The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

සුනඛයන් අරක් ගන්නා ස්ථානවලට බහිරව ආරක්ෂාව තිබේ ද?- (හේම ශ්‍රී අමරසිංහ)

T

The Leader Desk

June 6, 2024 • 11:10 AM

සුනඛයන් අරක් ගන්නා ස්ථානවලට බහිරව ආරක්ෂාව තිබේ ද?- (හේම ශ්‍රී අමරසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ඉදිකිරීම නිමවූ මුල් දිනවල ඔහුගේ සමීප හිතවතුන් කිහිප දෙනකු දින කිහිපයක් එහි නවාතැන් ගෙන සිටි අතර පසුව එම ව්‍යාපෘතිය සම්බන්ධ ඉතිරි කටයුතු අරඹන තුරු එම කබානාව තාවකාලිකව වසා දැමිණ.
  • එහෙත්, එම කබානාව විවෘතව පැවැති දින කිහිපය තුළ කොහේ හෝ සිට එහි පැමිණි සුනඛයකු එය ඉතා හුරු පුරුදු ස්ථානයක් සේ සළකා ඊට ඇතුළු වීමට වෙර දරනු එම පිරිසේ අවධානයට යොමු විය.
  • එහෙත්, මේ සුනඛයා එම කබානාව තමන් ගේම තැනක් සේ සළකා ක්‍රියා කළ බව අපගේ ඒ හිතවතා කීය.
  • පසුව එහි නවාතැන් ගෙන සිටි පිරිස ඉන් ඉවත් වූ පසු ඒ සුනඛයා ආපසු තම නිවසට ආපසු යනු ඇතැයි අපගේ හිතවතා ඇතුළු පිරිස සිතා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ඉදිකිරීම නිමවූ මුල් දිනවල ඔහුගේ සමීප හිතවතුන් කිහිප දෙනකු දින කිහිපයක් එහි නවාතැන් ගෙන සිටි අතර පසුව එම ව්‍යාපෘතිය සම්බන්ධ ඉතිරි කටයුතු අරඹන තුරු එම කබානාව තාවකාලිකව වසා දැමිණ. එහෙත්, එම කබානාව විවෘතව පැවැති දින කිහිපය තුළ කොහේ හෝ සිට එහි පැමිණි සුනඛයකු එය ඉතා හුරු පුරුදු ස්ථානයක් සේ සළකා ඊට ඇතුළු වීමට වෙර දරනු එම පිරිසේ අවධානයට යොමු විය.

සාමාන්‍යයෙන් සුනඛයෝ නාඳුනන පුද්ගලයන් හා සමීප වීමට පෙර ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වෙති. එහෙත්, මේ සුනඛයා එම කබානාව තමන් ගේම තැනක් සේ සළකා ක්‍රියා කළ බව අපගේ ඒ හිතවතා කීය. ඒ අනුව ඔහුට එහි රිසි සේ හැසිරීමට එම පිරිසෙන් ද ඉඩ ලැබී තිබිණ. පසුව එහි නවාතැන් ගෙන සිටි පිරිස ඉන් ඉවත් වූ පසු ඒ සුනඛයා ආපසු තම නිවසට ආපසු යනු ඇතැයි අපගේ හිතවතා ඇතුළු පිරිස සිතා තිබේ.

එහෙත් කබානාව වසා දමා දින කිහිපයකට පසුව කිසියම් කටයුත්තක් උදෙසා අහම්බෙන් එහි ගිය ඔහුට දැක ගැනීමට ලැබී ඇත්තේ තරමක් විමතිය දනවන දසුනකි. එනම් එම පාළු නිවහන ආලින්දයේ ඒ අයුරින්ම වැතිර හිඳින සුනඛයා ය. දින ගණනක් ආහාර නොගෙන හිඳීම නිසා දෝ ඒ වන විට ඔහු කායික වශයෙන් සැළකිය යුතු ලෙස ඔත්පලව හිඳින බවක් අපගේ හිතවතාට පෙනිණ. සුනඛයෝ ස්වභාවිකවම මිනිස් ඇසුරට ලොල් වෙති. එනිසා මිනිසුන් නොමැති තැන්වල තනිව රැඳී සිටීමට ඔවුනට නොහැක. එහෙත්, ඒ සුනඛයා ඒ තනිවම ඒ පාළු ගොඩනැගිල්ලේ ආලින්දයේ වැතිර සිටීම අපගේ හිතවතාට තරමක ගැටළුවක් විය.


