The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

July 19, 2024 • 12:10 PM

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සමාගමේ නිර්මාතෘ සංජිව වීරවරණගෙන් “ඔහුට රජයෙන් අවශ්‍ය කුමක්දැයි” සම්මුඛ සාකච්ඡාකරුවකු විමසා සිටියේය.
  • නීතිය සහ සාමය, බොහෝ යටිතල පහසුකම් සේවා, සහ අනන්‍යතා සහ සත්‍යාපන සේවා වැනි අපට ම ලබාගත නොහැකි දේ සැපයීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුය යන අදහස ඇති ප්‍රකාශයක් ලෙස ද එය අර්ථ දැක්විය හැකි ය.
  • රජයෙන් අවශ්‍ය වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් වසර ගණනාවක් එක්සත් ජනපදයේ ජීවත් වීමෙන් පසු විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මම 1998 වසරේ වැඩ ආරම්භ කලෙමි.
  • බැංකු වෙත මෙහෙයුම් තීරණාත්මක ටෙලිකොම් සේවා සැපයීමෙහි යෙදී සිටි ප්‍රධාන විධායක නිලධාරියෙකු සමඟ කතා කරමින් සිටියදී ඔහු කී දෙයක් මගේ මතකයේ කෙටී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සමාගමේ නිර්මාතෘ සංජිව වීරවරණගෙන් “ඔහුට රජයෙන් අවශ්‍ය කුමක්දැයි” සම්මුඛ සාකච්ඡාකරුවකු විමසා සිටියේය. විදුලි පහන් දල්වා තැබීම පමණකැයි ඔහු පැවසීය.

එය බොහෝ දේ මූර්තිමත් කරන සංක්ෂිප්ත පිළිතුරකි. නීතිය සහ සාමය, බොහෝ යටිතල පහසුකම් සේවා, සහ අනන්‍යතා සහ සත්‍යාපන සේවා වැනි අපට ම ලබාගත නොහැකි දේ සැපයීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුය යන අදහස ඇති ප්‍රකාශයක් ලෙස ද එය අර්ථ දැක්විය හැකි ය. නමුත් මේ මොහොතේ, අපි එය වචනයේ මතුපිට අර්ථයෙන්ම ගනිමු: එනම්, රජයෙන් අවශ්‍ය වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් යන්න යි.

විදුලිය හා ඉන්ධන ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමයි - (කුසල් පෙරේරා)රජයෙන් අවශ්‍ය වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක්

 

වසර ගණනාවක් එක්සත් ජනපදයේ ජීවත් වීමෙන් පසු විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මම 1998 වසරේ වැඩ ආරම්භ කලෙමි. බැංකු වෙත මෙහෙයුම් තීරණාත්මක ටෙලිකොම් සේවා සැපයීමෙහි යෙදී සිටි ප්‍රධාන විධායක නිලධාරියෙකු සමඟ කතා කරමින් සිටියදී ඔහු කී දෙයක් මගේ මතකයේ කෙටී ඇත. අපගේ සංවාදයට මාස කිහිපයකට පෙර පැවති දීර්ඝ ලංවිම වැඩවර්ජනයක් පිළිබඳව ඔහු මට කීවේය. “බැංකුවලට විශ්වාසවන්ත සම්බන්ධතාවක් ලබා දෙන බවට මම පොරොන්දු වුයෙමි” යැයි ඔහු පැවසීය. “ප්‍රධාන විදුලි සැපයුම නැවතුණි. ඉන් පසු බැටරිවල බලය අවසන් විය. එවිට මම ජෙනරේටර් සඳහා ඩීසල් සොයා ගැනීමට පොර  බැදුවෙමි. විදුලිය විසන්ධි වූ විට මා මගේ ව්‍යාපාරය කරන්නේ කෙසේ ද? මගේ පොරොන්දුවල ඇති වටිනාකම කුමක්ද?”

