The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය

T

The Leader Desk

July 3, 2024 • 6:32 AM

සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට ප්‍රදේශය නිරන්තරයෙන් යම් යම් ආපදාවනට ලක් වීම සාමාන්‍ය සිදුවීමකි.
  • නාවලපිටිය ප්‍රදේශයට ආසන්නයෙන් ඇති කුඩා දුම්රිය පළක් වූ පෙන්රෝස් ආසන්නයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා, බදුල්ල කරා සිය පවුල්වල පිරිසත් සමඟ ගමන් ගත් වෛද්‍යවරුන් ගමන් ගත් දුම්රියක් පැය දෙකක පමණ කාලයක් නතර කර තබන්නට සිදු විය.
  • මේ නිසා සෙසු දුම්රිය මගීන් තුළ ද දුම්රිය ප්‍රමාදය පිළිබඳ වූ කනස්සල්ල පහව ගිය බවක් දකින්නට හැකි විය.
  • වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ නාවලපිටිය දුම්රිය පළේ සිටි මඟීන් ගීතයකින් රසවත් කළ අයුරු ඊට හේතුව එම දුම්රිය පමාව නිසා මානසික පීඩාවට ලක් ව සිටි දහස් ගණන් මගීන් පත්ව හිඳින මානසික කෙඩෙත්තුව හා ගිලන් බව වටහා ගැනීමේ හැකියාවක් මෙම කායික රෝග විශේෂඥ වරුන් සතුව තිබීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):


“මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට ප්‍රදේශය නිරන්තරයෙන් යම් යම් ආපදාවනට ලක් වීම සාමාන්‍ය සිදුවීමකි. නාවලපිටිය ප්‍රදේශයට ආසන්නයෙන් ඇති කුඩා දුම්රිය පළක් වූ පෙන්රෝස් ආසන්නයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා, බදුල්ල කරා සිය පවුල්වල පිරිසත් සමඟ ගමන් ගත් වෛද්‍යවරුන් ගමන් ගත් දුම්රියක් පැය දෙකක පමණ කාලයක් නතර කර තබන්නට සිදු විය.

 

penroseපෙන් රෝස් දුම්රිය නැවතුම
දුම්රියේ මැදිරි දෙකකම සිටියේ වෛද්‍යවරු ය. කෙසේ නමුත් මේ සිදු වූ දුම්රිය ප්‍රමාදය නිසා කලකිරීමකට හෝ නොසතුටකට හෝ පත් නොවූ එකී වෛද්‍ය පිරිස, ගිටාර් වාදනය කරමින්, ගී ගයමින්, නටමින් විනෝදවනු දක්නට හැකි විය. මේ නිසා සෙසු දුම්රිය මගීන් තුළ ද දුම්රිය ප්‍රමාදය පිළිබඳ වූ කනස්සල්ල පහව ගිය බවක් දකින්නට හැකි විය. මේ දුම්රියේ ගමන් ගත් විදේශිකයන් ද වෛද්‍ය පිරිස සමග එක් වෙමින් විනෝද වනු දක්නට ලැබිණි. ගස කපා ඉවත් කර යළි දුම්රිය ගමන ආරම්භ කරන තෙක් මේ විනෝද වීම දකින්නට ලැබුණි. ඒ වන තෙක්ම වෛද්‍යවරු ඉතා සතුටින් කාලය ගත කරමින් අයහපත් අවස්ථාවකින් වුව ද සතුටක් සොයා ගන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව පෙන්වා දුන්හ”.

 



පසුගිය ජුනි 23දා පෙරවරු හයයි තිහට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමනාරම්භ කළ අංක 1001 දරණ දුම්රියේ පළමු පන්තියේ මැදිරි දෙකක් වෙන් කර ගත් ලංකා කායික රෝග විශේෂඥයන් ගේ විද්‍යායතන (Ceylon college of physician) සාමාජිකත්වය දරන විශේෂඥ කායික වෛද්‍යවරුන් පනහකට වැඩි දෙනකු සම්බන්ධ ඉහත සඳහන් පුවත කිසියම් අපූර්වත්වයකින් යුතු වූවක් බව ඕනෑම අයකුට බැලූ බැල්මට වුව වැටහෙනු ඇත.

