The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ලෝක වාර්තාවක් තැබිය හැකි අපේ දන්සල්වලට ඇයි මේ කෙනහිලි? – (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

June 24, 2024 • 11:19 AM

ලෝක වාර්තාවක් තැබිය හැකි අපේ දන්සල්වලට ඇයි මේ කෙනහිලි? – (සුනිල් කන්නන්ගර) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැම් විටක වෙසක් වලටත් වඩා උත්සවශ්‍රීයෙන් රටේ සමරන්නේ පොසොන්‍ ය.
  • ඒ අනුව උතුරු මැද, ඌව සබරගමුව, වයඹ, නැගෙනහිර පලාත්වල බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරන්නේ පොසොන් පොහොයයි. පොසොන් පොහොයේ දී මෙරට සිදුවුණු වැදගත්ම සිද්ධිය වන මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායමේ සපැමිණීම සිදුවුණේ මිහින්තලයට බව ප්‍රකට ය.
  • මීට හේතුව ඓතිහාසික සම්බන්ධයක් නිසා සිදුවන්නක් බව කිව හැකි ය.
  • මිහින්තලයේදී එවක රජරට රාජ්‍ය පාලකයා ලෙස සිටි දේවානම් පියතිස්ස රජු හමු වූ ධර්ම දූත කණ්ඩායම අනුරාධපුරය කේන්ද්‍ර කරගත් රජරට රාජ්‍යයේ පමණක් නොව එකල ලක්දිව පිහිටා තිබුණු රුහුණේ රාජ්‍යයන්ට ද බුදුදහමේ පණිවුඩය ගෙන ගිය බව නිසැක ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම් විටක වෙසක් වලටත් වඩා උත්සවශ්‍රීයෙන් රටේ සමරන්නේ පොසොන්‍ ය. වෙසක් පොහොය උත්සවශ්‍රීයෙන් සමරන්නේ රටේ සීමිත ප්‍රදේශයක් වන බස්නාහිර පලාතේ හා ගාලු දිස්ත්‍රික්ක වල පමණි. නමුදු පොසොන් උත්සවය එසේ නොවේ. වෙසක් උත්සවය උත්කර්ෂවත්ව සමරන ප්‍රදේශ හැර ඉතිරි බෞද්ධ ජනතාව ජීවත්වන සෑම ප්‍රදේශයකම ප්‍රධාන ආගමික උත්සවය පොසොන්‍ ය. ඒ අනුව උතුරු මැද, ඌව සබරගමුව, වයඹ, නැගෙනහිර පලාත්වල බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරන්නේ පොසොන් පොහොයයි. 

 

පොසොන් පොහොයේ දී මෙරට සිදුවුණු වැදගත්ම සිද්ධිය වන මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායමේ සපැමිණීම සිදුවුණේ මිහින්තලයට බව ප්‍රකට ය.
මීට හේතුව ඓතිහාසික සම්බන්ධයක් නිසා සිදුවන්නක් බව කිව හැකි ය. පොසොන් පොහොයේ දී මෙරට සිදුවුණු වැදගත්ම සිද්ධිය වන මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායමේ සපැමිණීම සිදුවුණේ මිහින්තලයට බව ප්‍රකට ය. මිහින්තලයේදී එවක රජරට රාජ්‍ය පාලකයා ලෙස සිටි දේවානම් පියතිස්ස රජු හමු වූ ධර්ම දූත කණ්ඩායම අනුරාධපුරය කේන්ද්‍ර කරගත් රජරට රාජ්‍යයේ පමණක් නොව එකල ලක්දිව පිහිටා තිබුණු රුහුණේ රාජ්‍යයන්ට ද බුදුදහමේ පණිවුඩය ගෙන ගිය බව නිසැක ය.  

