The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

වෛද්‍ය උද්දච්චකම භයානකයි - (වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක)

T

The Leader Desk

June 30, 2024 • 9:02 AM

වෛද්‍ය උද්දච්චකම භයානකයි - (වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය රජීව දිසානායක දොස්තරලා කියනවලු පූසන්ව ළඟට ගන්න එපා කියලා.
  • ඉතින් අපේ වකුගඩු ලෙඩ්ඩු 99%කට කියන්න ඕනෙ ප්‍රෝටීන් වැඩියෙන් කන්න කියලයි.
  • ඒත් පොටෑසියම් අඩු කරගන්න නම් නොකා ඉන්න ඕනෙ පිට්සා, බර්ගර්, චිප්ස් ආදී ප්‍රොසෙස්ඩ් ෆුඩ්ස් හෙවත් අධික ලෙස සකසන ලද ආහාරයි.
  • ඒත්, අවාසනාවකට ගමේ අයයි, සායනයේ ළඟ ඉඳගෙන ඉන්න අයයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කතා කියන අයයි, වකුගඩු ඒකක වලට සම්බන්ධ වෛද්‍යවරු ඇතුළු සමහර වෛද්‍යවරුයි තාමත් වකුගඩු රෝගීන්ට කන්න හොඳ නැති කෑම කියලා මේ මහා ලිස්ට් එකක් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වෛද්‍ය රජීව දිසානායකදොස්තරලා කියනවලු පූසන්ව ළඟට ගන්න එපා කියලා. මම කීවා ඒ හොර දොස්තරලා කියලා.

වෛද්‍ය උපදෙසක් විද්‍යාත්මක සාක්ෂි, වෛද්‍යවරයා දකින දේ, රෝගියාගේ සිතුම් පැතුම් යන කාරණා තුන මත පදනම් වෙන්න ඕනෙ. අවාසනාවකට වගේ වකුගඩු රෝග සම්බන්ධයෙන් උපදෙස් වලදී නම් බොහෝ විට මේ තුනම නෑ.

වෙලාවකට ලෙඩ්ඩු ඇවිත් අපිට කියනවා; ඩොක්ටර් මම කෑමෙන් නම් හොඳට පරිස්සම් වෙනවා කියලා. මොනවයින්ද පරිස්සම් වෙන්නෙ ඇහුවොත් කියනවා; ප්‍රෝටීන් ආහාර ගන්නෙ නෑ, පලතුරු මැල්ලුම් වගේ මුකුත් කන්නේ නෑ කියලා. සමහර ලෙඩ්ඩු කෙට්ටු වෙන්නෙයි, දුර්වල වෙන්නෙයි ලෙඩේ හින්දා නෙවෙයි. කෑමෙන් පරිස්සම් වෙලා. මෙහෙම කරන්න අවශ්‍ය නෑ. ප්‍රෝටීන් සම්බන්ධව නම් කියන්නෙ නොකා ඉන්න නෙවෙයි, එක්තරා මට්ටමක පවත්වාගන්න කියලා. ප්‍රෝටීන් සප්ලිමන්ට් ගන්න අය හා ආහාර රටාව වෙනස්ම සුළු පිරිසක් ඇරෙන්න ලංකාවේ කවුරුත් මේ මට්ටමට කිට්ටු වෙන්නේ වත් නෑ. 

 

image2 1024x684ප්‍රෝටීන් සම්බන්ධව නම් කියන්නෙ නොකා ඉන්න නෙවෙයි, එක්තරා මට්ටමක පවත්වාගන්න කියලා.

ඉතින් අපේ වකුගඩු ලෙඩ්ඩු 99%කට කියන්න ඕනෙ ප්‍රෝටීන් වැඩියෙන් කන්න කියලයි. ශාක ප්‍රෝටීන් ප්‍රභව වලින් වැඩිපුර ගන්න එක වඩාත් හොඳයි, අමතර වාසි තියෙනවා. පලතුරු, මැල්ලුම් කන්න එපා කියන්නෙ පොටෑසියම් වැඩි වෙන නිසාලු. හැම වකුගඩු ලෙඩාම පොටෑසියම් අඩුවෙන් කන්න ඕනෙ නෑ, වැඩිවීමේ අවදානමක් තියෙන අය පමණයි එහෙම කන්න ඕනෙ. ඒත් පොටෑසියම් අඩු කරගන්න නම් නොකා ඉන්න ඕනෙ පිට්සා, බර්ගර්, චිප්ස් ආදී ප්‍රොසෙස්ඩ් ෆුඩ්ස් හෙවත් අධික ලෙස සකසන ලද ආහාරයි. ශාක ආහාර වල පොටෑසියම් අවශෝෂනය වෙන්නෙ බොහොම අඩුවෙන්. ශාක ආහාර වල තියෙන යම් සංඝටක ලේ වල පොටෑසියම් අඩු කරන්නත් දායක වෙනවා.

