ආරංචි හැටියට විශ්ව විද්‍යාල ඇදුරෝ ඉල්ලා හිටියේ ඒ ගොල්ලන්ගේ බදු බර අඩු කරන්න කියලා. ඊට වඩා ලෙහෙසි විසදුමක් යයි හිතලා වෙන්න ඇති ඇදුරන්ට විශේෂ දීමනාවක් දෙන්න ඇත්තේ. නමුත් ඒ නිසාම අනධ්‍යන සේවකයින්ද තමන්ගේ ඉල්ලීම් මතක් කරමින් ඇරඹු වැඩ වර්ජනය නිසා විශ්ව විද්‍යාල පද්ධතිය අවුල ජාලයක් වෙලා. වෙනත් ක්ෂේත්‍ර වලිනුත් තව තව වර්ජන ඉදිරියට එයි.
පසු ගිය ඉරිදා සාධාරණ සමාජයක් සඳහාවූ ව්‍යාපාරය විසින් “ නිරන්තර වැටුප් ප්‍රශ්න වලට ක්‍රමික විසදුමක් නැද්ද” යන මැයෙන් පසුගිය ජූනි 16 වැනිදා පැවැත්වුන 182 වැනි කතිකාව මෙහෙයවීමෙන් මා තේරුම් ගත්තේ ප්‍රශ්නයට මූලය වන්නේ අරටු බැසගත් සංසිද්ධි දෙකක් බවයි.
එනම්,
(1) බල සම්පන්න වෘත්තික කණ්ඩායම් වල බල පෑම් නිසා එතෙක් මෙතෙක් වැටුප් කොමිෂන් සභා වල සාධනීය නිර්දේශ නොසලකා හැරීම හෝ විකෘති කිරීම.
(2) අවිධිමත් ලෙස ප්‍රසාරණය වෙන රාජ්‍ය ආයතන ගණන හා අවිධිමත් ලෙස ඒවාට දේශපාලන අවශ්‍යතා අනුව පත්වීම් සිදු කිරීම නිසා දැරිය නොහැකි රාජ්‍ය අංශයයේ සේවක බර.
දැරිය නොහැකි රාජ්‍ය අංශයයේ සේවක බර.
තිරසාර විසදුමක් යනු මේ තිත්ත ඇත්ත දෙකට ආමන්ත්‍රනය කෙරෙන විසදුමකි. ඒ සඳහා පළමුව මගේ යෝජනා හා දෙවනුව ඒවාට හේතු පාදක කරුණු දක්වන්න මම කැමතියි.
යෝජනා අංක 1. ඉදිරි වසර කිහිපය තුල රාජ්‍ය ආයතන පිළිබඳව විගණනයක් කර, පවත්වා ගෙන යා යුතු, ප්‍රතිව්‍යුහගත කල යුතු හා වසා දැමිය යුතු ලෙස ආයතන වර්ගීකරණය කර ක්‍රියාත්මක වීම හා එම ක්‍රියාවලිය නිසා විතැන් වන රාජ්‍ය සේවකයින් සඳහා මානුෂීය වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම.
වැටුප් කොමිසමක් ස්ථාපිත කරන පනතක් වහාම හදුන්වා දීම
යෝජනා අංක 2. ඉන්දියාවේ මෙන් කාලීනව වැටුප් ප්‍රතිපත්ති සංශෝධන කිරීම සඳහා වසර දහයකට වරක් පත්වන වැටුප් කොමිසමක් ස්ථාපිත කරන පනතක් වහාම හදුන්වා දීම හා ඒ තුලින්.
a. රජයේ ඕනෑම වැටුප් හෝ දීමනා වැඩි කිරීමක් එම ප්‍රතිපත්ති අනුව කෙරේද යන්න සලකා බලා අනුමත කිරීමේ වගකීම රජයේ බලධාරියකුට හෝ බලධාරී මණ්ඩලයකට පැවරීමද එම පනත තුලින් සිදු කිරීම
b. සියලු රජයේ සේවාවන් වල වැටුප් ගැටළු අනිවාර්ය බේරුම්කාර යාන්ත්‍රණයකට යොමු කිරීම
c. අවසාන වශයෙන් නිශ්චිත කාලයක් ඇතුලත රාජ්‍ය සේවක අවම වැටුප හා විශ්‍රාම වැටුප ජීවන වියදමට සරිලන ලෙස හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස සෑහෙන පමණකින් වැඩි කිරීම.
මෙයින් පළමුවැනි යෝජනාව ඉතාම අසීරු නමුත් සමාජයක් හැටියට අප විසින් කල යුත්තක්. 2024 නොවැම්බර් අයවැය කතාවෙන් රජයේ සේවකයින්ට පොරොන්දු වූ 10,000 ක් දීමනාව දෙන්න වැට් බද්ද 15% සිට 18% ට වැඩි කරන්න වුනා. දීමනාව දුන්නෙත් මාස ගණනක් පහුවෙලා. මේ පැලැස්තර විසදුම් වලට සීමාවක් තියෙනවා.