 

image 7a7957963cඅම්පාරේ රජගල දක්නට ලැබෙන මුල්කාලීන පර්වත ලිපිය

ඒ අනුව රජරට ප්‍රදේශයේ ද රුහුණේ ද බුදුදහම ව්‍යප්තියට මිහිඳු හිමි ප්‍රමුඛ ධර්මදූත පිරිස යොමු වන්නට ඇති බව කිව හැකිය. මේ බව සනාථ කෙරෙන ප්‍රධාන ශිලා ලේඛනමය සාධකය වනුයේ එකල රුහුණට අයත් වර්තමාන අම්පාරේ රජගල දක්නට ලැබෙන මුල්කාලීන පර්වත ලිපියකි. මේ පර්වත ලිපියෙහි මුල්කාලීන බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවී ඇත්තේ “යෙ ඉමදීප පඨමය ඉදිය අගතන ඉඨික තෙරහ මහිද තෙරහ තුබෙ.”යනුවෙනි. එහි සිංහල අරුත ලෙස දක්වා ඇත්තේ “මෙම දිවයිනෙහි අභිවෘද්ධිය උදෙසා වැඩම කළ ඉට්ඨිය තෙරුන් ගේ හා මහින්ද තෙරුන්ගේ දාගැබයි.”යන්නයි . මෙහිදී “ඉදිය අගතන” යන්න පරිවර්තනය කර ඇත්තේ “අභිවෘද්ධිය උදෙසා වැඩම කළ”යනුවෙනි.ඉදිය යන්න “අභිවෘද්ධිය” යන අර්ථය මෙන්ම “සෘධියෙන්” යන අර්ථය ද දෙන බැවින් ඇතමෙකු එය “සෘධියෙන් වැඩම කළ “යනුවෙන් ද හැඳින්වීමට කැමතිය.

බෞද්ධයනි අවදිවව් ! පොසොන් මාසයේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් !!මිහිඳු හිමියන්ගේ ධර්මදූත මෙහවරට පාත්‍රවුණු රුහුණ රජරට මුලු කලාපයම වර්තමානයේ පවා වෙසක් පොහොයට වඩා උත්සවාකාරයෙන් සමරන්නේ පොසොන් පොහොයයි.

 

කෙසේ වුවද මෙය මහාවංශය ඇතුලු පසුකාලීන ලිඛිත මූලාශ්‍ර ගණනාවක ඇතුලත් වන මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්මදූත කණඩායමේ සපැමිණීම ඊට ආසන්නතම වකවානුවක සටහන් කර ඇති ඉතාම වටිනා ලිඛිත සාධකයකි. මේ අන්දමින් මිහිඳු හිමි ප්‍රමුඛ ධර්ම දූත පිරිස ගේ සපැමිණීම සඳහන් වන මෙතෙක් ලැබී ඇති අනික් එකම ශිලාලේඛනය පිහිටා ඇත්තේ මිහින්තලයේ ය. මේ රජගල ලිපිය පිහිටි ගල්තලාවේ ආසන්න කෙලවරේ ඉපැරණි ගල් වලින් කරන ලද දාගැබක නටබුන් ද ඇත. මේ ලිපියේ සඳහන් දාගැබ එය බවත් එය ඉට්ඨිය හිමියන්ගේ හා මිහිඳු හිමියන්ගේ ශාරීරික ධාතුන්‍ තැන්පත් කර ඉදිකරන්නට ඇති බවත් ඉන් සනාථ වේ. මෙසේ විස්තර වන මිහිඳු හිමියන්ගේ ධර්මදූත මෙහවරට පාත්‍රවුණු රුහුණ රජරට මුලු කලාපයම වර්තමානයේ පවා වෙසක් පොහොයට වඩා උත්සවාකාරයෙන් සමරන්නේ පොසොන් පොහොයයි. මේ පලාත්වල පොසොන් සැමරීමේ සිරිතට ඇති ඓතිහාසික සම්බන්ධය සැකෙවින් මෙය වේ.

 

වායාම 68 : සමනාරාමයේ සමනයන් - (සුජිත් අක්කරවත්ත) මිහිඳු හිමි ප්‍රමුඛ ධර්ම දූත පිරිස ගේ සපැමිණීම සඳහන් වන මෙතෙක් ලැබී ඇති අනික් එකම ශිලාලේඛනය පිහිටා ඇත්තේ මිහින්තලයේ ය.
තත්වය මෙසේ තිබියදී දිවයිනේ බස්නාහිර හා දකුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙසක් පොහොය උත්සවාකාරයෙන් සැමරීම ආරම්භ වී ඇත්තේ ඕල්කට් තුමාගේ ලංකාගමනයෙන් පසුව බව පෙනේ. ඇමරිකානු ජාතික හෙන්‍ රි ස්ටීල් ඕල්කට් තුමා පානදුරා වාදය ගැන වාර්තා කියවීමෙන් පසු මෙරටට පැමිණි බව පැවසේ. මෙරටට පැමිණ බුදුසමය වැළඳගත් ඔහු වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සැමරීම ආරම්භ කළ බවත් ඒ සඳහා ඇන්ග්ලිකානු ක්‍රිස්ත්‍රියානි ආගමේ ජේසුස් වහන්සේගේ උපත සැමරීමට යොදාගත් උත්සව අංග බෞද්ධකරණයට ලක් කර සකස් කරගත් බවත් කියනු ලැබේ. ඒ අනුව නත්තල් කැරොල් වෙනුවට වෙසක් භක්ති ගීත, වෙසක් ලාම්පු වෙසක් කූඩු, ගවලෙන වෙනුවට සල් උයන් යොදා ගන්නා ලද බව පෙනේ.

