The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

ආපදාවට පෙරසූදානම - ( සාගල රත්නායක)

T

The Leader Desk

June 8, 2024 • 1:24 PM

ආපදාවට පෙරසූදානම - ( සාගල රත්නායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වභාවික කාරණා හේතුවෙන් ජනතාව ආපදාවට ලක්වීම අලුත් දෙයක් නොවුණත් ගංවතුරක්, නියඟයක්, වසංගතයක්, නායයාමක්, වැනි කුමක් හෝ සිදුවන විට සමාජයේ ඇති වෙන කතා බහ තුළ නිතරම වන්නේ පවතින රජය විවේචනය කිරීම.
  • ආපදාවට පත් වුණු ජනතාවට වඩා විපක්ෂ මත දරණ කණ්ඩායම් නිතර උත්සහගන්නේ රජයේ වරද නිසා ජනතාවට මේ ආපදාවන්ට මුහුණ පෑමට සිදු වුණ බවයි.
  • විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් නිසා ජලය බැස යාමේ මාර්ග අවහිරවීම සහ නිවැරදි ලෙස කසල බැහැර නොකිරීම නිසා කාණු පද්ධති අවහිරවීම වගේ දේවල් නිසා ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුවක් වෙලා තිබුණා.
  • මේ තත්වයන් නිසා ස්වභවික ආපදා පමණක් නෙවෙයි වෙනත් සාමාජීය ප්‍රශ්න පවා ඇති වීමට හේතුවක් වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්වභාවික කාරණා හේතුවෙන් ජනතාව ආපදාවට ලක්වීම අලුත් දෙයක් නොවුණත් ගංවතුරක්, නියඟයක්, වසංගතයක්, නායයාමක්, වැනි කුමක් හෝ සිදුවන විට සමාජයේ ඇති වෙන කතා බහ තුළ නිතරම වන්නේ පවතින රජය විවේචනය කිරීම. ආපදාවට පත් වුණු ජනතාවට වඩා විපක්ෂ මත දරණ කණ්ඩායම් නිතර උත්සහගන්නේ  රජයේ වරද නිසා ජනතාවට මේ ආපදාවන්ට මුහුණ පෑමට සිදු වුණ බවයි. ඒ විවේචන වල සත්‍යයක් නැතුව නොවෙයි. මොකද ස්වභාවික ආපදා රජයකට පාලනය කරන්න නොහැකි නමුත් මේ ආපදාවන්ගෙන් ජනතාවට සිදුවිය හැකි හානි වලින් ජනතාව ආරක්ෂා කරගැනීම රජයක වගකීමක් නිසා. 

 

මේ වගකීම නියමාකාරයෙන් සිදුවෙනවාද කියන ගැටළුව තියෙනවා. නමුත් ඒ සියල්ල දේශපාලන අධිකාරිය මතට පටවන්නත් බැහැ. දේශපාලන අධිකාරිය අවශ්‍ය නිවැරදි තීන්දු ගත්තත් සමහර විට අනෙක් අංශ වෙතින් මේ වගවීම නොවෙන්න පුළුවන්. ඒ වගේම ජනතාවටත් මෙහි යම් වගකීමක තියෙනවා. 

පසුගියදා කැළණි ගඟ පිටාර ගැලීම නිසා සිදුව තිබු ආපදා තත්වයන් නිරීක්ෂණයකර අවශ්‍ය පියවර ගැනීමට කළ සංචාරය තුළ ලත් අත්දැකීම් වලිනුත් පැහැදිලි වුණ කාරණා තියෙනවා. විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් නිසා ජලය බැස යාමේ මාර්ග අවහිරවීම සහ නිවැරදි ලෙස කසල බැහැර නොකිරීම නිසා කාණු පද්ධති අවහිරවීම වගේ දේවල් නිසා ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුවක් වෙලා තිබුණා. සමහර ඉදිකිරීම් සඳහා නිත්‍යනුකූල අවසරයන් පවා ලැබිල තිබූණේ මේ ජලය බැස යාමේ මාර්ග, කාණු පද්ධති අවහිරවීම නොසලකමින්. 

