The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

වත්මන් ඉන්දියානු ව්‍යාප්තවාදයේ ආරම්භය මහින්දාගමනය ද? - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

June 17, 2024 • 7:47 AM

වත්මන් ඉන්දියානු ව්‍යාප්තවාදයේ ආරම්භය මහින්දාගමනය ද? - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයකුම අසා තේරුම් ගෙන ඇති පුවතකි.
  • ඊට හේතුව ආගමක් රැගෙන ඒම යනු මිෂනාරී කාර්ය භාරයක් සේ අර්ථකථනය කිරීමට ද යමකුට ඇති හැකියාව ය.
  • අනෙක් කරුණ නම් අද වන විට සිංහල බෞද්ධ ජන සමාජය කේන්ද්‍රගතව පවතින ජාවාරම්කරණය පදනම් කර ගත් ඇදහිලි හා පුද පිළිවෙත් ජාලය මිහිඳු මා හිමියන් විසින් මෙරටට ගෙනවුත් දමන ලද බවක් ඇතැමකුට වැටහී යාමට ඇති අවකාශයයි.
  • තුන්වන සියවසේ මිහිඳු හිමිපාණන් විසින් ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගෙන ඒම ඒ අතර ඇතැම් බටහිර විචාරකයන් මිෂනාරී කාර්යන් හා සම්බන්ධ හුදු සමයාන්තර අධ්‍යයනයනට අනුව මහින්දාගමනය ද මිෂනාරී කාර්ය භාරයක් සේ අර්ථකථනය හඳුන්වා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අයකුම අසා තේරුම් ගෙන ඇති පුවතකි.

එහෙත්, මගේ වැටහීම සහ නිගමනය අනුව මෙම ‘බුද්ධාගම රැගෙන ඒම’ යන වදන් ඔස්සේ නූතන සමාජය ඒ පිළිබඳ වැරදි සංකල්ප රාශියක් ගොඩ නංවාගෙන තිබේ. ඊට හේතුව ආගමක් රැගෙන ඒම යනු මිෂනාරී කාර්ය භාරයක් සේ අර්ථකථනය කිරීමට ද යමකුට ඇති හැකියාව ය. අනෙක් කරුණ නම් අද වන විට සිංහල බෞද්ධ ජන සමාජය කේන්ද්‍රගතව පවතින ජාවාරම්කරණය පදනම් කර ගත් ඇදහිලි හා පුද පිළිවෙත් ජාලය මිහිඳු මා හිමියන් විසින් මෙරටට ගෙනවුත් දමන ලද බවක් ඇතැමකුට වැටහී යාමට ඇති අවකාශයයි.

 

ක්‍රි.පූ. තුන්වන සියවසේ මිහිඳු හිමිපාණන් විසින් ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගෙන ඒම
ඒ අතර ඇතැම් බටහිර විචාරකයන් මිෂනාරී කාර්යන් හා සම්බන්ධ හුදු සමයාන්තර අධ්‍යයනයනට අනුව මහින්දාගමනය ද මිෂනාරී කාර්ය භාරයක් සේ අර්ථකථනය හඳුන්වා දී තිබේ. එනිසා බුදු දහම මෙරටට හඳුන්වා දුන් මිහිඳු හිමියන් ආගම් ප්‍රචාරය කරන්නකුගේ භූමිකාවෙන් සපුරා බැහැර වනුයේ කෙසේද යන්න ද අප විමසා බැලිය යුතු ය.

27 29042018 FNMමෙහි දී පළමුව කිව යුත්තේ බුදුන් කිසිදා බුද්ධාගම යනුවෙන් හඳින්වෙන ඇදහිලි ජාලයක් පිළිබඳව දේශනා කොට නොමැති බව ය.කොටින්ම බුද්ධ කාලයේ බෞද්ධ යන නමක් වත් තිබූ බවට කිසිදු සාක්ෂියක් නැත.එවක බාහිර සමාජය වත්මන් බෞද්ධ නමින් හැඳින්වෙන ජන කොටස හඳුන්වා ඇත්තේ “ගෝතම සාවක”හෙවත් බුදුන් වහන්සේ ගේ මඟ පිළිපදින්නවුන් ලෙසිනි.ශාසනය තුළ එය භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා ලෙස කොටස් හතරක් ලෙස දක්වා තිබේ.  ලොව බොහෝ ආගම් වල නොමැති මුත් බුදු දහමේ රාජ්‍ය පාලන සංකල්පයක් ද තිබේ.අප ගේ වැටහීම අනුව මහින්දාගමනය සම්බන්ධ පාදක නිමිත්ත ද එයයි.


බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය ‘ධර්ම රාජ්‍යය’ නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකි වුව ද සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. දීඝ නිකායේ එන චක්කවත්තී සිහනාද සූත්‍රය පිරික්සීමෙන් එය මනාව වටහා ගත හැක.

මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත්, අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි;සංකල්පයකි. කිසිම ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ. එනිසාම එය ආත්මාර්ථය පදනම් කර ගත් තෘෂ්ණා භරිත සාමාන්‍ය මිනිස් සමාජය සඳහා කෙතරම් ගැළපේ ද යන්න පිළිබඳව ද ගැටලුවක් පැන නගී.

මිහිඳු මා හිමියන් පොසොන් පෝ දිනයක මිහින්තලාවට වැඩම කොට දේවානම් පියතිස්ස රජුට දේශනා කළ බව පැවසෙන චුල්ල හත්ථි පදෝපම සූත්‍රය ද විචාරශීලීව සත්‍යය සොයා යාම සම්බන්ධ රසවත් උපමා කතාවකි. කිසිදු ආගමික ලක්ෂණයක් මුදුන් පත් කොට නොමැති එහි මෙසේ දැක්වෙයි.

1781102 10152471601538687 1765419857303959343 oඒ අවට බලන නාගවනිකයා ගසක් මුල හෝ එළිමහනෙහි හැසිරෙන හෝ හුන් හෝ වැදහොත් හෝ මහ ඇතකු දකී

“ඇත් වනයට ගිය නාගවනිකයා (ඇතුන් අල්ලන්නා) පළමුව වනයේ දී දිගින් පළලින් විශාල ඇත් පා සටහනක් දුටු විට එය දුටු මනින් මහ ඇතකුගේ යයි නිශ්චය නොකරනු ඇත. මන්ද එබඳු පා ඇති මහත් උදරයක් ඇති වාමනිකා (මිටි වූ) නම් ඇතින්නන් ද වනයේ  සිටින හෙයිනි. නාගවනිකයා ඇත් වනයේ තවත් ඔබ්බට යන විට නුග ආදී  උස් ගස් වල පිට ඉලූ තැන් ද දකියි. එයත් මහ ඇතාගේ පා සටහනක් යයි නිශ්චය නොකරයි. කවර හෙයින්ද? එබඳු පා තිබෙන උච්චාකාලාරීක නම් ඇතින්නියන් වර්ගයක් සිටින හෙයිනි. මෙය එවැන්නියක ගේ පා සටහන් විය හැකියයි නාගවනිකයා සිතයි. පසුව ඔහු තවත් ඉදිරියට යෙයි. එසේ ඇත් වනයෙහි ඉදිරියට යන ඔහුට දිගින් පළලින් යුතු පා සටහන් සමඟ නුග ආදී ගස්වල හත් අට රියනක් උස් තැන පිට ඉලූ පොරවකින් කැපුවාක් වැනි දළින් ඇන්න සළකුණු දකියි. එයත් මහ ඇතකුගේ යයි නිශ්චය නොකරයි. කවර හෙයින් ද උච්චාකණේරුකා (යෂ්ටි සමාන පාද හා උස් පහත් දළ ඇති) නම් ඇතිනියන් ද හිඳින බැවිනි. මෙය ඔවුන්ගේ විය හැකියි නාගවනිකයා සිතයි. ඔහු ඇත් වනයේ තවත් ඉදිරියට යනවිට දිගින් පළලින් විශාල මහා ඇත් පා සටහනක් ද අසළ ගස්වල උසම පෙදෙස්වල පිට ඉහල හා දළින් ඇණ සිඳ දැමූ තැන් ද කඩා දැමූ අතු ද දකියි. ඒ අවට බලන නාගවනිකයා ගසක් මුල හෝ එළිමහනෙහි හැසිරෙන හෝ හුන් හෝ වැදහොත් හෝ මහ ඇතකු දකී. ඒ ඇතා දැක ඒකාන්තයෙන්ම ඒ මේ මහ ඇතා යයි නිශ්චය කරගනී. මා දුටු සියල පා සටහන් මොහුගේ යයි නිගමනය කරයි”. ඒ අනුව ඕනෑම කෙනකු තුළ විචාරශීලිත්වය පුබුදන මෙය හුදෙක් ආගම් පැතිරවීමක් සේ කෙසේ නම් විස්තර කළ හැකි ද?එමෙන්ම මෙය බුද්ධ කාලීන භාරතයේ තිබූ එක්තරා ශිල්ප ක්‍රමයක් පදනම් කර ගත් දෙසුමක් බව ද පෙනෙයි.


