The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?

T

The Leader Desk

June 14, 2024 • 5:28 AM

'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි' ඉන් පෙන්වා දී තිබිණි.
  • ඇතැමෙකු මෙය ‘ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්’ ලෙස ද අර්ථ කථනය කර තිබිණි.
  • ඇතැමෙකුගේ තර්කය වී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ පවතින දෝෂයක් නිසා රනිල් වික්‍රමසිංහට සිය ධූර කාලය තවත් මාස 11 දින 28ක් පමණ දීර්ඝ කර ගැනීමේ අවස්ථාවක් ඇති බව ය.
  • "ව්‍යවස්ථාවේ තියෙනවා, අවුරුදු 6ක කාලයක් සඳහා කියලා.පසුගිය ව්‍යවස්ථා සංශෝධනයේදී අවුරුදු 6 කාලය ගැන කියන වගන්තිය සංශෝධනයට ලක් කරල නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි' ඉන් පෙන්වා දී තිබිණි.

ඇතැමෙකු මෙය ‘ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්’ ලෙස ද අර්ථ කථනය කර තිබිණි.

මේ අතර, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදාත්මක තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.


facebook
ඇතැමෙකුගේ තර්කය වී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ පවතින දෝෂයක් නිසා රනිල් වික්‍රමසිංහට සිය ධූර කාලය තවත් මාස 11 දින 28ක් පමණ දීර්ඝ කර ගැනීමේ අවස්ථාවක් ඇති බව ය.

එක්සත් ජාතික පක්ෂයේ අදහස

 

z p08 Caseඑක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර බීබීසී සිංහල කළ විමසීමකදී පළ කළේ, මෙවන් අදහසකි.

 

"ව්‍යවස්ථාවේ තියෙනවා, අවුරුදු 6ක කාලයක් සඳහා කියලා.පසුගිය ව්‍යවස්ථා සංශෝධනයේදී අවුරුදු 6 කාලය ගැන කියන වගන්තිය සංශෝධනයට ලක් කරල නෑ. ඒ නිසා ඒ ව්‍යවස්ථාමය අවසරය තියෙනවා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාව තියෙනවා නම් අවුරුද්දක කාලයක් ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කරන්න පුළුවන්."


කෙසේ වෙතත්, මෙවැනි ක්‍රමවේදයක් හරහා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

"මම කිව්වේ ව්‍යවස්ථාවෙන් එවැනි අවසරයක් තියෙනවා කියන එක විතරයි. ඒක ක්‍රියාත්මක කරන්න යෝජනාවක්වත් ඇවිල්ලා නෑ," එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පැවසීය.

 



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද?


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තිය මෙසේ ය.

 

'අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයකදී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.' 

 

ඉහත වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6ක් දක්වා දීර්ඝ කර ගැනීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තක් මෙන් ම, ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව පෙනී යයි.

මේ අතර, ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට පෙර, ජනාධිපති ධූරයට 'අනුප්‍රාප්තික වන යම් තැනැත්තෙකු, ධූරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරිය යුත්තේ ය,' යනුවෙන් 40 (1) (අ) වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ.



82

ධූර කාලය

 

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේ නොවැම්බර් මස 18 වන දා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් විය.


ඔහු 2022 ජූලි මස 14 වන දා දක්වා එම ධූරය දැරූ අතර, ඔහුගේ වසර 5ක ධූර කාලය අවසන් වන්නේ, 2024 වසරේ නොවැම්බර් මස 17 වන දා ය.

ඉහත දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (අ) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට එම ධූරය දැරිය හැක්කේ, 2024 නොවැම්බර් 17 වන දා දක්වා පමණි.

ඒ අනුව, එම දිනට පෙර ජනාධිපතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු වේ.

 
ව්‍යවස්ථාවේ හිඩැස් තුළින් රිංගා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගත හැකි ද?

විවිධ තර්ක සහ අදහස්වල දැක්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව කියන දෝෂ හෝ හිඩැස් තුළින් රිංගා ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමට අවස්ථාවක් ඇත්දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙකු ලෙස සැලකෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එවැනි අවස්ථාවක් කිසිසේත් හිමි නොවන බව ය.

"අපේ වත්මන් ව්‍යවස්ථාවේ තියෙන හැටියට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ කාලය අවුරුදු පහ යි. 83 වන වගන්තියේ තියෙනවා, අවුරුදු හයකට වඩා දික් කරන්න අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා, ජනමත විචාරණයකිනුත් අනුමත වෙන්න ඕන කියලා. නමුත් දැන් කතාව තියෙන්නේ, අවුරුදු 6ට එහා දික් කරන්න නෙවෙයි, අවුරුදු හයකට දික් කරන්න කියලා. ඒ කියන්නෙ ජනාධිපති ධූරය යි, පාර්ලිමේන්තුව යි අවුරුද්ද බැගින් දික් කරන්න."

