The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

මහින්ද අමරවීර සම්ප්‍රාප්තිය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

June 12, 2024 • 7:11 AM

මහින්ද අමරවීර සම්ප්‍රාප්තිය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂලා කියන්නේ හම්බන්තොට වන අතර, වසර දෙ දහස් පහෙන් මෙපිට මැදමුලනට ඉහළින් කිසිවෙකුට ඉගිලී යාම ඛෙහෙවින් දුෂ්කර ඉලක්කයක් විය.
  • ඔහු කිසි විටෙකත් එවැනි සෙනගක් රාජපක්ෂලාගේ සහාය නැතිව වෙනත් කිසිවෙකුටවත් හම්බන්තොටට ඒකරාශි කළ හැකි යයි විශ්වාස නො කළ බව කීය.
  • පදනම් විරහිත ආකර්ශණයෙන් අන්ධව පුද්ගල අභිවාදනයෙන් ලංකාව අද තත්වයට තල්ලූ කළ මගේ මිතුරා යනු සත්‍ය ඇති හැටියෙන් නො දකින තවත් ආර්ථීක ඝාතකයෙකු මිස පවත්නා යථාර්ථය දකින්නෙකු නොවන බව මම දනිමි.
  • පළමුව අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවී පසුව දකුණු පළාත් සභාව නියෝජනය කළ හෙතෙම, 1994දී මනාප 39367ක් අතැතිව, රාජපක්ෂ පවුලේ තිදෙනෙකුට අමතරව, හම්බන්තොටින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2000 මැතිවරණයේදී ඔහු සාර්ථක නො වීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අභ්‍යන්තර අර්බුදයකට මුහුණ දෙමින් නායකත්වය සඳහා ලපයි සිපයියන් පොරකන ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පාර්ශවය ගෙවී ගිය ජූනි අට වෙනි සෙනසුරාදා හම්බන්තොටින් දුන් ආරම්භය රටේ ගතික දේශපාලනය අවුල් කිරිමට සන්ධාන අටවන වාද විවාද මඟ හරින කාට කාටත් දෙන පණිවිඩය ඛෙහෙවින් ජවසම්පන්න එකකි. 

 

රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත...වසර දෙ දහස් පහෙන් මෙපිට මැදමුලනට ඉහළින් කිසිවෙකුට ඉගිලී යාම ඛෙහෙවින් දුෂ්කර ඉලක්කයක් විය.

රාජපක්ෂලා කියන්නේ හම්බන්තොට වන අතර, වසර දෙ දහස් පහෙන් මෙපිට මැදමුලනට ඉහළින් කිසිවෙකුට ඉගිලී යාම ඛෙහෙවින් දුෂ්කර ඉලක්කයක් විය. එකී මැද මුලන රාජපක්ෂ නම් දේශපාලන වැසිවලාව විනිවිද යමින් ශ්‍රී ලනිප නිමල් සිරිපාල පාර්ශවය සුරක්ෂිතව ඔසවා ගෙන පියඹන්නට මහින්ද අමරවීර සමත් විය. අමරවීර විදහා දැක්වූ මේ ශක්තිය කලක් හම්බන්තොට ලැග සිට කාටත් හොරා කොළඹට මාරුවූ සජිත් ප්‍රේමදාසට කවදාවත් තිබුණේම නැත.  

ජූලි අට වෙනි සෙනසුරාදා රාත්‍රී රූපවාහිනියෙන් හම්බන්තොට ශ්‍රී ලනිප රැළියේ රූප රාමු නැරඹු මිතුරෙක් ඉරිදා උදෑසනම මොකද වෙන්නේ කියා මගෙන් ඇසීය. හැමදාම රාජපක්ෂලා නිවැරදිය අපරාජිතය විශ්වාස කළ, මගේ සමකාලීනයා ගෙන් මොකද හදිස්සිය කියා මා විමසූ විට හම්බන්තොට සෙනග දැක්කාද කියා විමසා සිටියේ තරමක බිඳී ගිය හඬකිනි.

