The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කළු ජූලියේ ගොදුරක් වු ලාංකීය සිනමා කර්මාන්තය

T

The Leader Desk

July 23, 2024 • 7:08 AM

කළු ජූලියේ ගොදුරක් වු ලාංකීය සිනමා කර්මාන්තය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අපි නෙගට්විස් අල්ලන්නේ ග්ලවුස් දාලා, එහෙම පාවිච්චි කරපු නෙගට්විස් කෑලි කෑලිවලට කඩලා බිම දාලා තියෙනකොට විශාල දුකක් ඇති වුණා.
  • සිවදාසන් ලෙසින් මෙරට සිනමා කර්මාන්තයේ කා අතරත් ප්‍රකට වෛරමුත්තු සිවදාසන් බීබීසී සිංහල සේවය හා අතීත ආවර්ජනයකට එක්විය.
  • වර්ෂයේ ජුලි 23 දින ආරම්භ වී දින ගණනක් තිස්සේ ඇවිලුණු “කළු ජුලිය” නමින් කුප්‍රකට වර්ගවාදි සංහාරයෙන් දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කෙරුණු අතර කෝටි ගණනක නිවාස ඇතුලු දේපළ ගිනිබත් විය.
  • කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක් ‘මම ලැබ් එක ඇතුළට ගියාම මට ඇඬුනා’ දැනට කැනඩාවේ වෙසෙන සිවදාසන් එවක දී හැඳල, වත්තල පිහිටි විජය චිත්‍රාගාරයේ ප්‍රධාන පාලක වශයෙන් රැකියාවේ නිරත වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

“අපි නෙගට්විස් අල්ලන්නේ ග්ලවුස් දාලා, එහෙම පාවිච්චි කරපු නෙගට්විස් කෑලි කෑලිවලට කඩලා බිම දාලා තියෙනකොට විශාල දුකක් ඇති වුණා. අපේ ගෙදර තියෙන දේවල් ඔක්කෝම අරන් ගිහිල්ලා ඒත් මට මේ තරම් දුක්ක ආවේ නැහැ.”

හතලිස් එක් වසරකට ඉහත දී ජූලි මාසය අඳුරු කරමින් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ගැන එහි ගොදුරක් වු වී. සිවදාසන් ලෙසින් මෙරට සිනමා කර්මාන්තයේ කා අතරත් ප්‍රකට වෛරමුත්තු සිවදාසන් බීබීසී සිංහල සේවය හා අතීත ආවර්ජනයකට එක්විය.

1983 වර්ෂයේ ජුලි 23 දින ආරම්භ වී දින ගණනක් තිස්සේ ඇවිලුණු “කළු ජුලිය” නමින් කුප්‍රකට වර්ගවාදි සංහාරයෙන් දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කෙරුණු අතර කෝටි ගණනක නිවාස ඇතුලු දේපළ ගිනිබත් විය.

ඒ අතර සිනමා කර්මාන්තයට සම්බන්ධ වී කටයුතු කළ දෙමළ ජනයා, සිනමා ශාලා මෙන්ම දෙමළ හිමිකාරිත්වය යටතේ තිබු රසායනාගාර ද විය. එම විනාශයෙන් ලාංකීය සිනමාවට වුයේ ගැණිය නොහැකි පාඩුවකි.

කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක්
‘මම ලැබ් එක ඇතුළට ගියාම මට ඇඬුනා’

දැනට කැනඩාවේ වෙසෙන සිවදාසන් එවක දී හැඳල, වත්තල පිහිටි විජය චිත්‍රාගාරයේ ප්‍රධාන පාලක වශයෙන් රැකියාවේ නිරත වී ඇත.

චිත්‍රාගාරය අසලම ජීවත් වු සිවදාසන් ඇතුළු පවුලේ උදවිය 83 කළු ජූලියේ දී ආරක්ෂා කර ඇත්තේ රංගන ශිල්පියකු වු බැප්ටිස් ප්‍රනාන්දු විසිනි. එහෙත් ඔවුන්ගේ නිවසද සම්පුර්ණයෙන් මංකොල්ල කා විනාශ කර තිබේ.

