The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : එන්න යන්න යාල් පානම්

T

The Leader Desk

June 16, 2024 • 6:51 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : එන්න යන්න යාල් පානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් සමහරු යාපනයට ටෙස්ට් ක්‍රිකට් පිටි සදා දෙන්නට පොරොන්දු වූහ.
  • කලකට පෙර ''ගහලම ගන්ඩ ඕනෑ'' යැයි කියූ ඇතැම් අය පළාත් සභා මගින් බලය බෙදා දුන්නාට අපේ අකමැත්තක් නැතැයි කියූහ.
  • ''කතී වෙණ මීයන සු සූ යැයි අත ගැසූ සැකයෙන'' ''කතී වෙණ මීයන සු සූ යැයි අත ගැසූ සැකයෙන'' යාල්පානම්වාසීන්ට නම් සිතෙන්නට ඇත්තේ දකුණේ සිටි ඇදුරන් වීණාව පසෙක තබා බයිලා ගායනා කරන බවකි.
  • එසේත් නැත්නම් හිටි හැටියේ මතු වූ මේ ''සිංහල මුනියලා''ට උතුර - දකුණ මාරු වී ඇති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


යාල් පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
කෝලම් රටා වැටිච්ච ලෝකේ පතා
හිතේ පැතුම අරන් යමුද ආවඩා කියා
දිගට පිච්ච මල් වැටිච්ච මන්දහාස පාලා
හොරට ඇයි බැලුම් හෙලන්නෙ එන්න යන්න මා හා
එකම අහස යටින් ඉන්න කවුද දැම්මෙ බාධා
කිට්ටුවන්තකම් කියන්න - ගී ගැයේවි ආයේ

 

13 yuසමහරු 13 උස්සා පෙන්වූහ 

පහුගිය දිනවල හොර බැලුම් හෙලමින් හිතේ පැතුම අරන් යාල් පානම් ගියේ අපේ දකුණේ දේශපාලන අයියලාය. සමහරු 13 උස්සා පෙන්වූහ.

තවත් සමහරු යාපනයට ටෙස්ට් ක්‍රිකට් පිටි සදා දෙන්නට පොරොන්දු වූහ.

 



කලකට පෙර ''ගහලම ගන්ඩ ඕනෑ'' යැයි කියූ ඇතැම් අය පළාත් සභා මගින් බලය බෙදා දුන්නාට අපේ අකමැත්තක් නැතැයි කියූහ. තවත් කෙනෙක් කෘෂිකාර්මික යාපනයට කර්මාන්තපුර ඉදිකර දෙන්නට සැලසුම් කළහ.

 

wanakkam ඔවුන් දකුණේ අයියලා මේ එන්නේ මොකාටදැයි නොදන්නවා නොවේ.

යාපනේ අය ද මේ කොයි කවුරුත් ''වනක්කම්'' කියා පිළිගෙන සවන් දී සිටියහ. එහෙත් ඔවුන් දකුණේ අයියලා මේ එන්නේ මොකාටදැයි නොදන්නවා නොවේ. මැතිවරණය අත ළඟය.

දමිළ වහරේදී යාපනය, යාල්පානම් ය. ඉංග්‍රීසියෙන් ජැෆ්නා ය. එය පෘතුගීසි සමයේ සිට යෙදෙන්නකි.

දමිළ පුරාවෘත්තවල දැක්වෙන ආකාරයට අතීතයේ දී චෝල දේශයේ සිට අන්ධ වීණා වාදකයෙක් ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණෙයි. එකල එහි සිටි රජු ඔහුට ත්‍යාග කළ භූමිය ''යාල්-පානම්'' විය. ''යාල්'' යනු වීණාවය. පානන් යනු වාදකයාය.

 



මෙම අන්ධ වීණා වාදකයා සෙංකඩගල රාජධානියට පැමිණීම පිළිබඳ ගීතමය පරිකල්පනයක් ''සින්දි ගුරු ඇවිත්'' මැයින් යූ ටියුබයේ දැකගත හැකිය.

යාල්පානම්වාසීන්ට වීණා වාදනය යනු අතීතයේ සිටම උරුම හුරුවකි. දකුණේ දේශපාලන මහත්වරුන් අලුත් අලුත් තනු සදාගෙන වීණා වාදනය කරන්නට ගියත් ඒවා යාල්පානම් ජනයාට දුම්කොළ නැට්ටක් තරමටවත් වටින්නේ නැත. දකුණේ වීණා වාදනය හමුවේ ඔවුන් බීරි අලින් සේ සිටින්නේ එහෙයිනි.

