The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

අනුරපුර පුදබිමේ සුනඛ පක්ෂාගාත රෝගය මැඬලීමට වෙර දරන යස හාමුදුරුවෝ

T

The Leader Desk

July 21, 2024 • 7:53 AM

අනුරපුර පුදබිමේ සුනඛ පක්ෂාගාත රෝගය මැඬලීමට වෙර දරන යස හාමුදුරුවෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව ජීවත්වන අසරණ සුනඛ ප්‍රජාව අතරේ “පස්ස පණ නැති වෙන ලෙඩේ” යනුවෙන් සාමාන්‍ය ජන වහරේ හැඳින්වෙන ඩිස්ටෙම්පර් හෙවත් පක්ෂාගාත රෝගය පැතිර යමින් පවතී.
  • සුනඛයන් මෙම රෝගයෙන් වළක්වා ගන්නට නම් වසරක් පාසා නිසි ලෙස සුනඛයන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දිය යුතු ය.
  • “යස හාමුදුරුවෝ” ලෙසින් බොහෝ දෙනෙක් හඳුන්වන මේ හිමියන් කුලියාපිටියේ කල්‍යාණයස නම් වෙයි.
  • වයස අවුරුදු විසිහයේ දී, එනම් 2008 දී පැවිදි බිමට පිළිපන් යස හාමුදුරුවන් අනුරාධපුර වැඩවාසය පිණිස පැමිණ ඇත්තේ 2016 දී පමණ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව ජීවත්වන අසරණ සුනඛ ප්‍රජාව අතරේ “පස්ස පණ නැති වෙන ලෙඩේ” යනුවෙන් සාමාන්‍ය ජන වහරේ හැඳින්වෙන ඩිස්ටෙම්පර් හෙවත් පක්ෂාගාත රෝගය පැතිර යමින් පවතී. ⁣

 

වෛරසයකින් බෝවන්නක් බැවින් ඉතා වේගයෙන් මෙය පැතිර යන අතර ඉතාමත් කනගාටුදායක තත්ත්වය වන්නේ රෝගය වැළඳුණු මුල් ම දිනවල නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සතාගේ පිටුපස ගාත් දෙක අප්‍රාණික වීම සහ සතා අන්ත දුක් විඳ මියයාමයි. සුනඛයන් මෙම රෝගයෙන් වළක්වා ගන්නට නම් වසරක් පාසා නිසි ලෙස සුනඛයන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දිය යුතු ය.

සුනඛයන් මෙම රෝගයෙන් වළක්වා ගන්නට නම් වසරක් පාසා නිසි ලෙස සුනඛයන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දිය යුතු ය

 

මේ කතා කරන්නේ අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරියක සහ තවත් වෘත්තිකයන් කිහිප දෙනෙකු හා මෙම කර්තව්‍යයට උරදී සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳ ව ය. “යස හාමුදුරුවෝ” ලෙසින් බොහෝ දෙනෙක් හඳුන්වන මේ හිමියන් කුලියාපිටියේ කල්‍යාණයස නම් වෙයි.

වයස අවුරුදු විසිහයේ දී, එනම් 2008 දී පැවිදි බිමට පිළිපන් යස හාමුදුරුවන් අනුරාධපුර වැඩවාසය පිණිස පැමිණ ඇත්තේ 2016 දී පමණ ය. උන්වහන්සේ වැඩවාසය කළ පන්සල පූජා නගරයෙන් එපිටට වන්නට පිහිටා තිබිණි. ඒ නිසාම සිව්පසය ද ප්‍රමාණවත් තරමින් ලැබුණේ නැත. නමුත් පන්සලේ විසිපහක් තරම් වූ සුනඛ ප්‍රමාණයක් සේම මීට ආසන්න සංඛ්‍යාවක් බළලුන් ද සිටි අතර ඒ සියලු දෙනාම මිනිසුන් විසින් රාත්‍රී කාලයට කාටත් හොරා අතහැර දමා ගිය සතුන් ය. 

dd1මෙම සතුන්ගේ කුසගිනි නිවීමේ විශාල දුෂ්කරතාවක් මෙම හාමුදුරුවරුන්ට පැනනැගී තිබිණි. යස හාමුදුරුවන් දානය සපයා ගත්තේ පිණ්ඩපාතයෙනි. නමුත් උන්වහන්සේ කෙසේ හෝ සහල් සහ අනෙකුත් අඩු වැඩිය ගෙනැවිත් සතුන්ට කෑම පිස කන්නට දුන්හ. කොරෝනා වසංගත සමයේ ද උන්වහන්සේ ඒ එක සතකුවවත් කුසගින්නේ තැබුවේ නැත.

වසර ගණනාවක් එම පන්සලෙහි වැඩ සිටි යස හාමුදුරුවන්ට වෛද්‍යවරයෙකු විසින් අනුරාධපුරයේම කුටියක් පූජා කර තිබුණේ 2022 වසරේ දී ය. ඉන්පසු උන්වහන්සේ එම කුටියෙහි වාසය පිණිස පැමිණියහ.

