The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

අපේක්ෂා රෝහලට කදිර දේව පිහිට

T

The Leader Desk

July 15, 2024 • 10:01 AM

අපේක්ෂා රෝහලට කදිර දේව පිහිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ව්‍යාපෘතිය පිළිබඳ නියමු අදහස ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය වෙතිනි. එය සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාද අත්වැල් බැඳ සිටියි.
  • මෙම එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන්නට යන “FEED THE PATIENT PROJECT” වැඩපිළිවෙළ රජයේ රෝහල් ඇතුළත් වන රෝගීන්ගේ ආහාර අවශ්‍යතාවය ඉදිරියේදී සුපිරිම මට්ටමකට සපුරා දීමට මුල්වන සුබසාධන ව්‍යාපෘතියකි. රෝහල්ගත වූ පසු රෝගින්ට රෝහලෙන්ම ආහාර සැපයීම මෙතෙක් කලක් රජයේ වියදමින් කළ ප්‍රජා සත්කාරයකි.
  • එසේ වුවද මේ ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව පසුපස බොහෝ අකටයුතුකම් පැවති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගිය දා හෙළිදරව් කළේය.
  • සෞඛ්‍ය විගණන වාර්තාවද මේ වාසිදායී ටෙන්ඩරය පසුපස අණ්ඩරයක් ඇති බව වාර්තා කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ව්‍යාපෘතිය පිළිබඳ නියමු අදහස ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය වෙතිනි. 

එය සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාද අත්වැල් බැඳ සිටියි.

මෙම එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන්නට යන “FEED THE PATIENT PROJECT” වැඩපිළිවෙළ රජයේ රෝහල් ඇතුළත් වන රෝගීන්ගේ ආහාර අවශ්‍යතාවය ඉදිරියේදී සුපිරිම මට්ටමකට සපුරා දීමට මුල්වන සුබසාධන ව්‍යාපෘතියකි. 

රෝහල්ගත වූ පසු රෝගින්ට රෝහලෙන්ම ආහාර සැපයීම මෙතෙක් කලක් රජයේ වියදමින් කළ ප්‍රජා සත්කාරයකි. එසේ වුවද මේ ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව පසුපස බොහෝ අකටයුතුකම් පැවති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගිය දා හෙළිදරව් කළේය. 2022 සෞඛ්‍ය විගණන වාර්තාවද මේ වාසිදායී ටෙන්ඩරය පසුපස අණ්ඩරයක් ඇති බව වාර්තා කර තිබුණි.

මීට වසර තුන හතරකට පෙර නම් රෝහල් තුළ බෙදා දෙන ආහාර වට්ටෝරුව කිසියම් ප්‍රමිතියකට තිබූ නමුත් කොවිඩ් 19 හේතුවෙන් පැමිණි ආර්ථික අලකලංචිය ආශිර්වාදී දඩමීමකු කර ගනිමින් මේ ආහාර සලාකය ද ගසා කෑමට ලක්වූ බව එදා මාධ්‍ය වෙත සෞඛ්‍ය සේවකයන්ම වාර්තා කර තිබුණේ මෙසේය.

 

රෝහලේ නේවාසික රෝගීන්ට හා රෝහල් සේවකයන්ට ලබා දෙන ආහාරවේල සීමා කර ඇති බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ පැවසුවාය.

 

“රෝහලේ නේවාසික රෝගීන්ට හා රෝහල් සේවකයන්ට ලබා දෙන ආහාරවේල සීමා කර ඇති බවත්, ලබාදෙන බත්පත සමඟ ලබා දෙනුයේ වෑංජන වර්ග දෙකක් බවත් සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ පැවසුවාය.

මෙම ගැටලුව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ව දැනුවත් කර ඇතත් එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් බවත් ඇය සඳහන් කළාය. 

මෙහිදී තවදුරටත් කතා කළ රේණුකා ලියනගේ, මේ වෙනකොට රෝහලේ නේවාසික රෝගීන් 1500 ක් විතර ප්‍රතිකාර ලබනවා. ඔවුන්ට හොඳ පෝෂ්‍යදායී ආහාරවේලක් මීට පෙර ලබා දුන්නා. නමුත් දැන් මේ වෙනකොට බත් සමඟ දෙන්නේ වෑංජන දෙකයි. බත් සමඟ වට්ටක්කා, පරිප්පු, අල, අඹ වෑංජනය කැරට් වගේ වෑංජන දෙකක්. බිත්තරයක්, මාළු කෑල්ලක් දැන් දෙන්නේ නැහැ. ඒ වගේම, මීට පෙර දොඩම්, යෝගට්, කිරිපිටි, ජෙලි වගේ දේවල් රෝගීන්ට දුන්නත් දැන් ඒවා නැහැ. දියවැඩියා, වකුගඩු ඇතුළු තවත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට අදාළ ආහාරවේල දැන් දෙන්නේ නැහැ. ඔක්කොටම එකම ආහාරවේලක් දෙන්නේ. රෝගියා වෙනුවෙන් කැපවන සෞඛ්‍ය සේවකයන්ටවත් පෝෂ්‍යදායී ආහාරවේලක් දෙන්නෙත් නැහැ. සෞඛ්‍ය සේවකයන්ට බත් සමඟ සම්බෝල, කැකිරි, අල, වට්ටක්කා වගේ වෑංජන දෙන්නේ.” යැයි ඇය පවසා තිබුණි.