ඒ මීට වසර 25කට වැඩි කාලයකට පෙර ය. නමුත් 2022 දී පැය 13 ක විදුලි කප්පාදුව පිළිබඳ මෑත කාලීන මතකයන් අප සැමට තිබේ. විදුලි පහන් දල්වා තබා ගැනීමට රජය අපොහොසත් වූ විට නවීන සමාජයක ක්‍රියා කිරීම දුෂ්කර ය.

 

ජනපති මැදිහත්වේ - විදුලි වර්ජනය තාවකාලිකව අත්හිටුවයි2022 දී පැය 13 ක විදුලි කප්පාදුව පිළිබඳ මෑත කාලීන මතකයන් අප සැමට තිබේ
භෞතික විද්‍යාව අනුව විදුලි සැපයුම තත්‍ය කාලීනව ඉල්ලුම සමග ගැළපීම අවශ්‍යවේ. ඔබ විදුලි පහනක් දැල්වූ විට හෝ ඇඳුම් මැදීම ආරම්භ කළ විට ඒ මොහොතේ ම යම් ස්ථානයක විදුලිය නිපදවීම අවශ්‍ය වෙයි. මෙය සංකීර්ණ ක්‍රියාවක් නමුත් පද්ධති පාලන මධ්‍යස්ථාන මගින් මෙය නිරන්තරව සිදුකරනු ලබයි.

ප්‍රමාණවත් සැපයුමක් යන්න පුර්ව කොන්දේසියකි. සම්පුර්ණ සැපයුම භාවිතයට ගෙන ඇති විට ජාලයෙන් තවත් ඉල්ලුම් ලැබෙන්නේ නම් විදුලිය යම් ප්‍රමාණයක් විසන්ධි කිරීම (නැතහොත් වෝල්ටීයතා අඩු විදුලි සැපයුම - එය ශ්‍රී ලංකාවේ විරල ය) හැර වෙනත් විකල්පයක් නැත. 

ප්‍රමාණවත් සැපයුම 

 

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩුකෙරේ 2022 දී සිදු කළ විශාල ගාස්තු වැඩි කිරීමේ ඒකාබද්ධ ප්‍රතිඵලය ලෙස 2023 දී විදුලිය භාවිතයේ අඩුවීමක් දක්නට ලැබිණි

විදුලිය භාවිතය ආර්ථික වර්ධනය සමඟ සහසම්බන්ධ වේ. ආර්ථිකයේ හැකිලීමේ සහ වසර 10 කට පසු 2022 දී සිදු කළ විශාල ගාස්තු වැඩි කිරීමේ ඒකාබද්ධ ප්‍රතිඵලය ලෙස 2023 දී විදුලිය භාවිතයේ අඩුවීමක් දක්නට ලැබිණි. නමුත් දැන් එය ගාස්තු වැඩි කිරීමට පෙර තත්ත්වයට නැවත පැමිණ තිබේ. පිට පිට කාර්තු තුනක දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන තත්ත්වය සහ 2024 සියයට 2.2 ක වර්ධනයක් ලබනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබීමත් නිසා විදුලි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම ගැන දැන් අපි ගැඹුරින් කල්පනා කළ යුත්තෙමු.

මිල අධික හදිසි විදුලිය හැරුණු විට බොහෝ විදුලි බලාගාර ආරම්භ කිරීම වසර ගණනාවක් ගතවන ක්‍රියාවකි. අඩු වියදම් බලාගාර අනුමත කර ඉදිකිරීම් දැන් ආරම්භ නොකළහොත්, වසර කිහිපයකින් මිල අධික හදිසි විදුලිය මිල දී ගැනීම් කිරීමට අපට සිදුවනු ඇත. දිගුකාලීන විදුලි ජනන සැලසුම් සකස් කිරීම වැදගත් වන්නේ එබැවිනි. වඩාත්ම වැදගත් වන්නේ අනුමත කර ගත් සැලසුම් විධිමත්ව ක්‍රියාත්මක කිරීමයි.

 

ශ්‍රී ලංකාවේ විදුලි අනාගතය : LNG යෝජනාවෙන් ඔබ්බට...විවිධ හේතූන් නිසා සැලසුම් වලට අනුකූලව නව විදුලි බලාගාර ඉදිකිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත.