0 7asbceH3PIx68hYh චක්‍රවර්තී රාජ්‍යය සැලකිය යුතු ලෙස ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාවට නැංවූ නරපතියාණන් ලෙස ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා
ඒ කෙසේ හෝ බුදු දහමේ ලෞකික පරමාදර්ශය වන එම චක්‍රවර්තී රාජ්‍යය සැලකිය යුතු ලෙස ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාවට නැංවූ නරපතියාණන් ලෙස ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දුන් මිහිඳු මාහිමියන් එතුමන්ගේ එකම පුත්‍ර රත්නය බව ඓතිහාසික වශයෙන් ප්‍රකාශ වන කරුණකි. නමුදු වර්තමාන දේශපාලන දෘෂ්ඨියේ සිට බලන විට අශෝක අධිරාජ්‍යයා බුදු සසුන වාහකයක් කොට ගෙන ලොව රටවල් ගණනාවකට තම බලය පැතිර වූ අධිරාජ්‍යයකු ලෙස යමකුට තර්ක කළ හැක.

එමෙන්ම මහින්දාගමනය; විශේෂයෙන් බෝධි ආගමනය සම්බන්ධයෙන් ලියැවුණු පසු කාලීන මූලාශ්‍ර අනුව එවැන්නක් කෙරෙහි ස්වාභාවික නැඹුරුවක් ඇති කර ගැනීමට යමකු පෙළඹිය හැක. නමුත් ධර්මාශෝක රජතුමන්ගේ රාජ්‍ය පාලනය තුළ පැවැති ආධ්‍යාත්මික, සමාජ, සංස්කෘතික හරයන් වටහා ගැනීම පිණිස එතුමන් විසින් ඉන්දියාව පුරා පිහිටුවන ලද තත්කාලීන මූලාශ්‍ර වන ශිලා ලේඛන මහත් සේ උපකාරී වෙයි. ඒ අතුරින් ආගමික සහජීවනය පිළිබඳ කෙතරම් සහනශීලී ආකල්පයක් එතුමන්ට තිබිණි ද යන්න දොළොස්වන ආඥා ගිරි ලිපියෙහි සඳහන් මතු දැක්වෙන අදහස්වලින් පැහැදිලි වෙයි.

f72c406fd73a2e9d1dd06aeb1f62e158 715 2සියලු ආගම්වල පැවිදි, ගිහි ජනයා හට රජතුමා දන් පිරිනමන්නේ ය. නොයෙකුත් පුද සැලකිලි ද කරන්නේ ය

’‘සියලු ආගම්වල පැවිදි, ගිහි ජනයා හට රජතුමා දන් පිරිනමන්නේ ය. නොයෙකුත් පුද සැලකිලි ද කරන්නේ ය. ඉන් රජතුමා ඊට වඩා අගයන දෙයක් තිබේ. ඒ සෑම ආගමකම සාරවෘද්ධි (සාරවර්ධී) යයි. සාරවෘද්ධිය විවිධාකාරය. ඉන් ප්‍රධාන වනුයේ වාග් සංවරයයි. තමන්ගේ ආගමට ගරු කරන අතරේ සෙසු ආගම් ගැරහීමට ලක් නොකළ යුත්තේ ය. විචාරයක දී පවා එය කෙටියෙන් මෘදු ලෙස කළ යුතු ය. ඒ එම ආගම කෙරෙහි ද ගෞරවයක් පෙරදැරිව ය. එවිට තමන්ගේ ආගම වැඩි දියුණු වෙයි. සෙසු ආගම් කෙරෙහි ද උපකාරක වෙයි. තම ආගම බැබලවීම පිණිස අන්‍යාගම්වලට ගරහන්නා තම ආගමට දරුණු හානි සිදුකර ගනියි. ආගමික සහජීවනය (සමවායො එව සාධු) වැදගත්ය. ඔවු’නොවුන්ගේ ධර්මයන් ගැන දැනගත යුතුය. සියලු ආගම් සම්බන්ධයෙන් බහුශ්‍රැත විය යුතුය. මෙම ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු පිණිස ධර්ම මහාමාත්‍යයන්, ස්ත්‍රී උපදේශිකාවන්, දේශ සීමා නිලධාරීන්, වෙනත් නිලධාරීන් පත් කොට ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ ධර්මයේ බැබලීම (ධමෙසච දීපනා) ය.”


