The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

විශ්වවිද්‍යාල ගැහැණුන්ගෙන් පිරෙයි - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

June 16, 2024 • 6:01 AM

විශ්වවිද්‍යාල ගැහැණුන්ගෙන් පිරෙයි - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දී මෙරට විශ්වවිද්‍යාලවට ඇතුලත් වූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ගැහැණු පංගුව 10% ක් විය.
  • සියයට 10 සිට 65 දක්වා ගැහැණු අඛණ්ඩව ඉහළ පැමිණ ඇත.
  • අද වන විට, ඉංජිනේරු, පරිගණක විද්‍යා සහ තාක්ෂණික යන අධ්‍යයන පාඨමාලාවන් හැර අනෙකුත් අධ්‍යයන පාඨමාලාවන් සඳහා පිරිමි සිසුන්ට වඩා වැඩි ගැහැණු සිසුන් ප්‍රමාණයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇත.
  • ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කලා හා නීති අධ්‍යයන පාඨමාලාවන් හදාරන්නේ 85% ක් ම කාන්තාවන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


1942 දී මෙරට විශ්වවිද්‍යාලවට ඇතුලත් වූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ගැහැණු පංගුව 10% ක් විය. සියයට 10 සිට 65 දක්වා ගැහැණු අඛණ්ඩව ඉහළ පැමිණ ඇත. අද වන විට, ඉංජිනේරු, පරිගණක විද්‍යා සහ තාක්ෂණික යන අධ්‍යයන පාඨමාලාවන් හැර අනෙකුත් අධ්‍යයන පාඨමාලාවන් සඳහා පිරිමි සිසුන්ට වඩා වැඩි ගැහැණු සිසුන් ප්‍රමාණයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇත.  

ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කලා හා නීති අධ්‍යයන පාඨමාලාවන් හදාරන්නේ 85% ක් ම කාන්තාවන් ය. දන්ත වෛද්‍ය, පශු, කෘෂි විද්‍යා, සම සෞඛ්‍ය සේවා, දේශීය වෛද්‍ය යන පීඨයන් හි 70% ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යාවන් වෙති. කලමනාකරණ හා වානිජ්‍ය (68%), මෝස්තර නිර්මාණ (66%), ගෘහ නිර්මාණ (57%) සහ විද්‍යා (52%) යන කේෂ්ත්‍රයන් හි ද පිරිමි ළමුන්ට වැඩි ගැහැණු ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වී ඇත.

448441397 10229319889275267 8186975009142053073 n
ලංකාවේ මිලියන 22.18 ක ජනගහනයක් අතුරින් 166,938 ක පිරිසක් 2022 වසරේ දී අපොස උසස් පෙළ සමත් විය. එයින් 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සංඛ්‍යාව 43,209 කි.  පිරිමි දරුවන්ට වැඩා වැඩි ගැහැණු දරුවන් ප්‍රමාණයක් විශ්ව විද්‍යාල සඳහා ඇතුලත්වීම 2000 වසරෙන් ඇරඹී දැන් වසර 23 ක්ම ගෙවී ඇත.

ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ ප්‍රවණතාවය පිළිබඳ විග්‍රහයක් - 1942/43 - 2002/03 දශකයන් ඇසුරෙන්

1942/43 අධ්‍යයන වර්ෂය සඳහා ලංකාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගත් පිරිසෙන් 89.9%  ක් (813) පිරිමි වෙති. ගැහැණුන් 10.1% (91) කි.  

දශකයකට පසුව 1952 වන විට ගැහැණු ප්‍රතිශතය 21.5%  දක්වා ද, 1962 වන විට ගැහැණු ප්‍රතිශතය 27.6% දක්වාද ඉහළ ගියේ,1972 වසරේ දී පිරිමි 6,907 (57%) ක් බදවා ගන්නා විට ගැහැණු 5,143 (42.7%) ක් විය. 1992 දී ගැහැණු 45.23% දක්වා ඉහළ නැගුණි. 2002/03 අධ්‍යයන වර්ෂයේ දී පිරිමි ශිෂයන් සංඛ්‍යාවට වඩා වැඩි ගැහැණු ශිෂ්‍යයාවන් පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. එම අධ්‍යයන වර්ෂයේදී ගැහැණු 31,728 (53%) ක් වන විට පිරිමි ප්‍රමාණය 28,012 (47%) ක් විය.  

Screenshot 2024 0616 112051
උසස් අධ්‍යාපනය සඳහා 1990 දශකය වන විට විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල හැර වෙනත් අවස්ථාවන් පැවතියේ ඉතා සීමිත මට්ටමකිනි.  අද එය සම්පූර්ණයෙන්ම වෙනස් වී නූතන රැකියා වෙළඳපොලට ගැලපෙන ආකාරයට අධ්‍යාපන අවස්ථාවන්රාජ්‍ය සහ පුද්ගලික අංශ මඟින් ව්‍යාප්ත කරමින් සිටී.  ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන හා වෘත්තීය අධ්‍යයන ආයතන රැසක් නව යොවුන් පරම්පරාවට හිමිවී ඇත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වඩා වේගයෙන් දෙස් විදෙස් රැකියා වෙළඳපොල වෙනස්වීමට බදුන් වෙමින් ඇත. සාම්ප්‍රදායික විද්‍යා, කලා, වානිජ්‍ය විෂය ධාරාවන්ට වඩා පුළුල් වූ විෂය  රැසක රැකියා අවස්ථාවන් බිහිවී ඇත.  පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන මෙකී ක්ෂේත්‍රයන් ඉතා වේගයෙන් ග්‍රහණය කරගනිමින් සිටී. අනෙක් අතට, සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වඩා වැඩි උසස් වැටුපක් හා සමාජ තත්ත්වයක් හිමිකර ගැනීමට මෙම නව වෘත්තීය ක්ෂේත්‍රයන් හි නිපුණතාව ලබන්නන්ට හැකිවී ඇත.

මෝස්තර නිර්මාණය, සූපවේදය,  හෝටල් ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන් හි නිපුණතාව සහ අධ්‍යාපනය ලබන පිරිසට අති විශාල වැටුප් ද, සමාජ පිළිගැනීම ද, රැකියා තෘප්තිය ද, ස්ථාවර භාවය ද හිමිවේ.  පිරිමි දරුවන් විශාල වශයෙන් අ.පො.ස. (සා.පෙ.) විභාගය අවසන්වීමෙන් පසුව මෙම ක්ෂේත්‍රයන්ට ඇතුළුවන්නේ ය.

එලෙසම, 12 වසර සඳහා කොළඹ සහ නාගරික ජනප්‍රිය පාසල්වලට සිසුන් 50 බැගින් බඳවා ගැනු ලැබූවද, වසර දෙකකට පසුව උසස්පෙළ විභාගය පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් දක්වා පහත වැටෙන අවස්ථා මේ වන විට සුලබය.  උසස් පෙළ සමත්ව, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද පශ්චාත් උපාධි ද හිමිව ලබාගන්නා වැටුපට වඩා වැඩි වැටුපක් වසරක් හෝ දෙකක් තුල විශේෂඥ කේෂ්ත්‍රයක අධ්‍යාපනය හා ප්‍රවීණත්වය ලැබීමෙන් පසුව හිමිකර ගත හැකි බව අතැඹුළක් සේ අත් දකින බහුතරය පිරිමි දරුවන් වෙති.

ගෝලීය ප්‍රවණතාවය

මෙම තත්වය ගෝලීය ප්‍රවණතාවයකි.  ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, එංගලන්තය වැනි රටවල ද, පිරිමි ශිෂ්‍ය සංඛ්‍යාව වඩා වැඩි ගැහුණු සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලයන් හි ඉගෙනුම ලබති. හර්වඩ්, කැලිෆෝනියා, යේල්, ජෝන් හොප්කින්ස්, පෙන්සිල්වේනියා, කොනෙල් යන ඇමරිකානු විශ්වවිද්‍යාලයන් හි ද ගැහැණු 51% සිට 56% දක්වා වේ.

