The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

July 24, 2024 • 11:05 AM

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් ඒ ගැන පසු සටහනක් යෙදුවේ ඒ ඛේදවාචකය දේශපාලනිකරණය කොට ජල සම්පාදන මණ්ඩලය ඊට වගකිව යුතු බවට නිර්මානය කළ බොරුව මට වැටහුණ නිසාය. (පසු සටහන : තිස්සමහරාමයේ ගල් වලක ගිලී මියගිය දරුවන් දෙදෙනාගේ ඛේදජනක ඉරණමට හේතුව ජන සැපයුම අඩාල වීමය.
  • අත්හැර දැමූ ගල්වල් ස්ථීර නාන තටාක ලෙස භාවිතා කිරීම වියලි කලාපයේ සාමාන්‍ය සිද්ධියකි.
  • හෙට අනිද්දා ගල්වල පවත්නා ගෙන හිමිකරු රක්ෂිත බන්ධනාගර ගත කිරීමට පොලිසිය ක්‍රියා කරනු ඇත.
  • උපුටා ගැනීම අවසන් ය.) ලංකාදීපය පළ කළ ''අම්මලා දුවලා දෙන්නයි ගල් වළට බිලි '' යන වාර්තාව මගේ ලිපිය වෙත යවා ඇත්තේ ජූලි 23 දින අලුයම 05.49ටය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ඒ ගැන  පසු සටහනක් යෙදුවේ ඒ ඛේදවාචකය දේශපාලනිකරණය කොට ජල සම්පාදන මණ්ඩලය ඊට වගකිව යුතු බවට නිර්මානය කළ බොරුව මට වැටහුණ නිසාය. 

(පසු සටහන : තිස්සමහරාමයේ ගල් වලක ගිලී මියගිය දරුවන් දෙදෙනාගේ ඛේදජනක ඉරණමට හේතුව ජන සැපයුම අඩාල වීමය. අත්හැර දැමූ ගල්වල් ස්ථීර නාන තටාක ලෙස භාවිතා කිරීම වියලි කලාපයේ සාමාන්‍ය සිද්ධියකි. හවස නාන්න යන්නේ වැවැටද ගල් වලටද යන්න තීරණය කරන්නේ පවුලේ සමානච්ඡන්දයෙනි. හෙට අනිද්දා ගල්වල පවත්නා ගෙන හිමිකරු රක්ෂිත බන්ධනාගර ගත කිරීමට පොලිසිය ක්‍රියා කරනු ඇත. උපුටා ගැනීම අවසන් ය.)

 

mhhfලංකාදීපය පළ කළ  ''අම්මලා දුවලා දෙන්නයි ගල් වළට බිලි '' යන වාර්තාව
මගේ ලිපිය වෙත යවා ඇත්තේ ජූලි 23 දින අලුයම 05.49ටය. එ දින පළවූ දිනපතා ලංකාදීපය පළ කළ  ''අම්මලා දුවලා දෙන්නයි ගල් වළට බිලි '' යන වාර්තාවට අනුව එකී ඛේදවාචකය හදිසි අනතුරක් නොවේ. මනුෂ්‍ය ඝාතන තැතක් බවට දැරියන් දෙදෙනාගේ මිත්තනිය හෙවත් මියගිය වැඩිහිටි කාන්තාවගේ මව කළ පැමිණිල්ලක් අනුව සැකය මත පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

අර මරණ තුන ජල සම්පාදන මණ්ඩලය පිට පැටවූ මාධ්‍ය දෙවෙනි කතාව අමතක කර දැමුවේ අවශ්‍ය පණිවිඩය ජනගත වී ඇති නිසාය. මුල් කතාව විකාශනය වූ සැනින් ''මුන් රට ගොඩ දැම්මා කියනවා. පොඩි දරුවන්ට නාන්ට වතුර ටිකක් දෙන්නේ නෑ. මුන්ට හෙන ගහන්න ඕනැ. ගැහිල්ල විතරයි. වරෙව් කෝ....? මේත් අර රේල් ගේට්ටුවක ළඟ සිට රටට හෙන ඉල්ලු වැඩිහිටි කාන්තාවගේ කතාවමය. 

