The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

පළමු පෙම සිහි ව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

July 20, 2024 • 7:46 AM

 පළමු පෙම සිහි ව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල්‍යයකට සහභාගි වී ගායනා කළ ගීතය වයිරල් වූයේ ක්ලබ් වසන්ත පෝස්ටු ද අභිබවා යමිණි.
  • මගේ ක්ෂේත්‍ර අධ්‍යයනය ලෙස මා තෝරා ගත්තේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ය.
  • අයි සමන්මලී ද ඇගේ ස්වාමිපුරුෂයා වූ සෝමපාල අයියා මට අපමණ සහයක් ලබා දුන් බව මතක් කළ යුතුය.
  • ඒ සඳහා ප්‍රත්‍යෙක අධ්‍යයන ලෙස රජයේ හා පෞද්ගලික අංශයේ නිෂ්පාදන හා සේවා ආයතන කිහිපයක් තෝරා ගත්තේ ඒවායේ තිබෙන වෘත්තිය සමිති ස්වරූපය එකිනෙකට වෙනස් බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මංගල්‍යයකට සහභාගි වී ගායනා කළ ගීතය වයිරල් වූයේ ක්ලබ් වසන්ත පෝස්ටු ද අභිබවා යමිණි.  

ස්ලිම්-ෆිට් පන්නයේ අළු-රිදී පැහැති සූට් එකක් හැඳි වෛද්‍ය ඉන්දික, තම මියුරු කට හඬින් පමණක් නොව සියොලඟෙන් ම ගීතය ගැයුවේ ජාජබ්-ගොට්-ටැලන්ටාකාරයෙනි. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයවල නොගයන විරහ ශානරයේ ගීතයක් ගැයීම තරුණ වෛද්‍යවරයාගේ ගායන කුසලතාවයට තවත් ගැම්මක් දිණි.  වයිරල් වූ ගීතය, සම්'බස්'වණීය ගායක, චාමර වීරසිංහයන්ගේ "මතකයන් ඔබේ" ගීතයේ වඩා ජනප්‍රිය නම වන "අදටත් මම ඔබගේ පළමු පෙම්වතා" ය.

                    


වෛද්‍ය ඉන්දිකගේ ගීතය මට ද මගේ පළමු පෙම සිහිකර වී ය. මාගේ ශාස්ත්‍රීය දිවියේ මුල් කාලීන පෙම වූයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ය. කුමන හෝ හේතුවකට මම වෘත්තිය සමිතිවලට බූට් එක තබා, ඊට වඩා තරමක් සෙක්සි ම ය පර්යේෂණ තේමාවක වූ සිවිල් සමාජ වෙත පෙම් කරනට ගතිමි. වෛද්‍ය ඉන්දික භාව ම ය  අයුරින් එදා ගැයුවා මෙන්, වෘත්තිය සමිති විෂය අරභයා මා තුළ පැවැති පැරැණි පෙමාතුර හැඟුම් නැවතත් දළුලන්නට ගත්තේ, ඒ කාලයේ ම වර්ජන රැල්ලක් රට පුරා කෙමෙන් පැතිර යමින් තිබුණ බැවිනි.

 