 

 අනෙකා ගැන නොසිතා තමන්ගේ දේ වෙනුවෙන් පමණක් හිතල වැඩකරන්න ගත්තාම සමහර විට මුළු සමාජයක්ම ගැටළුවලට මුහුණ දෙනවා. මේ වගේ තත්වයන් වෙනස් කරන්න නම් අපේ සමාජ ආකල්පත් වෙනස් වීමක් විය යුතුයි.  අඩුම තරමින් කසල බැහැර කිරීමක දී හෝ ඒ ක්‍රමවත්ව සිදු කිරීමේ පුරුද්ද හදාගත යුතුයි. කාණු පද්ධති අවහිර වෙන්නේ බොහෝ විට ගෘහස්ථව ඉවත් කරන ප්ලාස්ටික පොලිතින් රබර් වගේ අපද්‍රව්‍ය, කඩදාසි රෙදි කැබලි වගේ දේවල් නිසා. රජය කාණු පද්ධති සකස් කරන්නේ වැසි ජලය බැහැරට ගෙන යන්න. ඒවා කසල බැහැර කරන්න කළ ඉදිකිරීම් නොවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. 

image 8a16f4b459 

 

ඒ වගේම මේ අනවසර හෝ වේවා අවසර ඇතිව හෝ වේවා සිදුකරන ලද ඉදිකිරීම් වලදී විශේෂයෙන්ම පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තමන්ගේ බල ප්‍රදේශයට අදාල නාගරික සැලසුම් අනුව තිබෙන ඉදිකිරීම් කොන්දේසි නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීම ගැන රාජ්‍ය නිලධාරින්ට නිදහස් වෙන්න බැහැ. ඉදිකිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ වගකීම නිවැරදිව ඉටුකිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන, ක්‍රමවේද තිබෙනවා. නමුත් ඒවා නිවැරදිව කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවෙනවා නම් මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ නැහැ. 

 

අනවසර ඉදිකිරීමක් වෙනවා නම් එය ඉවත් කිරීමේ බලය ඔවුන්ට තිබෙනවා.  නමුත් නාගරික ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් අති විශාල ප්‍රමාණයක් සිදුව තිබෙනවා. මේ තත්වයන් නිසා ස්වභවික ආපදා පමණක් නෙවෙයි වෙනත් සාමාජීය ප්‍රශ්න පවා ඇති වීමට හේතුවක් වෙලා තියෙනවා. මේවා ඉදිරියේදී වලක්වා ගැනීමත්, සිදුවෙලා තිබෙන වැරදි නිවැරදි කිරීමත් කළයුතු වෙනවා. 

Screenshot 2023 12 07 07 35 30 17 අනාගත සංවර්ධනය වපසරිය ඉලක්ක කරගෙන මේ සැලසුම් සිදු නොවීමේ දුර්වලතාවයක්

ගංවතුර තත්වයට අදාලව ගත්තොත් අතීතයේ සිට තිබෙන අත්දැකීම් සහ තාක්ෂණික වශයෙන් කරන ගවේෂණ වලදිත් ඒ සිදුවිය හැකි ආකාරයන් සහ ප්‍රදේශ හඳුනාගැනීම සිදුවෙනවා. ඒ අනුව ජනපදකරණය, නාගරිකකරණය, කෘෂි හා කාර්මික භූමි පැවැතිය යුත්තේ කුමන ප්‍රදේශයන් තුළද වැනි හඳුනාගැනීම් සම්බන්ධයෙන් පෙර ගත හැකි තීරණ තිබෙනවා. ඒ අනුව භූමි සැලසුම් සකස්වීම වෙනවා. දැනටත් එවැනි තීරණ තිබුණත් ඒ නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති බව ඇතැම් ප්‍රදේශ නිරීක්ෂණයේ දී පැහැදිලි වෙනවා. ඒ වගේම අනාගත සංවර්ධනය වපසරිය ඉලක්ක කරගෙන මේ සැලසුම් සිදු නොවීමේ දුර්වලතාවයක් පොදුවේ තිබෙනවා. 

 

f43a16a693f0bdcd1588b31f4d500280 XLශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව පිහිටුවනු ලැබූ ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක් තිබෙනවා

 

එහෙත් වැදගත්ම දෙය වෙන්නේ ස්වභාවික ව්‍යවසනයක් සිදුවීමට පෙර ජනතාව එයින් ආරක්ෂා කරගැනීම රජය කටයුතු කළයුතු වීමයි. ආපදා අවදානම් කළමණාකරණය නමින් විෂයක් තිබෙන්නේ ඒ වෙනුවෙන්.  මෙරට අපදා අවදානම් කළමණාකරණ වෙනුවෙන්  ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව පිහිටුවනු ලැබූ ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක් තිබෙනවා. ආපදා වලින් විය හැකි හානිය අවම කරගැනීම මෙම ආයතනයේ ප්‍රධාන වගකීම. තවත් රාජ්‍ය ආයතන ගනනාවක් මේ හා සම්බන්ධව තිබෙන අතර ඔවුන්ට පැවැරී ඇති වගකීමත් සුළුපටු නැහැ. Screenshot 2024 06 08 at 6.08.06 PM removebg preview

 

 ආපදා සම්බන්ධ පර්යේෂණ කිරීම, අපදා හානිය අවම කිරීමේ පියවරයන් හඳුනාගැනීම, පෙර සූදානම් කරන ලද සැලසුම් පවත්වාගෙන යාම, අවදානම් තත්වයේ පසුවන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම සිදු කිරීම, හදිසි ප්‍රතිචාර දැක්වීම යනාදිය මෙම ආයතනයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වෙනවා.

