The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

හොද්ද රස ගන්වන රම්පෙ කරපිංචා හෙවත් බෙල්ලන සහ කහඳගම - (රේණුකා දමයන්ති)

T

The Leader Desk

July 6, 2024 • 10:37 AM

හොද්ද රස ගන්වන රම්පෙ කරපිංචා හෙවත් බෙල්ලන සහ කහඳගම - (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
  • එම කලාපය කුඩා වුව ද එම කලාප සංවිධායක වරයකුට අවශ්‍ය නම් එම ඡන්ද කොට්ඨාශයේ සේම සමස්ත දිස්ත්‍රික්කයේම එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන කටයුතු වලට එක් විය හැකි බව පක්ෂ මහ ලේකම් පාලිත රන්ගේ බණ්ඩාර එම අවස්ථාවට එක් වෙමින් කීය.
  • ඒ අනුව ඔවුනට අවශ්‍ය නම් එය පරංගීන්ගේ ගෙරි හම එළා ගැනීමක් බවට ද පත් කර ගත හැක.
  • එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් වුව ද මෙම කලාප සංවිධායක වරුන් පත් කිරීම සම්බන්ධයෙන් මෙහි විශේෂයෙන් යමක් ලිවීමට අපට සිත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ කලාප සංවිධායකවරුන් ලෙස පත් කරන ලද ආන්දෝලනාත්මක චරිත දෙකක් මුල් කර ගනිමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහි කලාපයක් යනු ඡන්ද කොට්ඨාශයකිනුදු කොටසක් වන බැවින් මෙහි දී පත් කරන ලද කලාප සංවිධායකවරුන්ගේ ගණන හයසීය ද ඉක්මවා තිබිණ. එම කලාපය කුඩා වුව ද එම කලාප සංවිධායක වරයකුට අවශ්‍ය නම් එම ඡන්ද කොට්ඨාශයේ සේම සමස්ත දිස්ත්‍රික්කයේම එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන කටයුතු වලට එක් විය හැකි බව පක්ෂ මහ ලේකම් පාලිත රන්ගේ බණ්ඩාර එම අවස්ථාවට එක් වෙමින් කීය.

ඒ අනුව ඔවුනට අවශ්‍ය නම් එය පරංගීන්ගේ ගෙරි හම එළා ගැනීමක් බවට ද පත් කර ගත හැක. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් වුව ද මෙම කලාප සංවිධායක වරුන් පත් කිරීම සම්බන්ධයෙන් මෙහි විශේෂයෙන් යමක් ලිවීමට අපට සිත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ කලාප සංවිධායකවරුන් ලෙස පත් කරන ලද ආන්දෝලනාත්මක චරිත දෙකක් මුල් කර ගනිමිනි.

 unnamed 8කොළඹ දිස්ත්‍රිකකයේ කොළඹ මහ නගර සීමාව තුළ එම කලාප සංවිධායක පදවි හිමි කර ගෙන ඇති අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට පැවරුණු කලාපය ඇත්තේ උතුරු කොළඹ ආසනයේ ය.

 

වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලන වටපිටාව පිළිබඳ විමසුමින් හිඳින්නවුන් ගේ මෙන්ම රට තොට ඕපාදූප සොයන්නවුන් ගේ පවා නොමඳ අවධානයට ලක් වන එම ආන්දෝලනාතමක චරිත දෙක වනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංසදයේ ( GMOF ) සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනත් ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම හෙවත් මහින්ද කහඳගමත් ය.


මේ දෙදෙනාම කොළඹ දිස්ත්‍රිකකයේ කොළඹ මහ නගර සීමාව තුළ එම කලාප සංවිධායක පදවි හිමි කර ගෙන ඇති අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට පැවරුණු කලාපය ඇත්තේ උතුරු කොළඹ ආසනයේ ය.

