The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙ න් ඔබ්බට... - (අජිත් රාජපක්ෂ)

T

The Leader Desk

July 12, 2024 • 8:09 AM

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙ න් ඔබ්බට... - (අජිත් රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සුත්ට ඉතා අමාරුකම් වලට මුහුන දීමට සිදුවූවත් තත්වය හිතූතරම් නරක අතට හැරුනේ නෑ.
  • විවිධ විවේචන ගෙනාව, විකල්ප යෝජනා තියෙන බව ප්‍රකාශ කලා.
  • ඒත් කාටවත් එහෙම පැහැදිලි විකල්පයක් තිබුන බවක් පෙනුනෙ නෑ.
  • ඇත්තටම එහෙම විවේචන ඉදිරිපත් නොකර විපක්ෂයට පවතින්නත් බෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම රුපියල හොදටම බාල්දුවෙයි, බැංකු පද්ධතිය කඩාවැටෙයි, ජනතාව කැරලි ගහන තත්ත්වයක් ඇතිවෙයි කියලයි. 

 

ඉන්ධනහල් වසා තැබීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක් !බංකොලොත් වෙච්ච ලෝකයේ අනිකුත් රටවල් එක්ක සසදා බැලුවම ලංකාවෙ එහෙම දරුනු තත්වයක් මතූ උනේ නෑ


නමුත් බංකොලොත් වෙච්ච ලෝකයේ අනිකුත් රටවල් එක්ක සසදා බැලුවම ලංකාවෙ එහෙම දරුනු තත්වයක් මතූ උනේ නෑ. මිනිස්සුත්ට ඉතා අමාරුකම් වලට මුහුන දීමට සිදුවූවත් තත්වය හිතූතරම් නරක අතට හැරුනේ නෑ. ඊලගට කාගෙත් අවදානය යොමූවුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ගැන සහ ණයප්‍රතිව්‍යහගත කරගැනීම පිලිබඳවයි. මුලදී ගොඩක් අය ඒ වැඩපිලිවෙලට විරුද්ධ උනා. විවිධ විවේචන ගෙනාව, විකල්ප යෝජනා තියෙන බව ප්‍රකාශ කලා. ඒත් කාටවත් එහෙම පැහැදිලි විකල්පයක් තිබුන බවක් පෙනුනෙ නෑ. විකල්ප කියා කී දේවලුත් අප ජීවත්වන ගෝලීය දේශපාලන හා ආර්ථික යතාර්ථයන් තුල ක්‍රියාත්මක කරන්න පුලුවන් දේවල් නොවෙයි. 

 

මෙන්න අභියෝගය‍, බාර ගන්නේ සජිත් ද අනුර ද? - ( IF වීඩියෝවක්)ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයත් අඩු වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිලිවෙලට අනුගත වෙලා

කොහොම උනත් දැන් ඒවා ඔක්කොම අවසානයකට ඇවිල්ලයි තියෙන්නෙ. ප්‍රධානම විපක්ෂ කණ්ඩායම් දෙක වන ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයත් අඩු වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිලිවෙලට අනුගත වෙලා තියෙනව. මේ වැඩපිලිවෙලට යම් යම් විවේචන ඉදිරිපත් කලත් ලොකු විරෝධයක් දියත් කලේ නෑ. ඊට විරුද්ධව ජනතාව වීදියට ගේන්න හෝ උද්ඝෝෂණ කරන්න උත්සාහ කලේ නෑ. ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහගෙ වැඩපිලිවෙලට ඔවුන් වක්‍රව අනූකූලතාවයක් දක්වල තියෙනව. විපක්ෂයේ ගොඩක් අය මේ වැඩපිලිවෙලට ඉදිරිපත් කල විවේචන හුදෙක් දේශපාලනිකයි. ඇත්තටම එහෙම විවේචන ඉදිරිපත් නොකර විපක්ෂයට පවතින්නත් බෑ. ඒ කෙසේවෙතත් දැන් තියෙන්නෙ රටක් විදියට අපි මෙතනින් ඉදිරියට යන්නෙ කොහොමද කියන කාරනාවයි. මීලගට බලය ලබාගැනීමට බලාපොරොත්තුවන සියලු කණ්ඩායම්වලට තිබෙන විශාල අභියෝගය එයයි. 

ඔවුන් ඉදිරියේ ඇති ක්ෂණිකව ක්‍රියාත්මක වියයුතු අභියෝග මොනවා ද? 