දෙමළ ජනයාට එරෙහිව දින කිහිපයක් පැවති ප්‍රචණ්ඩ ක්‍රියා සමනය වු පසුව වී. සිවදාසන් තම නිවස මෙන්ම ඒ අසල ඇති තම රැකියා ස්ථානය වු විජය චිත්‍රාගාරය බැලීමට ගොස් තිබුණි.

“මම ලැබ් එක ඇතුළට ගියාම මට ඇඬුනා. මගේ ඒවා නෙමෙයි එතන තිබුනේ. අපි රත්තරන් වගේ පරිස්සම් කරපු නෙගටිව්ස් විනාශ කරලා. ඉස්සෙල්ලාම මම, මගේ ඇස් දෙකෙන් දැක්කේ “සසරක හැටි” කියලා ජබිර්. ඒ. කාදර් නිෂ්පාදනය කරලා පී. නීලකන්ටන් කියලා ඉන්දියන් ඩිරෙක්ටර් කරපු, රෝයි ද සිල්වා පළවෙනි සැරේට ඇක්ට් කරපු ෆිල්ම් එකේ කෑන් එක වැටිලා තිබුණා. මම අරන් බලද්දි නෙගටිව් තිබුණා ඒක පෑගිලා විනාශ වෙලා සත පහකට වැඩක් නැතුව තිබුනේ. අපි ඔය නෙගටිව් අල්ලන්නේ ග්ලවුස් දාලා ඒ තරම් පරිස්සමට.“

“මම ස්ටුඩියෝ එකට ගියාම සවුන්ඩ් ඩිපාර්ට්මන්ට් එක කඩලා, ඒකේ පැත්තක් ගිනි තියලා තිබුණා. ලැබ් එකට නම් හානියක් වෙලා තිබුණේ නැහැ, හැබැයි බඩු ඔක්කෝම ඇඳලා. ස්තෝප්පුවේ එහෙම තනිකර ෆිල්ම් කෑන්ස් පිරිලා තිබුණා. හැබැයි කෑන් ඇතුලේ තිබුණ නෙගටිව් ඔක්කෝම අරන් ගිහිල්ලා මොකද මිනිස්සුන්ට කවුරුහරි බොරු කියලා තිබුණා මේකේ රිදී තියෙනවා කියලා.”

“අපේ ගෙදර විනාශ කරලා ගෑස් සිලින්ඩර් එක ඇරෙන්න ඔක්කොම බඩු අරන් ගිහිල්ලා තිබුණත් මට මෙච්චර දුකක් දැනුණේ නැහැ.” යි වසර හතලිස් එකක් පුරාවටම හිතේ ඇති වේදනාව මුදා හරිමින් සිවදාසන් පැවසීය.

 

rio9
ලාංකීය සිනමාවට වූ අහිමි වීම

කේ. ගුණරත්නම් හිමිකාරිත්වය දැරූ විජය චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලන අංශයේ කොටසකට ගිනි තබා තිබු බව මෙන්ම ගිනිගෙන තිබු බිත්තිවල දෙමළ විරෝධී වෛරී වදන් ලියා තිබු බව සිවදාසන් හට අදටත් මතකය.

ඒ මොහොත් විජය චිත්‍රාගාරයේ තිබු බොහෝ චිත්‍රපට සොරා ගෙන ගොස් තිබු අතර ඒ සියල්ල ලාංකීය සිනමාවට අහිමි විය. ඇතැම් චිත්‍රපටවල සේයා පට තිබී ඇත්තේ එම චිත්‍රාගාරයේ පමණි.

ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, කල්පනා – කිරුළපන, රියෝ, නවා – කොම්පඤ්ඤවීදිය, රාජ් – මීගමුව, ලිබර්ටි – බදුල්ල, මොඩර්න් – බදුල්ල, මොඩර්න් – බණ්ඩාරවෙල, කිත්තම්පලම් – අනුරාධපුර, නිව් විජේන්ද්‍ර – අනුරාධපුර, ඉම්පීරියල් – මුතූර් කැෂිනෝ – මාතලේ කළු ජූලියේ දී විනාශ කරන ලද සිනමා ශාලා කිහිපයකි.