 

වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්නදොස්තර ෂාපී සිංහල ජාතිය වඳ කරනවා යයි පළ කළ  ජාතික පුවත් පත
දොස්තර ෂාපී පැලෝපීය නාලය මිරිකා සිංහල ජාතිය වඳ කරනවා යයි ලජ්ජා බය නැතිව ජාතික පුවත් පතක පළ කළ දෙ දිනකට පසුව දහස් ගණනක් සිංහල වඳ ගැහැනු පෝලිමේ පැමිණ, දොස්තර ෂාපි තමන්ගේ ප්‍ර ජනන ශක්තිය නැති කළා කියා කුරුණෑගල පොලිසියට පැමිණිලි කළහ. මේ බරපතල චෝදනාව පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය බලධාරින් වහා කුරුණෑලගලට පැමිණියහ. එයින් කලබලවූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ප්‍රධානියා සිදු කිරීමට යන වෛද්‍ය පරීක්ෂණයෙන් කාන්තාවන්ට වෙනත් අතුරු ආබාධ ඇතිවිය හැකි බවට අධිකරණයට පැමිණිලි කළෙන් එකී පරීක්ෂණය නතර කිරීමට නියම විය. මෙහි ඉතා සිත් ගන්නා කොටස වන්නේ ඒ අතුරු ආබාධ ඇති බවට අධිකරණයට කළ ප්‍රකාශයට අදාළ කිසිවක් නඩු පොතට ඇතුළත්ව නති බව පසුව අනාවරණය වීමය. (මේ තොරතුරු කාගේ හෝ නිවැරදි කිරීමටක යටත්ය.)  

 

huh5656අතුරලියේ රතන භික්ෂුව මාරාන්තික උපවාසයක

මෙයට සමගාමීව අතුරලියේ රතන භික්ෂුව වඳ කොත්තු වඳ ෂාපි කතාවලට ජාතිවාදි මී පැණි තවරා ශ්‍රී දළදා පරිශ්‍රයේ මහ මළුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. එකී උපවාසයට ආශීර්වාද කරමින් ඕමල්පේ සෝබිත, පාඨලී චම්පික උදය ගම්මන්පිල ඇතුළු හෙළ උරුම සාමාජිකයන්ද පැමිණියහ. අදටත් විවිධ පිල් වලට ඛෙදී සිටින මේ කණ්ඩායම, 2005 ජනාධිපති මැතිවරණය ආසන්නයේ පෙර මහ මළුවට රැස්ව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ශ්‍රී දළදා වහන්සේ හමුවේ ප්‍රතිඥා දුන් බවට ජාතියට පණිවිඩයක් නිකුත් කළහ. 

මේ දිනවල 19 වෙනි සංශෝධනය පිළිබඳව පවත්නා සංවාද අතර ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න කළ ප්‍රකාශ අනුව, ජනමත විචාරයකට යන කිසිදු සංශෝධනයක් 19 සංශෝධනයට ඇතුල් නො කළේ, විධායක ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වූ පාඨලී චම්පික සහ රතුරලියේ රතන සමග මෛත්‍රීපාල සිරිසේන වෙනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම නිසාය. 

 



ඒ සමග ටැබ් පාවිච්චියට හේතුවෙන් පාසල් දරුවන් වඳ භාවයට පත් වේ යයි උදය ගම්මන්පිල කළ ප්‍රකාශය නිසා දරුවන්ට ටැබ් ලබා දීමට යහ පාලන ආණ්ඩුවේ ව්‍යාපෘතිය නතර කිරීමට ජනාධිපති සිරිසේන නියෝග කළේය. 

වර්ජන හරහා ආණ්ඩුව කොට උඩ තැබීමට ගත් උත්සාහය සමග රජයේ ව්‍යාපාර විකුණන්න ඕනැ යයි කියන තැනට රටේ මිනිසුන් තල්ලවූ නිසා මේ දිනවල පාඨලී චම්පික, උදය ගම්මන්පිල රතනලාට අනුර කුමාරලා සිටින්නේ මුඛ පූට්ටුවෙලාය. විකුණන කතා නැවතිලාය. දැන් සහාය දීවිමේදී හුවමාරු වෙන්නේ ජනාධිපති රනිල් මැතිවරණය කල් දමනවා යන චෝදනාව පමණකි. මේ මාතෘකාව උසාවි පරිශ්‍රයේ සිට මාළු වෙළඳ පොළ තෙක් පැතිරී හමාරය. 