 

OMP ලොක්කා කී 'කවුරුත් අතුරුදහන් නෑ' කතාවට උතුරෙන් බැටඋතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් ජනයාට යුක්තිය ඉෂ්ට කිරීම
1. දේශීය නිෂ්පාදන ඉහල නැංවීම, රටේ ආදායම වැඩිකරගැනීම සහ වියදම් කළමනාකරණය කරගැනීම.

2. කඩාවැටී ඇති ආර්ථිකය නැවත නගා සිටුවීම සදහා උත්තේජනයන් ලබාදීම.

3. ආර්ථික පීඩනයෙන් පෙලෙන බහුතර ජනයාට සහන ලබාදීම.

4. අපනයන අදායම වැඩිකරගැනීම මගින් සහ විදේශීය ආයෝජන ගෙන්වාගනිමින් ඩොලර් සංචිත ශක්තිමත් කරගැනීම.

5. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ඒවා තවදුරටත් පාඩු නොලබන තත්වයට පත්කරගැනීම සහ ඒවා කාර්‍යක්ශම කර ගැනීම.

6. හොරකම් දූශන වංචා නැවත්වීම සහ බදු ගෙවීම් පැහැර හැරීම නැවත්වීම.

7. ඉංදියාව විසින් දැනටමත් යෝජනාකර ඇති ව්‍යාප්පෘති ශ්‍රී ලංකාවට අවාසි නොවනසේ ක්‍රියාත්මක කිරීමේ අභියෝගය‍ට මුහුනදීම. 

8. ඉංදියාව තම රටේ ආරක්ශාව පිලිබඳව මතු කරන බරපතල ගැටළු අවදානයට ගනිමින් නොබැදි විදේශීය ප්‍රතිපත්තියක් සකසා ගැනීම.   

9. උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් ජනයාට යුක්තිය ඉෂ්ට කිරීම.

 

අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනය: උතුරු නැගෙනහිර මාපියන් නොලද යුක්තිය  ඉල්ලා මහපාරට..!!වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීම

ඒ වාගේම අවුරුදු කිහිපයක් ඇතුලත ඒකාධිපති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප මැතිවරණ ක්‍රමය නැතිකිරීම, රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදීකරනය කිරීම යනාදී කාරනා ඉශ්ට කිරීම පිනිස නව ව්‍යාවස්තාවක් පිලියෙල කිරීම අත්‍යාවශ්‍යයි. ඒ වාගේම දරාගත නොහැකි ආරක්ශක වියදම් කපා හැර එම මුදල් අත්‍යාවශ්‍ය සේවාවන් සදහා වෙන්කිරීම, බලය නිසියාකාරව විමද්‍යගත කිරීම, සියලු ජාතීන් ආගම අතර සංහිඳියාව ගොඩනැගීම, විංදිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීම යනාදී කාරනා වැදගත් වනවා. 

මේ කාරනා සම්බන්ධයෙන් ඉදිරි ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම වැදගත් වන අතර ඒවා සොයා බලා චන්දය පාවිච්චි කිරීම ජනතාවගේ වගකීමක්. 

 

දේශීය රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් අර්බුදයක් ද ? - (දිනේෂ්  වීරක්කොඩි )අපට ණය ගෙවීමට පටන්ගැනීමට සිදුවන බැවින් ඒ සදහා ඩොලර් උපයාගැනීම අත්‍යාවශ්‍ය වනවා
කෙසේවෙතත් බලයට එන කන්ඩායමට මුලින්ම මූලිකත්වය දෙන්නට සිදුවන්නේ ආර්ථික කාරනා වලටයි. ඉතා මෑතකදී අපට ණය ගෙවීමට පටන්ගැනීමට සිදුවන බැවින් ඒ සදහා ඩොලර් උපයාගැනීම අත්‍යාවශ්‍ය වනවා. ඒවගේම අපේ ඩොලර් වියදම් අඩුකරගැනීමත් ඉතා වැදගත් වනවා. එසේ නොවුනොත් නැවතත් රට බංකොලොත් වීමේ අවදානමක් තියෙනව. 

