The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ග්‍රහලෝක සහ ලෝකයෝ

T

The Leader Desk

June 23, 2024 • 5:56 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ග්‍රහලෝක සහ ලෝකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම්, ජල ගැලීම් නවත්වාලනු වෙනුවට නගරය ඉහළට ඔසවා තැබීමයි.
  • අපි මේකෙ යුදෙව් රාජ්‍යයක් ඇති කරනවා.'' එය ඇසූ පලස්තීනුවාගේ ලේ රත් විය.
  • දැන් ගාසා තීරයත් විනාශ කරල දැම්මා.
  • ලෝකයේ වැඩිම මුඩුක්කුවාසීන් වෙසෙන රට වීම ද ඊට එක් සුදුසුකමක් විය හැකිය.'' ඉන්දියානුවන්, වෙළෙඳාමට ශූරයන් බව කවුරුත් දනිති.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම්, ජල ගැලීම් නවත්වාලනු වෙනුවට නගරය ඉහළට ඔසවා තැබීමයි.

(කොළොන්නාව, කොලම් මගින් එසැවීමටත් පිළිවන් යැයි සමහරු සිතනවා විය හැකිය.)

කෙසේ වෙතත්, මෙය කාගේ හෝ විශ්මිත පරිකල්පනාවක් මිස, සූස්ති කල්පනාවක් ලෙස බැහැර කළ යුත්තක් නොවේ. 

අනෙක් අතට, කොළොන්නාව ඉහළට එසැවීමෙන් ආරම්භ කෙරෙන මෙම අපූර්ව ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමෙන් අවසානයේදී ආර්ථික ගොහොරුවේ ගිලී සිටින මුළු සිරි ලංකාවම ඉහළට ඔසවා තැබීමටද බැරිකමක් නැත.

 

440a2376 c018 4a41 83a8 9c32086bbee8 4 days budget package mediumනුවරුන්ගේ වාසනාවට හෝ අවාසනාවට එය ක්‍රියාත්මක වූයේ නැත.

මඳ කලකට ඉහත මහනුවර නගරයේ රථවාහන තදබදයට පිළියමක් වශයෙන් නගරයට යටින් උමඟක් කැපීමට යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. නුවරුන්ගේ වාසනාවට හෝ අවාසනාවට එය ක්‍රියාත්මක වූයේ නැත. රථවාහන පමණක් නොව ''කොමිස්'' ද දිවෙන්නට තිබුණු එම උමං ව්‍යාපෘතිය ගැන කතා කළවුන් අද නිහඬය. රථවාහන තදබදය එසේමය. කෙසේ වෙතත්, ඓතිහාසික නගරයක් ගිලා බැස විනාශ වනවාට වඩා, රථවාන තදබදය පැවතීම වඩා යහපත් යැයි ඔවුන් කල්පනා කළා විය හැකිය.

1TfIqQpwfXov287CCqjhetgබොහෝ විට, මෙබඳු මහා පරිමාණ ව්‍යාපෘති, යෝජනා ක්‍රම පටන් ගැනීමේදීම නතර වන්නේ ''අත යට වාසි'' නැතිවෙන කොටය.

බොහෝ විට, මෙබඳු මහා පරිමාණ ව්‍යාපෘති, යෝජනා ක්‍රම පටන් ගැනීමේදීම නතර වන්නේ ''අත යට වාසි'' නැතිවෙන කොටය. එසේත් නැතිනම්, විදේශීය සමාගම් ''වෙරි සොරි'' කියා සිතියම් අකුලාගෙන යාමත් සමඟය.

දේශීය යෝජනා ක්‍රම ගැන කියද්දී, මෑතක කියැවූ විදේශීය උපහාස කතාවක් මතකයට නැගෙයි.

අලුත සොයාගත් මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝකය මත විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා නාසා ආයතනය මගින් අභ්‍යවකාශ චාරිකාවක් සංවිධානය කෙරුණි.

imgonline com ua Piconpic SQa5sRcWTZපලස්තීනය හා ඊශ්‍රායලයටද අවස්ථාවක් දීමට තීරණය වූයේ, යුද්ධය නතර කිරීමේ කොන්දේසියක් මතය.
චාරිකාවේ ප්‍රධානියා වූයේ, ඇමෙරිකානු අභ්‍යවකාශගාමියෙකි. පලස්තීනය හා ඊශ්‍රායලයටද අවස්ථාවක් දීමට තීරණය වූයේ, යුද්ධය නතර කිරීමේ කොන්දේසියක් මතය.

ග්‍රහලෝකය මතට පා තැබීමෙන් පසු, ඇමෙරිකානුවා දෑත් දෙපසට විහිදුවා ආඩම්බරයෙන් මෙසේ කීය.