අනුරාධපුර අවට බොහෝ වෙහෙර විහාර තිබෙන නිසා කුටිවල වැඩවාසය කරන හාමුදුරුවරුන්ට දානමාන ලැබෙන්නේ අඩුවෙනි. යස හාමුදුරුවන්ට කුටියේ රැඳෙන්නට ලැබෙන කාලය ඉතා අඩු නිසා උන්වහන්සේ තමන්ගේ දානය තමන් වහන්සේ විසින්ම පිළියෙළ කර ගත්හ. දිනපතා උදේ පාන්දරින්ම කිරි ආහාර පූජාව සකස් කරගන්නා උන්වහන්සේ අටමස්ථානයෙන් එක් ස්ථානයකට කිරිපිඬු පූජාව සිදු කරනු ලබයි. පසළොස්වක ඇතුළු සතර පෝය දිනවලට අටමස්ථානයටම කිරිපිඩු පූජාව සිදු කිරීම උන්වහන්සේ අතින් නියත වශයෙන්ම සිදුවේ. 

මේ හැරුණු විට යස හාමුදුරුවන් කරනු ලබන අනෙක් පින්කම නම් තමාට අයත් කුඩා බජාජ් වර්ගයේ මෝටර් රථයෙන් රුවන්වැලි මහ සෑය වන්දනාමාන කරන්නට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට නොමිලේ ගමන් පහසුව සැලසීම ය. උන්වහන්සේට මේ සඳහා මුලින්ම මෝටර් රථයක් පූජා කර තිබුණේද දායකයකු විසිනි. අටමස්ථානයට අයත් බොහොමයක් පූජනීය ස්ථාන අනුරාධපුර පූජා නගරයෙහි පවතින්නේ එකි`නෙකට ආසන්න දුරකින් නොවේ. මේ එකින් එක වන්දනාමාන කිරීම සඳහා දෙපයින් ඇවිද යාම අසීරු ය. ඒ අනුව පූජනීය ස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මාතාවන් ඒ එකි`නෙක පූජනීය ස්ථාන වෙත කැඳවාගෙන යාම, නැතහොත් එම හාමුදුරුවරුන්ගේ හෝ සිල් මාතාවන්ගේ කුටිවලට යාමට අවශ්‍ය නම් එම ස්ථානවලට රැගෙන යාම, එසේත් නැතහොත් අනුරාධපුර දුම්රියපොළට හෝ බස් නැවතුම්පොළට යාමට අවශ්‍ය නම් ඒ කරා එක් කරගෙන යාම දිනපතාම පාහේ යස හාමුදුරුවන් තමන්ගේ වාහනය යොදාගෙන නොමිලේම සිදු කරන්නේ පුණ්‍ය කර්මයක් ලෙසිනි.

dd2

 

මේ වනවිට අනුරාධපුර පූජා නගරයේ විවිධ ස්ථානවලින් ඩිස්ටෙම්පර් රෝගයට ගොදුරු වූ සුනඛයන් හමුවී ඇත. වාහන නතර කරන ස්ථානය සහ රුවන්වැලි සෑයේ පහන් වැට අසල මේ අතරින් ස්ථාන දෙකකි. සිය ජීවිතයේ වැඩි කාලයක් වීදි සුනඛයන්ගේ සුව සහනය උදෙසා කැප කළ සහ තවමත් කැප කරමින් සිටින වෛද්‍ය පද්මාබණ්ඩාර පවසන අන්දමට මෙසේ ඩිස්ටෙම්පර් රෝගී සුනඛයෙක් හමුවූ පසු ඒ අවට මීටර් සීයක් දක්වා දුර ප්‍රමාණය ඇතුළත සිටින සියලු සුනඛයන්ට ඩිස්ටෙම්පර් සඳහා වන ප්‍රතිකාර ලබාදිය යුතු ය.

 

මේ අරඅඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්න ද? - (පශු වෛද්‍ය චමිත්  නානායක්කාර)

යස හාමුදුරුවන් කරන අනෙක් වැදගත්ම පින්කම නම් අනුරාධපුර පූජා නගරය අවට වෙසෙන සුනඛයන්ට ආහාර සපයා දීම සහ එම සතුන් රෝගී වූ විට ප්‍රතිකාර කිරීමයි. තමන්ගේ රථයෙහි රියැදුරාට වැටුපක් ගෙවීම, රථයට ඉන්ධන සපයා ගැනීම, සුනඛයන්ට ආහාර ලබාදීම සහ රෝගී වූ විට ප්‍රතිකාර ලබාදීම වැනි මේ සියලු දේ මෙන්ම තමන් වහන්සේගේ දානය සපයා ගැනීමටත් උන්වහන්සේ වැය කරන්නේ හිතවත් දායකයන්ගෙන් උදව් උපකාර ලෙස ලැබෙන මුදල් සහ පින්කම්වලදී දායකයන් විසින් ලබාදෙන මුදල් ය.⁣