පසුගිය සති කිහිපයේ සෑම ක්ෂේත්‍රයකම වාගේ සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පටන් අරගෙන තියෙනව. ඒ තමන්ගේ වැටුප් සහ දීමනා වැඩිකරගන්නයි. මේ වැඩවර්ජන දිනෙන් දින වැඩිවන ආකාරයකුයි පේන්නෙ. ඒවා සාධාරණ ඉල්ලීම් වූවත් ගෙලවටක් ණයඋගුලේ හිරවී සිටින රටක් මේ සේවක සහන ලබාදෙන්නේ කෙසේද කියන ප්‍රස්නය තියෙනව. මැතිවරණ කාලයේදී පීඩනයට පත්ව සිටින ජනයාට නොයෙකුත් සහන ලබාදෙන බවට පොරොන්දු දුන්නත් ඒවා ඉෂ්ට කිරීම විශාල අභියෝගයක්. ඒ නිසා පොරොන්දු දෙන දේශපාලකයන් ඒවාට මුදල් සොයාගන්නේ කෙසේද යන්න පැහැදිලි කල යුතුයි. එසේ නොකලහොත් ඉදිරියේදී ආණ්ඩුව සහ ජනතාව අතර විශාල ගැටුමක් නිර්මානය වෙන්න පුලුවන්. එවැනි පසුබිමක පාලකයන් වඩාත් නරක ලෙසට එවා මර්දනය කිරීමට ඉදිරිපත්වීමටත් ලොකු ඉඩක් තියෙනව. ඒ නිසා රටේ නැවතත් භීශනකාරී තත්වයක් ඇතිවීමේ අවදානමක් අප ඉදිරියේ තියෙනව. 

 


බලයේ සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් එයාගෙ ඉදිරි වැඩපිලිවෙල කුමක්ද කියන එක පසුගියදා පැහැදිලි කලා. එයා ඉංදියාව සමග එක්ව ව්‍යාපෘති ගණනාවක් කරන්නයි සූදානම් වන්නෙ. සූර්ය බල සහ සුළං බල ව්‍යාප්පෘති, රටවල් දෙක අතර විදුලි සම්ප්‍රේෂන ජාල සම්බන්ධතාවය ඇතිකිරීම, උතුරේ දූපත් තුනක පුනර්ජනනීය බලය ගොඩනැගීම, කන්කසන්තුරේ වරාය පුලුල් කිරීම, පලාලි ගුවන්තොටුපළ දියුනු කිරීම, කටුනායක සහ අනිකුත් ගුවන්තොටුපළවල් කළමනාකරණය කිරීමට ඉංදියාව සම්බන්ධ කරගැනීම, ත්‍රීකුනාමලයේ වරාය දියුනු කිරීම, එහි අයෝජන කලාප සහ සංචාරක කලාප ඇතිකිරීම, උතුරු නැගෙනහිර නව තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ගොඩනැගීම, ත්‍රීකුනාමලයේ සිට නාගපටුන දක්වා මුහුද යටින් තෙල් ප්‍රවාහනයට නල මාර්ගයක් ගොඩනැගීම, ඉංදියාව සහ ලංකාව අතර ගොඩබිමින් සම්බන්ධතාවය ඇති කිරීමේ වැඩපිලිවෙල, අමුල් සමාගම සමග ලංකාවේ කිරි නිශ්පාදනය සංවර්ධනය කිරීම, ඒ සදහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ ඊට අයත් ගොවිපලවල් සහ කර්මාන්ත ශාලා ඔවුන්ට පැවරීම යනාදී ව්‍යාප්පෘතින්. ඒ ඉදිරි වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම පිනිස අලුතින් ආයතන ගනනාවක් පිහිටුවනබව ජනාධිපතිවරයා ප්‍රකාශ කලා. නව ආර්ථික කොමිෂම, ආයෝජන කොමිෂම, ඵලදායිතා කොමිෂම සහ ජාත්යන්තර වෙළඳ කාර්යාලය ඒ අතර සදහන්උනා. 

 

ඉන්දියාව සමග හැදෙන සංවර්ධනයේ සංහිඳියාවවැඩපිලිවෙල දිහා බැලුවම පේන්නෙ ජනාධිපතිවරයා ඉංදියාව මුල්කරගෙන ලංකාවේ ආර්ථිකය ඉහලට එසවීමට උත්සාහ ගන්නා බවයි

