The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)

T

The Leader Desk

July 20, 2024 • 10:16 AM

 'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරු කොහොම මොන බොරු කියලා ඇත්ත වහන්න හැදුවත් , බොරුවේ කඩතුරා ඉරාගෙන ඇත්ත එළියට එනවා.
  • ඒ වගේම තමයි අපිට ඇත්ත තේරුම් ගන්නත් බොරුව ඉවහල් වෙනවා.
  • වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත්කර ඇති ඔවුන්ගේ අලුත් සමීක්ෂණ වාර්තාව මේ කාරණය හිතට ආවේ, වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත්කර ඇති ඔවුන්ගේ අලුත් සමීක්ෂණ වාර්තාව නිසා.
  • ඊට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය , 2024 පෙබරවාරි මාසයේ 7% යි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ වගේම තමයි සත්‍යත්. කවුරු කොහොම මොන බොරු කියලා ඇත්ත වහන්න හැදුවත් , බොරුවේ කඩතුරා ඉරාගෙන ඇත්ත එළියට එනවා. ඒ වගේම තමයි අපිට ඇත්ත තේරුම් ගන්නත් බොරුව ඉවහල් වෙනවා.
 
වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත්කර ඇති ඔවුන්ගේ අලුත් සමීක්ෂණ වාර්තාව
මේ කාරණය හිතට ආවේ, වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත්කර ඇති ඔවුන්ගේ අලුත් සමීක්ෂණ වාර්තාව නිසා. ඊට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය , 2024 පෙබරවාරි මාසයේ 7% යි. නමුත් 2024 ජූලි මාසය වන විට එය 24%ක් දක්වා වර්ධනය වෙලා. වත්මන් ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ බවට විශ්වාස කිරීම , පසුගිය පෙබරවාරි මාසයේ 9% ක් වුවත් , මේ ජූලි මාසය වන විට එය 28%ක් දක්වා වර්ධනය වෙලා. ඒ වගේම  ආර්ථික තත්ත්වය  යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළ පිරිස පසුගිය පෙබරවාරි මාසයේ  9%ක් වුවත් , එය ජූලි මාසය වනවිට  30% ක් දක්වා වැඩිවී තිබෙනවා.

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන සමාජ ප්‍රතිචාරයේ හරස්කඩක් මේ විදිහට නිරාවරණය වෙලා තිබෙනවා. කෙනෙකුට මේ ගැන වාද කරන්න පුළුවන්. එහෙම කළොත් නියැදි සමීක්ෂණ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒ නිසා විවාදය පැත්තකින් තියලා, අපිට පොදු අදහසක් පිළිගන්න සිද්ධ වෙනවා. ඒ තමයි , ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව යථාර්ථයවාදී ප්‍රවේශයකට යොමුව ඇති බව.
 

ඔබට මතක නම් ජනතාව මීට පෙර හිටියේ වෙනස් තැනක. ඔවුන් විශ්වාස කළේ වචන සාප්පු වලින් විසිකරන ධීර වීර කතා වලින් ඔවුන්ගේ ජීවිතය වඩාත් උසස් කරනු ඇති බවයි.  නමුත් අර්බුදය සහ අරගලය හමුවේ  එය එසේ නොවන බව ජනතාවට ප්‍රත්‍යක්ෂ කළා. ජනප්‍රිය වාදය ඔවුන්ට තිත්ත වුණා.

 අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තමන් රට යළි ගොඩගන්න සූදානම් , ඊට අදාළ දැක්ම සහ වැඩපිළිවෙළ තමන් සතු බව කිව්වත් ජනතාව ඒ දෙස බැලුවේ සැකෙන්. පොඩි පොඩි හිස් ටිං බෙලෙක්ක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය අරක්ගෙන, රනිල්  විරෝධයක් වෙනුවෙන් විශාල ශබ්දයක් නැගුවත්, නිහඬ බහුතරයක් රනිල් මොනවද කරන්නේ කියලා විමසිල්ලෙන් හිටියා. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් නෙරපීමේ අරගලය සැමරීමට ස්ථාන දෙකකට පැමිණෙන ලෙස අරගල නායකයන් කියාගත් පිරිසක් ආරාධනා කළත් ඔවුන්ට 50 දෙනෙක් එකතු කරගන්න නොහැකි වුණා.
298319715 718797746184844 1777889418580805980 n" gota go home " අරගලකරුවන් ගේ කාර්‍යභාරය අවසන් බව නිහඬ බහුතරය පිළිගෙන ඇති බව
ඒ කියන්නේ " gota go home " අරගලකරුවන් ගේ කාර්‍යභාරය අවසන් බව නිහඬ බහුතරය පිළිගෙන තියෙන බවයි. අනෙක් අතට ඔවුන්ට දැන් අවශ්‍ය තවදුරටත් අරාජිකත්වයේ හෝ කඩාකප්පල්කාරීත්වයේ නායකත්වයක් නොව, සෑම අංශයකින්ම බිඳ වැටුණු රට යළි ගොඩ ගැනීමේ විශ්වසනීය වැඩපිළිවෙළක් බවට වන පණිවිඩය එහි අන්තර්ගත වෙනවා.

ඒ හමුවේ මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය , තමන් අත්විඳි ජීවිතය සමඟ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ වර්තමානයේ රට තිබෙන තත්ත්වය , තමන් අත්විඳින ජීවිතය සංසන්දනය කර තිබෙනවා. ඒ තුළ ඔවුන්ට විශ්වාසයක් ඇතිව තිබෙනවා, උමග කෙලවර තවදුරටත් අඳුරේ නොවන බව.

 ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ පාලනය මේ ජීවන තත්ත්වය හෝ ලබාදෙන්න පැමිණියේ දුෂ්කර ගමනක බව ඔවුන් දන්නවා.  සෑම දෙසින්ම අන්ත්‍රාව  රැඳුණු  ඒ  වැල් පාලමේ ගමනට විපක්ෂය වචනයකින් හෝ උදව් නොකළ බව ජනතාව දන්නවා. වරෙක රනිල් වික්‍රමසිංහ පාලනය සමඟ අත්සන් කරන ගිවිසුම් අනාගත සජබ පාලනයක් යටතේ වලංගු නොවන බව පවසමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුග්ධ තර්ජනයක් කිරීමට තරම් සජිත් ප්‍රේමදාස පහතට වැටුණු බව ජනතාව දන්නවා.
සජබ එසේ කරන විට ජවිපෙ ප්‍රමුඛ මාලිමාව ද නිකං හිටියේ නෑ . ඔවුන් පළමු අවස්ථාවේ මෙරට විදෙස් සංචිත ශක්තිමත් කිරීම දුර්වල කිරීමට ප්‍රහාර දියත් කළා. ඒ ලංකාවට ඩොලර් එවීමෙන් වලකින ලෙස විදෙස් ගත ශ්‍රමිකයන්ට දන්වමින්. අනතුරුව  නොනවතින වැඩ වර්ජන රැල්ලක් සමඟ රාජ්‍ය යාන්ත්‍රණය බිඳ දැමීමට ක්‍රියාත්මක වුණා. එහිදී ඉලක්කය වුණේ රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල කර  ආණ්ඩුවේ වැඩපිළිවෙළ අඩපණ කිරීමයි.
 

ඔවුන් පළමු අවස්ථාවේ මෙරට විදෙස් සංචිත ශක්තිමත් කිරීම දුර්වල කිරීමට ප්‍රහාර දියත් කළා

නමුත් ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුණේ, " අපි එවන ඩොලර් ආණ්ඩුව උස්සන්නේ කොහොමද කියා විදෙස් ගත ශ්‍රමිකයන් ප්‍රශ්න කරමින් විධිමත් ක්‍රමවේදයට ඩොලර් එවීමට කටයුතු කළ නිසයි. ඒ වගේම  වෘත්තීය සමිති නායකයන් ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව  කටයුතු කිරීම ඒවායේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කළා. වෘත්තීය සමිති බෙදුනා.  වෘත්තීය සමිති ව්‍යාපාරය අසරණ වුණා. ඊට අදාළ නිවේදනය ආවේ, ජනාධිපතිවරණය අවසන් වන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග දියත් නොකරන බවට සහතික වෙමින්. ඒ වගේම කවදාවත් නැති විදිහට ජනතාව මේ වෘත්තීය සමිති වැඩ වර්ජන තරයේ  ප්‍රතික්ෂේප කළා.

