The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

ප්‍රභූ දේශපාලක බොරු වලකින් ගොඩ ආ නිර්ප්‍රභූ රන්ජා - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

June 14, 2024 • 7:09 AM

ප්‍රභූ දේශපාලක බොරු වලකින් ගොඩ ආ නිර්ප්‍රභූ රන්ජා - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ ආන්දෝලනාත්මක නඩු විභාගය වසර13 කට පසු ඉකුත් 12 දා නිමාවට පත් විය.
  • ඔහු එලෙස නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක නියෝග කොට තිබිණ.
  • මෙම නඩුවට නිමිත්ත වූයේ රන්ජන් රාමනායක තමන් විවාහ කරගන්නා බවට පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බවට ඉහත කී කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකි.
  • රන්ජන් රාමනායක තම පෙම්වතා වේශයෙන් පෙනී සිටිමින් විවාහ වන බවට දිවුරා තම මුදල් වංචා කළ බවක් පවසමින් නාමල් විජේරත්න නමින් පෙනී සිටි එම පාසල් ගුරුවරිය කාන්තාවකට මුහුණ දීමට සිදු වන අසාධාරණයකට ලක් නොවූ අහිංසකාවියක නොවන බව මෙම නඩුව විභාග වන අතරතුර සනාථ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ ආන්දෝලනාත්මක නඩු විභාගය වසර13 කට පසු ඉකුත් 12 දා නිමාවට පත් විය. ඒ ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමිනි. ඔහු එලෙස නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක නියෝග කොට තිබිණ.

මෙම නඩුවට නිමිත්ත වූයේ රන්ජන් රාමනායක තමන් විවාහ කරගන්නා බවට පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බවට ඉහත කී කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකි.

රන්ජන් රාමනායක තම පෙම්වතා වේශයෙන් පෙනී සිටිමින් විවාහ වන බවට දිවුරා තම මුදල් වංචා කළ බවක් පවසමින් නාමල් විජේරත්න නමින් පෙනී සිටි එම පාසල් ගුරුවරිය කාන්තාවකට මුහුණ දීමට සිදු වන අසාධාරණයකට ලක් නොවූ අහිංසකාවියක නොවන බව මෙම නඩුව විභාග වන අතරතුර සනාථ විය.

 

ranjanනළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ ආන්දෝලනාත්මක නඩු විභාගය වසර13 කට පසු ඉකුත් 12 දා නිමාවට පත් විය.

සිය හරි නම පවා අධිකරණය හමුවේ ඔප්පු කරන්නට නොහැකි වීමෙන් 2017 දී අත්අඩංගුවට පත් වූ ඇය, කාලයක් ඇප නොලබා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටියා ය. 1956 උපත ලද උදයංගනී දයානී අශෝකමාලී නමිනුත් 1958 දී උපත ලද අශෝකමාලී වින්ද්‍යානි නමිනුත් 1968 උපත ලද නාමල් විජේරත්න යන නමිනුත් නම් තුනකින් පෙනී සිටි මෙම කාන්තාව සතුව උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් තුන බැගින් තිබූ බව අධිකරණය හමුවේ අනාවරණය විය. එබැවින් මහනුවර වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව ඇය මෙම නඩු විභාගය අතරතුර අත්අඩංගුවට ද පත් වූවා ය. 


එමෙන්ම එම කාන්තාව ගුරුවරියක ලෙස පෙනී සිට ඇත්තේ ද 1968 උප්පැන්නය අනුව යමිනි. එයට අනුව ඇගේ සැබෑ වයස අවුරුදු දොලහකින් අඩු කරගෙන තිබිණ. මේ හේතුවෙන් වසර 22 ක් තිස්සේ කූඨ ලේඛන ඉදිරිපත් කර රජයේ සේවයේ නියැලීම හා වේතන ලබාගැනීම නිසා ද ඇයට චෝදනා එල්ල විය.

laptop donationලැප්ටොප් පරිගණක බෙදා දීමේ අවස්ථාවක්
රන්ජන් රාමනායක තමාගේ පෙම්වතා ලෙස සිටි බව කියූ මේ ගුරුවරිය ඔහු තමා විවාහ කරගන්නා බවට පොරොන්දු දී ලක්ෂ 10ක මුදලක් ඉල්ලාගත් බවත් එය නැවත නොදී වංචා කළ බවත් පවසා මුලින්ම මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළේ 2010 ජනපතිවරණ සමය ආසන්නයේ දීය. එය රන්ජන් රාමනායකගේ දේශපාලන පන්නරය හොඳින්ම කැපී පෙනුණු යුගයකි. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් රාමනායක එවක විපක්ෂයේ ප්‍රධාන සක්‍රීය සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළේ ය.

රංජන්ගේ පෙම්වතිය තමන් යයි නීතිය හමුවේ පවසා සිටි මේ කාන්තාව තමා දිගු කලෙක පටන් රංජන් හා විවාහවීමේ අදහසින් ආශ්‍රය කළ බවත් එම විවාහ පොරොන්දුව කඩ නොකරන බවට රංජන් දිවුරා කියා සිටි බවත් කියා තිබුණි. කෙසේ වෙතත් තමාට කිසි දිනක මේ කාන්තාව හමු නොවූ බවත් තම රසිකාවියක ලෙස ලබා දුන් ඇමතුමකට අනුව ඇය සමඟ දුරකතනයෙන් කතා කළ බවත් රන්ජන් පවසා තිබිණ. සිනමා නළු උන්මාදයෙන් පෙළෙන මේ වැනි රසිකාවන් තමාට ඕනෑ තරම් හමුවී ඔවුනට විවාහ පොරොන්දු දීමට තරම් මානසික ව්‍යාධියක් තමන්ට නොමැති බවත් කී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහනුවර නියෝජනය කළ දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ඇමතිවරයකුගේ තොරොට්ටුවක් මත මෙම නඩුව දිගින් දිගට ඇදෙමින් තමාට මඩ ගැසීමට භාවිතා කළ බවය.

 

ranjan ramanayakeමෙම නඩුවට මුහුණ දීම සඳහා ගත වූ කාලය තුළ රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් වැය වූ බවත් තම විදේශ ගමන් කිහිපයකට ද ඉන් බාධා එල්ල වූ බවත් පසුගිය දා නිදහස් වීමෙන් පසු රන්ජන් මාධ්‍යයට කීය.
මුලින්ම එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනු කළ පැමිණිල්ල මත, අපරාධ විමර්ශෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී රන්ජන් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත නිදහස් කොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරි පත් කරන ලදී. කෙසේ නමුදු ඔහු ගේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා, වෙනත් දේශපාලඥයෙකු විසින් අදාල චෝදනාව එල්ල කළ ගුරුවරිය පොළඹවාගෙන ඇතැයි පසුව කළ පොලිස් පරීක්ෂණ මගින් ද අවසානයේ තහවුරු විය. නමුදු මෙම නඩුවට මුහුණ දීම සඳහා ගත වූ කාලය තුළ රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් වැය වූ බවත් තම විදේශ ගමන් කිහිපයකට ද ඉන් බාධා එල්ල වූ බවත් පසුගිය දා නිදහස් වීමෙන් පසු රන්ජන් මාධ්‍යයට කීය.

රන්ජන් රාමනායක යනු නූතන දේශපාලන සේම සමාජ කරලියේ ද දක්නට ලැබෙන අමුතුම මාදිලියේ චරිතයකි. ගත වූ කාලය තුළ ඔහු ගේ දේශපාලන භාවිතාවෙන් පෙනී යනුයේ ඔහු නිර්ප්‍රභූ දේශපාලනය මාධ්‍ය කර ගනිමින් තම ගමන් මඟ සකසා ගෙන තිබූ බවකි. මේ වන විට අප සමාජයේ මුල් බැස ගත් ප්‍රභූ දේශපාලන තුළ “දුප්පතා ගේ හිතවතා” යන ජනප්‍රිය භූමිකාවක් ද තිබේ. දේශපාලනයේ යෙදෙන අතරේ ගම් දනව් පුරා යමින් අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීම මෙම “දුප්පතා ගේ හිතවතා” ප්‍රභූ දේශපාලන අංගයේ දී හොඳින්ම කැපී පෙනෙයි.