d 1කබානාව තුළ සුනඛයා රැඳී සිටි අන්දම

“ඔය ඉදිකිරීම කරන්න කලින් ඔතන බහිරව පූජාවක් එහෙම තිබ්බද?” ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුව මම නිකමට මෙන් අසා සිටියෙමි. “එකක් නෙවෙයි දෙක තුනක්ම තියන්න වුණා, මොකද? අපි ඕවා එච්චර විස්වාස නොකළාට මේ පළාත්වල පාරම්පරික ගැමි සිරිත් ගරු කරන අපේ දෙමව්පියෝ අපි ඔහොම දේවල් අතපහු කරනවට කැමතිම නෑ” අපගේ හිතවතා කීය.

ඉහත සඳහන් සුනඛයා කිසිවකු නොමැති පාළු කබානාව අද්දර දින කිහිපයක් රැඳී සිටීම සහ මා විමසා සිටි බහිරව පූජාව පිළිබඳව පරික්ෂණ, නිරීක්ෂණ, නිගමන මුල්කොට පූර්වාපර සන්ධි ගැලපීමට මට නොපුළුවන. නමුත් පැරණි වාස්තු හා ගෙබිම් ශාස්ත්‍රය බහිරවයා සහ සුනඛ ප්‍රජාව අතර විවිධාකාර සම්බන්ධතා සහිත කතා ප්‍රවෘත්තීන් ඕනෑ තරම් අප කියවා තිබේ.

 

d 2බහිරව
සුනඛාදීන් සතුන් තම වාසස්ථාන වශයෙන් මිනිස් ජනාවාස තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක් තිබේ. එනම් ආහාර සුලබතාවයි. එහෙත් බොහෝ දෙනකු නොදන්නා මුත් සෑම තිරිසන් සතකුම පාහේ වාසස්ථාන තෝරා ගැනීමේදී සැලකිලිමත් වන ඊටත් වඩා ප්‍රධාන කරුණක් තිබේ. එනම් එහි ජීවත් වීම විෂයෙහි ලා තමන්ට ආරක්ෂාව සළසා ගත හැකි විශ්වාසදායක වටපිටාවක් තිබීම ය. ඒ අනුව ඉහත සඳහන් සුනඛයා ආහාර සපයා ගැනීම දෙවන තැනට දමා එම ස්ථානයේ පවත්නා කිනම් හෝ ආරක්ෂාකාරී බවක් මුල් කොට එහි දිගින් දිගටම රැඳී සිටින්නට ඇත. එහෙත් ආරක්ෂාකාරී බව කුමක්ද? යන්න මිනිස් අපට නොවැටහෙන්නට පුළුවන.

බහිරව යන නම අසා නොමැති කුඩා දරුවකු වුව අප සමායේ වෙතොත් ඒ ඉතා අහඹු ලෙසිනි. සංස්කෘත බසින් බියකරු යන අදහස නොගෙන ‘භීරු’ යන්නෙන් උපන් බව සැලකෙන බහිරව යන්න පෙරදිග ආගම් දර්ශන කිහිපයකම දක්නට ලැබෙන බහු අරුත් දනවන වදනකි. එහෙත් අප ජන සංස්කෘතියට අනුව ‘බහිරව’ යන්න සරලව අර්ථ කථනය කළ හැක්කේ භූමිය ගත් අමනුෂ්‍යයා යනුවෙනි.

