The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ’ජාතිය’ ඇමතීම

T

The Leader Desk

June 30, 2024 • 9:46 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ’ජාතිය’ ඇමතීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් නූතන ජන වහරේදී ''ජාතිය ඇමතීම'' යන යෙදුමට වෙනත් අර්ථකථන ද එක්වී තිබේ.
  • ''මොකද තමුසෙ මහ ජාතියෙන්ද?'' යනුවෙන් ඇසූ විට ඉන් අදහස් වන්නේ කිසිවකු මහන්තත්ත ලෙස හැසිරෙන හෝ කතා කරන බවකි.
  • එවැනි අවස්ථා 'ජනවර්ග අර්බුද' ලෙසින් ද හැඳින්වේ .
  • ජාතිය ඇමතීම, රටක නායකයාට පමණක් හිමි විශේෂ වරප්‍රසාදයක් බව සැබෑය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් නූතන ජන වහරේදී ''ජාතිය ඇමතීම'' යන යෙදුමට වෙනත් අර්ථකථන ද එක්වී තිබේ.

''මං අද ගිහින් ඕකුන්ට ජාතිය අමතල එන්නේ'' යනුවෙන් කිසිවකු කී විට ඉන් අදහස් වන්නේ කිසිවකුට තදින් බැණ වැදීම හෝ දොස් කීමය.

''මොකද තමුසෙ මහ ජාතියෙන්ද?'' යනුවෙන් ඇසූ විට ඉන් අදහස් වන්නේ කිසිවකු මහන්තත්ත ලෙස හැසිරෙන හෝ කතා කරන බවකි. ''මිනිහ ආවෙ අලි ජාතියෙන්'' (අලි වංසෙන්) යැයි කියන්නේ ද එවැනි අවස්ථාවලය.

රටක මහ ජාතිය බොහෝ විට සුළු ජාතීන්ට දාන්නේ 'අලි ජාති'ය ය. ඉවසීම පැන ගිය විට සුළු ජාතිය ද මහ ජාතියට 'ජාතිය' දමති. එවැනි අවස්ථා 'ජනවර්ග අර්බුද' ලෙසින් ද හැඳින්වේ.

ජාතිය ඇමතීම, රටක නායකයාට පමණක් හිමි විශේෂ වරප්‍රසාදයක් බව සැබෑය. එහෙත් බොහෝ විට නායකයා ජාතිය ඇමතීමෙන් පසු ජනතාව ද ''ජාතිය අමතති''. (ඒ මා මුලින් සඳහන් කළ අර්ථයෙනි.)

 

ආගම ගැන මට හිතෙන හැටි - ගාමිණී වියන්ගොඩලෝකයේ ඇතිවූ බොහෝ යුද්ධයන්ට මුල් වූයේ ආගම හෝ ජාතිය ය.
ලෝකයේ ඇතිවූ බොහෝ යුද්ධයන්ට මුල් වූයේ ආගම හෝ ජාතිය ය. යුද්ධයක් ප්‍රකාශ කිරීමට පෙර මෙන්ම අවසානයේදීද නායකයා ජාතිය අමතයි. ඇතැම්විට නායකයන්ට රට කරගෙන යාමට නොහැකිව 'කල් ඉකුත් වීමට පෙර'ම ඉල්ලා අස්වීමට සිදුවෙයි. එවැනි අවස්ථාවලද ඔවුහු ජාතිය අමතති. එවිට ජනතාව ද පෙරළා ''ජාතිය අමතති''.

ජාතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන අය ජාතිවාදීන් ලෙස ද ජාතියට අවමන් කරන්නවුන් ජාති භ්‍රෂ්ටයන් ලෙස ද හැඳින්වේ. ජාතිය ඉස්සර කරගෙන මංකොල්ලකෑමේ යෙදුණවුන් හැඳින්වුණේ ජාත්‍යාලකාරයන් ලෙසිනි.

'ජාති' යන වචනයෙහි ආත්ම භව යන තේරුම ද ඇත. ජාති දුක යනු සංසාර දුක නොහොත් නැවත නැවත ඉපදීමේ දුකය. ජාති ගති යනු උපන් ගතිය. සමහරු තමන්ගේ ප්‍රියයන් ජාති ජාතිත් හමුවේවායි පතති. එසේම එපා වූවන්ට බණින්නේ ''ජාති ජාතිත් උඹ මට එපා'' යැයි කියමිනි.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය කිරීමට වගවීම අවශ්‍ය වේ -  ජෙහාන් පෙරේරාවර්තමාන සිරි ලංකාවේ ඇතැම් 'පොලිටිකල් ඉකොනොමිස්ට්ලා' පෙන්වා දෙන අන්දමට අයි.එම්.එෆ්. ණය ද අපට ජාති ජාතිවත් ගෙවා නිම කළ නොහැකිය.

ජාති ණය ගෙවනවා යනු ඉහත භවයක වූ ණයක් ගෙවීමය. වර්තමාන සිරි ලංකාවේ ඇතැම් 'පොලිටිකල් ඉකොනොමිස්ට්ලා' පෙන්වා දෙන අන්දමට අයි.එම්.එෆ්. ණය ද අපට ජාති ජාතිවත් ගෙවා නිම කළ නොහැකිය.