‘මේ ක්ෂේත්‍රයේ හිටපු අහිංසකම මනුස්සයා එයා’

venkatකේ. වෙන්කට්දින කිහිපයක් පුරා කොළඹින් ආරම්භ වී රට පුරාම සිදුවු දෙමළ විරෝධි ප්‍රහාරවල දී චිත්‍රපට අධ්‍යක්ෂ කේ. වෙන්කට් මරා දමන ලදී. ඔහුගේ කාරය තුළ සිරකර එයට ගිනි තබා ම්ලේච්ඡ ලෙස චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඝාතනය කර තිබුණි.

“මේ ක්ෂේත්‍රයේ හිටපු අහිංසකම මනුස්සයා එයා. ගෙදර කට්ටිය එපා කියද්දි එයා, එයාගේ නංගිව බලන්න ගිහිල්ලා, ඒ පැත්තේ කලබලයි කියලා. එහෙම යද්දි දෙහිවල හන්දියේ දී එයාව මරලා එයාගේ කාර් එකේ පුච්චලා දැම්මා” යැයි කේ. වෙන්කට් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගැන සිහි කරමින් වේදනාබරව පැවසීය.

බුදුන්ගේ ශ්‍රීපාදය සම්බන්ධ කතා වස්තුව ඇතුළත් ‘ශ්‍රී පතුල’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කේ. වෙන්කට් ය. මහ රෑ හමුවූ ස්ත්‍රිය-1966, උතුම් ස්ත්‍රිය-1969, අද මෙහෙමයි-1972, ගොපලු හඬ-1973, දමයන්ති -1975, නිලූකා-1977, සිරිපතුල -1978, මගේ අම්මා -1980 යන සිංහල චිත්‍රපට මෙරට සිනමාවට දායාද කළේ වෙන්කට් විසිනි.

‘ආපහු ලංකාවේ අඩිය තියන්නේ නැහැ’

 

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම83 කළු ජූලිය
කළු ජූලියෙන් සිදුවු පීඩා හේතුවෙන් සිනමා කර්මාන්තයේ නියුතුව සිටි දෙමළ ජාතිකයන් බොහෝ දෙනෙකු ද රට හැර ගොස් තිබේ.

“වින්සන් කියලා ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් හිටියා එයා රට දාලා ගියා, අපේ ලැබ් එකෙත් රාමචන්ද්‍රන් කියලා එවකට හිටපු හොඳම ප්‍රින්ටර් එයත් ගියා. දේවේන්ද්‍රා කියලා හිටියා හොඳ කැමරාමන් කෙනෙක් එයාව මට ඉන්දියාවේ දී හම්බ වුණා. මොනවා හරි දෙයක් වෙලා තියෙනවා එයාට, ඒක එයා කියන්නේ නැහැ. මොකද එයා හැමදාම කිව්වේ ආපහු ලංකාවේ අඩිය තියන්නේ නැහැ කියලා.”

එවැනි කීප දෙනෙකුම රට හැර ගිය බව කී වෛරමුත්තු සිවදාසන් ද 1988 දක්වා ටික කලක් ඉන්දියාවේ වාසයට ගොස් ඇත්තේ කලු ජූලියෙන් උන් හිටි තැන් මෙන්ම රැකියා ස්ථානය ද අහිමි වීම හේතුවෙනි.

සිනමා ශාලා ගිනිබත් කිරිම, එවක දී වැඩි වශයෙන් දෙමළ හිමිකාරීත්වය දැරූ චිත්‍රාගාර විනාශ කිරීම හා චිත්‍රපටවල සේයා පට සොරා ගැනීම, විනාශ කිරිම මෙන්ම සිනමා කර්මාන්තයේ නියලී සිටි දෙමළ කලාකරුවන්, තාක්ෂණික ශිල්පීන් රට හැර යාම ද මෙරට සිනමා කර්මාන්තය කඩා වැටීමට එක් හේතුවක් වුවා විය හැකිය.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...