d 3බහිරව මුත්තා

නමුත් සුමංගල ආදී සිංහල ශබ්ද කෝෂ වල බහිරව යන්නට “භෛරව” යන්නට වැඩි අරුතක් ලබා නොදීම ද විශේෂත්වයකි. අප සමාජයේ ජන විශ්වාසයට අනුව බහිරව යනු අවි මානුෂික බලයක් ඇති අමනුෂ්‍ය කොට්ඨාශයකි. ද්‍රවිඩ ජනතාව විසින් බහිරවයන් කොටස් නවයක් වශයෙන් දක්වා ඇති අතර ‘බහිරව අෂ්ටක’ නම් පැරණි පුස්කොළ පොතේ සඳහන් අන්දමට බහිරවයා වරෙක යක්ෂ විලාසයකින් ද තවත් වරෙක දේව විලාසයකින් පෙනී සිටියි. එක් අතක කඩුවක් හා අනෙක් අතින් කුසලානයක් සහිතව පෙනී සිටින බහිරවයා ගේ දේව විලාශය සම්බන්ධ තවත් වැදගත් ලක්ෂණයක් තිබේ. එනම් බහිරවගේ වාහනය සුනඛයකු ලෙස දක්වා තිබීම ය. 

පී.බී දොලපිහිල්ල සූරීන් විසින් ලියන ලද In the days of Sri Wickarama Rajasinghe(1959). නම් කෘතියේ ඒ සම්බන්ධ මනා විස්තරයක් තිබේ.

සිංහල ජන විශ්වාස වලට අනුව බහිරවයන් ප්‍රධාන කොටස් දෙකකි. එනම් මිහි ගැබ තුළ ඇති ධන නිධානයන්ට අධිපති පාතාල බහිරව හා මිහි මත ඇති ධන සම්පත් වලට අධිපති ආතාල බහිරව යනුවෙනි. පාතාල බහිරවයා ගේ සංකේතය නාගයා වන අතර ආතාල බහිරවයා ගේ සංකේතය හෙවත් වාහනය සුනඛයා ය.

මෙම බහිරවයාට වඩා බොහෝ වෙනස්කම් ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගිරියා කන්ද දෙපස ගොවි ජනතාව විසින් අදහනු ලබන බහිරව මුත්තා නම් ග්‍රාමාරක්ෂක දේවතාවා ගේ වාහනය ද සුනඛයකු ලෙස දක්වා තිබීම ද විශේෂත්වයකි.

d 4කබානාව තුළ සුනඛයා රැඳී සිටි අන්දම

බහිරව දේව විශ්වාසය හා සුනඛයන් අතර පවතින මෙම සහ සම්බන්ධය හුදු කල්පිතයක් නොවන බව අපගේ ජන සංස්කෘතිය මගින් තහවුරු වෙයි. ඒ බහිරව ආරක්ෂාව පවතින ස්ථාන වල රැඳී සිටීමට සුනඛයන් සුවිශේෂ ඇල්මක් පළ කරන බවට නොයෙකුත් සාක්ෂි මතු වන බැවිනි. විශේෂයෙන් නිවාස දේපල සේම අලුතින් ඉදි කෙරෙන ගොඩනැගිලි වැඩබිම් ආදිය වෙත ද බහිරව ආරක්ෂාව හිමි වීම මත සුනඛයන් එම ස්ථාන අතහැර යාමට අකැමැත්තක් පළ කරන බව ප්‍රායෝගිකව තහවුරු වී තිබේ. කිසිදු ආහාරයක් තබා මිනිසකු වත් නොමැති කබානාවක් ඇසුරේ රැඳී සිටින ඉහත සඳහන් සුනඛයා සම්බන්ධ කතා ප්‍රවෘත්තිය ද නිදසුනක් සේ ඉදිරිපත් කළ හැකිය. 

එමෙන්ම දීර්ඝකාලින වශයෙන් නිවාස ආදී ඉදිකිරීම් වල යෙදෙන පැරණි පෙදරේරුවෝ ද භූමිය පදනම් කර ගත් බහි සුනඛ සහසබඳතාව පිළිබඳ බොහෝ කරුණු දැන සිටියහ. නමුත් මේ වන විට ඒ පාරම්පරික ජන විඥානය සිඳී බිඳී වියැකී ගොසිනි. විද්‍යාත්මක චින්තනය පදනම් කර ගත් නූතන සමාජය ඔවැනි පාරම්පරික ජන විශ්වාස මුලිනු`පුටා දැමිය යුතු ය, යනුවෙන් පවසන පිරිස් ද අපට කොතෙකුත් හමු වී තිබේ. එහෙත්,ඔවුන් විද්‍යාව ලෙස අර්ථ කථනය කරනුයේ හුදු භෞතික විද්‍යාවන් පමණි. 