සුඛෝපභෝගී හෝටල්වල තිබෙන මට්ටමට රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ තත්ත්වය උසස් කිරීම

මේ ආකාරයේ නුසුදුසු ආහාරවේලක් ලබා දීම මගින් රෝගීන්ට සිදුවන අයහපත පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ගැන අදහසක් ලංකාවේ පෝෂණ වෛද්‍යවරුන් වෙතින්ම ඉදිරිපත් විය. පෝෂණ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝගීන්ට වඩාත් සුදුසු ගුණාත්මක ආහාරවේලක් ලබාදීමේ එම මූලික අදහස පසුව නියමු ව්‍යාපෘතියක් ලෙස හලාවත රෝහලේ දී එහි පෝෂණ විශේෂඥ වෛද්‍ය කපිල මල්ලවආරච්චි යටතේ ක්‍රියාත්මක විය. එයින් ලද සාර්ථක ප්‍රතිඵල අනුව දැන් මෙය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම පියවරෙන් පියවර සිදුකිරීම අරමුණයි.

PHOTO 2024 07 01 16 48 36 2

ඒ අනුව රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පියවර ගෙන තිබෙන බව පසුගියදා එහි නව සභාපති ධුරයට පත් වූ පෝෂණ විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් කීවේය.

ඒ අනුව සුඛෝපභෝගී හෝටල්වල තිබෙන මට්ටමට රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ තත්ත්වය උසස් කිරීමේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරන බව ඔහු සඳහන් කළේය. 

 

රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබා දෙන ආහාරවේල රෝගීයාට අවශ්‍ය පරිදි තෝරා ගැනීමේ ක්‍රමවේදය සහ එක් එක් රෝගින් වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ ආහාර පිඟානක් හඳුන්වා දීමට නියමිතය. එමෙන්ම එම ආහාර පිඟානෙහි පෝෂ්‍යදායීභාවය, ගුණාත්මකභාවය සහ රසවත්භාවය රෝගි පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව සකස් කිරීමට සැලසුම් කර ඇත. මෙයට අතුරුපසක් ලබා දීමට ද කටයුතු කරනු ඇත. 

එය පිළිගන්වන ආකාරය, එකිනෙක රෝගියාට රෝගයට ඔබින ලෙස ආහාරයේ ගුණාත්මකභාවය වර්ධනය සහ ආහාර නාස්තිය අවම කිරීම යන කරුණු මුල් කර ගනිමින් ආහාරවේලේ වෙනසක් සිදු කිරීමට ඒ අනුව පියවර ගැනීමට බලාපොරොත්තු වේ. මේ සඳහා රජයෙන් ලබා දෙන මුදල් ප්‍රතිපාදන වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වුණු බව ඔහු සඳහන් කළේය.

 



ඒ අනුව මෙම "FEED THE PATIENT PROJECT” වැඩපිළිවෙළ මුලින්ම මහරගම අපේක්ෂා රෝහල ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටත් දෙවැනුව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහ පසුව අනෙකුත් රෝහල් වෙතටද ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වේ.

මේ ව්‍යාපෘතිය සඳහා සඳහා යන බරපැනට දායක වන්නට රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර කැමැත්ත පළ කළ බව පෝෂණ විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් කියයි. කතරගම දේවාලය ආශ්‍රිතව අපේක්ෂා රෝහලේ ආහාර සඳහා ආධාර ලෙස පුදපඬුරු මුදල් ලබාදීමට කැමති බැතිමතුන්ට ඒ සඳහා විධමත් ක්‍රමවේදයක් හෝ ඔන්ලයින් ආධාර වැඩපිළිවෙළක් සැකසීමට බස්නායක නිලමේවරයා  අදහස් කර ඇති බව පෝෂණ විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් අප හා කීය.

ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සහ ශ්‍රී ලංකා පෝෂණ විද්‍යාල සංගමයේ 2024 ඒකාබද්ධ අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවය 2024 ජූනි 28 වැනි දින කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි. ඒ අවස්ථාවේදීම රුහුණු මහා කතරගම දේවාලය මගින් මෙම ව්‍යපෘතිය සාර්ථක කර ගැනීමට අතහිත දෙන බව සනිටුහන් කරමින් බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර සංකේතාත්මක වවුචරයක් චාරිත්‍රානුකූලව පරිත්‍යාග කරන්නට ද යෙදිණි.

 

මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරන සියලු නවීන පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ළමා පිළිකා වාට්ටු සංකීර්ණය

මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරන සියලු නවීන පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ළමා පිළිකා වාට්ටු සංකීර්ණය ජුලි 23 දා ජනතා අයිතියට පත්වීමට නියමිතය.

ළමා වාට්ටු සංකීර්ණය විවෘත කරන දිනම තවත් ඇඳන් පන්සීයකින් සමන්විත අංගසම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමටද නියමිතය. ඊට ද අනුග්‍රහය දක්වනු ලබන්නේ රුහුණු මහා කතරගම දේවාලයයි.  

මේ ආයතන සහ තවත් ඉදිරියේදී ආධාර කිරීමට එක්වන ආයතන සහ පුද්ගල පරිත්‍යාග මගින් නිරෝගි බව ලබාදෙන යහපත් ආහාරවේලක් රෝහල්ගත රෝගීන්ට ලැබෙන බව තහවුරු කිරීමට කැපවීමට ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය අරමුණු කර සිටියි.

(deshaya.lk -සුගත් පී. කුලතුංග ආරච්චි) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...