The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ට්‍රම්ප්ට කනේ පහරක්

T

The Leader Desk

July 21, 2024 • 7:08 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ට්‍රම්ප්ට කනේ පහරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තොටගමුව යනු, ෂඩ් භාෂා පරමේශ්වර, මහා කවින්ද්‍ර ශ්‍රී රාහුල මාහිමියන් වැඩ විසූ ග්‍රාමයයි.
  • එහි හැම පුරවැසියකුටම සිය ආරක්ෂාව සඳහා තුවක්කුවක් තබාගැනීමට නීතියෙන් අවසර ඇත.
  • එහෙත්, වෙඩික්කරුට ඉලක්කය වැරදීම නම්, අමෙරිකා එක්සත් ජනපදයටම ලැජ්ජාවට කාරණයකැයි කෙනකුට සිතෙන්නට ඉඩ ඇත.
  • කෙසේ වෙතත් ට්‍රම්ප් නම් කියා සිටින්නේ මෙය ඇමෙරිකානු ජනතාව එක්සත් කිරීමට සෑදුණු අවස්ථාවක් බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

තොටගමුව යනු, ෂඩ් භාෂා පරමේශ්වර, මහා කවින්ද්‍ර ශ්‍රී රාහුල මාහිමියන් වැඩ විසූ ග්‍රාමයයි. එහෙත් ඒ ගමේ උපන් පලියටම හැමෝටම ෂඩ් භාෂා තබා එක භාෂාවක් හරි හැටි උගැනීමේ හැකියාවවත් ලැබෙන්නේ ද නැත.

ඇමෙරිකාව යනු වෙඩික්කාරයන්ගෙන් පිරුණු රටකි. එහි හැම පුරවැසියකුටම සිය ආරක්ෂාව සඳහා තුවක්කුවක් තබාගැනීමට නීතියෙන් අවසර ඇත. එසේ හෙයින් 'ඇමෙරිකාවේ ඉපදිලාත් වෙඩි බැරි නම් වැඩක් නැතැයි' කියන්නට ද දැන් බැරිකමක් නැත.

 



ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලක්, ඉලක්කය වැරදී කණ ළඟින් පියාඹා ගියේ මේ ඊයෙ පෙරේදාය.

ට්‍රම්ප්ගේ ජීවිතය බේරීම නම් සතුටට කාරණයකි. එහෙත්, වෙඩික්කරුට ඉලක්කය වැරදීම නම්, අමෙරිකා එක්සත් ජනපදයටම ලැජ්ජාවට කාරණයකැයි කෙනකුට සිතෙන්නට ඉඩ ඇත. කෙසේ වෙතත් ට්‍රම්ප් නම් කියා සිටින්නේ මෙය ඇමෙරිකානු ජනතාව එක්සත් කිරීමට සෑදුණු අවස්ථාවක් බවය.

ඇමෙරිකාවේ පාසල්වල, විශ්වවිද්‍යාලවල පවා, ඉඳහිට වෙඩි තැබීම් සිදුවේ. ඒ කිසිදු වෙඩික්කාරයකුට ශිෂ්‍යයකුට පවා ඉලක්කය වැරදුණු බවක් නම් අසන්නට නැත.

 

cowboy2පාසල් වියේදී අප නැරඹූ ඇමෙරිකානු කව් බෝයි චිත්‍රපටවල පටන්ගත් වෙලේ සිට වෙඩි තැබීම්ය.
පාසල් වියේදී අප නැරඹූ ඇමෙරිකානු කව් බෝයි චිත්‍රපටවල පටන්ගත් වෙලේ සිට වෙඩි තැබීම්ය. ඒවායේ රඟපෑ (වෙඩි තැබූ) ජෝන් වේන්, ක්ලින්ට් ඊස්ට්වුඩ්, ලී වෑන් ක්ලිෆ් හා ගැරී කූපර් වැනි කිසිවකුට ඉලක්කය වැරදුණේ නැත.

සාර්ථක වෙඩික්කාරයකු වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, 1986 දී කැලිෆෝනියාවේ කාර්මල් හි ආණ්ඩුකාර ධුරයටද පත් වූයේය. ඔහු රඟපෑ එක් චිත්‍රපටයක් වූයේ, The Good, the Bad and the Ugly' ය.

'හොඳට නරකට දෙකට කටමය' කියුම ඊස්ට්වුඩ්ටද ගැලපෙයි. රිපබ්ලිකන් පාක්ෂිකයකුව සිටි ඔහු, එක්වරම ඩිමොක්‍රටික් පක්ෂයට එක්වන්නට යන්නේ නිකම්ම නොවේ. ඔවුන් ගෙන ආ අවි සීමා කිරීමේ නීතියට තම සහයෝගය දක්වමිනි.

skynews fistful of dollars 6622803ක්ලින්ට් ඊස්ට්වුඩ්

 

'ඔබ විසින් තුවක්කුව පාලනය නොකළහොත්, තුවක්කුව විසින් ඔබ පාලනය කරන දවසක්ද එනු ඇත' යන කියමන ද, ඊස්ට්වුඩ්ට බලපෑවා විය හැකිය. දැන් දැන්, ට්‍රම්ප්ටද එය හැඟෙනවාට සැක නැත.