 


ඔහු කිසි විටෙකත් එවැනි සෙනගක් රාජපක්ෂලාගේ සහාය නැතිව වෙනත් කිසිවෙකුටවත් හම්බන්තොටට ඒකරාශි කළ හැකි යයි විශ්වාස නො කළ බව කීය. පදනම් විරහිත ආකර්ශණයෙන් අන්ධව පුද්ගල අභිවාදනයෙන් ලංකාව අද තත්වයට තල්ලූ කළ මගේ මිතුරා යනු සත්‍ය ඇති හැටියෙන් නො දකින තවත් ආර්ථීක ඝාතකයෙකු මිස පවත්නා යථාර්ථය දකින්නෙකු නොවන බව මම දනිමි. තවත් මා මිත්‍ර රාජ්‍ය සේවකයෙකු අදටත් සිතන්නේ අප්‍රේල් අරගලය යනු විදේශීය කුමන්ත්‍රණයක් මිස රාජපක්ෂ පාලනයේ දෝෂයක් නොවේය කියාය. 

තවමත් මහින්ද අමරවීර ජාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය හෝ අයිකනය වී නැතිවා විය හැකිය. එහෙත් ඔහු ප්‍රාදේශීය සභා පළාත් සභා දේශපාලනය හරහා තිස් තුන් වසරක් පුරා නැගිටිමින් ඇද වැටෙමින් මේ දක්වා ආ ගමන ඛෙහෙවින් සිත් ගන්නා සුළු වේ. පළමුව අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවී පසුව දකුණු පළාත් සභාව නියෝජනය කළ හෙතෙම, 1994දී මනාප 39367ක් අතැතිව, රාජපක්ෂ පවුලේ  තිදෙනෙකුට අමතරව, හම්බන්තොටින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 

2000 මැතිවරණයේදී ඔහු සාර්ථක නො වීය. එහෙත් පොදු පෙරමුණට බලය අහිමි වූ 2001දීත්  පාර්ලිමේන්තුවට නො තේරුණු මහින්ද අමරවීරට තනි වෙන්නට හැලෙන්නට ඉඩ නොදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කැඳවා ගැනීමට  ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක තීරණය කළේ ආවාට ගියාට නොවන බව දසක තුනකට පසුව ඔහු පසුගිය සෙනසුරාදා හම්බන්තොටදී ශ්‍රීලනිපය වෙනුවෙන් විදහා පෑ ශක්තියෙන් තහවුරු වේ. සත්තකින්ම චන්ද්‍රිකා එදා මනාප අඩුවි පාර්ලිමේන්තුවට නො තේරුණ මහින්ද අමරවීර, සිය අභිමතයට තෝරා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආත්මය පැවැත්ම කියන්නේ නිර් ප්‍රභූ දායකත්වය බව හදවතින් විශ්වාස කළ නිසාය. 

තාත්තාගේ මැද කොළඹ ඡන්ද පෙට්ටිය අතැර පුතානෝ හම්බන්තොට කටුක ප්‍රදේශය තෝරා ගත්තේ තවත් රාජපක්ෂ කෙනෙකු වී බඩ පිණුම් ගැසීමට වුවද අමරවීරලා මිස දේශපාලන අප්පලා පුතාලා තවදුරටත් තමන්ට අනවශ්‍ය බව හම්බන්තොට ජනතාව මහින්ද අමරවීර හරහා ප්‍රකාශ කර හමාරය. 

 

අත අහිමිවූ ඇමති අමරවීර කියන කතාව2004දී මනාප 84516ක් ලබා ගෙන අමරවීර පත්වුණේ චමල් රාජපක්ෂ ලැයිස්තුවේ තුන්වැනි තැනට තල්ලූ කරමිනි.
2004දී මනාප 84516ක් ලබා ගෙන අමරවීර පත්වුණේ චමල් රාජපක්ෂ ලැයිස්තුවේ තුන්වැනි තැනට තල්ලූ කරමිනි. නැවත අමරවීර, 2010දී මනාප 105,414කට හිමිකම් කියමින් යළිත් හම්බන්තොට ප්‍රතිපල ලැයිස්තුවේ දෙවෙනියා වෙමින් තම ජනතාව සමග සිට ගත්තේ ගිරුවා පත්තුවේ මහ පවුල් දෙකේ චමල් - නිරූපමා දෙදෙනාම පසු කරමිනි. 

