The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

පැරණි අකුණු සන්නායක වල තඹ තැටි ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වලට විකුණන්න පුළුවන් ද ?

T

The Leader Desk

June 5, 2024 • 7:56 AM

පැරණි අකුණු සන්නායක වල තඹ තැටි ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වලට විකුණන්න පුළුවන් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිදෙනකු අනුරාධපුර උඩ මළුව පොලිසිය විසින් පසුගිය දෙවනදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.
  • ඔවුන්ගෙන් අයකු යුද හමුදා කෝප්‍රල්වරයකු බව ද පැවසෙයි.
  • අනුරාධපුර සාලියපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත මහනුවර උඩුව පදිංචි තිස් හත් හැවිරිදි කෝප්‍රල්වරයකු වූ එක් සැකකරුවකුට අයත් බව කියන ත්‍රිරෝද රථයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
  • ඊට අමතරව තඹුත්තේගම සෝලෙවැව ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සහ වැල්කඩගම, මිහිරාවත්ත, වැලිමඩ පදිංචි විසිනව හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තිදෙනකු අනුරාධපුර උඩ මළුව පොලිසිය විසින් පසුගිය දෙවනදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් අයකු යුද හමුදා කෝප්‍රල්වරයකු බව ද පැවසෙයි. එම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ. වාර්තා වන අන්දමට එම සැකකරුවන් තිදෙනා ජේතවනාරාම දාගැබේ සවිකොට තිබෙන අකුණු සන්නායකයේ කොටස් හා ජේතවන දාගැබ වීඩියෝ ගතකරමින් සිටියදී උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව ජේතවන පුදබිමෙහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සැක සිතී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.

අනුරාධපුර සාලියපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත මහනුවර උඩුව පදිංචි තිස් හත් හැවිරිදි කෝප්‍රල්වරයකු වූ එක් සැකකරුවකුට අයත් බව කියන ත්‍රිරෝද රථයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. ඊට අමතරව තඹුත්තේගම සෝලෙවැව ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සහ වැල්කඩගම, මිහිරාවත්ත, වැලිමඩ පදිංචි විසිනව හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


ජේතවනාරාම දාගැබ

දාගැබේ සලපතළ මළුවට මීටර් කීපයක් නුදුරින් පොළොව යටින් සවි කර ඊට මතුපිටින් සලපතළ මළුවේ ගල්ලෑලි අතුරා වසා ඇති එම අකුණු සන්නායකය මීට වසර දහයකට පමණ පෙර විදේශ රටකින් ආනයනය කරන ලද්දකි. එමෙන්ම මීට වසර පහකට පමණ පෙර ද එම අකුණු සන්නායකය ගලවා ගෙන යෑමට යම් පිරිසක් උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි කියනු ලැබේ.

එම ස්ථූපය වීඩියෝ ගතකරමින් සිටි බව කියන සැකකරුවන් තිදෙනා මේ දිනවල දිවයින පුරා පැරණි අකුණු සන්නායක සොයමින් සිදු කරන ජාවාරමට සමගාමීව එම ස්ථූපයට සවි කර තිබෙන අකුණු සන්නායකයේ ද වීඩියෝ එම ජාවාරම්කරුවන් වෙත විශාල මුදලකට අලෙවි කිරීමේ අරමුණින් එම වීඩියෝගත කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

 

akunuඅතීතයේ බොහෝ විට අකුණු සන්නායක සඳහා මූල ද්‍රව්‍ය ලෙස පිරිසිදු තඹ යොදා ගෙන තිබේ.

මෙම පැරණි අකුණු සන්නායක ජාවාරම පිළිබඳව තවමත් අප රටේ බොහෝ දෙනෙක් නොදනිති. දැනගන්නට ලැබී ඇති අන්දමට මෙම ජාවාරම සඳහා යොදා ගනු ලබනුයේ වසර සියයක් හෝ ඊට වඩා පැරණි අකුණු සන්නායක තඹ තැටි පමණි. ඒ සම්බන්ධ එක් පුරාවෘත්තයක් ද තිබේ. එය මීට කලකට පෙර සිට මෙරටට පැමිණි ඉන්දියානුවන් විසින් පතුරුවා හරින ලද්දක් බව පෙනෙයි. අතීතයේ බොහෝ විට අකුණු සන්නායක සඳහා මූල ද්‍රව්‍ය ලෙස පිරිසිදු තඹ යොදා ගෙන තිබේ.