මාගේ ප්‍රථම උපාධියේ පර්යේෂණ තේමාව වූයේ කම්කරු විනිශ්චය සභා හෙවත් ලේබර් ට්‍රයිබියුනල් සේවක ආරවුල් (ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස්) විසඳීමෙහි ලා කෙතරම් කාර්යක්ෂම ආම්පන්නයක් ද යන්න ය. මගේ ක්ෂේත්‍ර අධ්‍යයනය ලෙස මා තෝරා ගත්තේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ය. මීගමුවේ පැවැති කම්කරු විනිශ්චය සභා පරිශ්‍රයේත් කටුනායක හා ඒ අවට බෝඩිං ආශ්‍රිත ව ඒ පර්යේෂණය කළේ එවකට නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාකාරී වූ බ්‍රිටෝ ප්‍රනාන්දු හා ජයන්ති දන්දෙනිය සමඟ ය. කටුනායක හා බියගම කලාපයන්හි ක්‍රියාකාරි වූ ඩාබිඳු සාමූහිකයේ, දැනට අධ්‍යක්ෂිකාව වන චමිලා තුෂාරිගේ මෑණියන් වූ එච්. අයි සමන්මලී ද ඇගේ ස්වාමිපුරුෂයා වූ සෝමපාල අයියා මට අපමණ සහයක් ලබා දුන් බව මතක් කළ යුතුය. ස්ත්‍රී මධ්‍යස්ථානයේ පද්මිනි වීරසූරිය ද නිදහස් වෙළඳ කලාපයේ හා ඉන් පිට ද ක්‍රියාකාරී වෘත්තිය සමිති නායකයකු වු ඇන්ටන් මාකස් ද ඉතාමත් ප්‍රයෝජනවත් මූලාශ්‍ර වූ හ. මේ අධ්‍යයනයේ විශේෂත්වය වූයේ වෘත්තිය සමිති නිල වශයෙන් පිළි නොගත් පරිසරයක සේවක අයිතීන් සුරක්ෂිත කරන්නේ කෙසේ ද යන්න යි.

 
ශාස්ත්‍රපති උපාධියේ වසරක පර්යේෂණය සඳහා මා තෝරා ගත්තේ සමකාලීන ශ්‍රී ලංකාවේ වෙනස් වන ශ්‍රමික-කළමනාකරණ සම්බන්ධතා යන මාතෘකාව ය. ඒ සඳහා ප්‍රත්‍යෙක අධ්‍යයන ලෙස රජයේ හා පෞද්ගලික අංශයේ නිෂ්පාදන හා සේවා ආයතන කිහිපයක් තෝරා ගත්තේ ඒවායේ තිබෙන වෘත්තිය සමිති ස්වරූපය එකිනෙකට වෙනස් බැවිනි. මේ කාලයේදී මට ජාතික මට්ටමේ වෘත්තිය සමිති නායකත්වය සමග සමීප ව ඇසුරු කරන්ටත් ඔවුන් සමග දිගු කාලයක් ගත කරන්නටත් අවස්ථාව ලැබිණ. තම්පෝගේ සිට සුභසිංහ දක්වාත්,  දේවේන්ද්‍රගේ සිට  මලියගොඩ දක්වාත් දීර්ඝ කාලයක් නිරීක්ෂණය හා අධ්‍යයනය කළෙමි.

image 5f9a6614f41980 මහා වැඩ වර්ජනය
1980 මහා වැඩ වර්ජනය ජේ.ආර් ජයවර්ධන විසින් නිර්දය ලෙස මර්ධනය කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක් වෘත්තිය සමිති ව්‍යාපාරය ඔත්පල විය. වසර කිහිපයක් ම ලෙඩ ඇඳට ම සීමා වූ වෘත්තිය සමිති ව්‍යාපාරය යන්තම් කෙලින් කටින් සිට ගත්තේ, අසු හත අසූ නමය භීෂණ සමයත් සමග ය. ඇත්තෙන් ම එය වෙනත් ආකාරයක වෘත්තීය සමිති ව්‍යාපාර ප්‍රභේදයක උපත විය. අන්තර් සමාගම් වෘත්තිය සමිතිවල නැගී සිටීම හා ජාතික සටන් මධ්‍යස්ථානය අනුප්‍රාණය ලැබුවේ, ඔවුන්ගේ ලොකු තාත්තා වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගල්කටස් අනුභාවය නිසා ය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පැරණි වමේ නායකත්වයේ, පැරණි වමට අනුයුක්ත වෘත්තිය සමිති නායකත්වයේ හා දක්ෂිණාංශක පක්ෂවලට අයත් වෘත්තිය සමිති නායකත්වයේ ඉහළ පෙලේ තනතුරු දැරූ කිහිප පොලක් ම යහමින් ඝාතනය කළේ ය.