විවිධ හේතූන් නිසා සැලසුම් වලට අනුකූලව නව විදුලි බලාගාර ඉදිකිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත. 2002 දී කොටසින් කොටස කළ විදුලි කැපීම් එහි ප්‍රතිඵලයක් විය. අපේ තරගකරුවන්ට සාපේක්ෂව විදුලිය සඳහා ඉහළ ගාස්තු පැවතීම මෙම සාවද්‍ය හැසිරීමේ තවත් ප්‍රතිපලයකි. හරි ප්‍රතිපල ලබා දීමට පැරණි ක්‍රියා පටිපාටි අසමත් වී ඇත. දැනට සම්මත කර ඇති නව විදුලිබල පනතේ දක්වා ඇති දිගුකාලීන ජනන සැලසුම් සම්මත කර ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රියා පටිපාටි පෙරට වඩා සාර්ථක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

විදුලිය මිලදී ගැනීමට යළි ටෙන්ඩර් කැඳවන්නේ 'කොමිස් ප්‍රශ්නයකට' ද ?විදුලි නිෂ්පාදකයින්ට නියමිත වේලාවට ගෙවීම් කිරීමට ලංවිම අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශීය ආයෝජකයින් සඳහා ආකර්ශනීය ස්ථානයක් නොවේ.

 

ඉදිරි වසරවල වර්ධනය වන ආර්ථිකයක් සඳහා ප්‍රමාණවත් විදුලිය ලබා ගැනීමට නම් අලුත් ජනන සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දැන් ම  ආරම්භ කළ යුතුව ඇත. දිගුකාලීන ජනන සැලසුම් ගැන දිගින් දිගට ම තර්ක කරමින් සිටීමෙන් අවශ්‍ය ජනන ධාරිතාව ලැබෙන්නේ නැත. මේ දේවල් ගැන හිතන අපි, පනත ක්‍රියාත්මක වූ වහාම, ඒ දේවල් හරියට කරන බව සහතික කර ගැනීම සඳහා බලපෑම් කළ යුත්තෙමු.

ක්ෂනික අවශ්‍යතාවය වන්නේ සුළං සහ සූර්ය බලශක්තිය මෙන්ම, නව ස්ථානවල ජනනය කරන විදුලිය ලබා ගැනීම සඳහා සම්ප්‍රේෂණ ජාලයේ විශාල ආයෝජන කිරීමයි. අතීතයේ විවිධ මූලාශ්‍රවලින් ණය ලබාගෙන මෙම කටයුතු කල නමුත් වර්තමාන තත්ත්වය තුළ ආයෝජනය වඩා සුදුසු විකල්පයකි. රට තවමත් වරණාත්මක හෝ සීමා සහිත පැහැර හැරීමේ තත්ත්වයක සිටින බැවින් සහ පසුගිය වර්ෂ වල බොහෝ පුද්ගලික විදුලි නිෂ්පාදකයින්ට නියමිත වේලාවට ගෙවීම් කිරීමට ලංවිම අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශීය ආයෝජකයින් සඳහා ආකර්ශනීය ස්ථානයක් නොවේ. පුනර්ජනනීය බලශක්තිය සැපයීමේ අයිතිය ලබා දුන් සමහර දේශීය ආයෝජකයින් නියමිත කාලයට පසුගාමීව සිටින අතර සමහර ව්‍යපෘති ඉදිකිරීම් ආරම්භ කර හෝ නැත.