අපේ බොහෝ දෙමව්පියන් තම දූ දරුවන්ට අවවාද කරන්නේ ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමේදී ජාතියයි ආගමයි බේරා කටයුතු කරන ලෙසය.

 

image ef32a37135
ජාතියක් ජන්මයක් නැති ලෙස වැඩ කරන නරුමයෝ හැම ජාතියකම සිටිති. එවැනි දුෂ්ට, භ්‍රෂ්ට, කුෂ්ඨ පුද්ගලයන් දේශපාලන භූමියේ ද දක්නට ලැබෙයි. එබඳු උන්ට රෝහල් ඇඳක අසාධ්‍යව සිටින රෝගීන්ගේ සේලයින්, ඔක්සිජන් බට කපා ඒ මළ සිරුරු රෝහල ඉදිරිපස මල් ශාලාවක දී ගතමනාවක් ලැබීමේ පව්කාර සිතිවිලි පවා පහළ විය හැකිය. පසුව උන් මුළු ජාතියෙන්ම බැණුම් අසන්නේ අම්ම මෝ නැතිවය.

රෑපවාහිනිය එන්නට පෙර නායකයන් ජාතිය ඇමතුවේ ගුවන්විදුලියෙනි. ඒවා කල් තියා පටිගත කළ කතාය. ගුවන්විදුලිය නිසා කිසිවකුගේ රෑපය පෙනුණේද නැත.

 

jr32ජේ.ආර්. ජයවර්ධන - රෝහණ විජේවීර
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කාලයේ පැවති ජනපතිවරණයකදී සියලුම අපේක්ෂකයන්ට ජනතාව ඇමතීම සඳහා ජාතික රෑපවාහිනිය මගින් කාලයක් වෙන් කෙරුණි. මුළු රටම ඒ කතා ඇසීමට දැක්වූයේ මහත් උද්‍යෝගයකි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා වූ රෝහණ විජේවීරට ද අවස්ථාවක් හිමිවීම නිසා කවුරුත් ඔහුගේ කතාව අසන්නට සැදී පැහැදී සිටියහ.

රෝහණ විජේවීර තම කතාව සිංහලෙන් පමණක් නොව ඉංග්‍රීසියෙන් ද කළේය. (දමිළ බසින් ද කතා කළා දැයි මගේ මතකයෙහි නැත.) විජේවීර ඉංග්‍රීසියෙන් කතා කරනු දැක නොතිබූ බොහෝ දෙනා අතර, එය ගැන නොයෙක් මත පළ කෙරුණි.

මා ඒ කතාව නැරඹුවේ එකල සේවය කළ පුවත්පත් ආයතනයේ සිටමය. ඒ මොහොතේ එහි සිටි සියල්ලෝම වාගේ රෑපවාහිනි යන්ත්‍රය ඉදිරිපසට රොක්ව සිටියහ. විජේවීරගේ කතාවෙන් පසු මම අපගේ ඉංග්‍රීසි පත්‍ර කලාවේදියකුගෙන් ඒ පිළිබඳ ඔහුගේ අදහස විමසුවෙමි.

මුඛරි පුද්ගලයකු වූ ඔහු කට කොණකින් සිනාසී මෙසේ කීවේය.

''විජේවීර තමන් දන්න රුසියන් භාෂාවෙන් කතා කළා නම් අනික් හතරදෙනා වට්ටන්න තිබුණා.''

 

ඇඩ්වර්ටයිසිං ලෝකය (40) : ඇඩ්‍රස් නෑ... !සිරි ලංකාව යනු ඉංග්‍රීසි අධිමානයෙන් මෙන්ම හීනමානයෙන් ද පෙළෙන මිනිසුන්ගෙන් පිරි රටකි.

ඒ කියුමෙහි වූයේ සියුම් උපහාසයකි. සිරි ලංකාව යනු ඉංග්‍රීසි අධිමානයෙන් මෙන්ම හීනමානයෙන් ද පෙළෙන මිනිසුන්ගෙන් පිරි රටකි. ජාතිය ඇමතීමට ඉංග්‍රීසියෙන් කියන්නේ address the nation යනුවෙනි. අපේ ජන වහරේ 'මිනිහට ඇඩ්‍රස් නෑ' කියන්නේ උන්හිටි තැන් නැති වූ හෝ සවුත්තු වූ පුද්ගලයාටය. මේ නිසා ජාතිය ඇමතීමද තම ඇඩ්‍රස් නැතිකර නොගෙන, වගකීමෙන් කළ යුතු කතාවකි.

අප්‍රිකානු රටක ආඥාදායක පාලනයක් ගෙන ගිය ජනාධිපතිවරයෙක් වර්ෂයක ආරම්භයේදී ජනතාව ඇමතීය. ඉන්පසු එදින රාත්‍රියේ ඔහු වෙස් වලාගෙන ජනතාව අතරට ගියේ කතාව පිළිබඳ අදහස් දැන ගැනීමටය.

''කොහොමද අද ජනාධිපතිතුමාගෙ කතාව?'' ඔහු කුලී රියැදුරකුගෙන් ඇසීය.

''කවුරුත් බලාපොරොත්තු වුණේ අද එයා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරයි කියලා. එහෙම කිව්වා නං අද මුළු රටම මඟුල් ගෙයක්.''



අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : ’ජාතිය’ ඇමතීම | The Leader