The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ඉන්දියානු පොලීසියේ ඉහළම ගෞරවාචාර මැද "තාරා" විශ්‍රාම ගත් වගයි

T

The Leader Desk

June 25, 2024 • 7:37 AM

ඉන්දියානු පොලීසියේ ඉහළම ගෞරවාචාර මැද "තාරා" විශ්‍රාම ගත් වගයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පරස්පරය අප රටේ මෙන්ම අප අසල්වැසි ඉන්දියානු සමාජය තුළත් හොඳින් දැකිය හැකිය.
  • අප රටටත් වඩා ජාති භේද, ආගම් භේද, කුල භේද දැඩිව පවතින ඉන්දීය සමාජය තුළ ඇතැම් අවස්ථාවල දී සුනඛයා යනු ඉතා පහත් සත්ත්වයකු ලෙසත් ඇතැම් අවස්ථාවල දී මහත් ගෞරවයක් හිමි කර දිය යුතු සත්ත්වයකු ලෙස පරස්පර ආකාරයෙන් සලකනු ලබනු දැකිය හැකි වේ.
  • ඉන්දියාවේ තෙලන්ගානා හි අදිලාබාද් පොලිස් මූලස්ථානයේ වසර 12ක පමණ දීර්ඝ කාලයක් පොලිස් සුනඛ අංශයේ අති විශිෂ්ට සේවාවක් සිදු කිරීමෙන් පසු විශ්‍රාම ගන්වන අවස්ථාවේ දී ඇය මේ අති මහත් වූ ගෞරවයට පාත්‍ර වූවාය.
  • සුනඛ ප්‍රතිමා ද සළුවලින් ගෞරවනීය කර ඇති ආකාරය දක්නට ලැබේ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් වර්ගයට අයත් තාරා අදිලාබාද් පොලිස් සුනඛ ඒකකයේ සේවය කළ වසර 12 කට ආසන්න කාලය තුළ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ඉටු කළ මෙහෙය අතිමහත් බැව් සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පරස්පරය අප රටේ මෙන්ම අප අසල්වැසි ඉන්දියානු සමාජය තුළත් හොඳින් දැකිය හැකිය. අප රටටත් වඩා ජාති භේද, ආගම් භේද, කුල භේද දැඩිව පවතින ඉන්දීය සමාජය තුළ ඇතැම් අවස්ථාවල දී සුනඛයා යනු ඉතා පහත් සත්ත්වයකු ලෙසත් ඇතැම් අවස්ථාවල දී මහත් ගෞරවයක් හිමි කර දිය යුතු සත්ත්වයකු ලෙස පරස්පර ආකාරයෙන් සලකනු ලබනු දැකිය හැකි වේ. මෙවැනි පරස්පර තත්ත්වයක් මධ්‍යයේ සුනඛයකුට ඉතා ඉහළ මට්ටමේ ගෞරවයක් හිමි කර දීම ප්‍රවෘත්තියක් වන්නේ එබැවිනි.

ඒ ගැහැනු සුනඛයෙකි. නමින් ජගිලම් තාරා ය. ඉන්දියාවේ තෙලන්ගානා හි අදිලාබාද් පොලිස් මූලස්ථානයේ වසර 12ක පමණ දීර්ඝ කාලයක් පොලිස් සුනඛ අංශයේ අති විශිෂ්ට සේවාවක් සිදු කිරීමෙන් පසු විශ්‍රාම ගන්වන අවස්ථාවේ දී ඇය මේ අති මහත් වූ ගෞරවයට පාත්‍ර වූවාය. මේ අවස්ථාවට අදිලාබාද් හි පොලිස් අධිකාරී ගවුෂ් අලාම් ද සහභාගී විය. ඇයට මල් මාලා පලඳවමින්, ගෞරවනීය සළු පලඳවමින් පවත්වන ලද කෙටි උත්සවය සමාජ ජාලවල සංසරණය වීමත් සමග ඇය වෙනුවෙන් පවත්වනු ලැබූ මේ සමුගැනීමේ අවස්ථාව පිළිබඳ පසසමින් ලෝකයේ බොහෝ පුද්ගලයන්ගෙන් සුබ පැතුම් ගලා එන්නට විය.

dog 5සුනඛ ප්‍රතිමා ද සළුවලින් ගෞරවනීය කර ඇති ආකාරය දක්නට ලැබේ

 

ලැබ්‍රඩෝර් රිට්‍රීවර් වර්ගයට අයත් තාරා අදිලාබාද් පොලිස් සුනඛ ඒකකයේ සේවය කළ වසර 12 කට ආසන්න කාලය තුළ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ඉටු කළ මෙහෙය අතිමහත් බැව් සැලකේ. ඇය සේවය කළ අංශය හඳුන්වනු ලැබුවේ ඒකාබද්ධ බුද්ධි පුහුණු ඇකඩමිය ලෙසිනි. මහජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා ලොව ප්‍රමුඛ පෙළේ අති භයානක පුපුරණ ද්‍රව්‍ය්‍යන් වූ RDX, TNT, PEK, සහ Cordex වැනි ඒවා ක්ෂණිකව හඳුනා ගැනීම සඳහා පැවතියේ පුදුමාකාර හැකියාවක් යැයි සැලකේ. විශේෂයෙන් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ඇය අතිමහත් සේවයක් සිදු කළ බව ද එරට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

