The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ගුරුවරුන් නැතිව සුහුරු පන්ති කාමර තිබුණාම ඇති ද? - (නිමල් අබේසිංහ)

T

The Leader Desk

July 24, 2024 • 6:44 AM

ගුරුවරුන් නැතිව සුහුරු පන්ති කාමර තිබුණාම ඇති ද? - (නිමල් අබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව රැසක් අදාළ ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කොට තිබේ.
  • පසුගියදා ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේ සියලු පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගත් පසු සියලු විෂයයන් එකම තැනක සිට ඉගැන්විය හැකි වනු ඇති බවයි.
  • අවස්ථා කිහිපයකදීම ඔහු අනියමින් ඇඟවීමට උත්සාහ කළේ අනාගතයේදී ගුරුවරුන්ගේ අගය පහත වැටෙනු ඇත යන අදහසයි.
  • ගුරු හිඟය හතළිස්දාහක් රේඛීය අමාත්‍යාංශය සේම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශද, පැහැදිලිව දන්නා කරුණක් වන්නේ, රටපුරා ගුරු හිඟයක් පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


- ගුරුවරු හතළිස්දාහක් හිඟයි
- තව අසූදාහක් දෙවසරකින් විශ්‍රාම යනවා
- ස්මාට් බෝඩ්  ගැන කතා කළාට 95%කම තවම කළු ලෑලි
- අන්තර්ජාල සබඳතා තියෙන්නේ පාසල්වලින් 10%කට විතරයි
- පොකුරු පාසල් විසඳුමක් නෙවෙයි


නිදහස් අධ්‍යාපනය ඔළුවෙන් සිටුවන 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'

 

වත්මන් ආණ්ඩුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව එළි දක්වමින් රටේ අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීම උදෙසා එය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක යෙදෙමින් සිටින්නේ, ඒ පිළිබඳ  සවිස්තරාත්මක තොරතුරු රටට හෙළිදරව් නොකරමින් හා එය පාර්ලිමේන්තුවේ තවමත් සම්මත කර නොගෙන තිබෙන වාතාවරණයක් තුළය. මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව රැසක් අදාළ ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කොට තිබේ. ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියා කරන සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන අධ්‍යාපන සංවර්ධන සන්ධානය, ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සිය නිරීක්ෂණ යොමු කරමින් අවධාරණය කළේ, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා එම ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශවවල මෙන්ම අර්ථවත් පුරවැසි සහභාගිත්වයකද අවශ්‍යතාවයි. 

එසේ වුවද ආණ්ඩුව කිසිවකුගේ ප්‍රතිචාර සැලකිල්ලට නොගෙන සිය සැලසුම ක්‍රියාත්මක කරගෙන යනු පෙනේ. පසුගියදා ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේ සියලු පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගත් පසු සියලු විෂයයන් එකම තැනක සිට ඉගැන්විය හැකි වනු ඇති බවයි. අවස්ථා කිහිපයකදීම ඔහු අනියමින් ඇඟවීමට උත්සාහ කළේ අනාගතයේදී ගුරුවරුන්ගේ අගය පහත වැටෙනු ඇත යන අදහසයි.

 

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා  ගමගේ )තාක්ෂණික දියුණුව යනු ගුරුවරයාගේ භූමිකාව වෙනුවට ආදේශ කළ හැකි ඉන්ද්‍රජාලික විකල්පයක්ද?

මෙය යථාර්ථයක්ද? තාක්ෂණික දියුණුව යනු ගුරුවරයාගේ භූමිකාව වෙනුවට ආදේශ කළ හැකි ඉන්ද්‍රජාලික විකල්පයක්ද? එසේ නම් අධ්‍යාපනය සඳහා උපරිම අන්දමින් දියුණු තාක්ෂණය භාවිත කරන ලොව දියුණු රටවල ගුරු භූමිකාව අහෝසි වී තිබිය යුතුය. තාක්ෂණය යනු ගුණාත්මක අධ්‍යාපනය සඳහා මෙවලමක් මිස ගුරුවරයා සඳහා විකල්පයක් නොවේ. ගුරු-සිසු අනුපාතය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ මිනුම්දණ්ඩක් වන අතර සියලු විෂයයන් සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හිඟයකින් තොර වීම ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. මේ කොන්දේසිය සපුරාලීමට ආණ්ඩුව සූදානම්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලින්, ඒ පිළිබඳව සපයන සහතිකය කුමක්ද? 

සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ගැටලු අටෝරාසියක් තිබියදී, මෙම කේන්ද්‍රීය ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම හදිසි අවශ්‍යතාවකි. ඊට හොඳම ප්‍රවේශය වන්නේ රජයේ පාසල්වල දැනට පවතින තත්ත්වය පිළිබඳව විමසා බැලීමයි. 

ගුරු හිඟය හතළිස්දාහක් 

 

ලෝක ගුරු දිනය මාරු කිරීමට විරෝධය : දකුණු ආසියාවේ අඩුම ගුරු වැටුප් ලංකාවේ
රේඛීය අමාත්‍යාංශය සේම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශද, පැහැදිලිව දන්නා කරුණක් වන්නේ, රටපුරා ගුරු හිඟයක් පවතින බවයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන ආකාරයට රට පුරා පවතින ගුරු හිගය හතළිස්දහසකට ආසන්නය. එකී හිඟය පළාත් අනුව දළ වශයෙන් පහත සඳහන් පරිදි වේ. 

උතුරුමැද පළාත 3900
නැගෙනහිර පළාත 3698
ඌව පළාත 3700
සබරගමුව පළාත 3800
මධ්‍යම පළාත 3900
වයඹ පළාත 4500
දකුණු පළාත 2900
බස්නාහිර පළාත 4700
උතුරු පළාත 2900 


මේ සංඛ්‍යාලේඛන අනුව ගත්තද, වඩාත් හසුකම් තිබෙන බස්නාහිර පළාත තුළත් පවතින ගුරු හිඟය 4700කි. එය පළාත් අතරින් ගුරු හිඟය වැඩියෙන්ම පවතින පළාතද වේ. ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන ආකාරයට ජාතික පාසල්වලද 4000ක පමණ ගුරු හිඟයක් පවතී.

එමෙන්ම විද්‍යා ගණිත ගුරුවරුන් 7000ක පමණද, තාක්ෂණ විෂය සඳහා 3000ක පමණද ප්‍රාථමික විෂය සඳහා ගුරු හිඟය 5000ක පමණද ගුරු හිඟයක් පැවතීම බරපතළ තත්ත්වයකි. උසස් පෙළ පන්තිවල තාක්ෂණය විෂයය සඳහා ගුරු හිඟය තවත් බරපතළ ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.

PHOTO 2024 07 24 10 18 35 2ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු
දෙවන බස ඉගැන්වීම සඳහා සිංහල දෙමළ මාධ්‍ය දෙකේම පවතින ගුරු හිඟය 1500ක් පමණ වන අතර මේ සඳහා ගුරු සේවයට එකතු වීමට සුදුස්සන් නොමැති වීමත් තවත් ප්‍රශ්නයකි. මෙම විෂයය ඉගැන්වීම සඳහා උසස් පෙළ විභාගයෙන් සම්මානයක් ලබා තිබීම අවශ්‍ය වේ. උතුරු මැද පළාතට මෙවැනි ගුරුවරුන් එකසිය ගණනක හිඟයක් පවතින බවත්, එම පුරප්පාඩු පිරවීම සඳහා අයදුම් පත් කැඳවීමේදී අදාළ සුදුසුකම් සැපිරූ හය දෙනෙකු පමණක් ඉදිරිපත්ව ඇති බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේය.

ගුරුහිඟය පිරවීම වෙනුවෙන් නව ගුරුවරුන් 26,000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණත්, මුලදී සත්‍ය වශයෙන්ම බඳවා ගනු ඇත්තේ 13,000ක් පමණක් බව පවසන ප්‍රියන්ත ප්‍රනාන්දු, බඳවා ගැනීමට සාපේක්ෂව ගුරුවරු 10,000ක් පමණ විශ්‍රාම යෑමට නියමිත බැවින් එම බඳවා ගැනීම්වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත නොහැකි බවද පෙන්වා දෙයි. 