2015දී තේරී පත්වූ අමරවීර ලැබූ මනාප ප්‍රමාණය 84516කි. 2020දී හෙතෙම මනාප 123730ක් ලබා නැවතත් දිස්ත්‍රීක්කයේ දෙවැනියා විය. පිට පිට දෙවරක් 2000දී සහ 2001දී අසාර්ථකවූ අමරවීරට 2001දී චන්ද්‍රිකා බණ්ඩාරනායක දුන් වටිනාකම, හම්බන්තොට රාජපක්ෂලා නොවන ශ්‍රී ලනිපය විකල්පය බව පසුගිය හම්බන්තොට රැළියේදී සහතික විය. 

ඉහතින් මා ඇමතූ මිතුරාගේ වර්තමාන දේශපාලනය දෙගිඩියාවක් හෙවත් උභතෝකෝටිකයකි. මාලිමාවට හෝ සජිත්ට ඔහුගේ කැමැත්තක් ඇත්තේම නැත. ඡන්දේ දෙන්නේ කාටදැයි ඇසූ විට කීවේ අනේ මන්දා කියාය. 

 



මහින්ද අමරවීර හම්බන්තොටින් දුන් ආරම්භය පොහොට්ටුව ශක්තිමත් කළ මගේ වැඩිහිටි මිත්‍රයාත් ඇතුළු හැට අට ලක්ෂයක් රාජපක්ෂ වාදින්ට අලූතින් සිතන්නට ඉඩ ප්‍රස්ථා සලසා දී ඇත. ඒ රැළියට සහභාගි වූ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් දිගු කලක් රාජපක්ෂලාට ශක්තියක් වූවා සේම රාජපක්ෂලාගෙන් ශක්තිය ලබා ගත් අය වෙති. 

ජූනි 10 වෙනි සඳුදා හම්බන්තොටට ගිය අනුර කුමාර දිසානායකට අනුව මහින්ද අමරවීර යනු හාදයෙකි. 1994දී මනාප 39367න් පටන් ගෙන 2004දී චමල් රාජපක්ෂ තුනේ කොලයට දමා 2020දී මනාප 123730ක් උපයා ගත් මහින්ද අමරවීරට හාදයා කියන්නේ 43 අවුරුද්දක් ජනතාව විසින් 3% කොලයට දමා ඓතිහාසිකව ප්‍රතික්ෂේප කරමින් සිටින ජවිපේ විජේවීරගේ අනුප්‍රාප්තිකයාය. ඒ ප්‍රකාශය ඉලෝන් මස්ක්ට හඳුන්නෙත්ති හාදයා කීවා තරමටම ගොන් කතාවකි.  එක දිගට ඇමතිකම් දැරීමත්, හැමදාම දිනන පැත්ත තෝරා ගැනීමත් අනුරට අනුව අමරවිර ඓතිහාසිකව කළ බරපතල වරදකි. ඒ වාචාල කතාවත් අනුර කුමාරගේ දේශපාලන විඥානයේ දිග පළල කියා දෙන තවත් සාක්කියකි.

මා එසේ කියන්නේ ඉත්තේරුවටම අමරවීර මෙවර තෝරා ගෙන ඇත්තේත් දිනන පැත්තම නිසා මෙන්ම, කවුරු දිනුවත් ඒ ජයග්‍රාහකයා කිසිසේත් අනුර කුමර දිසානායක නම් නොවන බව රට දැන සිටින නිසාය. ජවිපෙද 1970 සිට 2019 තෙක් (1977 ජේ.ආර්. ජයවර්ධනද ඇතුළුව ) හැමදාම දිනන පැත්තට දෙකට නැමී පෝලිමේ ගොස් ජයවේවා කී බව අනුර කුමාරලා නො දන්නවා විය හැකිය.

රනිල් 2022දී අහඹුවකින් රටේ විධායක ජනාධිපති වුණාට, ලංකාවේ පස්වෙනි පක්ෂය බවට පත් වෙමින් 2020දී ඡන්ද 249,435කට හැකිළී ගිය එජාපය, තවමත් සිටින්නේ හතර ගාතෙන් වැටුණ ඒ පරාජිත විලාසයෙන්මය. ඊට හේතුව රනිල් නොවේ. සිරිකොත යාන්ත්‍රණයේ කල් ඉකුත්ව ගිය අමතර කොටස් තවමත් ඉවත් නො කිරිමය.  