ඒ පැරණි අකුණු සන්නායක බොහොමයක් ඉතිරි වී ඇත්තේ බොහෝ විට ඉංග්‍රීසින් විසින් ඉදි කළ බංගලා ආදියේ ය. සැබැවින්ම අකුණු සන්නායක ජාවාරම් කරුවන්ට අවශ්‍ය එම අකුණු සන්නායකය නොව එහි භූගත තඹ තැටියයි. ඊට හේතුව කාලාන්තරයක් තිස්සේ අකුණු ගැසීම නිසා මෙම තඹ තැටියේ අධික වෝල්ටීයතාවක් ගබඩා වීම බව කියනු ලැබේ. ඒ අනුව මෙය කිසි විටෙකත් ලෝහ ආයුධ භාවිතයකින් භාවිතයෙන් තොරව පසින් ඉවත් කර ගත යුතු ය. තඹ තැටිය ලෝහ සමඟ ගැටුන හොත් ශක්තිය නැතිවී යා හැකි වීම ඊට හේතුව ය.

 

thatiලෝහ ආයුධ භාවිතයකින් භාවිතයෙන් තොරව පසින් ඉවත් කර ගත යුතු ය. තඹ තැටිය ලෝහ සමඟ ගැටුන හොත් ශක්තිය නැතිවී යා හැකි වීම ඊට හේතුව ය.

එම පුවතට අනුව මෙම වෝල්ටීයතා ශක්තිය සහිත තඹ තැටි ඇමරිකාවේ නසා ආයතනය හෝ ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වලට මිලදී ගනු ලැබේ. ඒ මිසයිල මඟ වෙනස් කිරීම් හා වෙනත් රහස් න්‍යශ්ඨික ආයුධ නිපදවා ගැනීමට ඇති හැකියාව නිසා ය. ඒ අතර තඹ තැටියේ ශක්තිය ඇත්දැයි බැලීම සඳහා වන අමුතු ක්‍රමයක් ද තිබේ. එනම් සුදු හාල් අට තැටිය අසලින් තැබීම ය. එවිට ඒවා ඇවිදගන යන්නාක් මෙන් ගොස් තැටියේ ඇලෙයි. මෙසේ ඇලෙන සුදු හාල් ඇට කළු පැහැයට ද හැරේ. එනිසාම මෙම තඹ තැටිය සහල් අදින්නා (Rice puller) ලෙස හඳුන්වනු ලැබේ.


නමුත් මෙම තඹ තැටිය හෙවත් සහල් අදින්නා යනු කිසියම් විද්‍යාත්මක හෝ මුදල් වටිනාකමක් සහිත සැබෑ හෝ නීත්‍යානුකූල අයිතමයක් නොවේ. එය බොහෝ විට ඉන්දියාවේ මෙන්ම අප රටේ ද වංචා සහ වංචනික ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වූවකි. මෙය “සහල් අදින්නෙකු” යනුවෙන් හඳුන්වනුයේ ඇතැම් වස්තූන් ඒවායේ චුම්භක හෝ ශක්ති ගුණ නිසා ඒවා වෙතට සහල් ඇදී යා හැකි බවට වන මිථ්‍යා හෝ ව්‍යාජ විද්‍යාත්මක විශ්වාසයක් නිසා ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු විශ්වාසදායක සාක්ෂියක් නොමැති අතර විශේෂඥයන් සහ බලධාරීන් විසින් නිෂ්ප්‍රභ කර ඇත. එහෙත්, ඇත්තටම සිදුවී ඇත්තේ ඉන්දියාව කේන්ද්‍ර කොටගත් ජාවාරම්කරුවන්ගේ මහා වංචාවකි. නසා අයතයෙන් හෝ ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කිසි විටෙක මෙලෙස කෝටි දහස් ගණන් තබා එක ඩොලරයක් වත් වියදම් කර මේවා මිලදී ගන්නේ නැත.



KRකේ.ආර් අබේසිංහ

අකුණු සන්නායක භූගත තඹ තැටිය තුළ ගබඩා වූ අති විශාල වටිනා ශක්තියක් ද නොමැත. නමුත් මේ සහල් අදින්නා නිසා ඉන්දියාවේ නූතන මහාරාජා වරුන් බවට පත් දිළින්දන් පිළිබඳ ගජබින්න පුවත් ඉන්දීය සමාජයේ පැතිර යමින් තිබේ. අප රටර පැතිර ඇත්තේ ද ඒ මිථ්‍යා උනුසුම ය. ” කාටත් තේරෙන විදිහටම කිව්වොත් ඕක කොණ්ඩෙ බඳපු චීන්නුට කියන්න ඕනේ කතාවක්” අකුණු අනතුරු සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණයක් කොට ඇති හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහ කියයි.