 



එමෙන්ම ඔවුහු කිසි විටෙකත් තම වත් පොහොසත්කම් පිළිබඳව හෝ එසේ ජනතාවට සහන සළසන්නට තමනට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ජනතාවට නොකියති. එහෙත්, රන්ජන් රාමනායක එසේ නොවේ. තමන් මිල මුදල් පරිභෝජනය කළ ද පෞද්ගලික වශයෙන් තමන් සතුව කිසිදු ධන සම්පතක් නොමැති බව ප්‍රසිද්ධියේම කියා සිටින්නෙකි.

එපමණක් නොවේ. එලෙස තමන් සතුව කිනම් හෝ වත් පොහොසත් කමක් තිබේ නම් එය ඔප්පු කර පෙන්වන මෙන් ප්‍රසිද්ධියේ අභියෝග කරන්නෙකි.

 



එමෙන්ම ඔහු ජනතාව අතරේ කෙතරම් සාමාන්‍ය ලෙස හැසිරෙනුයේ ද කිවහොත් ජන මාධ්‍ය කරුවන් සමඟ කරන කතා බහ වල දී ඔහු තරම් “මල්ලී” යනුවෙන් මාධ්‍ය කරුවන් අමතන දේශපාලනඥයකු කට වහරට අනුව කිවහොත් මේ තුන් ලෝකයේම නැති තරම් ය. එමෙන්ම වත්මන් ප්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් “උන් ඔක්කොම යාලුවො මල්ලි” යනුවෙන් කළ සරල ප්‍රකාශනය තුළ ගැබ් වුණු දේශපාලන යථාර්ථය කෙතරම් ජන ගත වී තිබේ ද යත් “උන් ඔක්කොම යාලුවො මල්ලි” යන්න සඳහන් ත්‍රිරෝද රථ ද පාරේ දිවෙනු දක්නට පුළුවන.

ranjans filmරන්ජන් ගේ මෙම නිර්ප්‍රභූ දේශපාලනය පෙරදිග: විශේෂයෙන් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සංස්කෘතිකාංගයකි. ඒ බව බොලිවුඩ් කොලිවුඩ් ආදී නම් වලින් හැඳින්වෙන ඉන්දීක සිනමා කෘති වලින් ද පැහැදිලි වේ. රන්ජන් තුළ මේ නිර්ප්‍රභූ “දේශපාලන උණ” කෙතරම් උග්‍රව තිබිණි ද යන්න වත්මන් දේශපාලන ක්‍රමය කුරිරු උපහාසයට ලක් කරන පාර්ලිමන්ට් ජෝක්ස් සේම දිළින්ඳන් අතුරින් මතු වන ජනතා වීරයා ගේ භූමිකාව නියෝජනය කරන රන්ජා වන් ෂොට් ආදී චිත්‍රපට වලින් පැහැදිලි වේ. එම චිත්‍රපට වල අධ්‍යක්ෂණය සේම ප්‍රධාන නලුවා ද රන්ජන් ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරක් කිසියම් විපක්ෂ දේශපාලනඥයකු තමන් නන්දසේන යන නමින් ඇමතීම පිළිබඳව මාධ්‍ය මඟින් ඔහුට අනතුරු හැඟවීමක් කළ අයුරු අපට මතක ය. ඒ එමඟින් තමන්ට මදි පුංචි කමක් වී ඇතැයි සිතමිනි. එහෙත් ගෝඨාභය ගේ උප්පැන්නයේ සඳහන් නම ද ගෝඨාභය නන්දසේන රාජපක්ෂ ය. නමුත් රන්ජන් යන නම අදත් ඔහුගේ හිත මිතුරන් බොහෝ දෙනකු උසුරුවනුයේ රන්ජා යනුවෙනි. නමුත් ඔහු ඒ නමට කොතෙක් ඇළුම් කරන ලද්දේ ද යන්න එනමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කොට එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කිරීමෙන්ම පැහැදිලි වේ.