මිල 

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ -(මහාචාර්ය රොහාන් සමරජීව)2022 ගාස්තු වැඩිවීමෙන් පසු මිලියනයක් කුටුම්භ සහ ව්‍යාපාරවල විදුලිය විසන්ධි කළ බවට ඇතැමුන් කරන ප්‍රකාශය, බොහෝ විට එදින ම නැවත සම්බන්ධතා ලබා දීම ගැන සොයා නොබලා විසන්ධි කිරීම් පමණක් වාර්තා කිරීම මත පදනම් වී ඇති බව පෙනෙන්නට තිබේ.
අප බොහෝ දෙනෙකු  2022 දී ඉගෙන ගත් දෙයක් නම් මිල අධික විදුලිය, විදුලිය නොමැති වීමට වඩා හොඳ බව යි. විදුලි ජනන යන්ත්‍ර ඇති අය විදුලි සැපයුම පවත්වා ගැනීමට කළු කඩයෙන් මිල අධික ඩීසල් මිලදී ගත්හ. 2022 ගාස්තු වැඩිවීමෙන් පසු මිලියනයක් කුටුම්භ සහ ව්‍යාපාරවල විදුලිය විසන්ධි කළ බවට ඇතැමුන් කරන ප්‍රකාශය, බොහෝ විට එදින ම නැවත සම්බන්ධතා ලබා දීම ගැන සොයා නොබලා විසන්ධි කිරීම් පමණක් වාර්තා කිරීම මත පදනම් වී ඇති බව පෙනෙන්නට තිබේ.

සාධාරණ මිලකට විදුලිය සැපයීමට වෙහෙසිය නොයුතු බව මින් අදහස් නොවේ. වෙළෙඳපොළ බලය ඇති ආයතන අසාමාන්‍ය ලාභ උපයන්නේ නම්, ගනුදෙනුකරුවන්ට සහ ආර්ථිකයට එය හානිදායකය. බොහෝ අවස්ථාවල විදුලිබල ක්ෂේත්‍රය තුළ වෙළෙඳපොළ බලවේග හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. එබැවින්, මිල සහ ගුණාත්මකභාවය නියාමනයට යටත් කිරීම සාමාන්‍ය පිළිවෙතයි. අතීතයේ මිල නියම කළේ ඇමතිවරයා හෝ කැබිනට් මණ්ඩලය යි. වඩා යෝග්‍ය පිළිවෙත වන්නේ දත්ත මත පදනම්ව මිල සහ ගුණාත්මකභාවය තීරණය කිරීම ස්වාධීන නියාමන ආයතනයකට පැවරීමයි.

ජනක වෙනුවට මහජන උපයෝගීතා කොමිසමට පේරා මහාචාර්යවරයෙක් !නිසි ප්‍රතිලාභ අනුපාත පදනම් නියාමනය කිරීමක් සඳහා, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වර්තමාන භාවිතයට වඩා බොහෝ කාලයක් සහ සම්පත් අවශ්‍ය වේ.

 

මතුපිටින් බැලූ විට 2009 සිට ශ්‍රී ලංකාවේ පැවතියේ එම තත්ත්වය යි. මීට පෙර ලිපියක , මා පැහැදිලි කළේ අපට තිබුණේ සැබෑ නියාමනයක් නොව මායාකාරී නියාමනයක් බව යි.  

නිසි ප්‍රතිලාභ අනුපාත පදනම් නියාමනය කිරීමක් සඳහා, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වර්තමාන භාවිතයට වඩා බොහෝ කාලයක් සහ සම්පත් අවශ්‍ය වේ. ඇතැම් අසාධාරණ වියදම් මිල ගණනය කිරීමට ඇතුලත් කිරීමට ඉඩ නොදීමට නම්, විදුලිය සපයන සමාගම් රජයට නොව වෙනත් අයෙකුට, එනම් වේදනාව දැනෙන පෞද්ගලික අයිතිකරුවන්ට හිමි වීම ද අවශ්‍ය වනු ඇත. ඵලදායී නියාමනයක් සඳහා හොඳම විසඳුම මෙයයි.

 

ඉතිහාසයේ දරුණුම විදුලි කැපිල්ල අත ළඟ !ඇතැම් අසාධාරණ වියදම් මිල ගණනය කිරීමට ඇතුලත් කිරීමට ඉඩ නොදීමට නම්, විදුලිය සපයන සමාගම් රජයට නොව වෙනත් අයෙකුට, එනම් වේදනාව දැනෙන පෞද්ගලික අයිතිකරුවන්ට හිමි වීම ද අවශ්‍ය වනු ඇත.
රජය නව නීතියක් කෙටුම්පත් කිරීම ආරම්භ කරමින් සිටිය දී ප්‍රකාශයට පත් කරන ලද එම ලිපියේ, අපගේ වර්තමාන තත්වයන් සඳහා සුදුසු ප්‍රායෝගික, දෙවන හොඳ ම විසඳුම ලෙස සංසන්දනාත්මක නොහොත් මිනුම් දඬු  නියාමනය පෙන්වා දුනිමි.

