඇත. ඒ අතර, රහුල්ගේ සන්ධානයට එළෙසින් වැඩි වූ ඡන්ද සතු විරෝධයෙහි මූලික ප්‍රකාශය වන්නේ මෝඩිගේ අන්ත දූෂිත, ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකය විසින් අතරමං කර ඇති ග්‍රාමීය ජනතාවගේ අපේක්ෂා භංගත්වය වන්නේ ය. ඔවුන්ගේ දුප්පත්කමට මෝඩිගේ ආණ්ඩු දෙකකින්ම විසඳුම් නොලැබීමය. දුප්පත්කම හැම ආකාරයෙන්ම උග්‍ර වීම ය. 
 


ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යාමත් වැඩිවූ විරැකියාවත් රාජ්‍ය යාන්ත්‍රණය උඩ සිට පහළට දේශපාලනීකරණය කිරීමෙන් ජනතාවගේ දෛනික ජීවිතයේ සියලු ගැටළු විසඳීමේ අවකාශ දූෂිත ප්‍රාදේශීය දේශපාලන බලයකට බාරදීමත් විශේෂයෙන් මහ නගර වලින් පිටත මෝඩි විරෝධයකට හේතුවී තිබිණ. පසුගිය අවුරුද්දක පමණ කාලයේ ලක්ෂ ගණන් ග්‍රාමීය ජනතාව සහන ඉල්ලා පාරට පැමිණියේ ඒ සියලු ප්‍රශ්න ගොනු කෙරුණු විරෝධයක් සමගින්ය. ඒ විරෝධතා සන්නද්ධ පොලීසිය යොදවා මෘග ලෙස මර්දනය කිරීමට එරෙහිව ඉස්මතු වූ මෝඩි විරෝධයත් මැතිවරණ ප්‍රතිපල වල ගැබ්ව ඇත.
 
rahul gandhi9qwඅවාසනාව වන්නේ මෝඩිගේ අසාර්ථක, දූෂිත, වර්ගවාදී ආණ්ඩු පාලනයේ සියලු වාසි ලැබූ රහුල්ගේ කොන්ග්‍රසයද ඒ පීඩිත ඉන්දීය ජනතාවට වැදගත් විකල්පයක් නොවීම ය.
 
අවාසනාව වන්නේ මෝඩිගේ අසාර්ථක, දූෂිත, වර්ගවාදී ආණ්ඩු පාලනයේ සියලු වාසි ලැබූ රහුල්ගේ කොන්ග්‍රසයද ඒ පීඩිත ඉන්දීය ජනතාවට වැදගත් විකල්පයක් නොවීම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම එකකි. දුප්පත්කම තුරන් කිරීම තවකකි. ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ඒ දෙකම, එක සංවර්ධන වැඩපිළිවෙලකට ගොනු කර සමාජය හමුවේ තැබීම ය. වර්ධනය වන දුප්පත්කම ඡන්ද සඳහා යොදා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම ප්‍රධාන මැතිවරණ තේමාව කරගත් පමණින් රහුල්ගේ කොන්ග්‍රසය බලයට පත් කළද ඒ රෝග සඳහා ඔවුන් සතු ප්‍රතිකාර නොමැති බව මැතිවරණ ව්‍යාපාරයෙහි කදිමට පැහැදිලි වූවකි. ඔවුන්ගේ දේශපාලනයද විවෘත වෙළඳපල ආර්ථිකයෙහි යෝධ ව්‍යාපාරිකයින්ව ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගෙන් තොර නොවන්නකි. ඔවුන්ගේ දේශපාලනයෙහි ඉන්දීය රාජ්‍ය මේ වනවිට හින්දුත්වාකරණයට නතුව තිබීමෙන් ස්වාධීන කිරීමක් ගැන කතා නොකරන්නකි.
 
ඉන්දියාවෙහි විපක්ෂයද අපගේ දේශපාලනයේ දූෂණයෙන් තොර ආණ්ඩු පාලන පොරොන්දුවන ආකාරයේම, මූලික ගැටළු සඳහා විසඳුම් කතා නොකරන ප්‍රතිවිරුද්ධ පක්ෂ සන්ධානයක් පමණි. වෙනසකට ඇත්තේ ඔවුන්ගේ චිත්‍රය ලොවටම පෙනෙන යෝධ ප්‍රජාතන්ත්‍රවාදයක් පාට කෙරුණු චිත්‍රයක් වීම පමණි.

මේ සමාජයේ පාර්ලිමේන්තු පත් කරන්නේ රට හදන්න නෙවෙයි - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 ජුනි 05 වන දින
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...