 

image c6935f6f7f83 වන වගන්තියේ තියෙනවා, අවුරුදු හයකට වඩා දික් කරන්න අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා, ජනමත විචාරණයකිනුත් අනුමත වෙන්න ඕන

 

"මගේ මතය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් විතරක් ඇතිව ජනමත විචාරණයක් නැතිව, එසේ දික් කළ හැක්කේ, අනාගත පාර්ලිමේන්තුවක හෝ අනාගත ජනාධිපතිවරයෙකුගේ කාලය විතර යි. ඊට හේතුව තමයි, ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා අවුරුදු 5කට බලය දුන්නා ජනාධිපතිවරයෙකුට. ඒ කියන්නෙ ගෝඨාභය රාජපක්ෂට. ඒ වෙලාවෙ ඡන්ද දායකයෝ දැනගෙන හිටියා ඒ ජනාධිපතිවරයාට අවුරුදු 4කින් පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙ ජනතාව ඡන්දය දුන්නෙ අවුරුදු පහක් ඉන්න ජනාධිපතිවරයෙකුට. මහ මැතිවරණයේදී ඡන්දය දුන්නෙත් අවුරුදු පහකට විතර යි. එතකොට ඒ දෙකේ ම උපරිම කාලය අවුරුදු පහක් කියල තමයි ජනතාව දැනගෙන හිටියේ. එතකොට අවුරුදු පහකට පමණක් පත් කරපු ජනාධිපතිවරයෙකුගේ සහ පාර්ලිමේන්තුවක කාලය දීර්ඝ කරන්න පුළුවන් ද කියන එකයි මම අහන්නේ.” 


"ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන 4 වන වගන්තිවලින් සහතික වන ඡන්ද බලය කියන සංකල්පයට පටහැනිව යනවා. ඡන්ද බලය කියන්නේ ඡන්දය දෙන්න තියෙන බලය විතරක් නෙවෙයි. ඡන්ද බලය කියන්නේ, ජනතාව ඡන්දය පාවිච්චි කළේ කුමක් වෙනුවෙන් ද, ඒක ආරක්ෂා වෙන්න ඕන. අවුරුදු පහක කාලයකට ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් පත් කරන්න ඡන්දය දීලා, ජනතාවගෙන් අහන්නෙ නැතුව ඒක අවුරුදු 6කට දික් කරන්න බෑ. ඡන්ද බලය උල්ලංඝණය වන ඕනෑ ම සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය යි," ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැහැදිලි කළේ ය.


ජනමත විචාරණයකින් තොරව ධූර කාලය දීර්ඝ කළොත් ජනතාවට කළ හැක්කේ කුමක් ද?

 

Supreme Court 2023.02.23කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය යි කියලා. ඒක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝග කරන්න පුළුවන්

ඡන්ද බලය උල්ලංඝණය කරමින් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තෙන් පමණක් ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කළහොත් ජනතාවට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැහැදිලි කළේ ය.

 

"අවුරුදු පහක කාලය දීර්ඝ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අරගෙන ඒක ගැසට් කරපු ගමන් ඕන ම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය යි කියලා. ඒක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝග කරන්න පුළුවන්."


'මම ඉන්නේ ඊටත් එහා තැනක'

 

ආණ්ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක් ගත්තේ නැහැ - ආචාර්ය ජයම්පතිආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ, ජනමත විචාරණයකට පවා ව්‍යවස්ථාවේ හරය නැති කිරීමට හැකියාවක් නොමැති බව ය.

"මම තර්ක කරන්නෙ ඊටත් එහා තැනක ඉඳන්. මම කියන්නේ, ජනමත විචාරණයක් කියන්නේ මොකක් ද? සියයට 50ක් සහ ඊට වඩා එක වැඩි ඡන්දය යි නේ අවශ්‍ය. ඒකෙන් පුළුවන් ද, ව්‍යවස්ථාවේ හරය නැති කරන්න? ව්‍යවස්ථාවේ පූර්විකාවේ තියෙනවා, අනුල්ලංඝණීය සංකල්පයක් තමයි, අපේ ව්‍යවස්ථාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ජනතාව ඡන්දය දුන්න තත්ත්වයන් වෙනස් කරන්න නම් ජනතාවගෙන් අහන්න ඕනෙ. ඒ අනුව, දැන් ඉන්න අවුරුදු 5කට පත්වූ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය දික් කරන්න බැහැ," ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවධාරණය කළේ ය.

"ඊළඟට මේ ජනාධිපතිවරයා ඡන්දෙන් පත්වුණ ජනාධිපති කෙනෙකුත් නෙවෙයි. එයත් සැලකිල්ලට ගත යුතු යි. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඡන්දයෙන් පත්වුණ ජනාධිපතිවරයෙකුට පුළුවන්, අවුරුදු 4ක් ගිය ගමන් නැවත ජන වරමක් ඉල්ලන්න. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට ඒ බලයවත් නෑ. කලින් ජන වරමක් ඉල්ලන්නවත් බැරි මිනිහෙක් කොහොම ද කාලය දික් කර ගන්නෙ?"


(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...