 වෘත්තිය සමිති ව්‍යාපාරය කෙදිනකවක්වත් ශීල ව්‍යාපාරයක ස්වභාවය නොගත් අතර, එහි ගාමක බලවේගය වූයේ රණකාමිත්වයයි. එහෙත් මේ රණකාමිත්වය ත්‍රස්තවාදයකට පෙරැළුණේ අසුව දශකයේ අවසන් වසර දෙක තුනේ ය. කඩාකප්පල් කිරීම් (සැබොටාජ්) හා කප්පම් ගැනීම් හිස ඉසෙව්වේත් මේ සමයේ ය. අදටත් කප්පම් අහවලා ලෙසින් හඳුන්වන කුප්‍රකට වෘත්තිය සමිති නායකයෙකු සිටී. ඔහු දේශපාලනික ව ජාතක වූයේ යට කී සමයේ විය හැකි ය.

 
ගල්කටස් ත්‍රස්තවාදය එවකට බලයේ සිටි රජය විසින් කුරිරු ලෙස මර්දනය කර, රොඩු පමණක් ඉතිරි වෙන්නට හැර, සාරය මුළුමනින් ම ඝාතනය කළේ ය. එහෙත් ත්‍රස්තවාදී වෘත්තීය සමිති අනුප්‍රාණය විටින් විට අඩු වැඩි වශයෙන් අනුප්‍රාප්තිය ලැබුවේ  තවත් වෘත්තිය සමිති කිහිපයක් හරහා ය. නව සම සමාජ පක්ෂයට අනුබද්ධිත වාණිජ හා කාර්මික වෘත්තීය සමිතිය කවදත් රණකාමිත්වය පෙන්නුම් කළ එකක වුව ද ත්‍රස්තවාදය වැළඳගත් අවස්ථාවක් වූයේ ඒබීඑම් රේමන්ඩ් සංසිද්ධියත් සමඟ ය.

Fire suiside 2යථාර්ථවාදී රංග රීතියක් අනුගමනය කරගනිමින් තම සිරුරට පැට්‍රෝල් හළාගෙන ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ බව ය.
රත්මලානේ පිහිටි, බ්‍රවුන්ස් සමාගමට අනුබද්ධිත බැටරි කර්මාන්ත ශාලාවක වූ ඒබීඑම් හී යට කී කාර්මික හා වාණිජ වෘත්තිය සමිතිය බලවත් ව සිටි අතර, එහි සාමාජිකයෙකු වූ රේමන්ඩ් නමැත්තෙක්, කම්කරු ආරවුලක මැද කළේ, කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි අඩි 30 ක් 40 ක් පමණ උස වතුර ටැංකියකට නැගී, ඉල්ලීම් දෙනතුරු නොබසින බවට තර්ජනය කිරීම යි. දින දහයක් පමණ මෙම නාටකය රඟ දැක්වුණු අතර, රත්මලානේ බෙලෙක් කඩේ හා ඒ අවට පිහිටි බොහෝ කර්මාන්තශාලාවල සේවකයන් රේමන්ඩ්ට සහයෝගය දක්වනු පිණිස ඒබීඑම් ෆැක්ටරිය වටලනු ලැබී ය. ඉබ්බන්වල හන්දියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයට ද මේ පිරිස ගිය අතර, භීතියට පත් පිරිස් කළමනාකාර තැන සැඟවූයේ වැසිකිළියක බව වෘත්තිය සමිති සිහිපත් කළේ ලීලාවෙනි. මෙය සිදුවුණේ 1993 වසරේ ය. එවකට කම්කරු ඇමති ලෙස සිටියේ එච් ආර් පියසිරි ය. ජාඩියට මූඩියමෙන්, පියසිරි ඇමතිතුමා මේ පන්නයේ ත්‍රස්තවාදී වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වලට ඒ භාෂාවෙන් ම පිළිතුරු දීමට හැකි අයෙකු විය.