ගුත්තිල පඬිතුමාගේ අඳ දෙමව්පියන් ඉදිරියේ මූසිල වීණා වාදනය කරද්දී ඔවුහු මෙසේ සිතූහ.

 

ඇගේ භක්තිය: ඇයි අවුල්ද? - (ගාමිණී වියන්ගොඩ)''කතී වෙණ මීයන සු සූ යැයි අත ගැසූ සැකයෙන''
''කතී වෙණ මීයන
සු සූ යැයි අත ගැසූ සැකයෙන''

යාල්පානම්වාසීන්ට නම් සිතෙන්නට ඇත්තේ දකුණේ සිටි ඇදුරන් වීණාව පසෙක තබා බයිලා ගායනා කරන බවකි. එසේත් නැත්නම් හිටි හැටියේ මතු වූ මේ ''සිංහල මුනියලා''ට උතුර - දකුණ මාරු වී ඇති බවකි.

''නොදන්නා දෙමළෙන් ගිහින් වරිගෙ නහගන්න එපා'' යැයි ජනප්‍රිය පිරුළක් අපේ වහරේ එයි. එය පසුබිමේ ඇති ජනකතාව කෙටියෙන් මෙසේය.

cKiDa8B2oW8pxfRT 4ඉන්පසු ලෝකුරුවා මයිනහම අදිමින් තුවක්කු කඳ රත් කරන්නට ගත්තේය.

 

දිනක් දෙමළ මිනිසෙක් තුවක්කුවක් ගෙනැවිත් සිංහල ගමක විසූ ලෝකුරුවකුට දී එහි තුළ සිරවී ඇති උණ්ඩය ඉවත් කර දෙන මෙන් ඉල්ලීය. ලෝකුරුවාට දෙමළ නොතේරේ. එහෙත් ඔහු තමන්ට වැටහුණු බව දක්වමින් ''එනතු තෙරියම්'' (මම දන්නවා) යැයි කීවේය. ඒ ඔහු දැන සිටි දෙමළ වචන දෙකය.

ඉන්පසු ලෝකුරුවා මයිනහම අදිමින් තුවක්කු කඳ රත් කරන්නට ගත්තේය. එහි උණ්ඩයක් රුඳී ඇති හෙයින් එය අනතුරුදායක බව දෙමළ මිනිසා කීය. 

''ෂරි ෂරි එනතු තෙරියම්'' 

ලෝකුරුවා නැවතත් කියා වැඩේ කරගෙන ගියේය. එක්වරම තුවක්කුව පුපුරා හේ එතැනම මිය ගියේය. තම එකම පුතුට වූ දෙය දැක ඔහුගේ මව කියූ දෙයයි පසුව පිරුළක් බවට පත්වූයේ.

 

lesson2''එනතු තෙරියම්'' යැයි සිතනා කාට කාටත් මේවා හොඳ පාඩම්'' ය.
''එනතු තෙරියම්'' යැයි සිතනා කාට කාටත් මේවා හොඳ පාඩම්'' ය.

නොදන්නා දෙමළෙ පමණක් නොව, නොදන්නා සිංහල ද භාවිතයට ගැනීම පරිස්සමින් කළ යුතු දෙයකි.

කලකට ඉහත අපේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වූයේ දමිළ ජාතික දේශපාලකයෙකි. දිනක් ඔහු දුෂ්කර පළාතක රෝහලක් පරීක්ෂා කිරීමට ගියේය. එහි තැන් තැන්වල හිඳ සිටින ගැබිණි කාන්තාවන් දුටු ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසීය.

''මේ අම්මලාට ඉන්ඩ තැනක් නැද්ද?''

එවිට ඔවුන් කියා සිටියේ එම රෝහලේ ඇති ගැබිණි වාට්ටුවේ ඉඩකඩ ප්‍රමාණවත් නැති බවය. ඒ අසා කනස්සල්ලට පත් සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ කීය.

''මම පුළුවාන් ඉක්මනට මේ අම්මලාගෙ බබාලා ලැබෙන්ට තියෙන ඉස්තානය විශාල කරල දෙන්ඩ කටයුතු කරනවා. මේ පළාතේ මන්ත්‍රීතුමාත් ඒකට ෂපෝට් එකක් දෙයි.''

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : එන්න යන්න යාල් පානම් | The Leader