මෙය ප්‍රභූ දේශපාලන සහ නිර්ප්‍රභූ දේශපාලන වෙන් කොට ගත හැකි නිර්නායකයක් නොවේ. එහෙත් යමකුට ඒ සම්බන්ධයෙන් මූලික දිශානතියක් පෙන්ව මං සළකුණකි. රන්ජන් ගේ මාදිලියේම නිර්ප්‍රභූ දේශපාලනය ප්‍රායෝගික තලයට ගෙනා තවත් සුවිශේෂ චරිතයක් වූයේ පසුගිය දිනයෙක හදිසි අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ය. ජනතාවට අත් වන දුක් පීඩා හමුවේ හැඳිවත පවා අමතක කොට ඒ වෙනුවෙන් සටන් කරන ඔහු ගේ එම ජනතා සහනාධාර වැඩ සටහන තමන් ද ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කළ බව පාලිත තෙවරප්පෙරුම ගේ අවමඟුලේ දී රන්ජන් කීය. එය ද නිර්ප්‍රභූ දේශපාලනයට ආවේණික අව්‍යාජත්වය එළිපිට කියා පෑමකි.

 

 

තම හිත මිතුරන්ට දිරච්ච ලනු දීම සම්බන්ධ ආචාර්ය උපාධි සුදුසුකම් හිමි කර ගත හැකි නම් රන්ජන් එවැනි උපාධි එකක් නොව දෙක තුනක්ම ලබා ගන්නා බවට පුද්ගලිකව සහතික වීමට මට පුළුවන. එහෙත්, විස්මයට කරුණ එය නොවේ. ඉහත සඳහන් චෝදනාවට මුල් වූ තොරොට්ටු සහිත ප්‍රභූ දේශපාලනයේ ජඩ බව පිළිබඳ හෝඩිය වත් රන්ජන් නොදැන සිටීම ය. ඒ බවට ද ඉහත සඳහන් පරිද්දෙන්ම පෞද්ගලිකව සහතික වන්නට මට පුළුවන.

නමුත් රන්ජන් ගේ දේශපාලන මාදිලිය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රධාන ගැටළුවක් ද තිබේ. එනම් වත්මන් දේශපාලනය තුළ පවත්නා ප්‍රභු දේශපාලන සංස්කෘතිය අබිබවා රන්ජන් නියෝජනය කරන නිර්ප්‍රභූ දේශපාලනයට තැනක් හිමි වන බවක් නොපෙනීම ය. නමුත් එනිසාම “අනේ ඒකට ඉතින් අපි මොනවා කරන්නද?” යනුවෙන් කර බා ගෙන හිඳින්නට කිසිවකුටත් නොපුළුවන. ඒ ජනතා පරමාධිපත්‍යය කියා දෙයක් තවමත් මේ රට තුළ ඇති බැවිනි.

 

Ranjan Ramanayake copy 3 768x512 1වත්මන් දේශපාලනය තුළ පවත්නා ප්‍රභු දේශපාලන සංස්කෘතිය අබිබවා රන්ජන් නියෝජනය කරන නිර්ප්‍රභූ දේශපාලනයට තැනක් හිමි වන බවක් නොපෙනීම ය. නමුත් එනිසාම “අනේ ඒකට ඉතින් අපි මොනවා කරන්නද?” යනුවෙන් කර බා ගෙන හිඳින්නට කිසිවකුටත් නොපුළුවන. ඒ ජනතා පරමාධිපත්‍යය කියා දෙයක් තවමත් මේ රට තුළ ඇති බැවිනි
WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...