The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ඔබේ මතයට බලපෑම් කරන ව්‍යාජ පුවත් හඳුනා ගන්නේ කොහොම ද?

T

The Leader Desk

July 17, 2024 • 11:34 AM

ඔබේ මතයට බලපෑම් කරන ව්‍යාජ පුවත් හඳුනා ගන්නේ කොහොම ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්තර්ඡාලය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින සෑම පුවතක්ම සත්‍ය හා නිවැරදි නොවන අතර මැතිවරණ සමයක අසත්‍ය පුවත් සහ වැරදි පුවත් වැඩි වශයෙන් පළ කරමින් ජනයා නොමඟ යැවීමට උත්සාහ කරනු ලබයි.
  • ව්‍යාජ පුවත් අන්තර්ඡාලයට හෝ සමාජ මාධ්‍යට පමණක් සීමා නොවන අතර ප්‍රධාන මාධ්‍ය තුළ ද පළ වු අවස්ථා තිබේ ව්‍යාජ පුවත් සහ දුස් තොරතුරු ජන මතයට සෘජු ලෙස බලපෑම් එල්ල කළ හැකි අතර ඒවා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
  • මෑත ඉතිහාසය තුළ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වු අවස්ථාවේ දී මෙන්ම කොවිඩ් වසංගතය පැතිර ගිය අවස්ථාවේ දී ද බොහෝ නිවැරදි නොවන අසත්‍ය පුවත් පළ වු අවස්ථා ලෙස සැලිකිය හැකිය.
  • දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී පිහිටුවා ගත් සර්වජන බලය සන්ධානය අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය කාලයේ ව්‍යාජ පුවතක් සමාජ ඡාලා තුළ පැතිර යාම ඊට එක් උදාහරණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අන්තර්ඡාලය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින සෑම පුවතක්ම සත්‍ය හා නිවැරදි නොවන අතර මැතිවරණ සමයක අසත්‍ය පුවත් සහ වැරදි පුවත් වැඩි වශයෙන් පළ කරමින් ජනයා නොමඟ යැවීමට උත්සාහ කරනු ලබයි.

මෙවැනි ව්‍යාජ පුවත් අන්තර්ඡාලයට හෝ සමාජ මාධ්‍යට පමණක් සීමා නොවන අතර ප්‍රධාන මාධ්‍ය තුළ ද පළ වු අවස්ථා තිබේ.

AdobeStock 237772243ව්‍යාජ පුවත් අන්තර්ඡාලයට හෝ සමාජ මාධ්‍යට පමණක් සීමා නොවන අතර ප්‍රධාන මාධ්‍ය තුළ ද පළ වු අවස්ථා තිබේ

 

ව්‍යාජ පුවත් සහ දුස් තොරතුරු ජන මතයට සෘජු ලෙස බලපෑම් එල්ල කළ හැකි අතර ඒවා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. මෙම ලිපියෙන් දුස් තොරතුරු හා ව්‍යාජ පුවත් හඳුනා ගැනීමට අප ඔබට සරල අදහස් දෙන්නෙමු.

මෑත ඉතිහාසය තුළ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වු අවස්ථාවේ දී මෙන්ම කොවිඩ් වසංගතය පැතිර ගිය අවස්ථාවේ දී ද බොහෝ නිවැරදි නොවන අසත්‍ය පුවත් පළ වු අවස්ථා ලෙස සැලිකිය හැකිය.

 

6cc1906906242cb93fd96a345b4d3e52 කොවිඩ් වසංගතය පැතිර ගිය අවස්ථාවේ දී ද බොහෝ නිවැරදි නොවන අසත්‍ය පුවත් පළ වු අවස්ථා ලෙස සැලිකිය හැකිය
මෑත ඉතිහාසයේ උදාහරණ


syu copyමේ වසරේ දී මෙරට ජනාධිපතිවරණය සහ මහමැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් වැඩි වශයෙන් විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් ඉලක්ක කර ගනිමින් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය දැක ගත හැකිය.