 



වර්ෂ 1989 සහ 90 වර්ෂවලදී හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස ගුරුවරුන් 80,000ක් පමණ බඳවා ගත් අතර එම ගුරුවරුන්ගේ සේවා කාලය නිම වී විශ්‍රාම යෑම ඉදිරි වසර දෙක තුළ සිදු වන බවත්, ඊට සාපේක්ෂව ගුරුවරුන් බඳවා ගැනීම කිසිසේත් සිදු නොවන්නක් බවත්, ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන කරුණකි. 

ග්‍රාමීය ප්‍රදේශවල දැඩි අර්බුදයක්

 

rcif18
ගුරු හිඟය වඩාත් වැඩියෙන් පවතින්නේ ග්‍රාමීය ප්‍රදේශවල බැවින් එම ප්‍රදේශවල ජාතික පාසල්වල පවා හිඟයක් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා වවුනියාව දිස්ත්‍රික්කයේත් මෙවැනි තත්ත්වයන් හඳුනාගෙන ඇති අතර එය අනෙකුත් පළාත්වලද පවතින්නකි. 

"සාමාන්‍ය ක්‍රමවේදය අනුව පහ වසර දක්වා පන්ති පැවැත්වෙන ප්‍රාථමික පාසලක ළමයි 20ක් ඉන්නවා නම් ගුරුවරු පහක්වත් ඉන්න ඕනෑ. නමය වසර තෙක් පන්ති තියෙන පාසලක 60ක් ඉන්නවා නම් ඉංග්‍රීසි විද්‍යා ගණිත ගුරුවරු සමග ගුරුවරු 12ක් ඉන්න ඕනෑ. ලෝකයේ තත්ත්වය ළමයි 16කට ගුරුවරු එක් අයෙක්. අපේ රටේ ජනප්‍රිය ජාතික පාසල්වල නම් 15ට එක් ගුරුවරයෙකු සිටිනවා. උතුරු මැද පළාතේ ගත්තොත් ළමයි 26කටම එක් ගුරුවරයයි."  

කලාප හා කොට්ඨාශ මට්ටමින් ගත් කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව, විලච්චිය, රඹෑව මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, මැදිරිගිරිය වැනි කොට්ඨාශවලත් නැගෙනහිර පළාතේ උහන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කල්මුනේ හා පොතුවිල්, උතුරු පළාතේ මුලතිව් හා කිලිනොච්චි, ඌව පළාතේ මොනරාගල හා සබරගමුව පළාතේ නිවිතිගලත්, මධ්‍යම පළාතේ හඟුරන්කෙත, වලපනේ, හැටන්, විල්ගමුව වැනි කලාප හා කොට්ඨාශවලත් වතුකරයේ පාසල්වලත් ගුරු හිඟය දැඩි ලෙස පවතින බව ප්‍රියන්ත ප්‍රනාන්දු පෙන්වා දෙයි.

ගුරු හිඟයක් පැවතීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙස උතුරු මැද පළාතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල අනුව පෙන්වා දිය හැකි වේ. මෙහි සාමාන්‍ය ප්‍රතිඵලය 58% හා 59%කි. පළාත් අතරින් නව වැනි තැනට පත්ව තිබේ. 

උතුරු මැද පළාතේ පවතින ගුරු හිඟය නිසාම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු ය. එය ප්‍රතිශතයක් ලෙසින් 17%කි. ඌව හා නැගෙනහිර පළාත්වල තත්ත්වයන් එලෙසම වන අතර බස්නාහිර පළාතේ උසස් පෙළ ගණිත විෂය ධාරාව හැදෑරීමේ ප්‍රතිශතය 30-35%ක් අතර වේ. 

පොකුරු පාසල් විසඳුමක්ද?

 

පාසල් ආරම්භයට සියල්ල සූදානම් - සිසුහු ලක්ෂ 8ක් සඳුදා පාසල් එති

 

අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අනුව සම්පත් හිඟය හා ගුරු හිඟය සඳහා විකල්පයක් ලෙස පොකුරු පාසල් ක්‍රමයක් යෝජනා කර තිබේ. ජාතික පාසල් අහෝසි කොට, එම පාසල්ද ඇතුළුව පාසල් 1200ක් ප්‍රමුඛ පාසල් ලෙස නම් කොට එම පාසල්වලට අවට ඇති පාසල් 8-10ක් පමණ පොකුරක් ලෙස සම්බන්ධ කිරීමත්, එම පොකුර තුළ සම්පත් බෙදා ගැනීමත් ඉන් අදහස් කෙරේ. මෙය අලුත් යෝජනාවක් නොව, 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් යෝජනා කොට ප්‍රතික්ෂේප වූ, පසුව යම් කලක් ක්‍රියාත්මක කොට අසාර්ථක වූ වැඩපිළිවෙළකි. ගුරු සංගමය පෙන්වා දෙන්නේ මෙය කුඩා පාසල් වසා දැමීමේ උපායමාර්ගික පියවරක් බවයි. "මේ සංසිද්ධියේදී කුඩා පාසල් වැසී යෑම හෝ වසා දැමීමයි සිදු වන්නේ මේ වන විටත් උතුරු මැද පාසල් 223කුත් උතුරු පළාතේ පාසල් 212කුත් ළමුන් පණහට අඩු පාසල් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේවා ප්‍රධාන පාසල්වලට එකතු කර ඒවා ස්වාභාවිකව වැසී යෑමට සැලැස්වීම එක්තරා උපක්‍රමයක්." 

"ඒ වගේම මෙතෙක් 13 වසර දක්වා පැවැත්වුණු පන්ති 12 වසර දක්වා අඩු කිරීමට ගත් තීන්දුව. මෙයින් සිද්ධ වෙන දේ තමයි පවතින ගුරු සංඛ්‍යාවෙන් 26,000ක් පමණ කපා හැරීම. එවිට 243,000ක් වන ගුරු සංඛ්‍යාව 195,000 දක්වා අඩු වෙනවා. ගුරු හිඟයට පිළියම් හොයන්නේ මේ විදියට."

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ජුනි මස 11 දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී පවසා ඇත්තේ, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, විදේශ භාෂා විෂයයන් ඉගැන්වීම සඳහා ජාතික පාසල්වලට ගුරුවරුන් 2100ක් බඳවා ගන්නා බවයි. ඒ අතරම 2021 වර්ෂයේදී පැවැත්වූ ඉංග්‍රීසි මාධ්‍ය උසස් ඩිප්ලෝමා විභාගයෙන් සමත් වූ ගුරුවරුන් 500ක්ද බඳවා ගන්නා බව එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ. 

යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන්, සමස්ත පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට යෝජනා කොට ඇති අතර, සියලු දෙනාට ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුම ලබාදීමට සහතික වෙයි. ඒ දැනුම ලබා දීමට නම් අදාළ විෂයයන් පිළිබඳ සුදුසුකම් ලත් ගුරුවරුන් අවශ්‍ය වේ. ඔවුන් නව විෂයධාරාව සඳහා පුහුණු කළ යුතු අතර, ගණිත, විද්‍යා, තාක්ෂණවේදය, ඉංග්‍රීසි වැනි විෂයයන් සඳහා දැනට පවතින ගුරු හිඟයට විසඳුම් ලබා දීමද අත්‍යවශ්‍ය වේ.

එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවී ගුරුවරුන්ගෙන් කාර්ය සාධනයක් අපේක්ෂා කළ නොහේ. මෙම කාරණාව සම්බන්ධයෙන් විමසූ විට ප්‍රියන්ත ප්‍රනාන්දු දැක්වූයේ මෙවැනි අදහසකි.  

සියයට 95ක්ම තවම කළුලෑල්ල

 

නිදහස් අධ්‍යාපනය ඔළුවෙන් සිටුවන 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'
අධ්‍යාපන නවීකරණයක් ගැන කතා කළාට 95%ක් පමණ පාසල්වල තවමත් භාවිත කරන්නේ කළු ලෑල්ලයි. ඩිජිටල්කරණය, කෘත්‍රිම බුද්ධිය ගැන කතා කළාට අවම වශයෙන් පසුගිය අයවැයෙන් මේ වෙනුවෙන් අධ්‍යාපනයට මුදල් වෙන් කරලත් නැහැ.