අශෝක අධිරාජ්‍යය විවිධාකාර වාර්ගික ජන කොටස් වලින් සැදුම් ලද්දකි. හැම ආගමක් ම අදහන ජන කොටස්වලට ගරු කරන අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කරන ආගම් ප්‍රතිපත්තියක්  අනුගමනය කිරීම යනු සමාජ සහජීවන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමකි. එහෙත් සමාජයට හානිකර වූ යම් ක්‍රියාවක් කිසියම් ආගමක පිළිවෙතක් වී තිබේ නම් එය විවේචනය කිරීමට රජතුමා පසුබට නොවීය. එසේ විවේචනය කළ යුතු අංශ ඇත්නම් එය මෘදු ලෙස කිරීමටත් අවවාද කිරීම ඔහු ගේ ප්‍රතිපත්තිය බව ද එහි සඳහන් වීමෙන් ඔහු කුරිරු ආඥා දායකයකු නොවන බව පැහැදිලි වේ.දොළොස්වන ආඥා ගිරි ලිපිය මේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම සඳහා ලියවන ලද්දකි.

 
ඉතිහාසයේ සඳහන් වන අන්දමට ධර්මාශෝක අධිරාජ්‍යයා තම රාජ්‍යයෙන් බැහැර රටවල් දක්වා පවා ධර්මදූත ව්‍යාපාරය ක්‍රියාවට නංවනුයේ ඉහත සඳහන් අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනු පිණිස ය. එහෙත්, එය ඉහත සඳහන් කළ සියලු සත්වයන්ගේත්, ජීවී අජීවී සංයුතීන්ගේත් යහ පැවැත්ම උදෙසා මිස තම අධිරාජ්‍යයේ ව්‍යාප්තියක් සහ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් උදෙසා නොවන බව සත්‍යයකි.

’‘මහරජ, මේ භූමිය අපා (දෙපා නොමැති උරග) දෙපා (මිනිස්) සිව්පා (තිරිසන්) බහුපා (කෘමීන් ආදී) සතුන්ගේත් අහසේ පියාසර කරන පක්ෂීන්ගේත්, ජලයේ මසුන්ගේත් පොදු උරුමයකි. ඔබ එහි භාරකරු මිස හිමිකරු නොවේ.”

 

Thumbnail 3වත්මන් ශ්‍රී ලාංකිකයන් අදහන ජනප්‍රිය බුද්ධාගම මිහිඳු මාහිමියන් ලංකාවට ගෙන ආ එකක් ලෙස හෝ මහින්දාගමනය නූතන ඉන්දියානු ව්‍යාප්තවාදයේ සමාරම්භය ලෙස හඳුනා ගැනීම

 

මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමන් වෙත කරන ලදැයි පැවසෙන මෙම සුප්‍රසිද්ධ ප්‍රකාශය තුළින් වුව ඉන්දියාවෙන් අප රටට දායක වූ බුදු සමය හුදෙක් චිත්ත දමනය මුල් කොටගත් සදාචාර මාර්ගයක් මිස හුදෙක් ආගමක් නොවන බව පැහැදිලි ය. ඒ අනුව වත්මන් ශ්‍රී ලාංකිකයන් අදහන ජනප්‍රිය බුද්ධාගම මිහිඳු මාහිමියන් ලංකාවට ගෙන ආ එකක් ලෙස හෝ මහින්දාගමනය නූතන ඉන්දියානු ව්‍යාප්තවාදයේ සමාරම්භය ලෙස හඳුනා ගැනීම අප රටේ සුලබ ව ඇති රට දෙල්, රට අල විදේශයන් ගෙන් ආනයනය කරන බවක් විශ්වාස කිරීමක් මෙනි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේශණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...