The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ඊව්ලින් සමරජීව : කිඳුරියකගේ ශතකය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

July 22, 2024 • 8:34 AM

 ඊව්ලින් සමරජීව : කිඳුරියකගේ ශතකය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර සියයක් අවසානය තෙක් අර්ථසම්පන්නවත් ක්‍රියාශීලී ලෙසත් ජීවත් වන්නේ ඊටත් වඩා කලාතුරකිනි.
  • මා කටුනායක 1967 වසරේ උපත ලැබූ අතර, ඇයගේ සැමියා වන ඒන්ස්ලි සමරජීව අපගේ නිවසට යාබද පාසලේ විදුහල්පතිවරයා කටයුතු කළ කර ඇත්තේ ඊට වසර තුන හතරකට පෙර ය.
  • පසුව මා වැඩිහිටියෙකු ලෙස ඔවුන් දෙදෙනා සමග ස්වාධීන සම්බන්ධතාවයක් ගොඩ නගා ගත්තෙමි.
  • විදුහල්පති හා නියෝජ්‍ය විභාග කොමසාරිස් තනතුර හොබවා, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නීතිඥයෙකු ලෙස කටයුතු කරමින් මහඟු සමාජ මෙහෙවරක් කළ සමරජීව මහතා මියගියේ මීට වසර කිහිපයකට පෙර ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර සියයක් අවසානය තෙක් අර්ථසම්පන්නවත් ක්‍රියාශීලී ලෙසත් ජීවත් වන්නේ ඊටත් වඩා කලාතුරකිනි. ඉතාමත් අල්පයක් පමණි. පසුගිය ඉරිදා රාත්‍රියේ මියගිය ඊව්ලින් සමරජීව එවැන්නියකි.

සමරජීව මහත්මිය දශක ගණනාවක් ගුරුවරියක ලෙස පාසල් ගණනාවක සේවය කළ අතර, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද, ඈ ක්‍රියාශීලී ලෙස ස්වේච්ඡාවෙන් ඉංග්‍රීසි ගුරුවරියක ලෙස මහඟු සමාජ මෙහෙවරක් කළා ය. 

මා ඇය ගැන මෙසේ ලියන්නේ, මගේ පුද්ගලික සම්බන්ධතාවය නිසාමත් නොව ඈ කාලයට පෙරාතුව අනාගතවාදී හා නූතනවාදී කාන්තාවක වූ නිසා ය. ඊව්ලින් සමරජීවගේ වයස අනුව ඈ ස්ථානගතවන්නේ පූර්ව කාන්තා විමුක්ති යුගයක ය. එහෙත් ඇයගේ ආකල්ප හා චර්යාවන් හා සමස්ත ජීවිතය කාන්තා විමුක්තියේ පෙරගමන්කාරියකගේ ලක්ෂණ ඉසිළී ය. එම ඇයගේ විවාහ සංස්ථාව තුළත්, සමාජ-දේශපාලන ජීවිතයේත්, දරු මුණුපුරන්  හා සිසු පරම්පරාවන් සෑදීමේත් පැහැදිලිව විද්‍යාමාන විය.

මා කටුනායක 1967 වසරේ උපත ලැබූ අතර, ඇයගේ සැමියා වන ඒන්ස්ලි සමරජීව අපගේ නිවසට යාබද පාසලේ විදුහල්පතිවරයා කටයුතු කළ කර ඇත්තේ ඊට වසර තුන හතරකට පෙර ය. ඒ හේතුවෙන් හා ඔවුන් හා අප කුඩා ක්‍රිස්තියානි නිකායක වන මෙතෝ දිෂ්ට සභාවට අයත් වූ අය නිසාවෙන්, සමරජීව යුවල අපගේ පවුලේ කිට්ටු ම අය වූ හ.

පසුව මා වැඩිහිටියෙකු ලෙස ඔවුන් දෙදෙනා සමග ස්වාධීන සම්බන්ධතාවයක් ගොඩ නගා ගත්තෙමි. ඔවුන් දෙදෙනා මා ඇසුරු කළේ මිතුරෙකු සහ සම මට්ටමේ තබා ය. විදුහල්පති හා නියෝජ්‍ය විභාග කොමසාරිස් තනතුර හොබවා, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නීතිඥයෙකු ලෙස කටයුතු කරමින් මහඟු සමාජ මෙහෙවරක් කළ සමරජීව මහතා මියගියේ මීට වසර කිහිපයකට පෙර ය.

සමරජීව යුවළ එකිනෙකා හමු වී ඇත්තේ, මහනුවර කින්ස්වුඩ් විද්‍යාලයේ සේවය කරන අතර ය. සමරජීව මහතා ඉතිහාසය ඉගැන්වූ අතර, ඔහුගේ එක් ගෝලයකු වන්නේ මහාචාර්ය කේ.එම් ද සිල්වා ය. සමරජීව මහත්මිය අධ්‍යයන කටයුතුවලට අමතර ව, ටෙනිස් ක්‍රීඩාවට දක්ෂ නිසා, පාසලේ ටෙනිස් පුහුණු කාරිය ද විය. පාසලෙන් අනතුරු ව යෞවන වියේ සිටි ඒන්ස්ලි හා ඊව්ලින් ටෙනිස් ක්‍රීඩාවේ නිරත වෙමින් එකිනෙකාට සමීප වූ හ.

