The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ගංවතුර ආතල්

T

The Leader Desk

June 9, 2024 • 6:45 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ගංවතුර ආතල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතින්, මිනිස්සු ගංවතුර බැලීමට යාමට පටන් ගත්හ.
  • එහෙත් ඇතැමකුගේ ආතල් කැඩුණේ ගංවතුරටම බිලිවීමෙනි.
  • ගංවතුරේ පිහිනීම, එහි බැස ඇවිදීම වැනි දෑ සෞඛයට ඉතාම අහිතකර විය හැකි බව සෞඛ්‍ය අංශ මගින් කොතෙක් නිවේදනය කළත් ගංවතුර ආතල්කාමීහු, එය නොසලකති.
  • මිනිසුන්ගේ කුතුහලය, අවදානමට ඇති බිය පරදවා මතු වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට කලින් ගංවතුර ආවේය. ඉතින්, මිනිස්සු ගංවතුර බැලීමට යාමට පටන් ගත්හ.

ගංවතුර මහ විනාශයක් වුවද, සමහරුන්ට එය නියම ආතල් එකකි. එහෙත් ඇතැමකුගේ ආතල් කැඩුණේ ගංවතුරටම බිලිවීමෙනි. කරන්ට් වැදීමෙනි.

ගංවතුරේ පිහිනීම, එහි බැස ඇවිදීම වැනි දෑ සෞඛයට ඉතාම අහිතකර විය හැකි බව සෞඛ්‍ය අංශ මගින් කොතෙක් නිවේදනය කළත් ගංවතුර ආතල්කාමීහු, එය නොසලකති. වතුර බැස ගිය පසු, ඉතිරි 'ආතල් එක' උදා වෙයි. ඒ ලෙඩ රෝගය; වසංගතය; මී උණ වැනි භයානක රෝගය.

 floodbfgf අනෙක් අතට, අවදානමද විනෝදයකට ගන්නේ විනෝදය අහිමි කළ රටවල මිනිසුන්ය.

මිනිසුන්ගේ කුතුහලය, අවදානමට ඇති බිය පරදවා මතු වෙයි. අනෙක් අතට, අවදානමද විනෝදයකට ගන්නේ විනෝදය අහිමි කළ රටවල මිනිසුන්ය. අරක්කු බීමට මුදල් නැති මිනිහා කසිප්පු බොන්නාක් මෙනි.

වැසි සමයේදී, ගම්වල දරුවෝ දියෙන් පිරි වෙල් කුඹුරුවල කෙසෙල් කොට පාරු පැදීමෙන් විනෝද වූහ. නාගරිකව කෙසෙල් කොට වෙනුවට භාවිත වූයේ ටයර් ටියුබ්ය.

 

Sri Lanka Floodsඒ අහිංසක විනෝදය මෙදා ගංවතුරට ඔරොත්තු දෙන්නේ නැත.
ඒ අහිංසක විනෝදය මෙදා ගංවතුරට ඔරොත්තු දෙන්නේ නැත. ''මෙහෙම වතුරක් ජීවිතේට දැකල නෑ.'' වැඩිහිටියෝ පවසති. එදා නොදුටු ගංවතුරක් මෙදා ඇතිවීමට හේතු රැසකි. පහත් බිම් ගොඩකිරීමේ සිට ප්ලාස්ටික් භාවිතය දක්වාම කරුණු ඒ අතර වෙයි.

ගංවතුර ආ විට, ඒ හේතු මතක් වෙයි. ඊට විසඳුම්ද ඉදිරිපත් වෙයි.

ගංවතුර බැස ගිය පසු, ඒ සියල්ලද යටයයි.

 

83045සොබාදහමට විරුද්ධවීමට මිනිසාට බැරි බව ඇත්තය.

සොබාදහමට විරුද්ධවීමට මිනිසාට බැරි බව ඇත්තය. එහෙත්, සොබාදහම පාලනය කිරීමට මිනිසාට හැකිය. ඔහු නොකරන්නේද ඒ ටිකමය. ජල ගැලීම්, වායු දූෂණය, නායයාම් වැනි දෑ එහි ප්‍රතිඵලය.

ගංවතුරත් සමඟම ගංවතුර ආධාර එකතු කිරීම් මෙන්ම සහනාධාර බෙදීම්ද ඇරුඹෙයි.

සමාජ ජාලයක දැක්වුණු කාටුනයක තරබාරු දේශපාලනඥයෙක්, බෝට්ටුවක නැගී ගංවතුරින් යටව සිටින ජනතාවට ආධාර බෙදමින් යයි.

 

447250331 855841486580825 7507797932825753994 n
ඔහු, එක් මිනිසකුට කෙසෙල් ගෙඩියක් දිගු කරයි.

තවත් කාටුනයකදී දේශපාලනඥයා ගංවතුරට කොටුවූවකුට, කුඩයක් දෙමින් මෙසේ කියයි.

''වැස්සෙන් ඔළුව බේරගන්ඩ.''

තවත් ගංවතුර ආධාර උපහාසයකි මේ.

 

447253328 855822836582690 4580376806240877481 n
ගංවතුරට යට වූ ගම්බාර දේවාලයක දෙවියකු සහ අසල වනයේ සිටි රුක් දෙවියෙක් කඳුගැටයකට වී කතාබහක යෙදෙති.