 

රනිල් මොහොත - චින්තන ධර්මදාසරටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට එහි ප්‍රතිලාභ හිමිකර ගැනීමට එජාපයේ වර්තමාන යාන්ත්‍රණයට එක්කෝ උවමනාවක් නැත.

රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට එහි ප්‍රතිලාභ හිමිකර ගැනීමට එජාපයේ වර්තමාන යාන්ත්‍රණයට එක්කෝ උවමනාවක් නැත. නැතහොත් ශක්තියක් නැත. එජාපය යමක් කරනවා විය හැකිය. එහෙත් ඔවුන් කරන්නේ මොකක්ද යන්නේ කොහාටදැයි දන්නා කෙනෙක් නැත. ඊට සමගාමිව ශ්‍රී ලනිපය තුළ පවත්නා දැඩි අර්බුද මධ්‍යයේ මහින්ද අමරවීලාගේ පෙනී සිටීම විශිෂ්ඨය. 

අනුර ප්‍රියදර්ශන යාපාලා, නිමල් ලංසාලා, අප්‍රේල් අරගලයෙන් හේතුවෙන් හඳුනා ගත් යථාර්ථවාදි අවබෝධය අත්දුටු ප්‍රත්‍යක්ෂ එකකි. මහින්ද අමරවීර විසින් හම්බන්තොටදී තහවුරු කළේ තාර්කිකව රට විසින් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂලා වෙනුවට නිර්මානය කරගත යුතු නව කඳවුරක අවශ්‍යතාවයයි. ශ්‍රීලනිපයට වැරදුණේ කොතනද? යන (2024 අප්‍රේල් 29 දින ලිපිය මා අවසන් කරන්නේ මෙසේය 

2022 ආර්ථීකය කඩා වැටීම වසර 75ක රටේ පාලනයේ කුරිරු ප්‍රතිපලය බව කරන ජවිපේ විග්‍රහය තවත් බොරුවකි. නවසිය තිස් පහේ සිට බලය ඇල්ලීමට විවිධ නූල් සූත්තර කර බැරි ගැන ශ්‍රීලනිප දේහයේ එල්ලී යැපුණ, 2022 අරගල භූමියට පය ගැසීමට අවසර නො ලැබුණ වාමවාදි අපතයන් නිදහස් ලංකාවේ 75 අවුරුදු ඉතිහාසය අසාර්ථක යයි කියයි නම් ඊට වගකිව යුතුවා මෙන්ම, නිදහස් ලංකාව විසින් අත්පත් කරගත් ජයග්‍රහණ පාච්චල් කිරීමට එරෙහිව එජාප ශ්‍රී ලනිප මේ නිමේෂයෙහි දෙපාර්ශවයම එක්ව මුහුණ දිය යුතුවේ.(උපුටා ගැනීම අවසන්ය.)

 

චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි - මහින්දගේ පට්ටම ගලවයි2005දී බණ්ඩාරනායකලාගේ නායකත්වයෙන් ගිලිහුණ ශ්‍රී ලනිපය වරක් රාජපක්ෂල විසින්ද නැවත සිරිසේන විසින්ද අඩපන කරනු ලැබීය.
2005දී බණ්ඩාරනායකලාගේ නායකත්වයෙන් ගිලිහුණ ශ්‍රී ලනිපය වරක් රාජපක්ෂල විසින්ද නැවත සිරිසේන විසින්ද අඩපන කරනු ලැබීය. එකී සංසිද්ධීන් තුළ පක්ෂයේ ධජය දෑතින් දරා සිටියෝ 2022 ආපදාව හමුවේ විසිරී ගොස් සිටියද යළි ඒකරාශි වෙමින් සිටින්නාහ. ඔවුන් අධිකරණ තහනම් නියෝග අතර හිරවූ ශ්‍රී ලනිපය මහ පොළොවේ දෙ පයින් ඇවිද්දවීමේ අසීරු කාරියට නායකත්ය දෙමින් සිටින්නාහ. 

රහසක්, සැඟවීමට යමක් නැතිවම ඇත්ත ඇති හැටියෙන් විවෘතව කියයි නම්, මහින්ද අමරවීරලා මේ පෙළ ගැසෙමින් සිටින්නේ ගෙවී ගිය දෙ වසර තුළ රට තුළ ඇතිවූ ප්‍රගතිය බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාමට අවශ්‍ය ජයග්‍රාහී කඳවුර නිර්මානය කිරීම සඳහා බවට කිසිදු සැකයක් නැත. එය පුද්ගලයෙක් පසුපස යාමක් නොව ක්‍රමයක් වැඩ සටහනත් කෙරෙහි තබන අප්‍රමාණ විශ්වාසයක් ලෙස දැකිය යුතුවේ. මේ උප කල්පනය ගොඩ නැගෙන්නේ රනිල් - මෛත්‍රීපාල වෛරය අලුත්  කිරීමට යාම හේතුවෙන්  ශ්‍රී ලනිපය තුළ ඇතිවූ මහා පිපිරීමට සමගාමීවය. 

සංධාන කීයක්  හැදුණත් ඉදිරි ජනාධිපති මැතිවරණය හමුවේ එක් කෝටි පනස් ලක්ෂයක් වන රටේ ඡන්ද දායකයන් ඛෙදෙන්නේ පිල් දෙකකටය. ඒ සමහර විට සරලව කියයි නම්, රනිල් පිල සහ රනිල් විරෝධී පිල හැටියටය. මේ වන විට වෑල්ඩින් කර හෝ පාස්සා ගත නොහැකි තරමට රනිල් විරෝධි පිළ උනුන් කා කොටා ගනිමින් සීසීකඩ ගොස්ය. ආසන්න උදාහරණය සජිත් හොම්බ ඇණ ගත් දේශපාලන විවාදයයි. යථාර්ථය නම් ප්‍රධාන විපක්ෂය වන සබජය විවාදයකට අභියෝග කළ  යුත්තේ රනිල් වික්‍රමසිංහට මිස අනුගාමි විපක්ෂ කණ්ඩායම් සාමාජික අනුර කුමාර දිසානායකට නොවේ. 

 



සජබය රනිල් මග හැර යන්නේ වැසී ගිය පාසල් විවෘත කළ, රට එක නැත නතර කළ නතර කළ ඉන්ධන අර්බුදය එක් රැයකින් විසඳීමෙන් රට යථා තත්වයට පත් කළ රනිල් වික්‍රමසිංහට ඍජුව මුහුණ දීමට පවත්නා බිය නිසාය. සජිත් මඩකලපුවට ගොස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා පිටියක් තිබේදැයි ඇසුවේත් කන බොන අඳින පළඳින ප්‍රශ්න රටේ සාමන්‍ය ජනතාවගෙන් විමසීම වහ කනවාටත් වඩා අනතුරුදායක බව හොඳින් දන්නා නිසාය.  

රටේ ක්‍රියාත්මක වෙමින් පවත්නා ආර්ථීක වැඩ පිළිවෙල හැර වෙනත් ආර්ථීක ප්‍රතිපත්තියක් ගැන විපක්ෂයට කිසිදු අදහසක් ඇත්තේම නැත, රනිල් දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කර සංශොධන සිදු කරමින්  එක්ව වැඩ කරමු කියන්නේ ඒ නිසාමය. එහෙත් වර්තමාන විපක්ෂයට අවශ්‍ය රාජ්‍ය බලය මිස ශක්තිමත් රටක් නොවේ. මහින්ද අමරවීරලා යථාර්ථවාදිව පෙනී සිටින්නේ මේ රික්තය පිරවීම සඳහා ය. 

මෙම කියවීමට අනුව ගිය සෙනසුරාදා හම්බන්තොට අමරවීරගේ වේදිකාවට ගොඩවූ සියල්ල ඒකරාශී වන්නේ සත්තකින්ම රනිල් වික්‍රමසිංහ හෝ එජාපය වෙනුවෙන් නොව රටේ පොදු යහපත සඳහාය. එජාප ශ්‍රීලනිප යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හැමදාමත් කැපවෙමින් පෙනී සිටි ප්‍රධාන දේශපාලන ධාරාවන් යුගලය වන්නාහ. එකී කඳවුරු දෙකම මේ වනවිට පවත්නේ පසුගාමි තැනකය. මේ රට නැති කළේ ප්‍රභූ දේශපාලනය විසින් නොවන බව සැක නො හැර දන්නේ එජාප ශ්‍රීලනිප පාක්ෂියන් පමණකි. 


කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්ද අමරවීර සම්ප්‍රාප්තිය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader