The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

රට බංකොලෙත් කියන බොරුව සමාජ ගතකලේ කව්ද ? - (මහාචාර්ය රංජිත් බණ්ඩාර)

T

The Leader Desk

June 25, 2024 • 3:02 PM

රට බංකොලෙත් කියන බොරුව සමාජ ගතකලේ කව්ද ? - (මහාචාර්ය රංජිත් බණ්ඩාර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම එහෙම එකක් කියල නැතිලු.
  • මුදල් ලේකම් සහ මහා බැංකුවේ අධිපති කියනවා තාවකාලිකව තේරාගත්ත සමහර ණය ගෙවීමට නොහැකිබව ඒ ණය හිමියන්ට දැන්නුවා මිස ඔය කියන ආකාරයේ කථාවක් අපි නම් කිව්වේ නැ කියල.
  • මේ නිසා මම කල්පනා කලා රට බංකොලෙත් කියන බොරුව සමාජ ගතකලේ කව්ද කියන එක ගැන රටට ඇත්ත මං කියන්න ඕනි කියල.
  • එමෙන්ම, එය ණය හිමියන්ට ගෙවිය යුතු ණය ගෙවීමට අපොහොසත් වීම පිළිබදවත්, රජය විසින් ගෙවීමට අපොහොසත් වූ ණය නොගෙවන බවට නිල නිවේදනයක් මගින් හෝ සමහර විට නිල නිවේදනයකින් පලකිරීමකින් තොරව සිදු කලහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇත්තටම එහෙම එකක් කියල නැතිලු. මුදල් ලේකම් සහ මහා බැංකුවේ අධිපති කියනවා තාවකාලිකව තේරාගත්ත සමහර ණය ගෙවීමට නොහැකිබව ඒ ණය හිමියන්ට දැන්නුවා මිස ඔය කියන ආකාරයේ කථාවක් අපි නම් කිව්වේ නැ කියල. මේක රටේ ජනාධිපති මුදල් ඇමති විදිහට නිවැරදි කලයුතු එකක්.

අනික දැන් විරුද්ධ පක්ෂවල අය මේ හතර බීරී කථාව අතට ගන්න එක අපි වලක්වන්න ඕනි. ගම්මන්පිළ දැනටමත් පටන් අරං. සජිත් මහත්තයා අතට ගත්තොත් හතර අතට වනයි. මේ නිසා මම කල්පනා කලා රට බංකොලෙත් කියන බොරුව සමාජ ගතකලේ කව්ද කියන එක ගැන රටට ඇත්ත මං කියන්න ඕනි කියල.


සාමාන්‍ය ව්‍යවහාරයේ රාජ්‍ය බංකොලොත් භාවයක් (A state bankruptcy) යනු වෙන් හදුන්වන්නේ රජයක් සිය ණය සහ පොලී නියමිත කාලය තුළ ගෙවීමට අසමත් වීමයි. එමෙන්ම, එය ණය හිමියන්ට ගෙවිය යුතු ණය ගෙවීමට අපොහොසත් වීම පිළිබදවත්, රජය විසින් ගෙවීමට අපොහොසත් වූ ණය නොගෙවන බවට නිල නිවේදනයක් මගින් හෝ සමහර විට නිල නිවේදනයකින් පලකිරීමකින් තොරව සිදු කලහැකිය.


එහෙත් පුද්ගලික ව්‍යාපාරයක් බංකොලොත් යැයි ප්‍රකාශකරන අකාරයට රටකට බංකොලොත් භාවය ප්‍රකාශ කළ නොහැකිය. එයට හේතුව ඒ වෙනුවට, රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට හැකියාව ඇත. එයින් අදහස් කරන්නේ ලබාගත් ණයවල කොන්ත්‍රාත් කොන්දේසි සියලුම ණය හිමියන් සමඟ එකවර හෝ වෙන් වෙන් වශයෙන් නැතිනම් ණය වර්ග කොට ඒ අනුව ගිවිසුම් සහ වෙනයම් කොන්දේසි වේ නම් ඒවා නැවත සාකච්ඡා කිරීමයි.

අපේ සමහර අය හිතාගෙන ඉන්නේ අපිට විතරයි ගත්ත ණය ගෙවන්න බැරි උණු එකම රට කියල.  අපි දන්නේ නැති උනාට යුරෝපා මහාද්වීපයේ රටවල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක්, අප්‍රිකාවේ රටවලින් 40%ක් සහ ආසියාවේ රටවල්වලින් 30%ක් පසුගිය සියවස් දෙක තුළ බංකොලොත්භාවය ප්‍රකාශ කර ඇත.

ඉක්වදෝරය 10 වතාවක් එරට බංකොලොත් බව ප්‍රකාශ කර ඇත. බ්‍රසීලය, මෙක්සිකෝව, උරුගුවේ, චිලී, කොස්ටාරිකාව, ස්පාඤ්ඤය සහ රුසියාව එම කාලය තුළ නව වතාවක් බංකොලොත්භාවය ප්‍රකාශ කර ඇත.

ජර්මනිය වසර දෙකහමාරක් තුළ 8 වතාවක් බංකොලොත් භාවයෙන් පීඩා විඳි ඇත. එමෙන්ම එක්සත් ජනපදය 5 වතාවක්, චීනය සහ එක්සත් රාජධානිය 4 වතාවක්, සහ ජපානය දෙවරක් බංකොලොත් භාව ප්‍රකාශ කර ඇත.

රුසියාව අනූව දශකයේ අගභාගයේදී බංකොලොත්භාවය ප්‍රකාශ කළ අතර 2001 දී ආර්ජන්ටිනාව ද බංකොලොත්භාවය ප්‍රකාශ කළේය. ආර්ජන්ටිනාව 2001 දී බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කළේ ඩොලර් බිලියන 145 ක ණයක් සමගය. ඒ වන විට එරට විරැකියාව 20% ට වඩා වැඩිවිය.