dd3මේ වනවිට අනුරාධපුර පූජා නගරයේ විවිධ ස්ථානවලින් ඩිස්ටෙම්පර් රෝගයට ගොදුරු වූ සුනඛයන් හමුවී ඇත. වාහන නතර කරන ස්ථානය සහ රුවන්වැලි සෑයේ පහන් වැට අසල මේ අතරින් ස්ථාන දෙකකි. සිය ජීවිතයේ වැඩි කාලයක් වීදි සුනඛයන්ගේ සුව සහනය උදෙසා කැප කළ සහ තවමත් කැප කරමින් සිටින වෛද්‍ය පද්මාබණ්ඩාර පවසන අන්දමට මෙසේ ඩිස්ටෙම්පර් රෝගී සුනඛයෙක් හමුවූ පසු ඒ අවට මීටර් සීයක් දක්වා දුර ප්‍රමාණය ඇතුළත සිටින සියලු සුනඛයන්ට ඩිස්ටෙම්පර් සඳහා වන ප්‍රතිකාර ලබාදිය යුතු ය. එම සුනඛයන්ට ඩිස්ටෙම්පර් වළක්වාලන ප්‍රතිශක්තිකරණ එන්නත මේ මොහොතේ ලබා දීම සුදුසු නොවේ. ඊට හේතුව එම මීටර් සීයක් ඇතුලත වාසය කරන සුනඛයන්ට මෙම වෛරසය ශරීරගත වී තිබීමට වැඩි අවකාශයක් පැවතීම යි. එවැනි සතෙකු ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දුනහොත් සතා දුර්වල වී මිය යනු ඇත. එනිසා වෛරස විරෝධී ඖෂධ මීටර් සියය ඇතුළත වාසය කරන සුනඛයන්ට ලබා දෙන අතරේ මීටර් සීයෙන් එහා දැනට රෝගය වැළඳී නැති ස්ථානවල වෙසෙන සුනඛයන්ට ඩී එච් එල් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දිය යුතුවේ.

යස හාමුදුරුවන් මෙහිදී තවත් විශේෂ කාරණාවක් පිළිබඳව සඳහන් කළහ.

දැනට ඩිස්ටෙම්පර් රෝගය වැළඳී ඇති සහ වෛරසය ශරීරගත වී ඇති බවට අනුමාන කෙරෙන සතුන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් කවුරුන් හෝ භාරකාරයකු යටතේ එක තැනක රඳවා ගැනීම අත්‍යවශ්‍ය තත්වයකි. විශේෂයෙන් සේලයින් ලබාදෙන සතුන්ට එය ලබාදීමට කාගේ හෝ උපකාරයක් අවශ්‍ය ය. අනෙක් කාරණාව නම් යන්තමට හෝ සුවයක් ලැබූ සතුන් පසුපස ගාත් දෙක බිම දිග අදිමින් ගොස් නවතා ඇති වාහන යට නිදා ගැනීමට පෙළඹේ. අයිතිකරුවන් පැමිණ වාහනය පණ ගන්වන්නේ එහි යට සතකු සිටින බව නොදැක ය. නිරෝගී සතෙකුට නම් වාහනයක් පණගන්වන මොහොතේ වහා ඉවත් වී යා හැකිය. නමුත් පිටුපස දෙපා අදිමින් යන රෝගී සුනඛයෙකුට එතරම් වේගයෙන් එලෙස වාහනය යටින් ඉවත් වීමට නොහැකි වේ. මෑත දිනයක එලෙස මනාව ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටි සුනඛයකු වාහනයකට හසු වී පසුව මියගොස් ඇත. අසරණ රෝගී සතුන් එක් තැනක රඳවාගෙන ප්‍රතිකාර ලබාදීමට සහ බලා ගැනීමට කිසියම් භාරකරුවකු යටතේ තැබිය හැකි නම් මේ සතුන් කිසියම් ප්‍රමාණයක්වත් බේරා ගත හැකි වෙයි.

dd4ඔබ සතුන් කෙරෙහි කරුණාව දක්වන සංවේදී සිතක් ඇති අයකු නම් මේ අසරණ සතුන් බේරා ගැනීමේ කටයුත්තට යස හාමුදුරුවන්ට සහාය විය හැකිය. මෙහිදී අවශ්‍ය වන්නේ මිල මුදල් උපකාර නොව පහත දැක්වෙන ඖෂධ සහ එන්නත් ලබා ගැනීම ය.

එම ඖෂධවල නම් මෙසේය.

Chloramphenicol
Methylprednisolon
Neurobian
Depometrol
Iv ceftriaxone 1g
Fexofenadine 120


මේ රෝගය නිසා සතුන්ට නියුමෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතර මෙම මෙහි අවසාන ඖෂධ දෙක එය වළක්වා ගැනීම සඳහා ය.

ඔබට මේ සම්බන්ධයෙන් යම් උපකාරයක් කිරීමට හැකිනම් හෝ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට යස හාමුදුරුවන්ට කතා කරන්න.

076 7652872
(ඉන්දු පෙරේරා)

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරපුර පුදබිමේ සුනඛ පක්ෂාගාත රෝගය මැඬලීමට වෙර දරන යස හාමුදුරුවෝ | The Leader