 

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)නත්තල් කැරොල් වෙනුවට වෙසක් භක්ති ගීත, වෙසක් ලාම්පු වෙසක් කූඩු, ගවලෙන වෙනුවට සල් උයන් යොදා ගන්නා ලද බව පෙනේ.
පසු කාලීනව විදුලි බලය ලැබීමෙන් පසුව මේ වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් තොරණ නම් අපූරුතම නිර්මාණයක් ද මෙරට ශිල්පීන් විසින් හදුන්වා දෙන ලදී. මෙසේ සැකසුණු වෙසක් උත්සවය ඕල්කට් තුමා වැඩි වශයෙන් ගැවසුණු ගාල්ලේ හා බස්නාහිර පලාතේ උත්කර්ෂවත් බවට උත්සවය බවට පත්වී ඇත. මේ වෙසක් උත්සවයේ කේන්ද්‍රස්ථාන දෙකක් අප කුඩා කල දැකිය හැකි විය ඒ කොළඹ හා අම්බලන්ගොඩයි. බස්නාහිර පලාතේ කළුගගෙන් උතුරේ වෙසක් කේන්ද්‍රස්ථානය කොළඹ නගරය වූ අතර කළුගඟෙන් දකුණේ වෙසක් කේන්ද්‍රස්ථානය අම්බලන්ගොඩ නගරය විය. මේ වෙසක් උත්සවයට සාම්ප්‍රදායික බෞද්ධ සම්ප්‍රදායෙන් එක් කළ එකම ප්‍රතිපත්තිමය පූජාව වන්නේ දන්සල ය. මෙම සටහනේ කේන්ද්‍රීය මාතෘකාවට පිවිසිය යුත්තේ එතැනිනි.

 

551106 341475199257713 1693703117 nදන්සල් පැවැත්වීම අනුරාධපුර යුගයේ පවා රජවරුන් විසින් සිදුකල දානමය සත් ක්‍රියාවකි.

දන්සල් පැවැත්වීම අනුරාධපුර යුගයේ පවා රජවරුන් විසින් සිදුකල දානමය සත් ක්‍රියාවකි. දුගී මගී යාචකාදීන්ට ආහාර සැපයීම එයින් සිදු කෙරිණ. එකල දන්සලේ අනුග්‍රාහකයා වූයේ රාජ්‍ය පාලකයා ය. ගමන් බිමන් යන මහජනයාගේ කුසගිනි සා පිපාසා නිවීම සඳහා ආහාර පාන සැපයීම බෞද්ධ සමාජයේ සැලකෙන්නේ විශාල පින් අයිති වන ක්‍රියාවන් ලෙස ය. මේ පුණ්‍ය ක්‍රියාව බොහෝ පාලකයින් විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ජනතාවට ආදර්ශයක් දුන්හ. ඒ අනුව ජනතාව ද තමන්ට හැකි පරිදි ගමන් බිමන් යන අයට ආහාර පාන සම්පාදනය කිරීමේ සිරිත අනුගමනය කළහ. බෞද්ධ සමාජයේ පැවති මේ වටිනා සිරිත පිළිබඳව අප ද කුඩා කල පටන්ම අත් දැක ඇත.

මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන ඔබ දැන සිටිය යුතු කරුණු 7ක්ගාලු කෝරළයේ ජනතාව සබරගමුවට ගියේ වැඩි වශයෙන්ම ශ්‍රීපාද වන්දනාවට ය.