1982 දී මෙක්සිකෝව ඩොලර් බිලියන 80ක් වටිනා රාජ්‍ය ණය පැහැර හැරියේය. 2020 මාර්තු මාසයේදී, ලෙබනනය එහි දැවැන්ත ණය ආපසු ගෙවීම පැහැර හැරියේය, ඒ වන විට ඩොලර් බිලියන 90 ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 170% ක් පමණ වටිනා - එය ලෝකයේ ඉහළම එකකි.

 

2022 අප්‍රේල් 12 ලක් රජය විසින් නිවේදනයක් නිකුත් කලා. ඒ මගින්  අප්‍රේල් 12 වන විට සියලුම විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවත් එවැනි පියවරක් ගනු ලැබුවේ විදේශ ණය සේවා සැපයීමේ නොහැකියාව සහ මුළු ඩොලර් බිලියන 51 ක විදේශ ණය තිරසාර නොවීම හේතුවෙන් බවව. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ඉදිරි ආර්ථික ආධාර වැඩසටහනට අනුකූලව බාහිර ණය බැඳීම් 'පිළිවෙලින් සහ එකඟතාවයෙන්' ප්‍රතිව්‍යුහගත කිරීමට සුදානම් බවත් එහිදී සදහන් කර තිබින.

 

තව ගොඩාක් විස්තර ඒ නිවේදනයේ තිබුනා ඒත් කොතනකවත් “රටේ ආර්ථිකය බංකොලෙත් භාවයට පත් උනා කියල” සදහන් වෙලා තිබුනේ නැ. මේ ගැන මුදල් ලේකම් වරයාගෙන් අවස්ථා ගණනාවකදී අපි පාර්ලිමේන්තුවේදී විමසා සිටියාම කියා හිටියේ “සියලුම විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවත් එවැනි පියවරක් ගනු ලැබුවේ විදේශ ණය සේවා සැපයීමේ නොහැකියාව නිසා බවයි”.

මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ලේකම් වරයා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සමග පැවති සාකච්චාවකදී නැවත නැවතත් සදහන් කරනවා “ඒක තාවකාලික අත්හිටුවීමක් මිස රටේ ආර්ථිකය බංකොලාත් වීමක් ලෙස අර්ථ දැක්වීම වැරදි බව”.


දැන් ප්‍රශ්නය තියෙන්නේ කව්ද ඇත්ත කියන්නේ කියන එක නෙමේ. මුදල් ලේකම් වරයා සහ මහ බැංකු අධිපති නෑ අපි එහෙම කිව්වේ නෑ කියනවානම්, රට බංකොලොත් කියන බොරුව සමාජ ගතකලේ කව්ද කියන එකයි. මම නම් හිතන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ම මේක කරන්න ඕනි " මාව බෙරුවට ඔය කට්ටිය මුරුංගා අත්තේ තියන්න එපා මිනිස්සු මට හිනා වෙනවා. රට බංකොලොත් භාවයෙන් බේරාගත්ත වීරයා මං කියල ඔයගොල්ලෝ කියනවා කියනවා. අන්න ගම්මන්පිලත් ඊයේ පෙරේදා දවසක press එකක් තියල ඇදල ඇරල තියෙනවා. මට ලැඡ්ඡා කරන්න එපා අපි සටන් පාඨටේ වෙනස් කරමු" කියලයි.

 

''ඇත්තටම රටේ යම් ආර්ථික ස්ථවරයක් ඇතිවෙලා තියෙනවා''

ඇත්තටම රටේ යම් ආර්ථික ස්ථවරයක් ඇතිවෙලා තියෙනවා. එහෙම උනේ ආපහු පාරක් සංචාරකයෝ එන්න පටන්ගත්තා. Covid එකත් ඉවරනේ. අරගල කාරයොත් ගෙදර ඇරියානේ. විදේශ ගත ශ්‍රී ලංකිකයෝ මුදල් එවන්න පටන්ගත්තා. අනුරලා දැන් අපි කියන එක අහනවානේ. අපි තවම ආනයන මුලුමනින්ම නිදහස් කලෙත් නැ නේ. කාර් සේල් ටික සේරම වැහිලා. ගත්ත ණය ගෙවන්න පටන් ගත්තෙත් නැනේ. දැන් මුලු ණය ප්‍රමාණය බිලියන 100ක් වෙලාලුනේ. මහා බැංකුවත් රුපියල් බිලියන ගනනක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියෙනවා. සමහරක් නම් කියන්නේ මේක මං නොහිටියත් ගෝඨටම මේ වැඩේ කරගෙන යන්න තිබුනා කියල.

ගෝඨා යන්න ඉස්සර බැසිල්වත් පැන්නුවානේ. ගොඩාක් අය බැසිල් ඉන්දියාවෙන් ගත්ත support එක නිසා තෙල්, ගෑස්, කන බොන දේවල් සහ බෙහෙත් ප්‍රශ්නේ විසදුනා කියල දන්නේ නැනේ  හුගක් අය. අරගල කාරයෝ ටිකට මම යන්න කිව්වානම් ගෝඨාටම මේක කරගෙන යන්න තිබුනා. කොහෙද ගෝඨා ඉක්මන් උනානේ.

අපි දන්නේ නැ රට බංකොලෙත් කියන බොරුව සමාජ ගතකලේ කව්ද  කියල ඒත් ඒ අයට සම්මා දිට්ඨිය නම් පහල වෙන්න ඕනැ. එසේ වේවායි අපි ප්‍රාර්ථනා කරමු .

(මහාචාර්ය රංජිත් බණ්ඩාර විසිනි)
පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...