''මේ ග්‍රහයා අයිති ඇමෙරිකාවට. තමුන්ලට මෙහෙ ව්‍යාපෘති පටන් ගන්න පුළුවන්. හැබැයි අපිට යටත්ව.''

එවිට, ඊශ්‍රායල් ජාතිකයා ඊට එරෙහි විය. ''හැමදාම අපිට අනුන්ට යටත්ව ඉන්න බෑ. මේ ග්‍රහලෝකය අපිටත් අයිතියි. අපි මේකෙ යුදෙව් රාජ්‍යයක් ඇති කරනවා.''

 

istockphoto 97486437 612x612එය ඇසූ පලස්තීනුවාගේ ලේ රත් විය.

 

එය ඇසූ පලස්තීනුවාගේ ලේ රත් විය.

''අපිට තමයි හැමදාමත් කුඩම්මගෙ සැලකිලි. දැන් ගාසා තීරයත් විනාශ කරල දැම්මා. අපිට මේ ග්‍රහලෝකයම උරුම කර ගන්න ඕනෙ.''
''මොකක්ද තියෙන උරුමය?''

පලස්තීනුවා එක්වරම තම පිස්තෝලය ගෙන, පපුවට වෙඩි තබා ගත්තේය. ඔහුගේ ලෙයින් භූමිය තෙත් වුණි.

''අපේ උරුමය ලේ උරුමය. දැන් මේ භූමිය අපිට අයිතියි.''

පලස්තීනුවා මැරී වැටුණේ අතින් පස් මිටක් ගුලි කර ගනිමිනි.

 

3854e45f3a7613aad7bb375f7e7eebda''තමුසෙලාට උරුම යුද්ධයම විතරයි. මුළු විශ්වයම උරුම අපිටයි.''
ඇමෙරිකානුවා, තම පිස්තෝලය ගෙන යුදෙව්වාට වෙඩි තබා බිම හෙළුවේය.

''තමුසෙලාට උරුම යුද්ධයම විතරයි. මුළු විශ්වයම උරුම අපිටයි.''

ඉන්දියාවද, අභ්‍යවකාශ තරණය ගැන දැන් විශාල උනන්දුවක් දක්වයි. ඒ පිළිබඳව එරට උපහාස තීරු රචකයකු මෙසේ ලියා තිබුණි.

''ලෝකයේ බලවත්ම ජාතීන් අතරට එක්වීමට නම්, අපටත් පිට ග්‍රහලෝකයකින් අක්කර දෙක තුනක් හෝ අයිතිය තිබිය යුතුය. ලෝකයේ වැඩිම මුඩුක්කුවාසීන් වෙසෙන රට වීම ද ඊට එක් සුදුසුකමක් විය හැකිය.''

ඉන්දියානුවන්, වෙළෙඳාමට ශූරයන් බව කවුරුත් දනිති. එක් ඉන්දීය ව්‍යාපාරිකයෙක් උපක්‍රමශීලීව සඳ මතට පැන ගත්තේය. 

 

5136''නෑ. මෙහෙ ටැක්ස් ෆ්‍රී නෙ.''
එහිදී ඔහු ඔරලෝසු නිපදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඉන්දියානුවා මෙන්ම, සඳට පැනගත් පකිස්ථානුවෙක් තම අසල්වැසියාගෙන් මෙසේ ඇසීය.

''තමුසෙ මෙහෙ ඇවිත් ඔරලෝසු හදන්නෙ ඇයි? පාඩු නැද්ද?''

''නෑ. මෙහෙ ටැක්ස් ෆ්‍රී නෙ.''

ඒ වුණාට කා එක්කද බිස්නස් කරන්නෙ? මෙහෙ මිනිස්සු ඉන්නවයැ.''

''මං බිස්නස් කරන්නෙ ඉන්දියාවත් එක්කමයි.''

''ඒ කොහොමද?''

 

heeyw ඒගොල්ලො එහෙදි ඒවයෙ Made in China කියල ගහලා ඉන්දියාවට විකුණනවා
''මං මේවා මෙහෙට එන චීන යානාවක පටවල චීනෙට යවනවා. ඒගොල්ලො එහෙදි ඒවයෙ Made in China කියල ගහලා ඉන්දියාවට විකුණනවා.''

පකිස්ථානුවා නිහඬ විය.

ඉන්දියාව ද නිතර ජල ගැලීම්වලට ගොදුරු වන රටකි. එහෙත් ඔවුන්, ඊට විසඳුම් වශයෙන් නගර ඉහළට එසැවීමට නොයයි. ඒ වෙනුවට පකිස්ථානයට වරද පැටවීමට උත්සාහ කරයි. ඒ අතරම, ගංවතුර බැස යනතුරු ඉන්දියාව ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් තරග නැවත විකාශනයට කටයුතු යොදයි.

 

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...