2005 සිට අද දක්වා කාලය තුල රජයේ සේවකයින් ගණන දෙගුණයක් වූයේ අවශ්‍යතාවය මත නොව දේශපාලන හේතු නිසා බව පැහැදිලියි.
2005 සිට අද දක්වා කාලය තුල රජයේ සේවකයින් ගණන දෙගුණයක් වූයේ අවශ්‍යතාවය මත නොව දේශපාලන හේතු නිසා බව පැහැදිලියි. රාජ්‍ය සේවයේ ආයතන වල ඇති රික්තයක් ඇති බවත් ඒ සදහා අවංක විසදුමක් මෙතෙක් ඉදිරිපත් කර ඇති එකම කණ්ඩායම පාටලී චම්පික රණවක ප්‍රධාන එක්සත් ජනරජ පෙරමුණයි. ඔවුන්ගේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” යන ප්‍රකාශනයේ සඳහන් වන්නේ “රාජ්‍ය සේවක අවම වැටුප් හා විශ්‍රාම වැටුප ජීවන වියදමට සරිලන ලෙස නැවත සකස් කල යුතුය” කියන ගමන් “දැනට ඇති 1200 ක පමණ රාජ්‍ය ආයතන වල කාර්යයන් පිළබඳව විද්‍යාත්මක කළමනාකරණ විගනණයක් සිදු කොට එමගින් (1) වසා දැමිය යුතු (2) ප්‍රතිව්‍යුහගත කර හෝ ඒකාබද්ධ කර පවත්තා ගත යුතු හෝ (3) අර්ධ හෝ පූර්ණ පෞද්ගලීකරණයට ලක් කර යුතු ලෙස වර්ගීකරණය කර රාජ්‍ය ආයතන කාර්යක්ෂම කළ යුතුය” ලෙස ප්‍රයෝගික මගක් පෙන්වා දීමයි.
දෙවන යෝජනාවට හේතු සාධක කරුණු සාධාරණ සමාජයක් සඳහාවූ ව්‍යාපාරයේ 182 වැනි කතිකාවේ සම්පත් දායකයකු ලෙස ලෙස සහභාගී වූ 2018 වැටුප් කොමිෂන් සභාවේ සභාපති එස්. රනුග්ගේ මහතා විසින් පෙන්වා දුන්නා. ඔහු සඳහන් කළ පරිදි එතෙක් මෙතෙක් වැටුප් විෂමතා පිලිබඳ කෙරුණු අධ්‍යනයන් හා යෝජනාවන් රැසක් - එනම් 1981 (වික්ටර් තෙන්නකෝන්), 1988 (එච්. එස්. වනසිංහ), 1997 (බී. එස්. පෙරේරා) , 2005 (තිස්ස දේවේන්ද්‍ර), 6/2006 චක්‍ර ලේඛනය (පරිපාලන සේවා), 2018 (එස්. රනුග්ගේ) ලෙස - ඇතත් ඒවා විධිමත්ව ක්‍රියාත්මක කිරීමක් මෙතෙක් සිදුවී නැහැ.
කමිටු යෝජනා යටපත් වෙමින් බල සම්පන්න වෘත්තික කණ්ඩායම් වල බල පෑම් නිසා යම් යම් තනතුරු පමණක් ඉලක්ක කරගනිමින් කෙරෙන අවිධිමත් වැටුප් සහ/හෝ දීමනා වැඩි කිරීම් නිසා සමස්ත රාජ්‍ය වැටුප් විෂයම අවුලක් වී ඇති බව රනුග්ගේ මහතා විසින් පෙන්වා දුන්නා.
ඊට අමතරව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ නියෝජිතයින් පෙන්වා දුන් විධියට පසු ගිය වැටුප් කොමිසම් වාර්තා තුලින් එක් එක් තනතුරට අවශ්‍ය සුදුසුකම, තනතුරේ වගකීම, රාජකාරියේ සංකීර්ණතාවය, හා වෙනත් නිශ්චිත හඳුනා ගත් කරුණු අනුව පාරදෘශ්‍ය ක්‍රම වේදයකට වැටුප් තල සැකසීම පිළිබඳව සාධනීය යෝජනා තිබුනත් ඒවා ක්‍රියාත්මක කෙරිලා නැහැ. කොමිසම් වාර්තා එනවා. ඒවා යට ගැහෙනවා.
එළඹෙන මැතිවරණ සමයේ වැටුප් ප්‍රශ්නයේ මූලික හේතු සහ ඒවා මැඩලීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් පිළිබඳව දේශපාලන පක්ෂ වල අවධානය යොමු කිරීම අප සැමගේ වගකීමක්.
(ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
gamage@gmail.com