Blog image MAR 15 1200x800වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරු නම් ගොඩක් කල් ඉඳලා කියනවා මෙහෙම කෑමෙන් පරිස්සම් වෙන්න ඕනෙ නෑ කියලා.

 

වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරු නම් ගොඩක් කල් ඉඳලා කියනවා මෙහෙම කෑමෙන් පරිස්සම් වෙන්න ඕනෙ නෑ කියලා. ඒත්, අවාසනාවකට ගමේ අයයි, සායනයේ ළඟ ඉඳගෙන ඉන්න අයයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කතා කියන අයයි, වකුගඩු ඒකක වලට සම්බන්ධ වෛද්‍යවරු ඇතුළු සමහර වෛද්‍යවරුයි තාමත් වකුගඩු රෝගීන්ට කන්න හොඳ නැති කෑම කියලා මේ මහා ලිස්ට් එකක් කියනවා. ලුණු, සීනි හෙම අධිකව කෑම කාටත් නරකයි. වකුගඩු රෝගීන්ට මේක වඩාත් නරක වෙන්න පුළුවන්. ලේ වල ලුණු අඩු අයට අමතර ලුණු දෙන්න පුළුවන්, නමුත් දීර්ඝ කාලීනව පවතින ලුණු අඩුවීම් වලදී සහ සිරුරේ තියෙන ද්‍රව ප්‍රමාණය වැඩි නොවන අවස්ථා වලදී පමණයි. ලේ වල ලුණු අඩු උන පලියට ඉවක් බවක් නැතුව ලුණු තේ හැන්ද ගාණෙ දවසට තුන් වරක් දෙන එක හානිකරයි.

 

Main saltVsSugarලුණු, සීනි හෙම අධිකව කෑම කාටත් නරකයි.

 

ඒ විතරක් නෙවේ; හැම වකුගඩු ලෙඩාටම සමහර බෙහෙත් වර්ග ඔහේ දෙන අයත් ඉන්නවා. වෙලාවකට අපි බලලා දාලා නැති උනාම “මාර නෙෆ්‍රොලොජිස්ට්ලා තමයි, සීකේඩී ලෙඩාට කැල්සියම් කාබනේට් වන් ඇල්ෆා වත් දාලා නෑ” කියන අයත් ඉන්නවා. මේ වගේ බෙහෙත් සීමා කරන්න කියලා විද්‍යාත්මක සාක්ෂි වලින් කියනවා. පැහැදිලි හේතුවක් නැතුව දාන එකෙන් හානි වෙන්න පුළුවන්. එක් එක් ලෙඩා වෙන්ව සලකා බලලා ඔහුට යහපතක් කරන්න පුළුවන් ඖෂධ තමා දෙන්න ඕනෙ.

 

දැන් කාලෙ හැම වෛද්‍යවරයාම දැනුවත් උනාට සමහර ලෙඩ්ඩු තාම හිතන් ඉන්නවා සීනි වලට ප්‍රෙෂර් වලට දෙන බෙහෙත් වලින් වකුගඩු වලට හානි වෙනවා කියලා. ඒක අනිත් පැත්ත. සීනි වලින් ප්‍රෙෂර් වලින් වකුගඩු වලට හානි වෙනවා, හරියට බෙහෙත් බොන එකෙන් වකුගඩු ආරක්ෂා වෙනවා. මේ ගමේ උගතුන්ගෙ වෛද්‍ය උපදෙස්.

iStock 177730491 59cedb0f22fa3a00116bb1c6වෛද්‍ය උපදෙසක් දෙද්දි වෛද්‍යවරයා දකින දේත් වැදගත්.

 

වෛද්‍ය උපදෙසක් දෙද්දි වෛද්‍යවරයා දකින දේත් වැදගත්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මම මෙහෙම ලෙඩ්ඩු මීට කළින් දැකලා තියෙනවාය, එයාලට මෙහෙම කළාම හරි ගියාය කියලා උපදෙස් දීම. එහෙම “දැකලා තියෙනවා”ට කියන්නෙ අන්කන්ට්‍රෝල්ඩ් ඔබ්සර්වේශන්ස් හෙවත් පාලනයක් නැති නිරීක්ෂණ. විද්‍යාත්මක සාක්ෂි වෙනුවට ඒවා මත පදනම් වීමට මෙඩිකල් ඇරගන්ස් හෙවත් වෛද්‍ය උද්දච්චකම කියලා කියවෙනවා. ඒක භයායකයි. 