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී පිහිටුවා ගත් සර්වජන බලය සන්ධානය අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය කාලයේ ව්‍යාජ පුවතක් සමාජ ඡාලා තුළ පැතිර යාම ඊට එක් උදාහරණයකි.

සමාජ මාධ්‍ය තුළ සංසරණය අදාළ ව්‍යාජ පුවත සහිත ඡායාරූපයට නෙත් නිව්ස් හි නිල ලාංඡනය භාවිත කර තිබුනේ එය සත්‍ය පුවතක් බවට ඇඟවීමටය.

එය ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් මෙන්ම එම තොරතුර අසත්‍ය බවට 'හෑෂ් ටැග් පරපුර' ඒ සම්බන්ධව කළ විමර්ෂනයක දී තහවුරු කරගෙන තිබේ.

447685535 1010030793813113 392797735286573748 nඑමෙන්ම එක්සත් ජනරජ පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම පුවත් වෙබ් අඩවි හරහා ද ප්‍රචාරය විය.

එවැනි හමුවක් සිදු නොවු බවට චම්පික රණවක මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටන් කර තිබුණු අතර fact crescendo ආයතනය ද එය ව්‍යාජ පුවතක් බවට තහවුරු කර තිබුණි.

ව්‍යාජ පුවත් හා දුස් තොරතුරු දිනෙන් දිනම ගැටලුවක් වන්නේ මෙවැනි කරුණු නිසාවෙන් වන අතර තාක්ෂණයේ දියුණුවත් සමගම එවැනි දෑ පැතිරි යාමේ වේගය වැඩි වී ඇත.

vyr5y copy

ව්‍යාජ පුවත් සහ දුස් තොරතුරු හඳුනාගන්නේ කොහොම ද?

ව්‍යාජ පුවත් සහ දුස් තොරතුරු හඳුනා ගැනීමට පහත කරුණු ඔබට උපකාරි වනු ඇත.

*  සිරස්තලය ඉතා සංවේදී හැඟීම් දනවන අයුරින් යොදා තිබිය හැකිය.


*  මුලාශ්‍ර පිළිබඳව සැලකිමත් විය යුතු අතර ඒවා විශ්වාසනීය දැයි පරික්ෂාකර බලන්න

* පළ කර ඇති පුද්ගලයා හෝ කතෘ පිළිබඳව පරික්ෂා කරන්න ඔබ විශ්වාස කළ හැකි සැබෑ පුද්ගලයෙකු දැයි අවධානය යොමු කරන්න

* ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරන්න ඒවා ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති දැයි සැලකිළිමත් වන්න.

* ඔබ පුද්ගලික විශ්වාස හෝ රුචි අරුචිකම් ඔබේ විනිශ්චයට බලපෑම් එල්ල කරන්නේ දැයි සලකා බලන්න.
 
iStock 1219980553මැතිවරණ සමයක මෙවැනි දුස් තොරතුරු සහ ව්‍යාජ පුවත් සංසරණය වැඩි අතර එය මැතිවරණ සහ දේශපාලනය කෙරෙහි පවතින ජනමතයට බලපෑමක් එල්ල විය හැක.
 
ඉහත කරුණු පරික්ෂා කර බැලිමෙන් ඔබට සරල ලෙස දුස් තොරතුරු හෝ ව්‍යාජ පුවත් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් තාක්ෂයේ දියුණුවත් සමගම එවැනි දුස් තොරතුරු සහ ව්‍යාජ පුවත් වඩා විශ්වාසනීය ලෙස බෙදා හැරීමට ද කටයුතු කරන බව සිහියේ තබා ගන්න.
මැතිවරණ සමයක මෙවැනි දුස් තොරතුරු සහ ව්‍යාජ පුවත් සංසරණය වැඩි අතර එය මැතිවරණ සහ දේශපාලනය කෙරෙහි පවතින ජනමතයට බලපෑමක් එල්ල විය හැක.

(රොෂාන් චතුරංග)
chathuranga.roshan@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...