 

බස්නාහිර පලාතේ පස්‍ යොදුන් කෝරලයේ නැගෙනහිර මායිමේ මහා වනාන්තරයට මායිම්ව තිබෙන අපේ ගම අතීතයේ දී දකුණේ ගාලුකෝරළයේ හා සබරගමුව අතර ගමනේ කෙන්ද්‍රස්ථානයකි. ගාලු කෝරළයේ ජනතාව සබරගමුවට ගියේ වැඩි වශයෙන්ම ශ්‍රීපාද වන්දනාවට ය. එකල අද මෙන් යාන වාහන ගමනාගමනය නොතිබුණු බැවින් බොහෝ දෙනා මේ වන්දනාවේ ගියේ පා ගමනිනි දකුණේ අම්බලන්ගොඩ දක්වා වන ප්‍රදේශවලින් පාගමනින් එන වන්දනා නඩ ගමනේ එක්‍ රාත්‍රියක් නවාතැන් ගත්තේ අපේ ගමේ දී බව මගේ පියා අප සමග පවසා ඇත. පියාගේ මහ ගෙදර පිහිටා තිබුණු කන්නන්ගරගොඩේ පරණවත්තේ මහගෙදර බිමේ එම පැරණි නිවසේ අතිවාරම අපි කුඩා කාලයේදීත් දක්නට ලැබුණි. ඒ නිවස අසලම තවත් දිගින් වැඩි හා පළලින් අඩු ගොඩනැගිල්ලක අත්තිවාරමක් ද විය. අපි උඩහගෙදර ආච්චි නමින් හැඳින්වූ මගේ පියාගේ මව ඒ අතිවාරම පෙන්වා අපට පැවසුවේ ඒ වන්දනා කරුවන්ගේ නවාතැන් සඳහා තනා තිබූ ගොඩනැගිල්ල බව ය . ගෙවල් දහයක් පමණ තිබූ කන්නන්ගර ගොඩේ සෑම නිවසකම පාහේ වන්දනා කරුවන්ගේ නවාතැන් සඳහා තැනූ ගොඩනැගිල්ලක් වූ බවත් සිරිපා වන්දනා සමය ආරම්භයට පෙර ඒ ගොඩනැගිල්ලේ ගොමමැටි ගා පොල අතු සෙවිලි කර දර එක්‍ රැස්කර වන්දනා කරුවන් සඳහා සූදානම් කර තබන බවත් වන්දනා නඩ වල ආහාර පිසීම සඳහා විශාල හට්ටි මුට්ටි ඇතිලි ආදිය ද නිවසේ සූදානම්ව තිබුණු බවත් ඇය කීවා ය.

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාවදන්සල් වන්දනාව
එසේම කොස් ගස්වල පැසුණු කොස් වෙන් කර වැල වරකා ඉදවා කෙසෙල් කැන් වෙන් කර ඉදෙන්නට තබා අටු කොස් වැලිකොස් ඇට අල බතල වර්ග ආදිය ද වන්දනා සමයේ දී වන්දනා කරුවන්ට සංග්‍රහ කිරීමට සූදානම් කර තබන බවත් මේ කිසිවක් මුදල් සඳහා නොව පින් තකා කරන සත්කාර බවත් ආච්චි අම්මා අපිට විස්තර කර දුන්නා ය. මේ වන්දනා කරුවෝ දුගී දුප්පතුන් පමණක් නොව ඒ ප්‍රදේශවල ව්‍යාපාරිකයින්, ඉඩම් හිමියන්, වෛද්‍ය වරුන්, ගොවීන්, කාර්මිකයන් ආදී බහුතර ජන කොටස් වලින් සමන්විත වූහ.

මේ අය මඟ දිගට වන්දනා චාරිකාවේ දී ගම් වැසියන් විසින් පුණ්‍ය චේතනාවෙන් කරන සත්කාර විඳිමින් පින් දෙමින් සතුටින් වන්දනාව නිම කළහ. වන්දනා නඩ ආපසු ගමනේ දී බොරළුගොඩ කන්නන්ගරගොඩ ආසන්න වන විට නාමල් වතුර නම් ස්ථානයට පැමිණි පසු ඔවුන්ගේ තුන්සරණය ගායනය කන්නන්ගරගොඩට ඇසෙන්නට පටන්ගන්නා බවත් එවිට අපේ ආච්චි අම්මා වතුර මුට්ටිය ලිප තබා වන්දනා කරුවන්ට කෝපි පොල්පලා බෙලිමල් වැනි පානයන් සූදානම් කිරීම අරඹන බවත් හරියට වතුර මුට්ටිය පැහෙන විට වන්දනා නඩය නිවස අසලට එන බවත් අපට විස්තර කළාය.