ටෙනිස් පිට්ටනියේ දළුලෑ ප්‍රේමයේ ප්‍රතිඵලයක ලෙස ඔවුන් දෙදෙනා විවාහ පත් වී රටේ විවිධ ප්‍රදේශවල ගුරුවරුන් විදුහල්පතිවරුන් හා අධ්‍යාපන පරිපාලකයන් ලෙස සේවය කළ හ. ඔවුන්ගේ දූ දරුවන්ගෙන් වඩා ප්‍රසිද්ධ අයෙක් වන්නේ මහාචාර්‍ය රොහාන් සමරජීව ය.

සමරජීව මහත්මිය ඉතාමත් දක්ෂ පිහිණුම්කාරියකි. ඒ බව මා දැනගත් ගත්තේ 1990 දී, ඇයත් ඇගේ සැමියාත් මාත් හා මගේ වෘත්තීය සම්බන්ධතා ඇති පිරිසකුත් හික්කඩුවට කිට්ටු ප්‍රදේශයක වන පටුවතට දින කිහිපයක වැඩමුළුවකට ගිය විට ය. පටුවත මුහුද ඉතා රළු වූවත්, ඒ වන විට විශ්‍රාම වියේත් වසර දහයක් විස්සක් ගත කළ සමරජීව යුවල වතුරට පැන පීනා ගියේ මත්ස්‍යයන් දෙදෙනෙක් ලෙස ය. අපි සැවොම ගොඩ සිට පිහිණුවෙමු.

සමරජීව මහත්මිය සමග මගේ අවසාන කාලය ගත කළේ, ගල්කිස්සේ මෙතෝදිස්ත පල්ලියේ ය. පල්ලියට නොයන මා, ඈ හා තවත් කිහිප දෙනෙකු සමග හමු වන්නේ පල්ලිය ඇරී යාබද ශාලාවක බෙදෙන තේ හා විස්කෝතු කන ගමන් ය. ඇයට යාබද පුටුවක මා වාඩි වූ විට මා අතගාමින් අන් අයට කියන්නේ හී ඊස් වන් ඔෆ් මයි ඕල්ඩස්ට් ෆ්‍රෙන්ඩ්ස් කියා ය. කුඩා සාමාජික පිරිසක ඇති ගල්කිස්සේ පල්ලියේ සෑම සියලු දෙනා ම සමරජීව මහත්මියගේ උණුසුම් ආදරයේ හා කරුණාවේ කොටස්කාරයෝ වූහ.

ඇයගේ මියයාම ගැන කිසි ම දුකක් නැත. ඊට හේතුව වන්නේ ඇය මිය යන අවසාන මිනිත්තුව දක්වා සමාජයට වැඩදායක අයුරින් ක්‍රියාශීලී ව සිටි විරල ගණයේ කාන්තාවක් නිසා ය. එවැන්නියක් එවන් ආකාරයෙන් ශතකයක් දිවි ගෙවා අපෙන් සමුගන්නා විට අප කළ යුත්තේ ඇයගේ දිවිය සැමරීම පමණි.

කිතුනුවන් මියගිය විට ගැයෙන ගීතිකාවක කොටසක වන්නේ, "In the sweet by and by, We shall meet on that beautiful shore" ය. සංකේතාත්මක ව ඉන් කියැවෙන්නේ, අප මියගිය විට ස්වර්ගයට එතෙර වෙන්නට, ලස්සන ගං තීරයකට අප මුලින් පැමිණිය යුතු බව යි. ශතකයක අරුත්බර දිවිසැරියකින් අනතුරු ව සමරජීව මහත්මිය, මේ ලස්සන ගං තෙරට දැන් පැමිණ ඇත. කිතුණු සාහිත්‍යමය රූපක අනුව, ස්වර්ගයේ සිට තොටියෙකු ගංතෙරට ඔරුවක ඇද එන්නේ, අදාල පුද්ගලයා කැන්දාගෙන යෑමට ය. අනෙකුත් කිතුනුවන් මෙන් ගඟෙන් එතෙර වන්නට ඔරුව පැද එන තොටියාගේ හෝ වෙන කාගේ හෝ උපකාරයක් සමරජීව මහත්මියට අවැසි නැති වන්නේ, ඈ ඉතා දක්ෂ පිහිනුම්කාරියක නිසා ය. කවදත් ස්වාධීන කාන්තාවක වූ ඇය, දිය කිඳුරියක සේ මනහර ලතාවකට පිහිනමින්, ඒ ගඟ තරණය කොට ඇගේ විශ්වාසය අනුව සැලකෙන ගමනාන්තයට ඇය ළඟා වෙනු ඇත.

ගුඩ් බායි ආන්ටි ඉව්ලින් !!


මධුර බස් චාරිකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...