The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

අනාගත පාර්ලිමේන්තුවේ සංයුතිය සහ සාමාන්‍ය පෙළ අසමත් මන්ත්‍රීවරු - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

July 17, 2024 • 4:37 PM

අනාගත පාර්ලිමේන්තුවේ සංයුතිය සහ සාමාන්‍ය පෙළ අසමත් මන්ත්‍රීවරු - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නැසීගිය එම්.ඕ,ඒ ද සිල්වා මහතා විසිනි.
  • නමුත් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සපයා ඇති ජීව දත්ත තොරතුරු විශ්ලේෂණය කරන විට මහාචාර්යවරයා ගේ එම ප්‍රකාශය අසත්‍යයක් විය නොහැකි බව අපට පෙනීයයි අවසන් ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් තෝරාගත් ලෝක් සභා මන්ත්‍රීවරු 550 අතුරෙන් 394 දෙනෙකු(71.6%) උපාධිධාරීන් ය.
  • එක්සත් රාජදානියේ මන්ත්‍රීවරුන් ගෙන් 86% උපාධිධාරීන් හෝ වෘත්තීයවේදීන්ය.
  • නමුත් අපගේ යම් මන්ත්‍රීවරු පිරිසක් උසස් අධ්‍යාපනය නිමා නොකොට අසත්‍ය සඳහන් කොට ඇති බව ඔවුන් සමාජ මාධ්‍ය වල සහ එළිදක්වා ඇති ජීව දත්ත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නැසීගිය එම්.ඕ,ඒ  ද සිල්වා මහතා විසිනි.  

අප විශ්වාස කරන ආකාරයට පාර්ලිමේන්තුවට පිවිසීමට හෝ දේශපාලනය කිරීමට අධ්‍යාපනයේ අවම සුදුසුකම් අවශ්‍ය නැත. නමුත්ව්‍ යවස්ථාදායකයේ  මූලික අරමුණ නීති සම්පාදනය කිරීම බැවින් ඒවා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් එම මන්ත්‍රීවරුන්ට තිබිය යුතුය. නමුත් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සපයා ඇති ජීව දත්ත තොරතුරු විශ්ලේෂණය කරන විට මහාචාර්යවරයා ගේ  එම ප්‍රකාශය අසත්‍යයක් විය නොහැකි බව අපට පෙනීයයි

 

අවසන් ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන්   තෝරාගත් ලෝක් සභා මන්ත්‍රීවරු  550 අතුරෙන් 394 දෙනෙකු(71.6%) උපාධිධාරීන් ය. එක්සත් රාජදානියේ මන්ත්‍රීවරුන් ගෙන් 86%  උපාධිධාරීන් හෝ  වෘත්තීයවේදීන්ය.  ඕස්ට්‍රේලියාව,සිංගප්පූරුව වැනි රටවල ද ම ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනියි. නමුත් අපගේ යම් මන්ත්‍රීවරු පිරිසක් උසස් අධ්‍යාපනය නිමා නොකොට අසත්‍ය සඳහන් කොට ඇති බව ඔවුන් සමාජ මාධ්‍ය වල සහ එළිදක්වා ඇති ජීව දත්ත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් පනස් එක් දෙනෙකු  සාමාන්‍ය පෙළින් පසු විධිමත් අධ්‍යාපනයක නිරත වී නොමැති බව තොරතුරු අනුව පෙනී යයි (22.66%) උසස් පෙළෙන් ඔබ්බට අධ්‍යාපන සුදුසුකම් දක්වා නොමැති පිරිස 133 කි (59.11%)



 අනූ දෙදෙනෙකු උපාධි, පශ්චාත් උපාධි හෝ වෘත්තිය සුදුසුකම්  සපුරා ඇති පිරිසකි.(40.88%) ඒ අතර උපාධිධාරීන් 36, නීතිඥයන් 34ක්, ඉංජිනේරුවරුන් 6ක් , වෛද්‍යවරුන් 11 හා  මහාචාර්යවරුන් හෝ ආචාර්යවරුන් පස්දෙනෙකු මේ අතර වේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 29 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත්තේ විවිධ ක්ෂේත්‍ර වල උගතුන් වියතුන් පාර්ලිමේන්තුව තුළට කැඳවා ගැනීම ය. නමුත් දේශපාලන පක්ෂ එම කාර්යය සඳහා ජාතික ලැයිස්තුව  භාවිතා කර නොමැති බව පෙනී යයි, රටේ ඉහළම අධ්‍යාපනයක් ඇති  ගම්පහ  දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් එම තත්ත්වය පිළිබිඹු නොවේ.

මෙම තත්ත්වයට වගකිවයුත්තේ දේශපාලන පක්ෂවල නාමයෝජනා ලබාදීමේ ක්‍රියා පටිපාටියයි. පාර්ලිමේන්තුවේ මූලික කාර්යය වන නීති සම්පාදනය වෙනුවට හුදු අරුත්සුන් කතා මණ්ඩපයක් බවට වර්තමානයේ දී එය පත් වී ඇත්තේ ඇයිද යන්න මීට වඩා ගැඹුරින් අප සොයා බැලිය යුතු කාරණයකි..