 

namalවෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ නාවලපිටිය දුම්රිය පළේ සිටි මඟීන් ගීතයකින් රසවත් කළ අයුරු

ඊට හේතුව එම දුම්රිය පමාව නිසා මානසික පීඩාවට ලක් ව සිටි දහස් ගණන් මගීන් පත්ව හිඳින මානසික කෙඩෙත්තුව හා ගිලන් බව වටහා ගැනීමේ හැකියාවක් මෙම කායික රෝග විශේෂඥ වරුන් සතුව තිබීම ය. එහි දී මඟීන් ගේ සිත් සුවපත් කළ හැකි සරල මනෝ චිකිත්සාවක් ලබා දීම කෙරෙහි ඔවුන් ගේ සිත් යොමු වීම දියුණු විද්‍යාත්මක හා මානවීය ලක්ෂණයකි. එහි දී එම වෛද්‍යවරු තමන් ගෙනා සංගීත භාණ්ඩ සහ ‘පාටි බොක්ස්’ නමින් හඳුන්වන ශබ්ද විකාශන කට්ටල ගෙන දුම්රිය වේදිකාවට බැස ක්ෂණික සංගීත සාජ්ජයකට මුල පිරූහ. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඔවුන් අතුරින් පිරිසක් ගී ගයන්නටත් තවත් පිරිසක් වාදන ඉදිරිපත් කරන්නටත්, තවත් පිරිසක් රැඟුම් පාන්නටත් ඉදිරිපත් වූයේ විනාඩි දෙක තුනක් තුළ දහස් ගණනක් වන දුම්රිය මගීන් ගේ අවධානයට සේම ආකර්ශනයට ද යොමු වෙමිනි.නමුදු ඒ තම වෘත්තීය තරාතිරම ආදිය ද මඟීන් වෙතින් සඟවමිනි.ඒ අනුව ඔවුන් ක්ෂණිකව ගනු ලැබූ තීරණයක් මත එසේ ඉදිරිපත් වීම නූතන සමාජය හමුවේ ඉදිරිපත් කෙරෙන එක්තරා පූර්වාදර්ශයක් ද වන බව අප ගේ වැටහීම ය.

forinersවිදේශිකයන් ද ගී ගැයුමට එක් වෙමින්

එහෙත්, ඒ සම්බන්ධ එක්තරා කණගාටුදායක තත්වයක් ද තිබේ.එනම් එම පුවතට සෙසු බොහෝ පුවත් වලට මෙන් සමාජයේ දස`ත පියඹා යන්නට අත් තටු නොලැබීම ය.එම අපූරු සිදුවීම සම්බන්ධයෙන් පළමුව vinivida.lk වෙබ් අඩවිය මඟින් අනාවරණය කරනු ලදුව පසුව theleader.lk, dailyrepoter.lk ආදියෙන් ද එම පුවත උපුටා දක්වා තිබිණ. නමුත් අතීතයට සාපේක්ෂව ඕපාදූප;ගොසිප් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ප්‍රධාන ධාරාවේ පුවත් පතක කුඩා ඉඩක් වත් ඒ සඳහා වෙන් කොට තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඒ යමකු ගේ හෝ යමක නුගුණම දැක්වීමේ නූතන සමාජ විලාසිතාවට අනුරූපව බව අප ගේ වැටහීම ය. 

පොදුවේ ගත් විට අප රටේ මුද්‍රිත සහ විද්‍යුත් ජන මාධ්‍යයන් මගින් විවිධ වෘත්තිකයන් ගේ අනේක විධ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පුවත් නිතර නිතර ප්‍රචාරය කෙරෙනු දක්නට පුළුවන. එහෙත්, එම පුවත් තොරතුරු සමස්තයක් වශයෙන් ගෙන විමසුමකට ලක් කිරීමේ දී ඉතා පැහැදිලි ලෙස පෙනී යන කරුණක් තිබේ. එනම් ඒවායින් වැඩි කොටස එම වෘත්තිකයන් සම්බන්ධ නිෂේධනීය ආකල්ප සමාජගත වීමට ඉවහල් වන බව ය. ඒ සම්බන්ධයෙන් විධිමත් විමසුමක් කළහොත් එසේ නිශේධනීය ගණයේ පුවත් ප්‍රමාණය එම වෘත්තිකයන් සම්බන්ධ සමස්ත පුවත් ප්‍රමාණයෙන් සියයට අසූවක් අනූවක් ද ඉක්මවනු ඇතැයි මට සිතේ. 