සමහර මිනිසුන්ට යම් යම් දේ අවධාරණය කිරීමට, කනට පහරක් දිය යුතුය. තවත් සමහරුන්ට කනෙන් කෑල්ලක්ම යා යුතුය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වසය දැන් 78 කි. ජෝ බයිඩ්න්ට 81 කි.

 

ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න බයිඩන් 'සටන් විරාමයක්' ඉල්ලයිබයිඩ්න් දැන් විශ්‍රාම ගත යුතු යැයි මතයක් ද ඇමෙරිකානු සමාජය තුළ පැතිර ගියේය

 

බයිඩ්න්ට දැන් දැන් යම් යම් දේ අමතක වන බවත්, පැටලෙන බවත් පෙනී යයි. ඔහු මෑතකදී යුක්රේනියාවේ ජනපති, සෙලෙන්ස්කිට 'පුටින්' යැයි කියා සරදමට ලක් වූයේය. මේ හේතු කොටගෙන, බයිඩ්න් දැන් විශ්‍රාම ගත යුතු යැයි මතයක් ද ඇමෙරිකානු සමාජය තුළ පැතිර ගියේය. ඒ හා සබැඳි උපහාස කතාවකි මේ.

ජනාධිපති බයිඩ්න් හා මාධ්‍ය සාකච්ඡාවක යෙදී සිටි NBC හි මාධ්‍යවේදියෙක් මෙසේ ප්‍රශ්න කළේය.

'ට්‍රම්ප්ට වෙඩි තැබූ බවත් ඉන් ඔහුගේ කනක් තුවාල වූ බවත් අද දැනගන්නට ලැබුණා. ඒ පිළිබඳව ඔබේ අදහස?'

'ඉතාම කනගාටුදායක පුවතක්. එය ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට කැළලක්. මා ඔහුට මගේ ශෝකය පළ කර සිටිනවා.'

 



සාකච්ඡාව අවසානයේ, මාධ්‍යවේදියා ආපසු යාමට සූදානම් විය. බයිඩ්න් ඔහු ඇමතීය.

'පොඩ්ඩක් නවතින්න... කාටද අර වෙඩි තිබ්බ කියල කිව්වෙ?'

'ට්‍රම්ප්ට... ඩොනල්ඩ් ට්‍රම්ප්ට...'

මාධ්‍යවේදියා පුදුමයට පත්ව පිළිතුරු දුන්නේය. බයිඩ්න් නළල රුලි කරගෙන මෙසේ ඇසීය.

'කවුද ට්‍රම්ප් කියන්නෙ?'

දේශපාලනඥයන් අතර වැඩිහිටියන් මෙන්ම, හිටියා-වැඩි අය ද සිටිති.

බයිඩ්න්ගේ කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳව විවිධ මත පළවන අතර මාධ්‍යවේදියෙක් ඔහුගෙන් මෙසේ විමසා සිටියේය.

 

විදේශඇයි ඔබ මාව මල්ලවපොර තරගෙකට යවන්නද හදන්නෙ?
'ඔබ වෛද්‍ය පරීක්ෂණයකට ගියොත් නරකද?'

'ඇයි ඔබ මාව මල්ලවපොර තරගෙකට යවන්නද හදන්නෙ?' බයිඩ්න් සිනාසුණේ තරුණයකු මෙනි.

උපහාසයට වයස් සීමාවක් නැත.

   

 124922930 guns flag976තුවක්කු සංස්කෘතියක්' (Gun culture) ඇත. එහෙත්, තුවක්කුවට සංස්කෘතියක් නැත

 

ඇමෙරිකාව තුළ අවි භාවිතය තහනම් කිරීමට පක්ෂව කටයුතු කළ සෙනෙට් සභිකයකුගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.

'එතකොට මේ රටේ තියෙන තුවක්කුවලට මොකද කරන්නෙ?'

 

'අපිට පුළුවනි ඒවා, සංවර්ධනය වෙන රටවලට ආධාර වශයෙන් දෙන්න.'

'තුවක්කු සංස්කෘතියක්' (Gun culture) ඇත. එහෙත්, තුවක්කුවට සංස්කෘතියක් නැත. 

ස්වර්ගයේ දොරටුවෙහි මෙබඳු දැන්වීමක් ඇත. 'අවි රැගෙන ඇතුළට නොඑන්න.'

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...