රාජ්‍ය සෞඛ්‍ය සේවයේ රෝහල් සුළු සේවකයන් බහුතරය මත්ද්‍රව්‍ය ආදියට යොමු ව ඇති බවත් ඔවුන් ඒ හා සම්බන්ධ ජාවාරම් ඇතුළු නොයෙක් විෂමාචාරවල යෙදෙන්නවුන් බවත් පසුගිය දා ඔහු මාධ්‍ය මඟින් කියා සිටියේ දැනට තිස් දහස ඉක්මවන කොළඹ ජාතික රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකකටත් වැඩි පිරිසක් සුළු සේවකයන් වීම ලෝක වාර්තාවක් බව ද පවසමිනි.

 



 

එමෙන්ම ඔවුන් ගෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවය සඳහා නිසි පිටිවහලක් නොලැබෙන බවට ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා නඟන ලද්දේ දෙබරයකට ගල් ගසන ස්වභාවයකිනි. ඔහු ගේ එම ප්‍රකාශය හේතුවෙන් රෝහලේ තුන් දහසක් පමණ වන සුළු සේවකයින් විසින් ඉකුත් පෙබරවාරි 16 වන දා පැය 07කට ආසන්න කාලයක් සිය නිල කාර්යාලයේ ප්‍රාණ ඇප කාරයකු සේ රැඳී සිටින්නටත් සුළු සේවකයින් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරුණු බැවින් ඔහු මුදා ගැනීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකයේ සේවය ලබා ගැනීමටත් සෞඛ්‍ය බලධාරීන්ට සිදු විය. මේ හේතුවෙන්, කොළඹ ජාතික රෝහල සේම ඒ අවට ද දැඩි උණුසුම් තත්ත්වයක් ද ඇති වූ අතර එම අවස්ථාවේ දී පවා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සුළු සේවකයින්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීම විශේෂත්වයකි. එහි දී කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨතමයකු පවසා සිටියේ රෝහල් සුළු සේවකයන් යම් ප්‍රමාණයක් පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධ බවට ද අනාවරණය වී ඇති පසුබිමක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ එවන් ප්‍රකාශ අතිශය අන්තරායකාරී බවකි.


පසුව ඔහු ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඉකුත් පෙබරවාරි 19 වනදා උදෑසන ද රෝහල් සුළු සේවකයෝ විරෝධතාවයක ද නිරත වූහ. මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ නිවස අවට ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති බව ද වාර්තා විය. ඒ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තමන් වෙත එල්ල කළ කුරුරු අපහාසය මුල් කොට පරීක්ෂණයක් පවත්වන ලෙස සුළු සේවකයින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් ඉල්ලා සිටියේ ඒ සියල්ල අසත්‍ය හා පදනම් විරහිත චෝදනා බව පවසමිනි. ඒ අනුව, අදාළ පරීක්ෂණය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබිණ.අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් අවධාරණය කර සිටියේ සෞඛ්‍ය සේවය සඳහා සෑම අංශයක්ම අවශ්‍ය බවකි.

 

පෞද්ගලික රෝහල් වල සුළු සේවක ප්‍රතිශතය 3%ක් නොඉක්මවන පසුබිමක රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ අදාල විෂය පථයන් පිළිබඳ විශේෂ පුහුණුවක් නොමැති 30% ඉක්මවන සේවක ප්‍රතිශතයක් හිඳීම

නමුත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ප්‍රකාශයට පදනම් වන කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් සුළු සේවකයන් වන බවට ඔහු කළ ප්‍රකාශය ඇමති වරයා මෙහි දී විමසුමට ලක් නොකිරීම ද විශේෂත්වයකි.එමෙන්ම අප වෙත අනාවරණය වී ඇති අන්දමට මෙරට පෞද්ගලික රෝහල් වල සුළු සේවක ප්‍රතිශතය 3%ක් නොඉක්මවන පසුබිමක රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ අදාල විෂය පථයන් පිළිබඳ විශේෂ පුහුණුවක් නොමැති 30% ඉක්මවන සේවක ප්‍රතිශතයක් හිඳීම ද සැමගේ අවධානයට යොමු විය යුතු වේ.