“මෙහිදී, නියාමනය කරන ලද ආයතනයේ කාර්ය සාධනය අනෙක් අය සමඟ සංසන්දනය කරනු ලබන්නේ තොරතුරු උකහා ගැනීමේ උත්තෝලනයක් ලෙස හෝ ‘නම් කිරීම සහ ලැජ්ජා කිරීම’ හෝ  සඳහා ය. උදාහරණයක් ලෙස, මිල නියම කිරීමට අවශ්‍ය ඇතැම් දත්ත නියාමනයට යටත් වන සමාගම විසින් රඳවා තබා ගන්නවා විය හැකි ය. වහාම තොරතුරු සපයන්නේ නැති නම් ඒ වෙනුවට සංසන්දනය මගින් ලබා ගත් දත්ත භාවිතා කරන බව නිවේදනය කිරීමේ හැකියාව නියාමකයා සතුය. නැතහොත් නියාමකයා විසින් එම සමාගමේ දර්ශක ඒ හා  සංසන්දනය කරන්නන්ගේ දර්ශක සමඟ සංසන්දනය කිරීම මගින් එය කෙතරම් අකාර්යක්ෂම ද හෝ නොසැලකිලිමත් ද යන බව පෙන්වමින් නියාමනය කරන ලද ආයතනය නම් කර ලැජ්ජාවට පත් කළ හැකිය.”

 

ජවිපෙ සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම ?ජවිපෙ බලපෑම් මත පළමු මහින්ද රාජපක්ෂ රජය විසින් ඉවත් කරන ලද 2002 නීතිය යටතේ මෙන් වෙනම බෙදාහැරීමේ සමාගම් ඇති කරන නව නීතිය මගින් මිණුම් දඬු නියාමනය කිරීම සඳහා ඉඩ සලසයි.
ජවිපෙ බලපෑම් මත පළමු මහින්ද රාජපක්ෂ රජය විසින් ඉවත් කරන ලද 2002 නීතිය යටතේ මෙන් වෙනම බෙදාහැරීමේ සමාගම් ඇති කරන නව නීතිය මගින් මිණුම් දඬු නියාමනය කිරීම සඳහා ඉඩ සලසයි. සැබවින් ම අලුතින් පිහිටුවන ලද සමාගම්වලට වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට සහ සාධාරණ මිලට සහ ගුණාත්මක මට්ටම්වලට සේවා සැපයීමට මිණුම් දඬු නියාමනය මගින් පීඩනයක් ඇති කරයි ද යන්න දැන් රඳා පවතින්නේ අමාත්‍යාංශයේ තුළ පිහිටුවා ඇති ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේකම් කාර්යාලයේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය මත ය.

2002 අනුමත කරන ලද පනතට අත් වූ ඉරණමෙන් 2024 විදුලිබල පනත බේරා ගැනීමට කුමක් කල යුතුද? මේ සඳහා, නව පනතේ අරමුණු සහ ක්‍රම වේදයන් පැහැදිලි කිරීම සහ ලංවිම සමාගම් ගණනාවක් බවට ප්‍රතිසංවිධානය කිරීමට එරෙහිව සහ එම සමාගම්වලට සාධාරණ ප්‍රතිලාභ ලබා දීමට එරෙහිව නගන විවේචනවලට පිළිතුරු සැපයීම අවශ්‍ය වනු ඇත. සාධාරණ මිලකට අඛණ්ඩව විදුලිය ලබාගැනීමට නම් වෙහෙසකාරී නමුත් තේරුම් නොගෙන බැරි තාක්ෂණික කරුණු වලට අවධානය යොමු නොකර බැරිය.  


(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? - (මහාචාර්ය රොහාන් සමරජීව) | The Leader