 

තරුණ මාධ්‍ය ජාලයකට එක්වන්න අවස්ථාවක් !අතීතයට සාපේක්ෂව ඕපාදූප;ගොසිප් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ප්‍රධාන ධාරාවේ පුවත් පතක කුඩා ඉඩක් වත් ඒ සඳහා වෙන් කොට තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි.

එමෙන්ම ඒ ආකාරයේ පුවත් නිරතුරු සමාජගත වීමෙන් සිදුවන සමාජමය අයහපත කිහිප අයුරකින් විමසා බැලිය යුත්තකි. ඉන් ප්‍රධාන අයහපත වනුයේ ඒවා මගින් එම වෘත්තිකයන් ගේ සමාජමය ගෞරවයට හා ප්‍රතිරූපයට හානි පැමිණීම ය. දෙවැන්න ඒ ඔස්සේ එම වෘත්තිකයන් හා සමාන්‍ය ජන සමාජය අතර පවත්නා සහසබඳතා සැලකිය යුතු ලෙසින් බිඳ වැටීම ය. ඒ ඔස්සේ ඔවුන් විසින් ඉටු කරනු ලබන සමාජමය මෙහෙවර අවප්‍රමාණ වීමේ පැහැදිලි හැකියාවක් එතුළින් නිර්මාණය වෙයි. මේ සම්බන්ධයෙන් ජන මාධ්‍ය කරුවන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වන ප්‍රධානතම තර්කයක් ද වේ. එනම් ඒ කිසිවක් වර්තමාන සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන සත්‍ය පුවත් මිස ඒ කිසිවක් ව්‍යාජ මවා පෑම් නොවන බව ය. ඒ අනුව එබඳු සිදුවීම් වල බහුලතාව මත ඒ ආශ්‍රිත පුවත් මතුවීමේ ද බහුලතාවයක් පැන නැගීම සාමාන්‍ය දෙයක් බව අප ද පිළිගත යුතු ය.

එහෙත්, එවන් පසුබිමක් යටතේ මේ වන විට වේගවත්ව වාණිජකරණයට ලක්ව ඇතැයි විවිධ පාර්ශවය්න් ගේ මැසිවිලි නැඟෙන විශේෂඥ වෛද්‍ය සේවාවට අයත් වෛද්‍යවරුන්ගේ මානුෂීය ගුණාංග සපිරි මෙබඳු ක්‍රියාවන් සඳහා ජන මාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් ලබා දෙන්නේ ද යන්න විමසුමට ආසන්නතම නිදසුනක් වනුයේ අප රටේ කායික රෝග විශේෂඥවරුන් පිරිසක් ක්ෂණිකව ගන්නා තීරණයකට අනුව දුම්රිය පමාවක් නිසා ගමන් ආතතියෙන් පෙළුණු මගීන් ගේ සතුට, විනෝදය හා මානසික උත්ථානය පිණිස ගී ගැයීම සම්බන්ධ ඉහත සඳහන් සුවිශේෂ සිදුවීමට මාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් නොලැබීම ය. 

cafe spectator1
නමුත් එහි දී විනිවිද වෙබ් අඩවියේ එම පුවත මුල්වරට පළ වීමත් එය උපුටා දැක්වීමට තවත් වෙබ් අඩවි කතුවරයකු දෙදෙනකු පමණක් යුහුසුළු වීම අගය කළ යුත්තකි. ඒ පසුබිම යටතේ මඳක් පසු වී හෝ ඒ සම්බන්ධයෙන් තම පාඨකයන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත් පත් කතුවරයාට සහ එහි Talk at the cafe spectator තීරු ලිපි රචකයාට ද විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතු ය.

මෙතෙරින් සැලකුම් නැතත් ලක් පොළොවට සුව සදන එතෙරින් ආ ශාක අහිංසකාවිය;  ග්ලිරිසිඩියා – (රේණුකා දමයන්ති)(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

සබැඳි ලිපියක් :

නාවලපිටිය ඉස්ටේසමේ දොස්තර සාජ්ජේ; විශේෂඥ දොස්තරලා පනහකටත් වඩා ඉඳලා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...