The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ලයිට් බිලත් එක්කම කොත්තු රයිස් ගණනුත් අඩු වෙලාලු

T

The Leader Desk

July 16, 2024 • 6:48 AM

ලයිට් බිලත් එක්කම කොත්තු රයිස් ගණනුත් අඩු වෙලාලු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බව ද එම සංගමය පවසා ඇත.
  • එමෙන්ම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බව ද ඔවුන් වැඩිදුරටත් දන්වා තිබේ.
  • නමුත් ඔවුන් වරින් වර සිදු කරන මිල අඩු වැඩිවීම් සම්බන්ධ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් යම් යම් ගැටළු පවතින බව පාරිභෝගිකයෝ පවසති.
  • එහි දී අපට මූලික වශයෙන් අනාවරණය කර ගත හැකි කරුණක් වූයේ ආපන ශාලාවල අලෙවි කෙරෙන ඉහත සඳහන් කිසිදු ආහාරයක සම්මත මිලක් සේම සම්මත ප්‍රමිතියක් ද නොමැති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බව ද එම සංගමය පවසා ඇත. එමෙන්ම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බව ද ඔවුන් වැඩිදුරටත් දන්වා තිබේ.

නමුත් ඔවුන් වරින් වර සිදු කරන මිල අඩු වැඩිවීම් සම්බන්ධ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් යම් යම් ගැටළු පවතින බව පාරිභෝගිකයෝ පවසති.

 

360 F 554761714 vRgvPkmCfE82uA3VAmmOSgULPYmtptydබත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බව ද එම සංගමය පවසා ඇත.

එබැවින් අපි පසුගිය කාලය තුළ ඒ සම්බන්ධයෙන් විමසුමක් කළෙමු. එහි දී අපට මූලික වශයෙන් අනාවරණය කර ගත හැකි කරුණක් වූයේ ආපන ශාලාවල අලෙවි කෙරෙන ඉහත සඳහන් කිසිදු ආහාරයක සම්මත මිලක් සේම සම්මත ප්‍රමිතියක් ද නොමැති බවකි. ඉහත සඳහන් ආහාර වර්ගවල සේම ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු ආදී සෙසු කඩ කෑම වල තත්වය ද මෙයම වේ.

well known sri lankan dishesඑක් එක් ආපන ශාලාවේ බත් පතක මිල විවිධාකාර වීම අතිශය ස්වාභාවික සේම සාධාරණ ය.

 

නිදසුනක් ලෙස ආපන ශාලාවල අලෙවි කරන බත් පතක් ගත් විට එහි සහල් වර්ගය, ව්‍යංජන, ඒවාට එක් කරන කුළු බඩු-දුරු මිරිස් ආදිය සේම බත් පතක බර ප්‍රමාණය ද එකකට එකක් වෙනස් ය. ඒ අනුව එක් එක් ආපන ශාලාවේ බත් පතක මිල විවිධාකාර වීම අතිශය ස්වාභාවික සේම සාධාරණ ය. එමෙන්ම වර්තමානයේ එළවළු මිල ගණන් අනුව සාමාන්‍ය ආපන ශාලාවල බත් සමඟ ඇති ව්‍යංජන සඳහා ඇඹරැල්ල, අමු අඹ, ආදී වානිජ නොවන බෝග ද එක් කර ගනු පෙනෙයි. ඒ බත් පතක නිෂ්පාදන වියදම පහත හෙළීම පිණිස ය.

එමෙන්ම එම බත පිසීම සඳහා යොදා ගන්නා සහල් වර්ග වල ද වෙනස් කම් දක්නට ලැබේ. එය වෙළඳ පලේ ඇති කීරි සම්බා සහලේ සිට අඩුම මිලකට ගත හැකි සහල් දක්වා පුළුල් පාරාසයක පැතිර පවතී. 

එමෙන්ම එම බත් පත නියමිත බරකින් ද යුතු නොවන බව වැටහී යනුයේ ආපන ශාලාවල අලෙවි කෙරෙන “බත් බාගය”නමින් හැඳින්වෙන සාමාන්‍ය ආහාර වේල “තැනේ හැටියට” වෙනස් වන බැවිනි. 

maxrdeesdefaultකොත්තු රොටියට ද නියමිත ප්‍රමිතියක් බරක් සේම මිලක් ද නැත.