”අකුණු සැර මඟින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්‍රියාවලට ලක් වන තඹ තහඩුවේ භූ ගත ප්‍රතිරෝධය ඉහළ යනවා. ඒ විදිහට තඹ තහඩුවේ භූ ගත ප්‍රතිරෝධය ඉහළ යනවා කියන්නේ ඒකේ කාර්යක්ෂමතාව අඩු වෙනවා කියන එකයි. ඇත්තෙන්ම ඒ ඔය තඹ තහඩුවකින් ඇති වෙන එකම සේවය ඒ අකුණු සන්නායකය සහිත ඉදි කිරීමට අනතුරු දායක විය හැකි අකුණු ධාරා භූගත කිරීම විතරයි. කොටින්ම යම් කාලයක් ඒක භාවිතා වුණාට පස්සේ ඒකේ කාර්යෂමතාව වගේම ආර්ථික වටිනා කමත් අඩුවෙන්වා. ඒ අනුව මේක අමුතුම වර්ගයේ වංචාවක් බවයි පේන්නෙ. ඒ කියන්නේ වටිනාකමක් නොමැති දෙයක් වටිනවා යයි පවසා ජනතාව මුලා කිරීමක්”අබේසිංහයෝ පවසති.

 

thaba thatiඅකුණු සැර මඟින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්‍රියාවලට ලක් වන තඹ තහඩුවේ භූ ගත ප්‍රතිරෝධය ඉහළ යනවා. ඒ විදිහට තඹ තහඩුවේ භූ ගත ප්‍රතිරෝධය ඉහළ යනවා කියන්නේ ඒකේ කාර්යක්ෂමතාව අඩු වෙනවා


මෙහිදී මෙම තඹ තැටි වංචාවට ලක්වන්නේ වැඩි වශයෙන් ධනවත් ව්‍යාපාරිකයන් බව පෙනෙයි. ඔවුන් හමුවට එන පළමු නොදන්නා තැරැව්කරු හැකි නම් අකුණු සන්නායක සම්බන්ධ භූගත තඹ තැටි සොයා දෙන ලෙස පවසනුයේ ඒ සඳහා අධික මිලක් ගෙවීමටත් යෝජනා කරමිනි. ඒ භූගත තඹ තැටි සඳහ නියම වන ඇමරිකානු ඩොලර් වටිනාකම සඳහන් කුඨ ලියකියවිලි ද පෙන්වමිනි. එවිට ඒ ව්‍යාපාරිකයා උපරිම මිලක් ගෙවා ලබා ගැනීමට සන්නායක තැටි සොයයි. එවර ව්‍යාපාරිකයා ළගට එන්නේ භූගත තඹ තැටි ඇතැයි කියන තවත් තරව්කරුවෙකි.ඔහු ඒ ජාවාරමේ දෙවැන්නා ය. ඔහු ව්‍යාපාරිකයාට කියන්නේ එවැනි තඹ තැටි සොයා දිය හැකි බවත් ඒ සඳහා නියමිත මුදලෙන් අඩක පමණ අත්තිකාරමක් අවශ්‍ය බවයි. එහිදීත් රැවටෙන ව්‍යාපාරිකයා නව තරව්කරුට ලක්ෂ ගණනක් මුදල් ගෙවා තැටි ලබාගන්නේ වැඩි ගණනකට විකිණීමට ඇති හැකියාව ගැන සැලකිලිමත් වෙමිනි.

අවසානයේ තඹ තැටි ගන්නා ව්‍යාපාරිකයාට සිදුවන්නේ ගැනුම් කරුවකු සොයා ගැනීමට නොහැකි වීම ය. ඒ වන විට ඔහුට කෝටි ගණනක් වුව අහිමි වී තිබිය හැක. මෙවන් තඹ තැටි උගුලකට හසු වූ මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳ නිල නොවන තොරතුරක් පසුගිය කාලයේ අපට ද අසන්නට ලැබුණු අතර ඔහු ඒ තඹ තැටි උගුලේ හෙළා ඇත්තේ ද අනුරාධපුර පැමිණි ගමනක දී එහි දී හමු වූ කිහිප දෙනකු විසින් බව ද දැන ගන්නට ඇත.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...