 

පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ආපදා මධ්‍යස්ථානයට යම් අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවුවත් මෙවරත් පෙර සුදානමක් පෙන්වලා තිබුණා. නමුත් එම මධ්‍යස්ථානය ගන්න තීරණ අනුව අනෙක් පාර්ශ්වවල ක්‍රියාත්මක නොවීමේ ගැටළුක් ඇති බව පෙනී ගොස් තිබෙනවා.  සමහරවිට පවත්නා නීති පද්ධතියේ දුර්වලකම්, ඇතැම් නිලධාරීන්ගේ දුර්වලකම්, අරමුදල් සහ තාක්ෂණික අඩුපාඩු සහ ජනතා සහයෝගය නොලැබීම වැනි දේ මේවාට බලපා තිබෙන්න පුලුවන්. 

 

තවත් ගැටළුවක් තමයි අපදා කළමණාකරණයට විවිධ ආකාරයන්ගෙන් සම්බන්ධ විය යුතු රාජ්‍ය ආයතනවල අන්තර් සම්බන්ධතාවයන් අකාර්යක්ෂම වීම. අධික වර්ෂාව ගැන කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පවසන විට ගංවතුර ගැන අනතුරු හඟවන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව. නායයෑම් ගැන තවත් ආයතනයක්. ආපදා අවම කරගන්න වැඩ කරන්නේ තවත් ආයතනයක්. මෙහෙම අපාදා කළමණාකරණය විධිමත්ව සිදුවෙන්නේ නැහැ. 

 93778390 933f 11ee b9a7 c91b9dfa91e5.png

මේ නිසා පවතින නීති යාවත්කාලින කිරීමත්, ආපදා කළමණාකරණය සඳහා වඩා බලතල සහිත කාර්යක්ෂම ස්වාධීන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ඇති කළ යුතු නම් එය කළ යුතු වෙනවා.  එසේම ආපදා අවස්ථාවකට මුහුණ දිය හැකි ලෙස අරමුදල් තරකිරීමත් විය යුතුව තිබෙනවා. ඒ වගේම මෙම ආයතන වල පර්යේෂණ කටයුතු වෙනුවෙන් නවීන තක්ෂණික පහසූකම් සහ පුහුණුව ලබාදීම විය යුතුයි. විශේෂයෙන්ම කාලගුණ දෙපාර්තමේන්තුවත් නවීන දැනුමෙන් හා තාක්ෂණයෙන් සම්පූර්ණ කරගැනීම විය යුතුව තිබෙනවා.

 

ආපදා අවස්ථාවන්ට මුහුණුදීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම, හදිසි තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමත් ආදිය විය යුතුයි.  ආපදාවක් සිදුවීමට කලින් ඒ වලක්වාගැනීම වගේම අපදාවක් සිදු වූ පසුව කඩිනමින් හානි පූර්ණය සඳහාද රජය සතුව ක්‍රමවත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යෑම අනිවාර්යෙන්ම විය යුතු දෙයක්. 

 Cop 28 UAE Ranil

 මේ තත්වයන් ගැන වර්තමානයේ දී පෙරට වඩා දැඩිව කල්පනා කරන්න වෙනවා. මොකද අද ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාස මත හදිසි කාලගුණික ප්‍රචණ්ඩත්වයන් සිදුවීමේ ඉඩකඩ වැඩියි. කොහොමත් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස නිසා වඩාත්ම අවදානමට ලක්ව තිබෙන රටවල් කිහිපය අතර තිබෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලය පුරාම මේ වෙනුවෙන් ගෝලීය මැදිහත්වීමක් කළේ මේ අනතුර පෙර දැක තිබෙන නිසා.

මේ අනතුරෙන් රට ආරක්ෂා කරගැනීම අනාගතයේදී අපට මුහුණ දෙන්න වන ලොකුම අභියෝගයක් වෙනවා. මේ නිසා අනාගතය වෙනුවෙන් අද අපේ පවතින දුර්වලතා සියල්ල ජයගැනීම අනිවාර්යයක් වී තිබෙනවා. 

 

 සාගල රත්නායක

එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි 

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...