The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

චිකාගෝ පන්නයේ අපරාධ සහ අපේ ජන මාධ්‍ය - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

July 11, 2024 • 12:13 PM

චිකාගෝ පන්නයේ අපරාධ සහ අපේ ජන මාධ්‍ය - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ”මේ වෙඩි තැබීමත් සමඟ මේ “කේ පී අයි”.
  • මේ අපරාධ ලුහුබැඳලා අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකර ගන්න පොලිසියට ඉක්මනින් පුලුවන් වෙයි”පොලිස්පති වරයාගේ එම ප්‍රකාශය අපගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි.
  • චිකාගෝ නගරයේ මනුෂ්‍ය ඝාතන 1974 දී ඉහළ ගිය හ 1960 ගණන්වල අග භාගයේ සිට ඇමරිකාවේ චිකාගෝ හි ප්‍රචණ්ඩකාරී අපරාධවල විශාල නැඟීමක් දක්නට ලැබුණි.
  • දී, නගරයේ මිලියන තුනකට වඩා අඩු ජනගහනයක් තිබිය දී මනුෂ්‍ය ඝාතන 943 ක් සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


”මේ වෙඩි තැබීමත් සමඟ මේ “කේ පී අයි”. යන නාමය සම්බන්ධයෙන් රාවයක් තියනවා. මේ අපරාධය තුළින් ඒ වගේ අකුරු තුනක් ඉදිරිපත් කළේ සංවිධානාත්මක අපරාධකරුවා තමන් කවුද? යන්න පැහැදිලි කිරීමක් හැටියට පුළුවන්. ‍එහෙම නැතිව පොලීසිය නොමග යවන්න මේක වෙනත් පාර්ශවයකින් කළා වෙන්නත් පුළුවන්. නමුත් පොලිස් විමර්ශන ඊට එහා ඉලක්කයකට දුර යනවා. ඒකට හේතුව කිසියම් පුද්ගලයකුට පුළුවන් අපරාධයක් සිදුකළත් එකට අහවල් පුද්ගලයා සම්බන්ධයි කියලා ඇඟවෙන විදිහේ මේ වගේ දේවල් කරන්න. අපි ඒකත් අපි ඔළුවේ තියාගෙන විමර්ශන එතැනට සීමා කරන්නේ නෑ. දැන් මේ වෙන කොට පොලිසිය විසින් කරන ලද විමර්ශනවල දී මේ අපරාධය කාගේ අවශ්‍යතාවක් මත කුමන හේතුවක් අරමුණක් උදෙසා කවුරුන් විසින් කරන ලද්දක් ද යන කාරණා සම්බන්ධව විමර්ශකයන් අවධානය යොමු වී තිබෙනවා.

 



මේ වගේ ස්වයංක්‍රිය ආයුධ පාවිච්චි කරලා අපරාධයක් සිද්ධ වුණේ කොහොමද? කියන එකේ සුල මුල පාදා ගත යුතුමයි. නීති විරෝධී ගිනි අවි විශාල සංඛ්‍යාවක් සමාජයේ සංසරණය වීම කොහොමටත් බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා අපි යුක්තිය මෙහෙයුමේදී මේ දැන් ආරම්භ කරලා තියෙන පියවරේ දී ඒ ගැන දැඩි අවධානයක් යොමු කරනවා මෙරට තුළ ගැවසෙන නීති විරෝධී ගිනි අවි අතට ගන්න විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන් පසුගිය මාස හය අල්ල ගත්තු අවි මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරලා දැනුවත් කිරීමක් මේ ඉදිරි සති කීපය තුළ කරනවා. අපි පැහැදිලිව මත් ද්‍රව්‍ය සහ පාතාලය නැති කිරීම සඳහා දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙන්නේ; එවැනි තත්වයක්. රට තුළ තිබිච්ච නිසා. ඔබ දන්නවා එක දවසට හත් අට පොලක වෙඩි තියල මරපු එහෙම නැත්නම් මාසෙකට දහ දොළොස් පළක මිනී මැරුම් සිදු වුණු තත්වයක් මේ රටේ තිබුණා. ඒවා දැකලා තමයි අපි මේ මෙහෙයුම ආරම්භ කළේ. චිකාගෝ ක්‍රමේ අපරාධ සිදුවීම ගැන පොලිසියට චෝදනාවක් තියෙනවා. මේ අපරාධ ලුහුබැඳලා අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකර ගන්න පොලිසියට ඉක්මනින් පුලුවන් වෙයි”පොලිස්පති වරයාගේ එම ප්‍රකාශය අපගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි.

