ශ්‍රි ලංකාව තම පුරවැසියන් වෙත ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ ද?
නැත... එහෙත් මෙම වසර අවසාන වීමට පෙර මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් සැලසුම් කරනු ලැබ ඇති පරිදි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍ර ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙත නිකුත් කරනු ලැබීමට නියමිත ය.
ලෝකයේ රටවල් කොපමණ ප්‍රමාණයක් තම පුරවරසියන් වෙත ඉලෙක්ට්‍රොනික් බලපත්‍ර නිකුත් කරන්නේ ද?
රටවල් 177 ක් පමණ
ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමෙන් අදාළ රටෙහි පුරවැසියකුට ලැබෙන වාසි මොනවා ද?
ලොව පුරා ඇති ආගමන සහ විගමන පරීක්ෂා කිරීමේ ස්ථානවල දී ගමන් බලපත්‍රයේ මුද්‍රිත දත්ත සහ ඉලෙක්ට්‍රොනික් දත්ත යන දෙආකාරය ම තහවුරු කරගැනීමට දේශ සීමා ආරක්ෂකයන්ට අවස්ථාව ලැබෙන බැවින් පහසුවෙන් රටවලින් පිට වීමට සහ ඇතුළු වීමට පුරවැසියන්ට අවස්ථාව සැලසේ.
ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයේ චිපයට ව්‍යාජ දත්ත ඇතුළත් කළ හැකි ද?
නොහැකි ය... ඉතාමත් විරල අවස්ථාවක දී එබඳු ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් සිදු වුව ද පරීක්ෂා කිරීමේ ස්ථානවල දී ඉතා පහසුවෙන් සහ ක්ෂණිකව එම දත්ත ව්‍යාජ බැව් පරික්ෂකයන්ට තහවුරු කරගත හැකි ය.
ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන්නේ ද?
ගමන් බලපත්‍රයට ඉලෙක්ට්‍රොනික් චිපයක් ඇතුළත් කළ යුතු බැවින් සාමාන්‍ය ගමන් බලපත්‍රයක් නිෂ්පාදනය කිරීමට වැය වෙන මුදලට වඩා වැඩි මුදලක් ඉලෙක්ට්‍රොනික් බලපත්‍රයක් නිෂ්පාදනය කිරීමට වැය වේ. ඊට අමතරව චිපයට දත්ත ඇතුළත් කිරීම සඳහා විශේෂිත වූ තොරතුරු තාක්ෂණික පද්ධතියක් ද පවත්වාගෙන යැමට සිදු වේ. තව ද ලොව පුරා පිහිටා තිබෙන ආගමන විගමන පරික්ෂා කිරීමේ ස්ථාන වෙත ගමන් බලපත්‍රෙය් චිපයේ ඇති දත්තවල නිවැරැදි භාවය තහවුරු කිරීම සදහා වූ තොරතුරු පද්ධතියක් ද පවත්වාගෙන යැමට සිදු වේ. මෙම කරුණු තුන සඳහා දරනු ලබන අමතර වියදම ගමන් බලපත්‍රය හිමිකරු දැරිය යුතු ය.
ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් සාමාන්‍ය ගමන් බලපත්‍රයකින් වෙන් කර හඳුනාගත හැකි ද?
සාමාන්‍ය පුරවැසියකුට ද එසේ හඳුනාගැනීමට හැකිවන ලෙස මුල් කවරයේ චිපයේ ලාංඡනයක් මුද්‍රණය කර ඇත. එමගින් බැලූ බැල්මට සාමාන්‍ය ගමන් බලපත්‍රයක් සහ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් වෙන් කර හඳුනාගත හැකි ය.
ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර පිළිබඳ නීතිමය සහ තාක්ෂණික කරුණු පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේ දී අපගේ වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න.
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
මොකක් ද මේ ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍රය?
T
The Leader Desk
July 1, 2024 • 7:51 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රි ලංකාව තම පුරවැසියන් වෙත ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ ද?
- එහෙත් මෙම වසර අවසාන වීමට පෙර මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් සැලසුම් කරනු ලැබ ඇති පරිදි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍ර ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙත නිකුත් කරනු ලැබීමට නියමිත ය.
- රටවල් 177 ක් පමණ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමෙන් අදාළ රටෙහි පුරවැසියකුට ලැබෙන වාසි මොනවා ද?
- ලොව පුරා ඇති ආගමන සහ විගමන පරීක්ෂා කිරීමේ ස්ථානවල දී ගමන් බලපත්‍රයේ මුද්‍රිත දත්ත සහ ඉලෙක්ට්‍රොනික් දත්ත යන දෙආකාරය ම තහවුරු කරගැනීමට දේශ සීමා ආරක්ෂකයන්ට අවස්ථාව ලැබෙන බැවින් පහසුවෙන් රටවලින් පිට වීමට සහ ඇතුළු වීමට පුරවැසියන්ට අවස්ථාව සැලසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