"ස්මාර්ට් බෝඩ්, සුහුරු පන්ති කාමර, යම් යම් පෞද්ගලික ආයතනවලින් සමහර පාසල්වලට ලබා දුන්නත්, ඊට අවශ්‍ය ගුරුවරුන් සහ උපකරණ නැහැ. ගුරුවරුන් පුහුණු කරලත් නැහැ. අවම වශයෙන් අධ්‍යාපන පීඨවලවත් මේක පටන් අරගෙන නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. ෆයිබර් ඔප්ටික් සම්බන්ධතා ලබා දෙනවා යැයි ජනාධිපතිවරයා පවසා තිබුණත් එයත් තවම සිදු වී නැහැ. අධ්‍යාපනය නවීකරණය වැඩසටහන යටතේ ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 400ක් ලබා දී තිබුණත් ෆයිබර් ඔප්ටික් සබඳතාව දීල තියෙන්නෙ පාසල්වලින් 10%ක් විතර වගේ. ඒවත් නාගරික ජනප්‍රිය පාසල්. මේ පසුබිම අනුව දැනට සිටින ගුරුවරුන්ට ස්මාර්ට් පන්තිකාමරවල වැඩ කිරීමේ හැකියාව නැතිනම් ඔවුන්ට ඒ සඳහා පුහුණුවකුත් ලබා දී නැත්නම් අධ්‍යාපන කාර්යසාධනයේ ප්‍රතිඵලය අසාර්ථකයි." 

සමස්ත ලංකා ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කළේය. 

ගුරු පුහුණුව අත්‍යවශ්‍යයි

 

ඉන්ධන අර්බුදය : හෙට සිට සතියක් පාසල් වැසෙයි
"අපට අවශ්‍ය වන්නේ පුහුණු ගුරුවරු. විශ්වවිද්‍යාලවලින් පිටවුණු, උපාධිය තිබුණු පළියටම ගුරුවරයෙක් වෙන්න බැහැ. ඒ අය පුහුණු වෙන්නත් අවුරුදු තුනක්වත් යනවා. ගුරු හිඟයක් ඇති වී තිබෙන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙත්, සැලසුම් සකසන්නන්ගෙත් තිබෙන දුර්වලකම නිසයි. සාමාන්‍ය ගුරුවරයෙක් විශ්‍රාම යන්න මාස තුනකට කලින් දැනුම් දෙනවා. විදුහල්පතිවරයෙක් නම් මාස හයකට කලින් දැනුම් දෙනවා. එවැනි විටකදී හිස් වන පුරප්පාඩුවට කෙනෙක් යොදවන්න බැරිනම් ඒ සැලසුම්කරුවො මොකටද?

සාමාන්‍යයෙන් ප්‍රාථමික විදුහලක ගුරුවරයෙක් විදිහට නවක උපාධිධාරියෙකු බඳවා ගැනීම අසාර්ථකයි. ඒ සම්බන්ධයෙන් මූලික පුහුණුවක් ඒ අයට නැහැ. එතකොට අධ්‍යාපනයේ මූලික පදනම වන ප්‍රාථමික අධ්‍යාපනය හරිහැටි සිදු වෙන්නේ නැතිනම් ඔය කියන ප්‍රතිපත්ති රාමුවලින් කිසිම ප්‍රතිඵලයක් ගන්න බැහැ.

ගුරුවරුන් බඳවා ගැනීමේදීත්, ගුරු විද්‍යා පීඨවලට තෝරා ගැනීමේදීත් ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය කුසලතා තිබෙනවාද? ඒ ගුණය ඔවුන්ගේ විභව ශක්තීන් තුළ තිබෙනවද? කියල හොයල බලන්නේ නෑ. විද්‍යා පීඨවලට කලින් ගත්තේ ඔවුන් සතු හැකියාවන් ගැන හොයල බලලා.  දැන් බලන්නේ ඉසෙක්ස්කෝර් අගය විතරයි. මේව අධ්‍යාපනයේදී අතිශය වැදගත් කරුණු. 

ගුරුවරයා වගේම විදුහල්පතිවරයාත් අධ්‍යාපනයේ අත්‍යවශ්‍යම අංගයක්. විදුහල්පතිවරයෙක් අධ්‍යාපනය, පිරිස් පාලනය, භෞතික සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය යන සිව්වැදෑරුම් අංශයන්හි සාමාර්ථයෙකු විය යුතුයි. එවැනි විදුහල්පතිවරුන්ගේ හිඟයක් දැන් තිබෙනවා. මේවා සැලකිල්ලට නොගෙන කිසිවක් නිසියාකාරව කරන්න බැහැ. 