මේ වන්දනා කරුවන්ට කරන සත්කාර අපේ ගමෙන් මැකී ගියේ 1940 දශකයේදී පමණ මාර්ග පද්ධති වැඩි දියුණු වී වාහන ගමන් බිමන් බහුල වීමත් සමග විය යුතු ය. ඉන් පසුවත් අපේ ගමේ නිවෙස්වල දහවල් බත සැකසුණේ නිවසේ සිටින ප්‍රමාණයට අතිරේකව තවත් අයෙකුට දෙදෙනෙකුට ප්‍රමාණවත් පරිදි ය. ඒ හදිසියේ බඩගිනි කාරයෙක් ආවොත් කන්න දෙන්නය. අපේ ආච්චි අම්මාගේ දවල් බත් මුට්ටියේ හදිසි බඩගිනි කාරයාට වෙන්කරන කොටසින් සවස පහට පමණ වන විට කුඩා අපගේ බඩගින්න ද නිවෙයි. දහවල් වන විට පාරේ යන පිට ගංකාරයෙකු දුටුවොත්‍ යන්නේ කොහේදැයි විමසා දිවා ආහාරයට ආරාධනා කළේ “දැන් දවල්වෙලා නේ එනව තියෙන හැටියට මොනව හරි කාල යන්න” කියා ය.

dansal s වෙසක් හා පොසොන් උත්සවවලදී දන්සල් හැටියට එන්නේ මේ ජානගත පුරුද්ද ය

 

මෙන්න මේ පරිද්දෙන් ගමන් බිමන්‍ යන්නවුන්ට සංග්‍රහ කිරීමේ ක්‍රියාව මේ රටේ ජනතාවගේ ජානගතව පවතින්නකි. වෙසක් හා පොසොන් උත්සවවලදී දන්සල් හැටියට එන්නේ මේ ජානගත පුරුද්ද ය. කුඩා දරුවන් පවා සිසිල්බීම දන්සලක් දී මේ දාන ක්‍රියාව පවත්වන්න ට පුරුදු වෙති. වැඩිහිටි හා තරුණ වයස්වල අය බත්, නූඩ්ල්ස්, රොටි, ආප්ප, කඩල, මඤ්ඤොක්කා දන්සැල් ද ගැටවර ගැටවරියෝ බත් , අයිස්ක්‍රීම් දන්සැල් යෝගට් වැනිදෑද කුඩා අය සිසිල් බීම බිස්කට් ආදී දන්සැල්ද දෙමින් මේ දානමය ක්‍රියාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යති. 

වෙසක් එකට බස්නාහිර හා ගාලුපලාතේ ප්‍රධාන වශයෙන් සිදුවන මේ උත්සවශ්‍රීය දිවයිනේ සෙසු පලාත්වල පවත්වන්නේ පොසොන් පෝයට ය. අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, මොනරාගල, රත්නපුර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, ආදී ප්‍රදේශවල පොසොන් පෝය අතිඋත්සවශ්‍රීයෙන් බැබලෙයි. අගනුවර හා බස්නාහිර වෙරලබඩ තීරුවේ වෙසක් තොරණ පොසොන් පෝයට අනුරාධපුර, පොලොන්නරුව අම්පාර බඳු පලාත්වල සවි කර ප්‍රදර්ශනය කෙරේ. විවිධ වර්ගවල ආහාර පාන දන්සල් වෙසක් වලදී තිබුණාට වඩා පොසොන් පෝයට ඒ ඒ පලත් වල සංවිධානය කෙරේ. වෙසක් එකට දක්නට නොලැබෙන කානිවල් සැනකෙළි පොසොන් උත්සවය නිමිත්තෙන් උතුරුමැද නැගෙනහිර සබරගමුව බඳු පලාත්වල සංවිධානය වෙයි. සංගීත ප්‍රසංග ආදී ප්‍රසංගාත්මක සංදර්ශන ද අඩු නැතුව පවත්වයි. පොසොන් උත්සවය නිමිත්තෙන් සතියක පමණ විශාල විනෝද ජනක සැනකෙළි ඒ පලාත්වල ක්‍රියාත්මක වෙයි. එහිදී ද දන්සල අඩු නොවේ. මේ උත්සවශ්‍රීය නුවර ප්‍රදේශයට ඇතිවන්නේ ඇසළ පොහොයට අවසන් වන මහනුවර දලදා පෙරහැරට සමගාමීව ය. ඒ නිමිත්තෙන් දන්සල් කෑගල්ල වැනි ආසන්න ප්‍රදේශවල සිට පෙරහැර බැලීමට යන ජනතාව වෙනුවෙන් සිදු කෙරේ.