thara2තාරා වෙනුවෙන් පවත්වනු ලැබූ උත්සවය

 
මේ අවස්ථාවේ දී තාරා මල් මාලාවලින් සහ වර්ණවත් සළුවලින් ගෞරවයට පත් කරනු ලැබුවාය. ’ෂෝල්’ නමින් පොදුවේ හඳුන්වනු ලබන මේ මේ වර්ණවත් සළු හින්දු සංස්කෘතිය කුළ සාමාන්‍යයෙන් භාවිත වනුයේ යම්කිසි පුද්ගලයකුට ඉහළතම ගෞරවයක් දක්වන අවස්ථාවේ දී පලඳවනු ලබන්නා වූ දෙයක් වශයෙනි. මෙය හින්දු ආගමත් සමග බැඳුනු චාරිත්‍රයක් බැවින් අප රටේ ද දෙමළ ජනතාව අතර ද යම් කිසි පුද්ගලයකුට ගෞරව කිරීම පිණිස මේ සළු පැලඳවීම සිදු කරනු දැකිය හැකිය. අදාළ පුද්ගලයා ස්වකීය සමාජය තුළට අයත් තැනැත්තෙක් වීම මෙයට අදාළ නැත. ඉන්දියාවට පැමිණෙන සෑම විදේශීය රාජ්‍ය නායකයකුට පවා මේ සළු පැලඳවීම සිදු කරනු ඕනෑ තරම් දැකිය හැකිය.
 
thara 3තාරා වෙනුවෙන් පවත්වනු ලැබූ උත්සවය
 
කෙසේ නමුත් පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ දී තාරාට මේ සළු පැලඳවීම ඇතැම් හින්දු පුද්ගලයන් එතරම් කැමැත්තකින් අනුමත කරනු දක්නට ලැබුණේ නැත. හින්දු ආගම තුළ විෂ්ණු දෙවියන්ගේ එක් අවතාරයක් වන ‘කාල භෛරව’ගේ වාහනය ලෙස භාවිත වන්නේ සුදු පැහැති සුනඛයෙකි. විෂ්ණු යනු හින්දු දේව මණ්ඩලයේ ඉහළින් ම සිටින දෙවියන් බැවින් ද, ඒ දෙවියන්ගේ වාහනයක් ලෙසින් සුනඛයකු සිටින බැවින් ද හින්දු විශ්වාසයන්ට අනුව සුනඛයකුට ගෞරව දැක්වීමේ දී ප්‍රභූන් වෙනුවෙන් සකසා ඇති සළුවක් පැලඳවීමෙහි ගැටලුවක් පෙනෙන්නේ නැත. නමුත් ඇතැම් සාම්ප්‍රදායික ඉන්දියානුවන් හින්දු සංස්කෘතිය පමණක් නොව වේද ග්‍රන්ථවල පාඨ ද සැලකිල්ලට ගන්නා බව පෙනෙන්නට තිබේ. තාරාට සළු පැලඳවීම පිළිබඳ අකැමැත්තකින් කතා කරන්නේ එම පිරිස්ය.
dog 6සුනඛ ප්‍රතිමා ද සළුවලින් ගෞරවනීය කර ඇති ආකාරය දක්නට ලැබේ 
ඇතැම් වේද පාඨවල සුනඛයා පහත් ලෙස සලකා යම් යම් කරුණු සඳහන් වීම එයට හේතුවයි. උදාහරණ ලෙස ‘ස්මෘති’ නමින් හඳුන්වන පහත වේද පාඨ සඳහන් කළ හැකිය. මේවා පවසා ඇත්තේ ගෞතම ස්මෘති නම් පඬිවරයා සේ සැලකෙයි.

“මුතුන්මිත්තන්ට පුද කෙරෙන බුහුමන් වස්තූන් සුනඛයකුගේ නෙත ගැටුනහොත් ගෞරවය කෙලෙසෙයි.”

dog8කාල භෛරව අවතාරය ද සුදු පැහැ සුනඛයෙකිමේ හේතුව නිසා මුතුන් මිත්තන්ට පුද පූජා පැවැත්වීමේ දී එය වසා සිදු කළ යුතුය.

“සුනඛයන් ඇති දැඩි කරන මිනිසකුගේ ආහාර දෙවියන් පිළිගන්නේ නැත”
 
කෙසේ වෙතත් මේ වන විට බහුතර හින්දු ජනතාව තුළ මෙවැනි අදහස් පවතින බවක් පෙනෙන්නට නැත. එයට බොහෝ විට ඔවුන් තුළ විෂ්ණු දෙවියන් කෙරෙහි පවතින භක්තිය හේතු වන්නට ඇත. සුනඛයා යනු පහත් ලෙස සිතා කතා බහ කළ යුතු සත්ත්වයකු නොව මිනිසාගේ පරම මිතුරකු ලෙසින් මෙන්ම සෙසු සතුන් සේම ඔවුනට ද සමසේ සැලකිය යුතුය යන ආකල්පය බහුතර ඉන්දියානුවන් තුළ පවතින බැව් පෙනේ. ප්‍රභූන් වෙනුවෙන් සැකසුණු සළු තාරා ට පලඳවන්නට, එම සරල උත්සවය සමාජ මාධ්‍ය තුළ දී ඉන්දියානුවන්ගේ සේම ලෝකයේ බහුතර දෙනාගේ පැසසුමට ලක්වන්නට හේතුව වන්නට ඇත්තේ ද මේ ආකල්පයයි.
 
niranjan 2නිරංජන් චාමින්ද කරුණාතිලක
 
 
 
 
උපුටා ගැනීම : vinivida.lk
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...