''අරූ ඡන්දෙ කල් දාන්නද යන්නේ... '' බස් රියේ ආසන්න අසුණේ සිටි අමුත්තා ගෙන් කෙනෙකු විමසීය. 

''එහෙම කරන්නේ කොහොමද? ''

'' ඇයි එයාට තුනෙන් දෙකෙන් ඒක කරන්න පුළුවන්නේ ''

'' පිස්සුද දැන් මැතිවරණය ගැසට් කරලාත් ඉවරයි. දෙවැන්නා කළ ප්‍රකාශයෙන් පසුව දෙදෙනාම නිහඬ විය. සුළු මොහොතකින් යළි දොසමළුවූ පළමුවැන්නා මෙසේ කීය. 

 

ජනාධිපතිවරණය නොවැම්බරයේ !''දැන් මැතිවරණය ගැසට් කරලාත් ඉවරයි''
''මගෙ මුල්ම  ඡන්දෙ 2005දී දුන්නේ රාජපක්ෂලාට. තවමත් එහෙමයි. හම්බ කරන දේ වියදම් කරලා කනබොන රටක් හැදුව නිසා මේ ගමන රනිල්ට දෙමු කියලා අපේ නෝනා බල කරනවා. මම තවම කල්පනා කරමින් ඉන්නේ..''

'' ඒ කියන්නේ රනිල්ට ඡන්දෙ නො දෙන්න හේතුවක් හොයමින්ද ඉන්නේ.. '' දෙවැන්නා ඇසුවේ සිනාසෙමිනි. 

'' හැබෑටම මොකක්ද මේ ව්‍යවස්ථා ජරමරය....''

'' මෙහෙමනේ ප්‍රජාචාර පාඩම අනුව ලංකාවේ රාජ්‍ය ආයතන තුනයි. ව්‍යවස්ථාදායකය , අධිකරණය , විධායකය. 78 ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකය විධායකය දෙකම දැන් වෙන වෙනම මැතිවරණ දෙකනින් පත් කරන්නේ ජනතාව. ජනතාව වෙනම ඡන්දයකින් පත් කරන ජනතාවගේ ධුර කාලය වෙනත් ඡන්දයකින් බලයට පත් වෙච්ච ව්‍යවස්ථායකයට විතරක් තුනෙන් දෙකක් තියෙනවා කියලා වෙනස් කරන්න පුළුවන් ද ? ''

රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණා ද? - (අජිත් පැරකුම් ජයසිංහ)''රනිල් ජනමත විචාරණයක් ඉල්ලන්නේ ඒකද?''
'' රනිල් ජනමත විචාරණයක් ඉල්ලන්නේ ඒකද? '' පළමුවැන්නා විමසීය. 

'' ඔව් ඒත් අධිකරණය එහෙම ඕනැ නෑ කියනවානේ. එතනින් කතාව ඉවරයි. '' දෙවැන්නා එහෙම කී විට පළමුවැන්නාට සිනහ පහළ විය. 

'' ඇයි හිනාවුණේ....? '' දෙවැන්නා විමසූ විට පළවැන්නා මෙසේ කීය.

'' රනිල් මෝඩයිනේ. එයාට තවමත් පුළුවන්නේ ජනමත විචාරයක් කියලා මිනිස්සු කැමැත්ත දෙන කල් ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු හයයි කියලා තුනෙන් දෙකකින් 19 ව්‍යවස්ථාවට  සංශෝධනයක් ගේන්න..... ?''  ඉන්පසුව දෙදෙනාම නිහඬ විය. 

මට මේ කතාව කීවේ රස කර කීවේ අර බස් රියෙන් ගමන් කළ දෙවැන්නාය. දෙ සතියෙන් සිංහලයන්ට සියල්ල අමතකයි කීවාට කටකතා යනු රටක් විනාස කරන කොවිඩ් වැනි වෛරසයකි. ඊට ගොදුරු නොවූ රටේ බහුතරය අතර පවා ජයග්‍රාහී රනිල් වික්‍රමසිංහ සිටින්නේ තනිවෙලාය. 

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

සබැඳි ලිපිය :
ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader