The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

ජනපති ගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරක් ඉදිරියට? - (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

June 12, 2024 • 8:32 AM

ජනපති ගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරක් ඉදිරියට? - (සුනිල් කන්නන්ගර) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්න ජයසුමන කළ මේ ප්‍රකාශය පරිදි ජනාධිපති වරයාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කළ හැකි ද?
  • පසුගිය දවසක එජාප මහ ලේකම් රංග බණ්ඩාර විසින් ප්‍රකාශ කරනු ලැබූ පරිදි ජනාධිපති වරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසු ය යන ප්‍රකාශයත් චන්න ජයසුමනගේ මේ ප්‍රකාශයත් අතර යම් ආකාරයක සම්බන්ධතාවයක් තිබේද?
  • ආදී ප්‍රශ්න මේ රටේ දේශපාලන උණ ඇති නැති සකල විධ මහජනතාව තුළ ඇති කරවීමට මේ චන්න ජයසුමනගේ ප්‍රකාශය සමත්වනු නිසැක ය.
  • මේ නිසාම මේ ප්‍රකාශයන් ගැන යම් විග්‍රහයක් කිරීම සුදුසු ය.
අකුරු ප්‍රමාණය (Font Size):


චන්න ජයසුමන කළ මේ ප්‍රකාශය පරිදි ජනාධිපති වරයාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කළ හැකි ද? ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලසා තිබේ ද?

 

 

පසුගිය දවසක එජාප මහ ලේකම් රංග බණ්ඩාර විසින් ප්‍රකාශ කරනු ලැබූ පරිදි ජනාධිපති වරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසු ය යන ප්‍රකාශයත් චන්න ජයසුමනගේ මේ ප්‍රකාශයත් අතර යම් ආකාරයක සම්බන්ධතාවයක් තිබේද? මේ සියලු දෙනා එන්න හදන්නේ මොකාටද? ආදී ප්‍රශ්න මේ රටේ දේශපාලන උණ ඇති නැති සකල විධ මහජනතාව තුළ ඇති කරවීමට මේ චන්න ජයසුමනගේ ප්‍රකාශය සමත්වනු නිසැක ය. මේ නිසාම මේ ප්‍රකාශයන් ගැන යම් විග්‍රහයක් කිරීම සුදුසු ය.

 



ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ දැක්වේ. එහි (2)වන අනු ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ මහජනතාව විසින් ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා බවයි. එසේ තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා සය අවුරුද්දක කාලයක් ධුරය දරන බව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණි. 

එසේම 83 (අ)අනු ව්‍යවස්ථාවේ දක්වා තිබුණේ ඉහත අවුරුදු හය ඉක්මවා ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමේ පණතක් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් අනුමත කර ජන මත විචාරණයකින් ද අනුමත කරන තුරු එය නීතියක් බවට පත් නොවන බව ය. ඒ අනුව ජනාධිපති වරයාගේ නිල කාලය් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍යමයැයි ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්වී තිබුණි.

19th amendment s

මේ අතර 2015 වර්ෂයේදී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ දහනව වන සංශෝධනයේ දී ජනාධිපති වරයාගේ නිල කාලය වසර පහක් දක්වා අඩුවන ලෙස 30(2)ව්‍යවස්ථාව සංශෝධනය කෙරිණ. ජනාධිපති වරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය වුවද නිලකාලය වසරකින් අඩු කිරීමට එලෙස ජනමත විචාරණයක් අවශ්‍ය බවට දහ නව වන සංශෝධනය අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර නැත. එබැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ඒ සංශෝධනය අනුමත කෙරිණි. 

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනපතිගේ ධුර කාලය; වසර පහ දක්වා අඩු කරමින් ව්‍යවස්ථාව සංශෝධනය කළත් 83(අ) ව්‍යවස්ථාවේ සඳහන් ව තිබූ ජනපතිගේ නිලකාලය වසර හයෙන් ඔබ්බට දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයකින් අනුමැතියක් අවශ්‍ය යන වගන්තිය නව දහනව වැනි සංශෝධනයට අනුරූපී ලෙස වසර හය යන්න වසර පහ ලෙස සංශෝධනය කෙරුණේ නැත. මේ නිසා වර්තමානයේ ජනාධිපති වරයාගේ නිල කාලය වසර පහක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවේ 30(2)අනු ව්‍යවස්ථාවේ දැක්වුණත් 83,(අ)අනු ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හය ඉක්මවා කල්දැමීමේ නීතියක් සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් හා ජනමත විචරණයකින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය බව පමණි.

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8නිල කාලය වසර හයේ සිට පහට අඩු කිරීමට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය නොවූ නිසා යළිත් පහේ සිට හයට දීර්ඝ කිරීමටත් ජනමත විචාරණයකදී අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බවටත් ප්‍රබල තර්කයක් ඉදිරිපත් කරති.

 

මේ අනුව 30 (2)වැනි අනු ව්‍යවස්ථාව හා 83(අ) අනු ව්‍යවස්ථාව යන අනු ව්‍යවස්ථා දෙකේ ඇති විධිවිධාන අනුව ජනපති නිල කාලය වසර පහේ සිට හය දක්වා දහනව වැනි සංශෝධනයට පෙර තිබුණු තත්වයට යළි දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බවට පැහැදිලිව ගම්‍ය වේ. මේ ව්‍යවස්ථාමය හිඩැස නිරීක්ෂණය කරන අය නිල කාලය වසර හයේ සිට පහට අඩු කිරීමට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය නොවූ නිසා යළිත් පහේ සිට හයට දීර්ඝ කිරීමටත් ජනමත විචාරණයකදී අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බවටත් ප්‍රබල තර්කයක් ඉදිරිපත් කරති.

මේ ව්‍යවස්ථාමය විධිවිධාන පිළිබඳ ඇති තත්වය කෙරෙහි අවධානය යොමු වීමත් සමඟ දේශපාලන කරලිය යම් අවිනිශ්චිත භාවයකට පත්ව ඇති බවක් නිරීක්ෂණය වෙයි. චන්න ජයසුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරණය වසරකින් කල්දැමීමට ඇති ඉඩ ගැන ප්‍රකාශය කරන්නේ මේ පසුබිම පිළිබඳව කල්පනා කිරීමෙන් පසු වියයුතු ය.

එසේ වුවද මේ විස්තර කළ ව්‍යවස්ථාමය පසුබිමත් සමග මීට වඩා සංකීර්ණ එහෙත්, ප්‍රායෝගික ක්‍රියාවලියකට ගමන් කිරීමේ ඉඩකඩ ආණ්ඩුවට ඇති බව මේ පිළිබඳව සියුම්ව විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වේ. 

 

40% ට වඩා අඩුවෙන් පැමිණීමක් සහිත මන්ත්‍රීවරු අතර අගමැති අපේක්ෂකයින්  දෙදෙනෙක් !එම ඉඩ කඩ විවර කර ගැනීමට නම් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වාසිදායක අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව හමුවට ගෙන ආ යුතුව ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති නිල කාලය වසර හය දක්වා යළි දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට තර්ක කළත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ලබා ගැනීම අනිවාර්යය වේ. මෙසේ අනිවාර්ය අවශ්‍යතාවයක් වන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ලබා ගැනීම සඳහා පහසු ඉඩකඩක් ආණ්ඩුවට පවතී. එම ඉඩ කඩ විවර කර ගැනීමට නම් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වාසිදායක අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව හමුවට ගෙන ආ යුතුව ඇත.

Ranil wickcramasinghe ACTමේ වසර හය වසර පහක් බවට පත් කළේ ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයෙනි.

 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 ව්‍යවස්ථාවේ සිට පාර්ලිමේන්තුව ගැන සඳහන්‍ ය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62(2) අනු ව්‍යවස්ථාවේ දහනව වන ව්‍යවස්ථාවේ සංශෝධනය සම්මත වන තුරු පාර්ලිමේන්තුවේ කාලය වර හයක් ලෙස දැක්වුණි. මේ වසර හය වසර පහක් බවට පත් කළේ ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයෙනි. ඒ අනුව දහනව වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලයන් වසර හයේ සිට පහ දක්වා අඩුකර ඇති බව මැනවින් පැහැදිලි වේ. 