 

මෙම තත්වය ඉහත සඳහන් සෙසු සියළු ආහාර සඳහා ද එක සේ පොදු ය. විශේෂයෙන් පාන් පිටි, එළවළු වර්ග දෙකක් මස්, මාළු හෝ බිත්තර ආදිය යොදා සකසන විවෘත ආර්ථිකයත් සමඟ මෙරට ජන සමාජයට එක් වූ කොත්තු රොටියට ද නියමිත ප්‍රමිතියක් බරක් සේම මිලක් ද නැත.

නිදසුනක් ලෙස මේ වන විට තරු පන්තියේ හෝටල් භෝජනාගාර වල ද කොත්තු රොටී අලෙවි කෙරෙන අතර ඒවායේ අඩුම මිල රුපියල් දෙතුන් දහසකි. එමෙන්ම සාමාන්‍ය ආපන ශාලාවල එය තැනේ හැටියට සේම එම ආපන ශාලා හිමියාට හෝ කෝකියාට පාරිභෝගිකයා දක්වන හිතවත්කම අනුව ප්‍රමිතිය වෙනස් වන්නක් බව ද පෙනෙයි. ”මේ මහත්තයට කොත්තුව හොඳට දාලා දෙන්න” යනුවෙන් ඇතැම් ආපන ශාලා හිමියන් තම කෝකියන්ට ප්‍රසිද්ධියේම කියන කතා වලින් අපට තේරුම් ගත හැක්කේ කොත්තු රොටිය “නරකට ද දැමිය හැකි” බවකි.

Kottu Recipeආපන ශාලා හිමියන් තම කෝකියන්ට ප්‍රසිද්ධියේම කියන කතා වලින් අපට තේරුම් ගත හැක්කේ කොත්තු රොටිය “නරකට ද දැමිය හැකි” බවකි

මේ අතර සාමාන්‍ය ජන වහරට අනුව “පොලිස් කොත්තුව” නමින් හඳුන්වන කොත්තු විශේෂයක් ද තිබේ. ප්‍රායෝගික වශයෙන් සත්‍යතාව කෙසේ වුව ද එනමින් හැඳින්වෙනුයේ රාජකාරියේ නියුතු කනිටු පොලිස් නිලධාරීන්ට නොමිලේ ලබා දීමට සිදුවන කොත්තු රොටියයි. එබැවින් ඇතැම් ආපනශාලා හිමිකරුවන් අඩුම වටිනාකමකින් යුතු වනසේ ආහාර සුන් බුන් යොදා එම කොත්තු රොටිය තනා දීම පිළිබඳ කතාව හුදු උපහාසාත්මක ප්‍රබන්ධයක් වීමට ද බැරි නැත. 

නමුත් පසුගිය ජූලි මාසයේ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කොළඹදී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ප්‍රසිද්ධ පුද්ගලයින්ට කිසිවිටකත් නොමිලේ ආහාර ලබා නොදෙන ලෙස සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. එම සංගමයේ සභාපති වරයා එසේ ප්‍රකාශ කළේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා ආපන ශාලාවක කාර්ය මණ්ඩලය සමඟ ගැටුමක පැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

“ කාටවත් නොමිලේ කෑම දෙන්න එපා. හෝටල්, ආපනශාලා හිමියන් බොහොම අමාරුවෙන් තමයි කෑම හදන්නේ. සමහර රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ නිලධාරීන් සහ දේශපාලනඥයන් සාමාන්‍යයෙන් මුදල් නොගෙවා ආහාර ලබා ගන්නවා,” ඔහු පැවසීය.

sri lanka sri lanka food street food hoppers kottu roti curry rice short snacks 18 10 2012 2 44 28 PMකාටවත් නොමිලේ කෑම දෙන්න එපා. හෝටල්, ආපනශාලා හිමියන් බොහොම අමාරුවෙන් තමයි කෑම හදන්නේ.

 

ඒ සමඟම මෙම තත්වය තවදුරටත් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. 

ඒ අනුව ඉහත සඳහන් පොලිස් කොත්තුවේ කතාව ඇත්ත නම් ඊට අමතරව තව තවත් එවැනි කොත්තු වර්ග ද ඇති බව පිළිගන්නට අපට සිදුවෙයි.