ගම්බාර - මෙහෙම හිටියොත් බඩගින්නෙ මැරෙන්නයි වෙන්නෙ.

රුක් - වෙනද ආධාර බෙදන්න ආපු හාදයා මේ පාර පේන්න නැත්තෙ මොකද?

ගම්බාර - අනේ මිනිහට කරන්ට් වැදිල මළානෙ.

 

image 1496951463 d4520ed73fඅනේ මිනිහට කරන්ට් වැදිල මළානෙ
රුක් - පළතුරු පූජා වට්ටියක්වත් එන පාටක් නැද්ද?

ගම්බාර - වතුර බැහැල ගියාට පස්සෙ තමයි, කට්ටිය එන්නෙ.

රුක් - ඉතින්, ඔබවහන්සේගෙ කපුරාළ කොහෙද? එයාගෙ ගේත් යට වෙලාද?

ගම්බාර - නෑ නෑ.. මිනිහ කට්ටියකුත් එකතු කරගෙන, ගංවතුර නැති පළාත්වලට ගිහින් ආධාර එකතු කරනවා.

අනුන්ගේ විපත, තමන්ගේ සැපත බවට පත්කර ගන්නා උදවියද මේ සිරි ලංකාවේ සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

විපත් අවස්ථාවලදීද, නූතන මිනිසාගේ පුරුදු හා ඇබ්බැහිවීම් මතුවන අයුරුද, කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක්වෙයි.

අධික වැසි පවතින අවස්ථාවක, මුළුතැන්ගෙයි සිටින බිරිඳ, සැමියාට කෑගසයි.

''ඒයි, ජනෙලෙන් වතුර දානවා. ඉක්මනට පැනගන්න විදිහක් හිතන්න.''

සැමියා, සිනාමුසුව ජංගම දුරකථනය ඉහළට ඔසවමින් පිළිතුරු දෙයි.

''නියමයිනෙ. සේරටම කලින් සෙල්ෆියක් ගහල ඉමු.''

 

447281566 856952743136366 385779802499433108 n

අනවශ්‍ය ස්ථානවල, අනවශ්‍ය අවස්ථාවල සෙල්ෆි ගැනීමට ගොස්, මියගියවුන් ගැන පසුගිය කාලයේ මාධ්‍ය තුළින් දක්නට ලැබුණි. ඇවිලෙන ගින්නෙන් සුරුට්ටු පත්තු කර ගන්නා මිනිසුන් ගැන, ජනවහරේ එන්නේ අද ඊයේ සිට නොවේ. දැන් ජීවිතයට වඩා ''ෆන් එක'' ලොකුය. අවසානයේ, ආතල් ගන්නේ, මිනීපෙට්ටි සාප්පුකාරයාය.

ගංවතුරට ලොකු පොඩිකම්, දේශපාලනය හෝ දේශසීමා අදාළ නැත. වැස්ස අහෝසි ඩුබායි රාජ්‍යයටත්, ගංවතුර (වැසි වතුර) ගැලුවේ ඒ අනුවය.

මහ ගංවතුරකදි, පාලම්, බෝක්කු විනාශයට පත්වෙයි. බංග්ලාදේශයද, ගංවතුරට ප්‍රසිද්ධ රටකි. එරට පරිසර ඇමැතිවරයා ඉන්දියාවට ගිය අවස්ථාවක එහි ඇමැතිවරයකු හමුවුණි.

ඔහු පදිංචිව සිටි, සුඛෝපභෝගී මහල් නිවාසයේ කවුළුවකින්, ගංගාවක් හරහා ඉදිකළ විශාල පාලමක් දිස්වෙයි. බංග්ලාදේශ ඇමැතිට එය පෙන්වූ ඉන්දීය ඇමැති මෙසේ කීය.

''අර පාලම කවදාවත් ගංවතුරට කැඩෙන්නෙ නෑ. ඒක මගේ සංකල්පයක්. වැඩේ බාර දීපු සමාගමෙන් මට සීයට පහක් දුන්නා. ඒකෙන් මම මේ ෆ්ලැට් එක ගත්තා.''

flosfsf
ටික කලකට පසු, ඉන්දීය ඇමැතිවරයා බංග්ලාදේශයට ගියේය. පරිසර ඇමැතිවරයා පදිංචිව සිටි, සුඛෝපභෝගී මන්දිරය දුටු ඉන්දීය ඇමැති මවිත විය. එදුටු බංග්ලා ඇමැති මෙසේ කීය. 

''දන්නවද මම මේ ගෙදර හැදුවෙ කොහොමද කියලා... ඔබතුමා වගේම මාත් පාලමක් හැදුවා. අර ජනේලෙන් පේන ගඟට උඩින්.''

ඉන්දීය ඇමැති, ජනේලයෙන් පිටත බැලුවත්, පාලමක් පෙනෙන්නට නොවීය. 

''ඉතින් කෝ පාලම?''

''මේ පාර ගංවතුරට කඩාගෙන ගියා... ළඟදිම තව එකක් පටන් ගන්නවා. ඒකත් මගේ සංකල්පයක්.''

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...