මේ අනුව අප රටේ වෙසක් පොසොන් උත්සව නිමිති කරගෙන කරන ආමිස පූජා ස්වරූපයේ කටයුතු බොහොමයක් කතෝලික හා ඇන්ග්ලිකන් ආගමික උත්සව ආභාෂයෙන් බෞද්ධකරණය කෙරුණු දේ බවත් ඊට ප්‍රතිපත්තිමය පැත්තෙන් සම්බන්ධ වන ප්‍රධානම අංශය වන්නේ දිගු කලක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් විසින් පුරුදු පුහුණු කළ සත් චාරිත්‍රයක් වන දානය මුල්කරගත් ආගන්තුක සත්කාරයේ පදනම මත සැකසුණු දන්සල් බවත් පැහැදිලි වේ. මේ දන්සල් පැවැත්වීම හුදෙක් ප්‍රදර්ශනාත්මකව කරන තේරුමක් නැති වැඩක් ලෙස දකින පිරිසක් ද රටේ සිටිති ඔවුන් පවසන අන්දමට දන්සලෙන් ආහාර බෙදීම ඇතැමුන් කරන්නේ ප්‍රදර්ශනාත්මක චේතනාවෙනි. එසේම දන්සලෙන් ආහාර පාන පරිභෝජනයද අවශ්‍යතාව මත කෙරෙන්නකට වඩා විනෝදාංශයක් ලෙස කෙරෙන්නකි. ඒ නිසා දන්සල දෙස උපහාසාත්මකව බැලීමට ඔවුහු පුරුදුව සිටිති.

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව


මගේ අදහස නම් වෙසක් පොසොන් උත්සව වල දන්සල යනු කවර ආකාරයකින් සිදු වුවත් ශ්‍රී ලාංකීය සංස්කෘතියේ උසස් අංගයක් වන ආගන්තුක සත්කාරයේ ලැදි බවත් බෞද්ධ සංස්කෘතියේ උසස් ප්‍රතිපදාවක් වන දානයත් සංකලනයෙන් නිර්මාණය වුණු ශ්‍රීලාංකීය සම්ප්‍රදායෙන් වර්තමානයට එක් කෙරුණු අප රටට අනන්‍ය වූ අපූරුතම සත් කාර්යක් බවයි. ඒ පිළිබඳව සෑම ශ්‍රීලාංකිකයෙකුම ආඩම්බර විය යුතුව තිබියදී එය මුල් කොට විවේචනය ගොඩනැගීම කරන්නේ අපගේ සංස්කෘතික උරුමයන් වල දක්නට ලැබෙන බෞද්ධ ප්‍රතිපත්තිමය අභාෂය නුරුස්සන පිරිස් බව මගේ අදහස ය. මේ දන්සැල් වලින් වෙසක් පොසොන් කාල වල එක් දිනක් තුළ නොමිලේ ආහාර පාන ලබාගන්නා පුද්ගලයින් සංඛ්‍යාව ගණනය කළොත් පිළිතුර දිය යුතු වනුයේ මිලියන ගණනක් වශයෙනි. ඒ පිළිබඳව නිසි සංඛ්‍යාත්මක දත්ත සහිතව ලොවට පෙන්වා දුන්නොත් එය ලෝක වාර්තාවක් වනු නිසැක ය.

එබැවින් ඒ පිලිබඳව සෑම ශ්‍රීලාංකිකයෙකුම ආඩම්බර විය යුතුව තිබියදී ඒ පිළිබඳ විවේචනය ගොඩනැගීම කරන්නේ අපගේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් වල දක්නට ලැබෙන බෞද්ධ ප්‍රතිපත්තිමය අභාෂය සහිත දේශීය අනන්‍යතාවය නුරුස්සන පිරිස් විසින් බව විශේෂයෙන් අවධාරණය කළ යුතු ය.

sunil kannangara(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක වාර්තාවක් තැබිය හැකි අපේ දන්සල්වලට ඇයි මේ කෙනහිලි? – (සුනිල් කන්නන්ගර) | The Leader