එහෙත්, විද්‍යාත්මක චින්තනය පදනම් කර ගත් සමාජ විද්‍යාව මානව විද්‍යාව සමාජ මනෝ විද්‍යාව ජනශ්‍රැති වේදය ආදී විෂය පථයන් තුළ මෙබඳු ජන විශ්වාස ඒකරාශී වීමක් මිස ඒවා නිශේධ කිරීමක් සිදු නොවේ. ලෝක ප්‍රකට ඊසොප් ගේ කපුටා සහ කේජු කෑල්ල නරින් සහ කපුටන් කතා නොකරනු ඇතැ‍යි යන ද්‍රෂ්ඨියේ සිට නිශේධ කළ හොත් ඉන් මානව සමාජයට සිදු විය හැකි අවැඩ අප මෙහි දී සිහිපත් කළ යුතු ය. ඒ අනුව විවිධ විෂය පථයන් ඔස්සේ විද්වත් සමාජ කතිකාවන්ට ලක් විය යුතු මෙබඳු ජන විශ්වාස හුදු භෞතික චින්තනය පදනම් කර ගනිමින් නිශේධනය කිරීම අප දකිනුයේ සැත්කමක් කළ යුතු තැන සිදු කෙරෙන එම්බාම් කිරීමකට ය.

d 5කබානාව තුළ සුනඛයා රැඳී සිටි අන්දම
ඉහත සඳහන් ආකාරයට මිනිස් වාසයක් නොමැති භූමියක මුල් කොට යම් සුනඛයකු හෝ කිහිප දෙනකු දිවා රෑ දෙකෙහිම වාසය කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට මතයක් පැරණි ජන විඥානයේ තිබිණ. ඇතැම් විට ඒ සුනඛයන් කුසගිනි දරා ගත නොහැකිව “හූල්ලමින්” එහි වාසය කරන්නේ නම් ඔවුනට කුමන ආකාරයකින් හෝ ආහාර සැපයීම බහිරව දේවතාවා පහදවා ගත හැකි උපාය මාර්ගයක් බව පැරණි ගැමියෝ විශ්වාස කළහ. 

එමෙන්ම එවන් භුමියක දින හෝ සති ගණනක් රැඳෙන සුනඛයන් ඉන් ඉවත් වීම එම භූමිය කෙරෙහි බහිරව දේවතාවා නොසතුටට පත් කරවන්නක් බවට පැරණි ගැමි සමාජය යම් විශ්වාසයක් පැවතිණ. නිවසක තනන ලද කූඩු ආදියේ ජීවත් වන ගේ කුරුල්ලන් එක්වරම එම නිවස හැර යාම කුමක් හෝ ගුප්ත දෝෂයක පෙර නිමිත්තකැයි පැරණි ජන විශ්වාසයක් විය. මෙලෙස මෙවන් ස්ථානවල රැඳී සිටින සුනඛයන් ඉන් බැහැරවීම ද බහිරව දේවතාවා ගේ ඇල්ම බැල්ම අහිමි වීමක් බවට පැවැති විශ්වාසය නූතන සමාජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂ්ප කොට තිබේ. නමුදු විද්‍යාත්මකව සනාථ කර ගත නොහැකි මෙබඳු ගුප්ත විශ්වාස මිථ්‍යා මතයක් සේ සලකා සමාජමය කුණු බක්කියට ඇද දැමීමට පෙර මිනිසා ගේ ප්‍රඥා මහිමයට නතු නොවන දෑ ලොව නැතැයි සිතීම මෝඩකමක් සේ සළකා අප අවට පවතින මෙවැනි සංවේදී සිදුවීම් සම්බන්ධයෙන් සාධනීය ආකල්ප දැරීමෙන් යහපතක් මිස නපුරක් නොවන බව අපගේ නිගමනයයි.

d 6
(හේම ශ්‍රී අමරසිංහ)


[උපුටා ගැනීම - vinivida.lk]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුනඛයන් අරක් ගන්නා ස්ථානවලට බහිරව ආරක්ෂාව තිබේ ද?- (හේම ශ්‍රී අමරසිංහ) | The Leader