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වයස් විශ්ලේෂණය

 

රාජ්‍ය සේවකයන්ගේ සාමාන්‍ය විශ්‍රාම වයස අවුරුදු 60 කි. එයට වඩා වැඩි කාලයක් රාජ්‍ය සේවයේ යෙදෙන්නේ මහාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පමණි. අපගේ වර්තමාන පාර්ලිමේන්තුවේ වූ වයස අවුරුදු 60 ඉක්මවා ඇති පිරිස 75කි. එනම් තුනෙන් එකකි.(නමුත් ඕස්ට්‍රේලියාව, ප්‍රංශය වැනි රටවල විශ්‍රාම යන වයස 67 කි)


මේ අතරින් 24 දෙනකු වයස අවුරුදු 70 පසුකර ඇත. පන්ති සගයන් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා 75 වෙනි විය සපුරා ඇත. මීට වඩා ජේෂ්ඨ මන්ත්‍රීවරු  පහළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටිති. වාමාංශික නායකයන් වන තිස්ස විතාරණ මහතා 89 හැවිරිදි වන අතර වාසුදේව නානායක්කාර මහතා 85 වැනි වියේ පසු වෙයි.


ශාරීරික යෝග්‍යතාවය තිබේනම් දේශපාලනයට වයස ප්‍රශ්නයක් නොවන බව හිටපු මැලේසියානු අග්‍රාමාත්‍යය මහතීර් මොහොමඩ් වයස අවුරුදු අනූ පහේ දී ද අග්‍රාමාත්‍ය ධුරය දැරීමෙන් ඔප්පු කළේය. වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරග කරන  ජනාධිපති ජෝ බයිඩන් ගේ වයස අවුරුදු 82 ක් වනවිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වයස අවුරුදු 78 කි. මෑතකදී එක්තරා පක්ෂයක තරුණ සංගමයකදී තරුණ නිළියක් ප්‍රකාශ කළ ආකාරයටනම්  එම රටවලද  තරුණයන්ට තැන ලැබී නැත

පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 30ට අඩු එකම මන්ත්‍රීවරයා ජීවන්  තොන්ඩමන්ය. අවුරුදු 40ට අඩු මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 13 කි. ඒ අතුරෙන් එක් අයෙකු හැර අනෙක් සියළු දෙනාම පවුල් පසුබිම මත දේශපාලන පිවිසි තරුණ මන්ත්‍රීවරුය.


කාන්තා නියෝජනය දෙස බැලීමේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපනු ලැබූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය හැරුණු විට අනෙකුත් සියලු කාන්තා  මන්ත්‍රීවරියන්ට පවුලේ දේශපාලන පසුබිමක් ඇත. ඒ හැරුණු කොට වැන්දඹු භාවය හෝ ස්වාමිපුරුෂයා රෝගාතුර වීම, සහෝදරයා ගේ අභාවය වැනි විවිධ කරුණු මත ඔවුන් පාර්ලිමේන්තුවට පිවිස ඇත. දකුණු ආසියාවේ රටවල් අතුරින් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජන ප්‍රතිශතය අඩුම රට ශ්‍රී ලංකාවය.

මෑතදි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී එයට සහභාගි වූ සීයයට පනහකට අධික පිරිසක්  තමන් පාර්ලිමේන්තුවට නියෝජිතයකු පත් කරන්නේ ඇයිද යන්න, එනම්  පරමාධිපත්‍යය  පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කොට ඇත. මෑතදී විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුකරන ලද සමීක්ෂණයකදී ද මේ බව තහවුරු විය.



අපට වැරදුනේ 1931 ඩොනමෝර් කොමිසම යටතේ  සර්වජන ඡන්ද බලය ලැබුණු අවස්ථාවේ සිට බව පහත පියදාස සිරිසේන මහතා තමන් කර්තෘ පදවිය ලත් සිංහල ජාතිය පුවත්පතේ 1931 අප්‍රේල් 21 ලියු ලිපියක පහත ලිපි කොටස බැලීමෙන් පෙනී යයි.


‘’ ආවට ගියාට, තමාගේ කමට, කේන්තියට පළිගැනීමට, ලාබයට, මිත්‍ර කමට, කුල ගෝත්‍රයන් වෙනුවට. කලින් පොරොන්දු උනාට, කෙනෙකු පැරදවීමට,  වැරදි ආකල්පයන් පෙරදැරිව කරන මන්ත්‍රීන් පත්කිරීමෙන් අභිනව ආණ්ඩු ක්‍රමය සම්පූර්ණයෙන් අස්කර දමා ලක්දිව වරා බාර වෙන්නට ඉඩ තිබේ”  ඉන්  නිසා අප විසින් පත් කරන මන්ත්‍රීන් පනස් දෙනා ඉතාමත් ප්‍රවේශමෙන් සහ සතර අගතියෙන් තොර වූ නුවණින් ම කල්පනා කොට තෝරා ගත යුතුය”,


 භූ දේශපාලන ගැටුම්  බහුල කලාපයක ජීවත් වන අප ඉදිරි පාර්ලිමේන්තුව තෝරාගන්නා ආකාරය මත   අනාගත දශකයේ රටේ ගමන් මග තීරණය කරනු ඇත.මේ වසරේදීම මහ මැතිවරණයක් පැවැත්වීම නියතය.ඒ ජනාධිපතිවරණය ජයගන්නා අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරුම මහ මැතිවරණයක් පවත්වන බැවිණි,

සටහන :
Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
විධායක අධ්‍යක්ෂ
ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය

prasadrharischandra@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනාගත පාර්ලිමේන්තුවේ සංයුතිය සහ සාමාන්‍ය පෙළ අසමත් මන්ත්‍රීවරු - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) | The Leader