එමෙන්ම එය මුල් කොට ඔවුන් රැකියාවලින් දොට්ට දැමීම වෙනුවට ජාතික වෘත්තීය සුදුසුකම්( NVQ ) මට්ටමේ විධිමත් වෘත්තීය පුහුණුවක් මඟින් ඔවුන් ගේ වෘත්තීය කුශලතා පුබුදුවන වැඩ සටහන් දාමයක් ඇරඹීම බලධාරීන්ගේ වගකීම ය. නමුදු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ එම ප්‍රකාශය “කෙබරයක්” නොවන බව සනාථ කරමින් පසුගිය කාලය තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත් අඩංගුවට පත් වූවන් අතර රෝහල් සුළු සේවකයන් සේම සේවිකාවන් ද යම් ප්‍රමාණයක් සිටි බව වාර්තා වී තිබිණ. එම කරුණ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍යයට පවසා සිටියේ බැරි වෙලාවත් කොළඹ ජාතික රෝහල මුල් කොට මෙම මත්ද්‍රව්‍ය සෙවීම පිණිස වැටලීමක් කළ හොත් සුළු සේවක ලොකර් වල තිබී මත්ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් සොයා ගත හැකි වන බව ය.නමුත් මෙහි සත්‍යතාව ද මේ දක්වා උරගා බලා නැත.

මේ අතර රටේ අහිංසක ජනතාවට ප්‍රමිතියෙන් තොර, බාල ඖෂධ රජය විසින් ලබා දෙනු ලබන්නේ නම්; එදිනට තමන් සිටගන්නේ ජනතාවගේ පැත්තේ බව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් සංදේශයක් භාරදීමට සෞඛ්‍ය අමාත්‍යංශයට ගිය අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගිය දා පවසා තිබීම ද විශේෂත්වයකි.

 

Rukshan Belana 2020.05.03 ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ රෝගීන්ට ලබාදීමේ ක්‍රියාවලිය පසුපස සිටින්නේ අන් කිසිවෙකු නොව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සෘජුව චෝදනා එල්ල කිරීම

සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රල්ඛනයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එක්ව අත්සන් කරනු ලැබූ පෙත්සමක් භාර දීම පිණිස මරදානේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් නිල දැනුම් දීමකින් තොරව සෞඛ්‍ය ලේකම්වරයාගේ නිල කාමරයට ඇතුල්වී අදාළ පෙත්සම භාර දීමට පියවර ගත් අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ යන වෘත්තීය සමිති නායකයන් සමඟ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ද එක්ව නැඟී සිටිනු දක්නා ලදී. එහි දී ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ රෝගීන්ට ලබාදීමේ ක්‍රියාවලිය පසුපස සිටින්නේ අන් කිසිවෙකු නොව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සෘජුව චෝදනා එල්ල කිරීම ද විශේෂත්වයක් විය.



mahinda kahadagamaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් තම ප්‍රාණය වුව පරිත්‍යාග කළ හැකි බව පසුගිය කාලයේ ප්‍රසිද්ධියේම පවසා සිටි කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගමට ද එක්සත් ජාතික පක්ෂයෙන් මැද කොළඹ කලාප සංවිධායක පදවියක් ද පිරිනමා තිබේ.


මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් තම ප්‍රාණය වුව පරිත්‍යාග කළ හැකි බව පසුගිය කාලයේ ප්‍රසිද්ධියේම පවසා සිටි කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගමට ද එක්සත් ජාතික පක්ෂයෙන් මැද කොළඹ කලාප සංවිධායක පදවියක් ද පිරිනමා තිබේ.