 

PHOTO 2024 07 24 10 18 35සමස්ත ලංකා ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම
පවත්නා ඉංග්‍රීසි ගුරු හිඟය පියවා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් 3000ක් යළි බඳවා ගැනීමට ක්‍රියා කරන ලෙස පසුගිය දිනවලදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණු නමුත් මෙය තාවකාලික පිළියමක් විනා ප්‍රශ්නයට සැබෑ පිළිතුර ලෙස සැලකිය නොහැකි බවද මොහාන් පරාක්‍රම පෙන්වා දෙයි. 

විදුහල්පති හිඟය

පළාත් මට්ටමේ ගුරු හිඟය පිරවීම වෙනුවෙන්ද ඒ ඒ පළාත් බලධාරීන් විසින් තවම විධිමත් වැඩ පිළිවෙළක් සකසා නැත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2023 ඔක්තෝබර් 01 දා වන විට පාසල් පද්ධතියේ පවතින විදුහල්පති සහ ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව මෙහිලා වැදගත්ය. එකී වාර්තාවට අනුව සමස්ත පාසල් පද්ධතිය තුළ ගුරුවරු 229,914ක්ද ශ්‍රේණිධාරී විදුහල්පතිවරු 8909ක්ද අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරු 386 දෙනෙක්ද සිටිති. 

 

පාසල් දහසක්' ව්‍යාපෘතියෙන් කුඩා පාසලට කණකොකා හඬන ලකුණු
එම වාර්තාවට අනුව විදුහල්පතිවරුගේ වැඩිම හිඟයක් පවතින අධ්‍යාපන කොට්ඨාස විස්සක විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව මෙලෙස දැක්විය හැකිය.

1. පල්ලම 60
2. එඩ්ඩිචිලන් පත්තු 58
3. වලපනේ 55
4. පස්සරු 52
5. ආණමඩුව 44
6. එරාවුර්පත්තු (2) 42
7. ආරච්චිකට්ටුව 40
8. දෙහිඕවිට 38
9. නාත්තන්ඩිය 38
10. කල්පිටිය 35
11. කටුවන 34
12. වැලිකන්ද 34
13. කොරළේපත්තු(බට) 34
14. කුණ්ඩසාලේ 34
15. මැදිරිගිරිය 33
16. පුත්තලම දකුණ 33
17. වෙන්නප්පුව 33
18. ගලෙන්බිඳුනුවැව 32
19. ගිරිබාව 32
20. කොරළේපත්තු(උ) 34

එම වාර්තාවේ සඳහන් ආකාරයට වැඩිම ගුරු හිඟයන් පවතින අධ්‍යාපන කොට්ඨාස විස්ස මෙසේය.

 

සෙසු ප්‍රදේශවලට වඩා දස ගුණයක් වතුකරයේ දරුවෝ පාසල් හැර යති! - (ගයාන්  යද්දෙහිගේ)
1. පාතහේවාහැට 448
2. උඩපළාත 403
3. දිවුලපිටිය 387
4. බේරුවල 382
5. තණමල්විල 326
6. පස්සර 345
7. නුවරඑළිය (සිංහල) 321
8. හැටන් (දෙමළ) 321
9. ගඟවට කෝරළය 298
10. වැලිමඩ 290
11. එරාවුර්පත්තු(2) 290
12. ඇඹිලිපිටිය 289
13. කොත්මලේ 286
14. හැටන්(සිංහල) 275
15. වලපනේ 267
16. දඹුල්ල 266
17. ඌව පරණගම 265
18. තිස්සමහාරාම 252
19. මීගමුව 252
20. මහියංගනය 251

මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි කරන්නේ වැඩිම විදුහල්පති සහ ගුරු හිඟයක් පවතින්නේ දුෂ්කර ප්‍රදේශවල බවයි. මේ තත්ත්වයට පිළියමක් නොමැතිව කවර හෝ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවකින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගත හැකිද? ප්‍රමාණවත් තරම් පුහුණු ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් නොමැතිව ස්මාට් බෝඩ් එකකින් පමණක් ඉන්ද්‍රජාලයකින් මෙන් අධ්‍යාපනයේ ඉලක්ක සපුරාගත හැකි යැයි කල්පනා කිරීම දවල් හීනයකි.

(නිමල් අබේසිංහ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
nabesinghe13@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...