එසේ නමුත්, ඔක්ස්ෆර්ඩ්, ස්ටැන්ෆර්ඩ්, මැසචුසෙට්ස්, කේම්බ්‍රිජ්, ප්‍රින්සිටන්, කැලෆෝනියා, ඉම්පීරියල්, ඊ.ටී.එච්., චිකාගෝ, සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලවල ගැහැණුන්නට වඩා පිරිමින් වැඩි ය.  ස්විට්සර්ලන්තයේ ඊ.ටී.එච්. සුරිච් හි 67% ක් පිරිමින් ය.  

මූලාශ්‍රය 

එංගලන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල 10 කම පිරිමි සංඛ්‍යාවට වඩා දෙගුණයක් ගැහැණු 2010 වන විට අධ්‍යාපනය ලබමින් සිටිය හ. තවද 2021/2022 අධ්‍යයන වර්ෂයේදී, උපාධි අපේක්ෂකයින්ගෙන් 57% ක් කාන්තාවන් වන අතර පිරිමින් 43% කි. 2024 දී නවසීලන්තයේ ද පිරිමින්ට වැඩිය ගැහැණු විශ්වවිද්‍යාලය යන අතර, උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛාවෙන් 60% ක් ගැහැණු ය.

වත්මන් අභියෝගය ජය ගැනීම

ගැහැණු සහ පිරිමි දරුවන් අතර අයි.කිව්. මට්ටම් වෙනසය. එනම්, හැකියාවන් වෙනස් ය. පිරිමින්ට විශ්ලේෂණ හැකියාව වැඩි අතර ගැහැණුන්ට විස්තර කිරීමේ හැකියාව වැඩි යැයි අධ්‍යයනන් තහවුරු කර ඇත. (මෙහි ව්‍යතිරේක ඕනෑ තරම් තිබේ)  

විභාග දෙපාර්තමේන්තුවේ සහ විශ්වවිද්‍යාලයන් හි ප්‍රශ්න පත්‍ර සකස් වන්නේ ගැහැණුන්ගේ හැකියාවන්වන්ට වැඩි සහායක් ලැබෙන (ගැහැණුන්ට හිතවාදී) ආකාරයට ද? යන්න මා දන්නා තරමින් නම් කිසිදා විමර්ශනයට ලක් කර නැත. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ තරඟ විභාග ප්‍රශ්න පත්‍ර ද, ගැහැණුන්ට උත්තර ලිවීමට වඩා පහසු වන ආකාරයට සකස් වෙමින් ඇති දැයි අප විද්‍යාත්මක අධ්‍යයනයක්/විශ්ලේෂණයක් සිදු කර නැත. රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට ගැහැණු වැඩිපුර තේරීමට තවත් බොහෝ ආර්ථික සමාජීය හා ආකල්පමය කරුණු පැවතිය හැකිය. නමුත්, අප මුලින්ම විසඳාගත යුතු ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ විභාග ක්‍රමය පිරිමි ළමයින්ට අවාසිදායක ලෙස සකස්වී ඇති ද? යන්න නිශ්චය කර ගැනීම ය.

විශ්ව විද්‍යාලවලට පිරිමි ශිෂ්‍යයින් ඇතුලත් කර ගැනීම ඉලක්ක කර ගනිමින් විෂය මාලා නිර්මාණය කිරීම හා විෂය මාලා සංවර්ධනය කිරීම දැනට ඇති අභියෝගයයි .ගෝලීය ප්‍රවනතාවයන් හඳුනා ගැනීමට ශ්‍රී ලාංකීය ජනතාව බොහෝ ප්‍රමාද වන අතර, කල් ගත වී සිහිනෙන් අවදි වී මෙන් සිදුව ඇති විපරිතය ගැන විස්සෝපවීම අපගේ ස්වභාවයයි.  

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) 

rajith_tennakoon@yahoo.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...