ගත වූ කාලය මුළුල්ලේ අගනුවර පදික හා සංචාරක වෙළඳ ප්‍රජාවට නායකතවයක් දු ඔහු සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් “බජාර් එකේ වැඩ කාරයකු” ලෙස නමක් දිනාගැනීමට සමත්ව සිටියේ ය. කලින් පේව්මන්ට් කාරයන් ලෙස සමාජමය නිගරුවට ලක් වූ තමන් ස්වයංරැකියා නියුක්තිකයන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට ගෞරවාන්විත බවක් ලබා දුන් බව පවසමින් ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කාලයේ මහින්ද කහඳගම මහින්ද රාජපක්ෂ සමඟ සෘජු සබඳතා පැවැත් වූ අයකු ලෙස ද ප්‍රකටව සිටියේ ය.


එහෙත්, 2022 මැයි 09 වන දා ගාලු මුවදොර ගැටුමේදී අරගල කරුවන්ට පාඩම් උගන්වන්නට ගොස් ඔවුන් ගෙන් පහර කෑමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් ඔහු සමාජ ජාලා ඔස්සේ මහත් ප්‍රසිද්ධියකට පත් විය. එපමණක් නොව එහි දී පහර කැමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ පසු කිසිවකු විසින් ඔහු ගේ අතේ’69’ අංකය සහිත ටැග් එකක් එල්ලා යාම නිසා ඔහුහේ ආරක්ෂාව තකා රෝහලේ වෙනම අංශයක් වෙත මාරු කිරීමට පවා රෝහල් බලධාරීන්ට සිදු විය.

 

Screenshot 5මහින්ද කහඳගම පහර කැමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ පසු කිසිවකු විසින් ඔහු ගේ අතේ’69’ අංකය සහිත ටැග් එකක් එල්ලා යාම

නමුත් මේ වන විට ලංකා පොදුජන පෙරමුණේ න්‍යෂ්ටික බලය මහින්ද රාජපක්ෂගෙන් ඔහු ගේ පුත් නාමල් රාජපක්ෂ වෙත සම්ප්‍රේෂණය වීමත් සමඟ තමන්ට පක්ෂයෙන් කලින් ලැබුණු සැලකිලි අහිමි වී ඇති බවට මහින්ද කහඳගම බොහෝ දෙනකු සමඟ කියා තිබිණ. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු සාමාජිකත්වයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයක් සේම එහි කලාප සංවිධායක කමක් ද ලබා ගෙන ඇත්තේ ඒ අනුව ය.

ඒ කෙසේ වුව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනත් ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමත් ජන මාධ්‍ය කරුවන්ට ඉතා රසවත් උණු උණු ගොදුරු ලබා දෙන්නෝ ය.

 

Range 2024.01.11සමස්ත දිස්ත්‍රික්කයේම එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන කටයුතු වලට එක් විය හැකි බව පක්ෂ මහ ලේකම් පාලිත රන් ගේ බණ්ඩාර කළ ප්‍රකාශය පදනම් ව මේ දෙදෙනා ඉදිරියේ නා නා ආකාරයේ අඩව් කස්තිරම් අල්ලන බව නිසැක ය.

එමෙන්ම යමකුට හිමි කර ගත් කලාප සංවිධායක කම ඔස්සේ අවශ්‍ය නම් එම ඡන්ද කොට්ඨාශයේ සේම සමස්ත දිස්ත්‍රික්කයේම එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන කටයුතු වලට එක් විය හැකි බව පක්ෂ මහ ලේකම් පාලිත රන් ගේ බණ්ඩාර කළ ප්‍රකාශය පදනම් ව මේ දෙදෙනා ඉදිරියේ නා නා ආකාරයේ අඩව් කස්තිරම් අල්ලන බව නිසැක ය.


ඔවුන් ගෙන් ජනතාවට සිදු වන සේවය කෙසේ වුවත් බෙල්ලන සහ කහඳගම ජනපතිවරණ ප්‍රචාරක කටයුතු හොද්ද රස ගන්වන රම්පෙ කරපිංචා ලෙස අපට නොබියව නම් කළ හැක්කේ එබැවිනි.


renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...