 

chi emflash1974i20120706110244

චිකාගෝ නගරයේ මනුෂ්‍ය ඝාතන 1974 දී ඉහළ ගිය හ

 

1960 ගණන්වල අග භාගයේ සිට ඇමරිකාවේ චිකාගෝ හි ප්‍රචණ්ඩකාරී අපරාධවල විශාල නැඟීමක් දක්නට ලැබුණි. චිකාගෝ නගරයේ මනුෂ්‍ය ඝාතන 1974 දී ඉහළ ගිය අතර, නගරයේ ජනගහනය මිලියන තුනකට වඩා වැඩි වූ විට මනුෂ්‍ය ඝාතන 970 ක් සිදු විය, එහි ප්‍රතිඵලයක් ලෙස 100,000 ට 29 ක් පමණ මනුෂ්‍ය ඝාතන අනුපාතයක් ඇති විය. 1992 දී, නගරයේ මිලියන තුනකට වඩා අඩු ජනගහනයක් තිබිය දී මනුෂ්‍ය ඝාතන 943 ක් සිදු විය. ඒ පුරවැසියන් 100,000 කට මනුෂ්‍ය ඝාතන 34 ක අනුපාතයකිනි.

1992 න් පසු සිදු වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 2000 මැද භාගය වන විට ඝාතන 415 දක්වා ක්‍රමානුකූලව අඩු වූ අතර එය සියයට 50කට වඩා අඩු විය. 2021 දී, මනුෂ්‍ය ඝාතන 804 ක් වාර්තා වී ඇති අතර100,000 ට 29.6 ක මනුෂ්‍ය ඝාතන අනුපාතයක් පෙන්නුම් කෙරිණ. 2022 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනවල අඩුවීමක් දක්නට ලැබුණු අතර, පසුව 2023 දී තවත් 15%ක අඩුවීමක් සිදුවී මුළු වසරටම 617කින් අවසන් විය. 

14573599 032625 wls cpd armed robberies raw vidචිකාගෝ ඝාතන

 

චිකාගෝ හි විශාලතම අපරාධ රැල්ල පසුගිය වසර 50 තුළ සුළු වශයෙන් වෙනස් වී ඇති අතර මනුෂ්‍ය ඝාතන, සන්නද්ධ මංකොල්ලකෑම්, කල්ලි ප්‍රචණ්ඩත්වය “චිකාගෝ” නමින් හැඳින්වීම ලොව පුරා සිදු වෙයි.

z PraneethAbayasundaraමහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරමේ අතර කිසියම් ජන සමාජයක් තුළ අපරාධ ප්‍රවර්ධනය වීමට ඒ අපරාධ සමාජගත වීම ද සෘජුවම ඉවහල් වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර කියයි. විශේෂයෙන් අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් තුළ පවත්නා අනවබෝධය, නොසැලකිලිමත් කම සේම බාල ජනප්‍රියත්වය උදෙසා “අපරාධ විකිණීම” මේ තත්වයට හේතුවී ඇති බව මහාචාර්ය වරයා ගේ අදහස ය.

” අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය තුළ; විශේෂයෙන් සිංහල මාධ්‍ය තුළ සාපරාධී ක්‍රියා සම්බන්ධ ප්‍රවෘත්ති නිර්මාණාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කරනු දකින්න පුළුවන්. කිසියම් වෙඩි තැබීමක් සම්බන්ධ ප්‍රවෘත්තියක් පවා ඒ සිදු වූ ආකාරය එලෙසින්ම නැතහොත් තමන්ගේ පරිකල්පන පවා යොදමින් ඉදිරිපත් කොට ජනතා ආකර්ශනය තමන් ගේ මාධ්‍යය වෙත ලබා ගන්න මාධ්‍ය ආයතන දරණ මේ උත්සාහය කෙසේ වත් සාධනීය වන්නේ නැහැ. ලෝකයේ බොහෝ ජන සමාජ වලට වඩා අපේ සමාජය ජන සමාජය මාධ්‍ය කෙරෙහි දක්වන උනන්දුව හා ඉන් ලබන බලපෑම් සහගත බව ඉහළ මට්ටමක තියනවා. කොටින්ම මාධ්‍ය සංතෘප්තිතතාව (Media saturation ) කියන සමාජ ලක්ෂණය පවා ශ්‍රී ලංකාවෙන් දකින්න පුළුවන්. අද අපේ සමාජයේ බහුතරය ඉවුම් පිහුම්, ගෙදර දොර අවශ්‍යතා වගේම සමාජ ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමට වගේම ජනතාවට පරලොව විමුක්තිය සඳහා මඟ පෙන්වීම් කරන්නේ මාධ්‍යයයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ හොර ජාවාරම් හෙළිකරන 'ළමයකුට මරණ තර්ජන'රූපවාහිනී සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය මඟින් එම ආවේග කුළුගැන්වීමට දරන වෑයම අප සැමගේ විශේෂ අවධානයට ලක් විය යුතුය

 

ලෝකයේ විවිධ ජන සමාජයන් කෙරෙන් දකින්න ලැබෙන මේ තත්වය සම්බන්ධයෙන් එක් ලෝක ප්‍රකට බටහිර සමාජ විද්‍යාඥයෙක් රූපවාහිනී මාධ්‍ය අලළා කළ ප්‍රකාශයක් අපට සිහිපත් වෙනවා. ඔහු කියා ඇත්තේ “දැන් පල්ලියේ වගකීම් සහ පාසලේ වගකීම් පවා රූපවාහිනී මාධ්‍ය කරුවන් අතට පත් ව ඇති” බවක්”.

එහි දී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර වැඩිදුරටත් පවසා සිටියේ කිසියම් සමාජයක ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය සහ භීතිය යන මූලික මිනිස් සහ සත්ව ආවේග ප්‍රවර්ධනය වීමට සාපේක්ෂව ඒ සමාජයේ සදාචාර මට්ටම බිඳ වැටෙන බවකි. එහි දී අප රටේ ජන මාධ්‍ය ; විශේෂයෙන් රූපවාහිනී සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය මඟින් එම ආවේග කුළුගැන්වීමට දරන වෑයම අප සැමගේ විශේෂ අවධානයට ලක් විය යුතු බවකි.

නින්ජා සටන් කරුවන්

 

1591626126 1469473 hirunews Sri lanka Police Shootසාපරාධී ක්‍රියාවන් සම්බන්ධ දර්ශන එම සිදුවීම නරඹන්නවුන් ගේ සිත් තුළට කාවදින අන්දමින් ඇතැම් විට පුන රූපණ මඟින් පවා ඉදිරිපත් කිරීම
මෙහි දී සමාජය තැතිගන්වන සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ දර්ශන එම සිදුවීම නරඹන්නවුන් ගේ සිත් තුළට කාවදින අන්දමින් ඇතැම් විට පුන රූපණ මඟින් පවා ඉදිරිපත් කිරීම මඟින් ජනතා සිත් සතන් තුළ ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වීම වලක්වාලිය නොහැක.

 

 

පොලිස්පති වරයා පවසන අන්දමට අප රටේ සිදුවන චිකාගෝ ක්‍රමයේ අපරාධ පවා ඒවා සිදු වූ අන්දම නරඹන්නවුන් ගේ සිත් තුළට කාවදින ලෙස ඉදිරිපත් කරන මාධ්‍යකරුවා ඉන් බලාපොරොත්තු වනුයේ කුමක්ද? ඒ තුළින් තම මාධ්‍ය සඳහා තරඟකාරී මට්ටමින් විශේෂ අවධානයක් හිමි කර එමඟින් තම මාධ්‍ය ආයතන වල වෙළඳ දැන්වීම් ආදායම තර කර ගැනීම නොවෙද? එහි දී ප්‍රවෘත්ති කලා මූලධර්ම පවා කුණු කොල්ලයට හෙළමින් එම අපරාධ පුවත් සම්බන්ධ පූර්ව නිවේදන වලින් පසුව එය විකාශය කිරීමට තබා ගෙන ඉන් පෙර වෙළඳ ප්‍රචාරක දැන්වීම් ගොන්නක් එබීමේ නීච ක්‍රමෝපායන් ද නූතන රූපවාහිනී මාධ්‍යයේ පරමාදර්ශ බවට පත් වෙමින් තිබේ. නමුදු ඉන් සිදුවන බිහිසුණුම ප්‍රතිවිපාකයක් ද තිබේ. එනම් එම අපරාධ පුවත් නැරඹීම පිණිස වන සැලසුම් සහගත ප්‍රේක්ෂක පිරිසක් එක් වීම ය.

qGA8tGbakWTlfmTZxnZd7EPcyGwrodd66dUq6xxeනින්ජා රණ ශූරයා යනු පුරාණ ලෝකයේ ජනප්‍රිය චරිතයකි.

 

නින්ජා රණ ශූරයා යනු පුරාණ ලෝකයේ ජනප්‍රිය චරිතයකි. වැඩවසම් යුගයේ ජපානයේ ඔත්තු බැලීම්, ආරක්ෂක කටයුතු, සතුරු බලමුළු වනසා දැමීම සඳහා කැප වී ක්‍රියා කොට ඇති අධිමානුෂික කුසලතා සහිත නින්ජා සටන් කරුවන් තුළ අධිමානසික ශක්තියක් ද පැවැති බව පැවසෙයි. නමුදු පසුගිය කාලයේ විශේෂ කුසලතා රැසක් සහිත අනුරාධපුර ප්‍රදේශයේ සමාජ ශාලා හිමි කරුවකු වෙතට තියුණු ආයුධ රැගෙන මුහුණු වසා ගෙන කඩා පිනූ මිලේච්ඡ පිරිසක් ඔහු කපා කොටා ඝාතනය කිරීම අප රටේ ප්‍රධාන පෙළේ පුවත් පතක සිරස් තලයෙන්ම අනාවරණය කොට තිබුණේ “නින්ජා ප්‍රහාරයක්” ලෙසිනි.


එහෙත්, නූතන ව්‍යවහාරයට අනුවම කිවහොත් “ගොන් ආතල් “ගැනීමක් ලෙස යොදා ඇති එම නින්ජා සිරස් තල මුළු මහත් ශ්‍රී ලාංකේය ජන මාධ්‍යයටම මහත් “නින්දාවක්” බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය. 

 

george gerbner toolsheroජෝර්ජ් ගර්බ්නර්
“ජෝර්ජ් ගර්බ්නර් කියන්නේ සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයෙක්. විලානෝවා විශ්ව විද්‍යාලයේ සහ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ සේවය කළ ඔහු කදිම සන්නිවේදන න්‍යායක් ඉදිරිපත් කරනවා.ඔහු ඒක නම් කරන්නේ වගා න්‍යාය( Cultivation theory ) කියලා.ඒක මාධ්‍ය බලපෑම් පිළිබඳ මූලික සිද්ධාන්තවලින් එකක් ලෙස පිළිගැනෙනවා.

ඒ න්‍යායට අනුව, නිතර රූපවාහිනිය නරඹන පුද්ගලයින්ට රූපවාහිනී ලෝකයෙන් ලැබෙන පණිවිඩවල බලපෑම වැඩි වන විට ඔවුන්ගේ ලෝක දැක්ම සහ සංජානනය ඔවුන් රූපවාහිනියෙන් නැවත නැවතත් දකින සහ ඇසෙන දේ මතම ස්ථාපිත වෙනවා. එතකොට මිනිසුන් සමාජ යථාර්ථය වටහා ගන්නේ ඒක පදනම් කර ගෙනයි. අප ගේ වැටහීම අනුව සාමාන්‍ය ජන සමාජයකට වඩා ශ්‍රී ලංකාව වගේ මාධ්‍ය සංතෘප්තිත සමාජයක් තුළ ඉන් සිදු වෙන අයහපත් බලපෑම වැඩියි. හරියට කායික ප්‍රතිශක්තිය අඩු කෙනකුට රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතිනවා වගේ මේක සමාජයක් හැටියට අප ඉතා හොඳින් වටහා ගත යුතු ඛේදනීය තත්වයක්” මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර පවසයි. 

ඒ අනුව පොලිස්පතිවරයාම චිකාගෝ ක්‍රමය ලෙසින් හඳුන්වන මෙම අපරාධ රැල්ල මැඩලීම පිණිස මෙම බරපතල මාධ්‍ය අවභාවිතාවට නැවතුම් ලකුණ තැබීමේ සමාජමය වගකීම අප වෙත පැවරී තිබේ. 

ඒ සඳහා අප පළමුව කළ යුත්තේ අපරාධ වාර්තාකරණයේ දී තිබිය යුතු සදාචාරාත්මක බව පසෙක ලා හුදෙක් මිල මුදල් තකා ඒවා “තළු මරමින්” සමාජගත කරන මාධ්‍ය වලින් අප ගේ දරු පරපුර දුරස් කර වීම ය. දෙවනුව අප ද ඒ ජන මාධ්‍ය පර්ශීලනයෙන් මුළුමනින් බැහැර වීම ය. එසේ නොකළ හොත් වත්මන් පොලිස්පති වරයාම පවසන චිකාගෝ ක්‍රමය නුදුරේ දීම ශ්‍රී ලංකා ක්‍රමය ලෙස යාවත්කාලීන වීමේ පහසු හැකියාවක් පවතී.

renuka damayanthi psd(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com


(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...