The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

දෙවැනි මනාපය ගණින්නේ කොහොම ද?

T

The Leader Desk

July 1, 2024 • 6:36 AM

දෙවැනි මනාපය ගණින්නේ කොහොම ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත.
  • රනිල්, සජිත්, අනුර හා ධම්මික පෙරේරා ප්‍රධාන දේශපාලන ධාරා හතරකින් නාම යෝජනා දෙනු ඇත.
  • එවිට කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් ඡන්දයක් ලබා ගැනීම පහසු නැත.
  • එවිට සරළව වැඩිම ඡන්ද ලබන පුද්ගලයා ජයග්‍රාහකයා බවට පත් වන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත.  

රනිල්, සජිත්, අනුර හා ධම්මික පෙරේරා ප්‍රධාන දේශපාලන ධාරා හතරකින් නාම යෝජනා දෙනු ඇත. එවිට කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් ඡන්දයක් ලබා ගැනීම පහසු නැත. එවිට සරළව වැඩිම ඡන්ද ලබන පුද්ගලයා ජයග්‍රාහකයා බවට පත් වන්නේ නැත.

මෙය නැවත ඡන්ද විමසීමක් (Re Poll) නොව, අදාළ ඡන්ද පත්‍රිකාවේ ම දැක්වෙන දෙවන හා තෙවන මනාප ගණන් කිරීමකි.

 

ඒ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තේරීමට, දෙවන හා තුන්වන මනාප ගණන් කිරීම හෙවත් ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ ‘දෙවන වටය‘ අනුගමනය කළ යුතු වන්නේය. මෙය නැවත ඡන්ද විමසීමක් (Re Poll) නොව, අදාළ ඡන්ද පත්‍රිකාවේ ම දැක්වෙන දෙවන හා තෙවන මනාප ගණන් කිරීමකි.

සරළ අංක ගණිතයට අනුව, අපේක්ෂකයින් දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟ කරන ජනාධිපතිවරණයක දී මෙම තත්වය ඇති විය හැකිය. විශේෂයෙන්ම සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි ප්‍රබල අපේක්ෂකයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු තරඟ කරන අවස්ථාවක ‘දෙවන වටය‘ ට ඇති සම්භාවිතාව ඉහළ යන්නේය.

දෙවන මනපාය ගණන් කිරීම පිළිබඳ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කළකට පෙර තැබූ සටහනක්, ඔහුගේ එකඟතාව මත මෙසේ උපුටා දක්වමි.

 

පුංචි ඡන්දෙට කලින් අටදාහ හාරදාහට බස්සන්න පුළුවන් - මහින්ද දේශප්‍රිය

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

 

කිසිඳු අපේක්ෂකයකු (ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන්) 50%ක් හා එකක් ලබා නැත්නම් දෙවන වටයට යායුතුය. මේ පිළිබඳව උදාහරණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කරන ලදි.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද, උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.  A= 40, B = 35, C= 15, D= 6, E= 4   මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.

 

මහ ඡන්දය යළිත් කොට්ඨාස ක්‍රමයට !ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය.
දැන් ‘දෙවන වටයේ දී‘ තරඟය පවතින්නේ A සහ B අතර ය.

පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.  අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ. (මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.) 


C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද, යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද, පසෙකින් තබනු ලැබේ. 

 

ඡන්දය තියයිද? නැද්ද? : මැතිවරණය ගැන පෙත්සම අද කැඳවයිපළමු වටයේ එක හා දෙක ස්ථාන ලැබූ අපේක්ෂකයින් දෙදෙනාට, දෙවන මනාපය ලෙස එකතු වන ඡන්ද ප්‍රමාණය මෙම ගණනය මගින් වෙන් කොට ගනු ලබන්නේය.
2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 

2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද, ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ. ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25 ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

පළමු වටයේ එක හා දෙක ස්ථාන ලැබූ අපේක්ෂකයින් දෙදෙනාට, දෙවන මනාපය ලෙස එකතු වන ඡන්ද ප්‍රමාණය මෙම ගණනය මගින් වෙන් කොට ගනු ලබන්නේය.

 

ඡන්ද ක්‍රමය වෙනස් කරන යෝජනා ජුලි 15 ට පෙර එවන්නමෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

එසේ බෙදීමෙන්, A සඳහා අමතර ඡන්ද 03ක් ද,  B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කරමු.  එවිට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද, ( A= 40+3 = 43) ද, B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත. දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට වඩා එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.


• මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
• Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
• A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත. (මහින්ද දේශප්‍රිය)

ඉහතින් දැක්වූ ගණන ක්‍රමවේදය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය නම් ඉහත ඉංග්‍රීසි අකුරු වෙනුවට රනිල්, අනුර, සජිත්, ධම්මික වැනි නම් යොදා මෙම ගණනය කිරීමේ ක්‍රමය නිවැරදිව ග්‍රහණය කර ගැනීම ද, අති විය හැකි අවස්ථාවන් අවබෝධ කර ගැනීම ද වැදගත් වේ. එවිට, 2024 දී ‘දෙවන වටයේ‘ ඡන්දය ගණන් කිරීමට ඇති විභවය ඕනෑම අයෙකුට වැටහෙනු ඇත්තේය.

 

image 45bdeb92c2දෙවන මනාපය කවුද?

සරළවම, ජනාධිපතිවරණයේ දී පළමු වටයේ දී වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% සහ තව එක් ඡන්දයක් ලබා ගැනීමට කිසිවෙකු අසමත් වන විට,  දෙවන වටයේ දී තරඟය අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිම ඡන්ද ලැබූ දෙනෙනා අතර තරඟයක් බවට පත් වන්නේ ය. ඔවුන් දෙදෙනා අතර ජයග්‍රාහකයා තීරණය වන්නේ, තෙවන, සිව්වන ආදී සෙසු අපේක්ෂකයින්ට ඡන්ද ප්‍රකාශ කළ ඡන්දදායකයින්ගේ දෙවන (හෝ තුන්වන) මනාපය වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකුට සලකුණු කර ඇති විට එහි එකතුවට සැලකිල්ලට ගනිමිනි.

එක් ඡන්දදායකයෙකුට එක් කතිරයක් නොව, මනාප දෙකක් හෝ තුනක් තෝරා ගැනීමට ජනාධිපතිවරණයක දී ඉඩ ප්‍රස්ථාව ලැබේ. අවසානයේ දී එය ජයග්‍රාහකයා හෝ පරාජිතයා තීරණය කිරීමට හේතු වනු ඇත.

රනිල් ට පළමු මනාපය දෙන අය ගේ, දෙවන මනාපය කවුද?
සජිත්ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?
අනුර ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?
ධම්මික ට පළමු මනාපය දෙන අයගේ, දෙවන මනාපය කවුද?

මේ චන්දයේ තීරණාත්මකම මනාපය එය විය හැකිය.

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) 
'කැෆේ- මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ 
rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...