මීට පෙර ද සඳහන් කළ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයෙන් ඔබ්බට දීර්ඝ කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් සම්මත වියයුතු බව සඳහන් 83(අ)අනු ව්‍යවස්ථාවේම පාර්ලිමේන්තුවේ ධුර කාලය ද වසර හයකින් ඔබ්බට දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බව සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ ධුර කාලය ගැන සඳහන් 62(2)අනුව්‍යවස්ථාව දහනව වැනි සංශෝධනයෙන් වසර පහ දක්වා අඩුකර සංශෝධනය කළ ද ඊට අනුරූපව ඉහත 83(අ)අනු ව්‍යවස්ථාවේ වසර හය යන්න පහ ලෙස සංශෝධනය නොවීමෙන් පාර්ලිමේන්තුවේ ද ධුර කාලය යළි වසර හය දක්වා දීර්ඝ කිරීමට ද ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය නොවන බවට තර්ක කළ හැකි වේ.

රනිල් වික්‍රමසිංහ ම මිස රාජපක්ෂ කෙනෙක් නම් නොවේ - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)ජනාධිපතිවරයාගේ ධුරකාලය පමණක් නොව පාර්ලිමේන්තුවේ ධුර කාලය ද වසරකින් දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුලත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් වත්මන් පාර්ලිමේන්තුවේ ඒ සඳහා තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීම එතරම් අපහසු නොවනු ඇත. 

මේ අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය පමණක් නොව පාර්ලිමේන්තුවේ ධුර කාලය ද වසරකින් දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුලත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් වත්මන් පාර්ලිමේන්තුවේ ඒ සඳහා තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීම එතරම් අපහසු නොවනු ඇත. දැනටමත් ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතර බලය ඇති නිසා තව මන්ත්‍රීවරුන් තිහක තිස් පහක සහය ලබා ගැනීම මේ පාර්ලිමේන්තුවේ එතරම් අසීරු ක්‍රියාවක් නොවන බව සිතිය හැකිය.

විපක්ෂ මන්ත්‍රීන් හයක් ආණ්ඩුවට !විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අවශ්‍ය සම්බන්ධීකරණයන් කර ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙලක් සහිත ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අවශ්‍ය මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීම පහසුවනු ඇත.

 

විශේෂයෙන් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් කවර අපේක්ෂකයෙකු ජනාධිපති ලෙස පත්වුවත් සිදුවන පලමු කාර්ය වනු ඇත්තේ පාර්ලිමේන්තුව විසිරවීමයි. එසේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත නොහැකි මන්ත්‍රීවරුන් හා ජයගත්තත් දිගටම මන්ත්‍රී ධුරයේම පමණක් රැඳීසිටීමට සිදුවන මන්ත්‍රීවරුන් 2026 අගෝස්තු දක්වා මැතිවරණයකට නොගොස් සිය මන්ත්‍රීධුරය වසර හයක් දක්වා දීර්ඝ කරගැනීමට අකමැති වනු ඇතැයි සිතිය නොහැක.

ඒනිසා පාර්ලිමේන්තුවේ කාලය වසර හයක් කිරීමේ හා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමේ සංශෝධනයට කැමැත්තෙන්ම සහය දීමට ඉඩ ඇත. ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අවශ්‍ය සම්බන්ධීකරණයන් කර ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙලක් සහිත ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අවශ්‍ය මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීම පහසුවනු ඇත.

 

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බරයේ !ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර සිදුවීමට වඩාත්ම ඉඩ කඩ ඇත්තේ දහනව වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධුරකාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය යළිත් වසර හය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට ය.

මේ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර සිදුවීමට වඩාත්ම ඉඩ කඩ ඇත්තේ දහනව වෙනි සංශෝධනයෙන් වසර හයේ සිට පහ දක්වා අඩු කළ ජනාධිපතිවරයාගේ ධුරකාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය යළිත් වසර හය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට ය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබීමට ඇත්තේ මාසයක පමණ කාලයක් නිසා මේ පිළිබඳ යථා තත්වය ඉතා කෙටි කලකින් දැනගත හැකිවනු ඇත.


sunil kannangara(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...