මේ වෙනස සමාජයේ සිදුවූයේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය කරන වැඩ ගැන පැහැදිලි ප්‍රචාරක ව්‍යාපාරයක් පවා නොමැති පසුබිමක වීමත් විශේෂ යි. ඇත්තටම ආණ්ඩුවේ වැඩ ගැන මාධ්‍ය තුළ පවා වැඩි ඉඩක් තිබුණේ නෑ..

සීමිත කාලයක් තුළ සීමිත ඉඩක් තුළ  වුවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවෙන් නිහඬ බහුතරය පිළිගෙන තිබෙන්නේ ඔවුන් අත්විඳින ජීවන තත්ත්වය තුළම බව මෙයින් තහවුරු වෙනවා.

මේ ආකාරයට ජනතාව සිය සිතන පතන සහ ක්‍රියාත්මක වෙන ආකාරයේ  ඇති කර ගෙන තිබෙන වෙනස සාධනීයි.  ඇයි මම එහෙම කියන්නේ ?
JR Jayewardene.jpg ජේ.ආර්. ජයවර්ධන
 1951 එවකට මුදල් ඇමති ලෙස ජේ.ආර්. ජයවර්ධන ගේ ආරාධනය අනුව ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ ලෝක බැංකුවේ නියෝජිත පිරිසක පළමු ලංකාගමනය. ඔවුන් එන්නේ , ලංකාවේ ආර්ථිකය තවදුරටත් ප්‍රසාරණය කිරීමේ අවස්ථා සොයා බලා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමටයි.

එහිදී ඔවුන් ලබාදුන් වැදගත් නිරීක්ෂණක් වුනේ , ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට දුෂ්කර ආර්ථික කරුණු නිසා නොව සංස්කෘතික දේශපාලනය විසින් ආර්ථිකය වෙලාදමා තිබෙන නිසා බවයි. ඒ කියන්නේ රට, ජාතිය , ආගම ඇතුළු සංස්කෘතික දේශපාලනය විසින් ආර්ථිකය විලංගු දමා ඇති බවයි. ඒ 1951 වසරේ ප්‍රතිඵලය. නමුත් ඊට පසුව ගතවු කාලය තුළත් හොඳින් නිරීක්ෂණය කළොත් සංස්කෘතික දේශපාලනය විසින් මෙරට ආර්ථිකය විලංගු ලා තිබූ බව දැකීම දුෂ්කර නෑ. ඊට රටේ බහුතර ජනතවද ආශක්තව සිටි බවත් රහසක් නොවෙයි.
petrol line 2022.5.26
 කොහොම නමුත් ඒ වරදේ වන්දිය ගෙවීමට අපිට පෝලිම් යුගයක් එනතෙක් ඉන්න සිදුවුණා. සමස්ථ සමාජයක් විසින් දශක ගණනාවක් තිස්සේ සිදුකළ වරදට සමස්ථ සමාජයක් ලෙස වන්දි ගෙවීමට සිදුවුණා. නමුත් අප වරද තේරුම් ගෙන එය නිවැරැදි කිරීමට දැක්වූ නිහඬ එකඟතාව හමුවේ , ලෝකයක් විශ්මයට පත්කරමින් යළි නැඟීසිටීමට හැකි වුණා. නූතන ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ සහ ගොඩයාමේ ගෝලීය ආදර්ශයක් වීමට අපට හැකි වුණා. කැමති කෙනෙකුට ආපසු හැරෙන්න පුළුවන්. හැබැයි ඒ යළිත් සියල්ල සුනුවිසුනුව කඩා වැටීමේ ගෝලීය  ආදර්ශයක් දෙසට.  "හරි පාර" අත්විඳි මිනිස්සු ආයෙත් වල් වදියි කියලා හිතන්න බෑ. 
 

(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk

[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]

 
සබැඳි ලිපි:
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක) | The Leader