මේ වැඩපිලිවෙල දිහා බැලුවම පේන්නෙ ජනාධිපතිවරයා ඉංදියාව මුල්කරගෙන ලංකාවේ ආර්ථිකය ඉහලට එසවීමට උත්සාහ ගන්නා බවයි. විපක්ෂයේ සමගි ජන බලවේගයද මෙවැනිම වැඩපිලිවෙලක් තමයි යෝජනා කරන්නෙ. ඉදිරියේදී විශාල ආර්ථික වර්ධනයකට යන ඉංදියාවේ ආර්ථිකයට බද්ධවීමේ වැදගත් කම ඔවුන්ද අවදාරනය කරනවා. එසේ නොකොට ශ්‍රී ලංකාවට විශාල ආර්ථික සංවර්ධනයක් ලබාගත නොහැකිබවත් එසේ නොහැකි වුවහොත් ණය ගෙවීමේ ඉලක්ක ලගාකරගැනීම අපහසුවනබවත් ඔවුන් පවසනවා. ඒ වගේම සමගි ජන බලවේගය ජනතාවට සහන ලබාදීමටත් වැඩිබරක් ඉහල ධනපතියන්ට දැමීමටත් යෝජනා කරනව. ඒ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ඒ වැඩපිලිවෙල සංශෝධනය කරන බවත් ප්‍රකාශ කරනව.

 

ඒ කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ සමගි ජන බලවේගයේ ආර්ථික වැඩපිලිවෙල අතර ලොකු වෙනසක් නෑ. විපක්ෂයේ සිටින චම්පික රණවක වැනි අයද ජනාධිපති වරයාගේ වැඩපිලිවෙලට ලොකු විවේචනයක් එල්ල කරල නෑ. ඔහු මාධ්‍ය සමග පැවසුවේ ජනාධිපතිවරයාට තනිවම මේවා ක්‍රියාත්මක කල නොහැකි බවත් එය හොද කණ්ඩායමක් හරහා ක්‍රියාත්මක කලයුතු බවයි. 

විපක්ෂයේ අනිත් ප්‍රදාන පක්ශය වන ජාතික ජන බලවේගය තවමත් සංයුක්ත ඉලක්කකරගත් වැඩපිලිවෙලක් ඉදිරිපත් කරල නෑ. ඒක දිනෙන් දින පස්සට දාමිනුයි ඉන්නෙ. ඒ නිසාම ජාජබය කරන්න යන්නෙ කුමක්ද යන්න පිලිබඳව යම් සැකයක් මතුවෙලා තියෙනව. ජාජබය තමන්ගේ මැතිවරණ ප්‍රචාරණයට මූලික කරගෙන තියෙන්නෙ හොරකම් සහ දුෂණ නැවත්වීමයි. එය ඡන්ද දායකයින්ට ඉතා ආකර්ෂණීය වූවත් රටේ ආර්ථික අර්බුදය හොරකම් දූශන වලින් ඔබ්බට ගිය සංකීර්ණ කාරනයක්. ඒ නිසා හොරකම් දුෂණ නැවත්වීම අත්‍යාවශ්‍ය වනවාසේම ‍රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ වැඩපිලිවෙල ජනතාවට ඉදිරිපත් කරන්න ඕන. විශේෂයෙන් ඔවුන් පොරොන්දුවන සහන ජනතාවට ලබාදෙන ආකාරය පැහැදිලි කරන්න ඕන. "අපිව විශ්වාස කරන්න" අපි ඔබේ බලාපොරොත්තු කඩකරන්නේ නෑ වගේ ප්‍රකාශ පමනක් ප්‍රමාණවත් නෑ. නැතිනම් කරන්න බැරි පොරොන්දු දී බලයට පැමිනි ග්‍රීක් වාමාංශිකයින්ට සිදුවූදේම වෙන්න පුලුවන්. 

 

අමුතු ඇටේ ඉවරයි - රටේ රාළමොන අපේක්ෂකයා ජයග්‍රහණය කලත් ඉංදියාව නොතකා යෑම කලනොහැකි කාරනාවක් විදියටයි තියෙන්නෙ.

මොන අපේක්ෂකයා ජයග්‍රහණය කලත් ඉංදියාව නොතකා යෑම කලනොහැකි කාරනාවක් විදියටයි තියෙන්නෙ. ඉංදියාව නොතකා චීනය හෝ වෙනත් බලවේගයන් සමග ක්‍රියා කලොත් ශ්‍රීලාංකාව අස්ථාවර කිරීමට ඉංදියාව ප්‍රමුඛ ඇමරිකන් කදවුරට ඉතා පහසුයි. අපේ අපනයන බහුතරයක් යන්නෙ බටහිරට. ඒ වගේම අපි අන්ත අසරණ වූ විට අපිට පිහිටවුනේ ඉංදියාව, බංග්ලාදේශය වගේ අසල්වැසියන්. ඒ නිසා මේ යතාර්ථයට මුහුන දීමටත් එය කළමනාකරණය ගැනීමත් ඉතා සූක්ශමව කල යුතුයි. ඉංදියාවේ දැවන්ත සංවර්ධනයට ශ්‍රී ලංකාව සම්බන්ධවී වාසි ලබාගන්නේ කෙසේද? ඉංදියානු ආයෝජන ශ්‍රීලාංකාවේ සුබසිද්ධියට යොදාගන්නේ කෙසේද? රටේ ස්වාධීනත්වය රැකගනිමින් ශ්‍රී ලංකාවට ඉංදියාව සමග සමාන හවුල්කරුවන් ලෙස ක්‍රියා කල හැකිද? මෙන්න මේ කියන අමාරු ප්‍රස්න අප ඉදිරියේ තියෙනව. 

ලෝක දේශපාලනයේ සුවිශේෂී පරිච්ඡේදයක් අරඹමින් මෝදි දිවුරුම් දෙයිමෝදි අගමැතිවරයාගේ ජාතිවාදී සහ භේදකාරී වැඩපිලිවෙල පරාජයට යමිනුයි තියෙන්නෙ.

 

සමාජවාදය ගැන බලාපොරොත්තු තියාගෙන ක්‍රියාකරන වාමාංශිකයින් උනත් තේරුම්ගන්න ඕන දෙයක් තමයි ලංකාවේ එවැනි රැඩිකල් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න පුලුවන් වන්නෙත් ඉංදියාවේ, නැත්නම් අඩුතරමේ දකුනු ඉංදියාවේ සිදුවන එවැනි දේශපාලන පෙරලීන් හරහා යන්න බව. ඒක ගෝලීය නැතිනම් කලාපීය ව්‍යාප්පෘතියක් ලෙසයි තියෙන්නෙ. සමාජවාදය වගේම ධනවාදය පවතින්නෙත් එවැනි ගෝලීය ක්‍රමයක් තුලයි. එහෙම නැතිව හුදකලාව පවතින්න බෑ. විශේෂයෙන් බංකොලොත් බාවයෙන් ගොඩඒමට උත්සාහ කරන කුඩා දූපතකට. අපි ලෝකය පුරාම දැකල තියෙනව ආර්ථික වශයෙන් බලසම්පන්න වන රටවල් අනිකුත් රටවලට කරන බලපුළුවන්කාරකම්. ඒ නිසා ඒ අවදානම ලංකාව ඉදිරියෙත් තියෙනව. නමුත් ඉංදියාව තුල ප්‍රවර්ධනය වෙමින් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ධනාත්මක දෙයක් ලෙසයි තියෙන්නෙ. මෝදි අගමැතිවරයාගේ ජාතිවාදී සහ භේදකාරී වැඩපිලිවෙල පරාජයට යමිනුයි තියෙන්නෙ. 

විශේෂයෙන් දකුනු ඉංදියානු ජනතාව ඒ නැගී ආ ජාතිවාදී ප්‍රවනතාවයට විරුද්ධව නැගී සිටල තියෙනව. ඒ වගේම ජනතාවගේ මූලික  අවශ්‍යතාවයන් වන, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථික අවස්ථා යන කාරනාවලදී දකුනු ඉංදියාව ඉන්නෙ ගොඩක් ඉදිරියෙන්. ඒ නිසා ශ්‍රී ලංකාවට දකුනු ඉංදියාව ආදර්ශයට ගන්න පුලුවන්. ඒ වගේම ඒ ප්‍රාන්ත සමග හවුල්කාරිත්වයෙන් වැඩ කරන්න පුලුවන්. ඒ නිසා මේ මොහොතේ අපි අපේ අසල්වැසියන් සමග එක්ක එකට වැඩකරන එක අභියෝගයකට වඩා හොද අවස්ථාවක් ලෙස ධනාත්මකව බාරගන්න ඕන. ඒ යතාර්ථයට නොබියව මුහුන දෙන්න ඕන. මේ සදහා වඩාත් දක්ශ, අවංක, පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා යැවීම ශ්‍රී ලාංකික චන්දදායකයගෙ ඉදිරියේ තියෙන වගකීමක් වගේම අභියෝගයක්.

Ajith Rajapaksha(අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙ න් ඔබ්බට... - (අජිත් රාජපක්ෂ) | The Leader