The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ පෙනී සිටි 'අද්භූත සත්වයා'

T

The Leader Desk

June 11, 2024 • 7:21 AM

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ පෙනී සිටි 'අද්භූත සත්වයා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව දුටු මාධ්‍ය පරිශීලකයන් බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙකු හෝ දිවියකු ගේ ගේ මායාකාරී රූපයක් විය හැකි බවට මත පළ කළ අතර මෙම දිවි රූපය මායාකාරී දසුනක් ලෙසට ඉන්දියානුවන් අනුමාන කිරීමට ප්‍රමාණවත් සාධක තිබේ.
  • ඉන්දීය ජන කථා සහ ජනප්‍රවාද බොහොමයක ඔවුහු බලවත් හා අද්භූත ජීවීන් ලෙස පෙනී සිටිති.
  • සමහර ප්‍රදේශවල දිවියන් දෙවිවරුන් හෝ මිථ්‍යා ජීවීන් සමඟ සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගේ පෙනුම සම්බන්ධයෙන් ද පුරානෝක්ති ගොඩ නැඟී තිබේ.
  • සිතුවම්, මූර්ති සහ වෙනත් කලාත්මක ප්‍රකාශන ඇතුළු සාම්ප්‍රදායික ඉන්දියානු කලාවේ දිවි රූප නොයෙක් භාවිතයන් සඳහා ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මුට ආචාර කරන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියාවේ අලුතින් තේරී පත් වූ ව්‍යවස්ථා සම්පාදකයන් විශාල සංඛ්‍යාවක් වාඩි වී සිටින ස්ථානයට මඳක් ඉහළින් රතු කාපට් අතුරා ඇති පියගැට පෙළක් මත මෙම සත්වයා නවදිල්ලියේ අගනුවර හදවත බඳු රාෂ්ඨපති භවන් නම් ඉතා ආරක්‍ෂිත මාලිගාව තුළ ගමන් කරනු දක්නට ලැබුණි.

සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව දුටු මාධ්‍ය පරිශීලකයන් බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙකු හෝ දිවියකු ගේ ගේ මායාකාරී රූපයක් විය හැකි බවට මත පළ කළ අතර මෙම දිවි රූපය මායාකාරී දසුනක් ලෙසට ඉන්දියානුවන් අනුමාන කිරීමට ප්‍රමාණවත් සාධක තිබේ.

දිවියා යනු සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ජනප්‍රවාදවල සහ මිථ්‍යා කථාවල කොටසකි. ඉන්දීය ජන කථා සහ ජනප්‍රවාද බොහොමයක ඔවුහු බලවත් හා අද්භූත ජීවීන් ලෙස පෙනී සිටිති. සමහර ප්‍රදේශවල දිවියන් දෙවිවරුන් හෝ මිථ්‍යා ජීවීන් සමඟ සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගේ පෙනුම සම්බන්ධයෙන් ද පුරානෝක්ති ගොඩ නැඟී තිබේ. සිතුවම්, මූර්ති සහ වෙනත් කලාත්මක ප්‍රකාශන ඇතුළු සාම්ප්‍රදායික ඉන්දියානු කලාවේ දිවි රූප නොයෙක් භාවිතයන් සඳහා ගෙන තිබේ.

9807905983 c427a9e863 bසිතුවම්, මූර්ති සහ වෙනත් කලාත්මක ප්‍රකාශන ඇතුළු සාම්ප්‍රදායික ඉන්දියානු කලාවේ දිවි රූප නොයෙක් භාවිතයන් සඳහා ගෙන තිබේ.

මානව ජනාවාස වෙතට සංක්‍රමණය වීමට සාමාන්‍ය දිවියාට ඇති හැකියාව මිනිසුන් සමඟ ඇති කර ගන්නා අන්තර් ක්‍රියා මත මෙම කල්පිතයන් ගොඩ නැඟී ඇත. අප ජන සංස්කෘතියේ එන කුවේණිය උරුම කළ දිවි දෝෂය සහ වසූරිය හා දිවියන් අතර ඇති සම්බන්ධයට බෙහෙවින් අනුරූප පුරාණෝක්තීන් ඉන්දියාවේ ද තිබේ. 

විශේෂයෙන් දිවියන් විසින් මානව ජනාවාස ආක්‍රමණය කරන ප්‍රදේශවල. එවැනි අන්තර්ක්‍රියා නිසා ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ දිවියන් කෙරෙහි ඇති බිය සහ ගෞරවය යන දෙකම ඇති වී තිබේ. විවිධ පාරිසරික අභියෝග හමුවේ දිවියාගේ අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව පැවැත්මේ සහ ශක්තියේ සංකේතයක් ලෙස සැලකේ.ඒ අනුව ඉහත අවස්ථාවේ දී රාශ්ඨපති භවන් තුළ මායාකාරී දිවි රූපයක් මැවුණු බව සිතීමට ඉන්දියානුවන් පෙළඹීමේ කිසිදු අරුමයක් නැත.

a2f51bc2d1f2c94e04e477951be6dd7bf08b324aa946617dඉන්දීය ජනාධිපති මන්දිරය වන රශ්ට්‍රපති භවන්හි ආරක්ෂක අංශය පවසා සිටියේ එසේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මත පළවන සත්වයා සැබවින්ම රශ්ට්‍රපති භවන්හි බළලකු බව ය

ඒ අතර ඇතැම් පරිශීලකයන් එම සත්වයා ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මත පළ කළහ. එම සත්වයා දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මත පළවීමට ආරම්භ වීමත් සමඟ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රශ්ට්‍රපති භවන්හි ආරක්ෂක අංශය අත්භූත සත්වයා පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එසේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මත පළවන සත්වයා සැබවින්ම රශ්ට්‍රපති භවන්හි බළලකු බව ය.

ඒ කෙසේ හෝ භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතී බවට දිවුරුම් දීමෙන් පසු නීති සම්පාදකයෙකු ලිපි ලේඛනවලට අත්සන් කරන විට විට දර්ශනය වූ මෙම සත්වයා මිලියන ගණනක අන්තර්ජාල පරිශීලකයන් උද්දීපනයට ලක් කර තිබීම විශේෂත්වයකි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...