නමුදු ඉහත සඳහන් බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන අතර පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන පුවත පිළිබඳව අපි ආපනශාලා හිමියන් කිහිප දෙනකුගෙන්ම අසා බැලීමු. එවිට ඔවුන් කීයේ එය කිසියම් සංගමයක් තම සාමාජිකයන්ට කළ දැනුම් දීමක් බවත් එවැනි සංගම් හා සම්බන්ධ නොමැති තමන්ට එවැනි බලපෑමක් කිරීමට කිසිවකුටත් නොහැකි බව ය.

image result for curry leaf restaurant colombo buf 1ආවට ගියාට කෑම වර්ග බාල කරන්න අපිට බෑ..

 

”අපිට ඕනෙ නම් රුපියල් පන්සීයට දෙන කොත්තුව රුපියල් හාරසීයට දෙන්න පුළුවන් විදිහට රුපියල් හාර සීයේ බත් එක තුන් සීයට දෙන්න පුළුවන් විදිහට හදන්නත් පුළුවන්. එතකොට ඒක අර ඉස්පිරිතාලෙ දෙන කෑම එකක් වගේ වේවි. ඒ හින්දා එහෙම ආවට ගියාට කෑම වර්ග බාල කරන්න අපිට බෑ..” අප හා එසේ පවසා සිටියේ රාගම ආපන ශාලා හිමියෙකි.

”අපේ ලයිට් බිල තරමක් අඩු වුණාට කඩ කුලී එකට එකක් වැඩි කරලා. ඒ මදිවට මේ වෙනකොට එළවළු මිල ගණන් හිටපු ගමන් පුදුම විදිහට ඉහළ යනවා. කලින් මෙහෙම දෙයක් තිබුණේ නෑනෙ. මම නම් හිතන්නේ ඒකත් කීපදෙනකුගේ ගේමක් කියලම තමයි. ඒ එක්කම පාතාලේ නැති කරනවා කියලා ටීවී රේඩියෝ වලින් පම්පෝරි ගැහුවට තවමත් මේ රට කප්පම් කාරයන්ගෙ පාරාදීසයක්. දැන් ඉස්සරටත් වඩා කඩ සාප්පු වලින් ප්‍රයිවට් බස් වලින් කප්පම් ගන්නවා.ඒ වගේම ටියුෂන් පන්ති වලිනුත් කප්පම් ගන්නවා. ඒ හින්දා කවුරු කවුරුත් එකතු වෙලා ඒ හිල් ටික වහලා දැම්මේ නැත්තම් මේ කිසි දෙයක් හරියන්නේ නෑ” අප හා එසේ කීයේ ගම්පහ ආපන ශාලා හිමියෙකි.

6298116783 e81d84abd3 oඅප බොහෝ දෙනකු දන්නා පරිදි පදික වෙළඳුන් පවා “ලාබයි ලාබයි” යනුවෙන් මොර දෙනුයේ පාරිභෝගිකයන් තමන් වෙත ඇද ගැනීමට මිස එම බඩු වල සැබෑ ලාබයක් ඇති පවසා තිබේ.

 

නමුදු මෙහි තවත් පැති කඩක් තිබේ. එනම් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය මිල අඩු කළ බව පැවසූ සැනින් එය ප්‍රායෝගිකව සිදු නොවූවද එම ආහාර මිල දී ගැනීම කෙරෙහි වැඩි ජනතා උනන්දුවක් ඇති වීම ය. අප බොහෝ දෙනකු දන්නා පරිදි පදික වෙළඳුන් පවා “ලාබයි ලාබයි” යනුවෙන් මොර දෙනුයේ පාරිභෝගිකයන් තමන් වෙත ඇද ගැනීමට මිස එම බඩු වල සැබෑ ලාබයක් ඇති පවසා තිබේ. ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවත් පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවත් එම සංගමය පවසා ඇත්තේ ද හුදු අලෙවි ප්‍රවර්ධන ක්‍රමෝපායක් ලෙසින් බව වටහා ගැනීමේ ද ලොකු අවුලක් ඇතැයි මට නොසිතේ.

(හේමන්ත රන්බණ්ඩාර)
hemantharan72@gmail.com

උපුටා ගැනීම : vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...