නමුත් ලෙඩෙක් කියන්නේ එයාගෙ අනන්‍යතාවයක් තියෙන, එයාටම අනන්‍ය පරිසරයක් තියෙන කෙනෙක්. ඒ වගේ කෙනෙක් ලෝකෙ ආයෙ නෑ. ඉතින් විද්‍යාත්මක සාක්ෂි මේ පුද්ගලයාට ගැලපෙන්නෙ කොහොමද කියලා කොමන් සෙන්ස් පාවිචිචි කරන එක තමා වෛද්‍යවරයා දකින දේ කියලා අදහස් කරන්නෙ.

මගෙ අත්දැකීමකින් මේකට උදාහරණයක් කියන්නම්. මගේ යටතේ අවුරුදු දොළහකට විතර කළින් වකුගඩුවක් බද්ධ කරපු ලෙඩෙක් මාව බලන්න ඇවිත් අපි දෙන්නා ෆොටෝ එකක් අරන් මූණු පොතේ දැම්මා. කළින් වෙදකම් කළා කියලා දැන් මිත්‍රකමක් පවත්වන්නත් අපිට ඕනෙ නම් මූණුපොතේ ෆොටෝ දාන්නත් වෛද්‍ය ආචාර ධර්ම වලින් බාධාවක් නෑ. ඒත් කෙනෙක් ඔය ෆොටෝ එක ශෙයා කරලා කියනවා ඒක ආචාර ධර්ම වලට පටහැනියි ලු. ඒ විතරක් නෙවේ, ඒ ලෙඩාගෙ වකුගඩු බද්ධ කිරීමෙන් පස්සෙ ප්‍රතිශක්තිය අඩු කරලා නිසා මගේ ළඟින් ඉන්න එක භයානකයිලු, අඩුම ගාණෙ මාස්ක් වත් දාන්න ඕනෙලු! මේක ඉතින් විද්‍යාත්මකවත් වැරදියි. 

 

image f43e06e588වකුගඩු බද්ධ කරපු ලෙඩෙකුට අවුරුද්දකින් පස්සෙ රටින් පිට උනත් සංචාරය කරන්න, ගැටීම නැති ක්‍රීඩා කරන්න උනත් පුළුවන්.

වකුගඩු බද්ධ කරපු ලෙඩෙකුට අවුරුද්දකින් පස්සෙ රටින් පිට උනත් සංචාරය කරන්න, ගැටීම නැති ක්‍රීඩා කරන්න උනත් පුළුවන්. වාතාශ්‍රය අඩු, ජනතාව පිරුණු තැන් වලදී පමණක් මාස්ක් දාන්න ඕනෙ. ඉතින් අවුරුදු දොළහකට පස්සෙ මගේ ළඟින් හිටියට කිසි අවුලක් නෑ. ඒත් මේවා නොදැනගත්තට කමක් නෑ කියමුකෝ. කොමන් සෙන්ස් නැති කම? මනුස්සයෙකුට අවුරුදු දොළහක් ජීවත් වෙන්න පුලුවන්ද වෙන මනුස්සයෙක් ළඟින් වත් ඉන්නෙ නැතුව? එහෙම ඕනෙ නම් වකුගඩු බද්ධ කරලා ඇති වැඩේ මොකක්ද?

 

මට මේක ලියන්න හිතුනෙ පරිතාන කාන්දුකරණය කියන වකුගඩු ප්‍රතිකාරය ගැන දේශනයක් අහලා. මේ ප්‍රතිකාරයෙදි නම් ගෙදර සුරතල් සතුන් ළඟින් හිටියොත් ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒත් දේශකයා කියනවා ඒ සුරතල් සතා රෝගියාගෙ ජීවිතයේ විශාල කොටසක් වෙන්න පුළුවන් ලු. ඉතින් ආසාදන ඇතිවීමේ අවදානමයි, සුරතල් සතා රෝගියාගේ ජීවිතයට තියන සමීපතාවයයි දෙකම ඉතා පරිස්සමින් සලකා බලලා උපදෙස් දෙන්නලු. අන්න වෛද්‍ය උපදෙස්!

(වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක)

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෛද්‍ය උද්දච්චකම භයානකයි - (වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක) | The Leader