 ඉල්ලීම් දිනාගෙන ටැංකි මුදුනෙන් බෙලෙක් කඩේ මහ පොළොවට වීරයෙකු මෙන් ගොඩ බට රේමන්ඩ් මහතා වැඩිකල් නොගොසින් ජවිපෙට එකතු වූ බව දැනගන්නට ලැබිණ. එම පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නට ද ලක ලෑස්ති වූ බව සැළ විය. එතුමා ගැන මට දැනගන්නට ලැබුණු අන්තිම ආරංචිය ඉතාමත් ම ශෝකජනක ය.  එනම්, උතුරු නැගෙනහිර යුද්ධයේ එක්තරා අවධියක, යුද්ධය කිරීම තරමක් අඩාල කොට සාම සාකච්ඡා ඇති කිරීමට ආණ්ඩුව සූදානම් වෙද්දී ඊට විරෝධතා රංගනයක යෙදුණු රේමන්ඩ් මහතා, යථාර්ථවාදී රංග රීතියක් අනුගමනය කරගනිමින් තම සිරුරට පැට්‍රෝල් හළාගෙන ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ බව ය.

 

Lal kantha1ලාල් කාන්ත පිති හරඹයට එන්නේ...
මීට සති කිහිපයකට පෙර පැවැති වෘත්තිය සමිති ක්‍රියාමාර්ග රැල්ලේ ද මා දුටුවේ රණකාමිත්වය නොව කඩාකප්පල්කාරී ත්‍රස්තවාදය යි. ආණ්ඩු තිබෙන්නේ ගොඩනගන්නටත් පෙරළන්නටත් වුවත්, ඒවා කළ යුතු හා කළ හැකි පිළිගත් ක්‍රම තිබේ. එහෙත් දැන් සිදු වෙන්නේ එක්තරා ආකාරයක අන්ඕර්තඩොක්ස් ම ය ඩිල්ස්කූපාකාරයකට බව පැහැදිලි ය. මේ ආකාරයෙන් ද ලකුණු ලබා ගත හැකි බවත් සැබැවි.

එහෙත් ප්‍රේක්ෂකාගාරය ඊට ප්‍රසාද ජනක ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ලාල් කාන්ත වැනි වයෝවෘද්ධ වෘත්තිය සමිති නායකයෙකු බැරි මරගාතේ හෝ, ඉදිරිපෙළ පිතිකරුවෙකු ලෙස තණ තීරුවට එවනු ලබන්නේ, පාදයක් පිටුපසට ගෙන, පිත්තේ මුහුණත තණනිල්ලට ලම්භක ව තබාගෙන, ආරක්ෂාකාරී පිති හරඹයක යෙදීමට යි.

Indika1 2024ප්‍රථම ප්‍රේම  ගීතය සුගායනය කළ තරුණ වෛද්‍යතුමා
මේ අතරතුර, මඟුල් ගෙදරක ප්‍රථම ප්‍රේම  ගීතය සුගායනය කළ තරුණ වෛද්‍යතුමා,  ඊටත් තරුණ වයසක දී විමුක්තිකාමී පක්ෂයක කේඩරයකු ලෙස සිටි බව මට දැනගන්නට ලැබිණ. මෙය මට අදහා ගත නොහැකි ආරංචියක් විය. ඊට හේතුව වූයේ ඔහුට ඇත්තේ සාමාන්‍යයෙන් කේඩරයකුගේ තියෙන කේඩෑරී පෙනුම නොව මලයාලම් නළුවෙකුගේ ඇති මනමාල පෙනුම නිසා ය. කෙසේ නමුදු මගේ මූලාශ්‍රය ද විශ්වාසනීය එකකි. ඒ නිසා මා කල්පනා කළේ, 'පළමු පෙම' ලෙස ඔහු ගායනයේදී අදහස් කළේ රෝමාන්තික අර්ථයෙන් නොව දේශපාලන අර්ථයකින්වත් ද කියා ය.


Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළමු පෙම සිහි ව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader