ඒ පුදුමය ඇති කළා වූ පාසලෙහි ක්‍රියාත්මක කළ කුසලතා මූලික කරගත් අධ්‍යාපන ක්‍රමය වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට උදාහරණයක්ද ?
නව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණවල මූලික අභිමතාර්ථය නුපුහුණු ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව සියයට දහය දක්වා අඩු කිරීම සහ අපේක්ෂිත පරිවර්තනීය වෙනස කුසලතා මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් යන්න කොතෙක් දුරට සාර්ථක කර ගත හැකිද?
නුපුහුණු ශ්‍රමිකයන් ගණන කොපමණ ද ?
පාසල් අධ්‍යාපනයෙන් පසුව විශ්ව විද්‍යාල ඇතුළු වෘත්තීය පුහුණු ආයතන වලින් අධ්‍යාපනය ලබන පිරිස ඉතාමත් අඩු බව 2022 මහ බැංකු වාර්තා සඳහන් කරයි. 13 වසරක පාසල් අධ්‍යාපනයෙන් පසුව විශ්ව විද්‍යාල ඇතුළු වෘත්තීය පුහුණු ආයතන වලින් අධ්‍යාපනය ලබන පිරිස ඉතාමත් අඩු බව 2022 මහ බැංකු වාර්තා සඳහන් කරයි.
මෙරට නුපුහුණු ශ්‍රමිකයන් ලක්ෂ 16 ක් පමණ සිටින අතර, 2022 වසරේදී නොපුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස් ගත වූ සංඛ්‍යාව 105509 කි. ඊට අමතරව අර්ධ පුහුණු ලාබීන් ලෙස විදෙස්ගත වූ සංඛ්‍යාව 4133 ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරයි.
2022 වසරේදී නොපුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස් ගත වූ සංඛ්‍යාව 105509 කි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළද 2020 වසරේ මහ බැංකු වාර්තාවලට අනුව පුහුණු ගුරුවරු 168423 ට අමතරව නුපුහුණු ගුරුවරු 101363 ක් පාසල් පද්ධතිය තුළ සිටිති.
නුපුහුණු ශ්‍රමිකයන් අතරට එකතු වන පිරිස
නුපුහුණු ශ්‍රමිකයන් අතරට එකතු වන පිරිස
විශ්ව විද්‍යාලසඳහා ප්‍රවේශ විය හැක්කේ තිස් දහසකටත් අඩු සංඛ්‍යාවකටය2023 මහ බැංකු වාර්තා වලට අනුව වර්ෂිකව එක වසර සඳහා දරුවන් 59600 ක පමණ සංඛ්‍යාවක් පාසල්වලට ඇතුළත් වන අතර, විශ්ව විද්‍යාලසඳහා ප්‍රවේශ විය හැක්කේ තිස් දහසකටත් අඩු සංඛ්‍යාවකටය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත වලට අනුව 2021 වර්ෂයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගත් විෂය සංඛ්‍යාව සියයට අටයි දශම නමයකි(8.9%).
විශ්ව විද්‍යාල ප්‍රවේශ පහසුකම වාර්ෂිකව ලක්ෂ එකහමාරක් පමණ සුදුසුකම් ලැබුවද ඉන් එක් ලක්ෂ විසි දහසක්ම විශ්ව විද්‍යාල වලට ඇතුළු වීමට හැකියාවක් නැත්තේ මෙරට විශ්ව විද්‍යාල තුළ පහසුකම්වල ඇති අඩුපාඩු නිසා බව ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජී.ඩී දහනායක මහතා සඳහන් කරයි.
2022 වසරේ අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි 549472ක ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අපොස උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ පිරිස 318680 ක් වේ. ඉතිරි 232792 සංඛ්‍යාවක පිරිසක් අපොස සාමාන්‍ය පෙළ විභාග අසමත් වූවන් ලෙස අතරමග නවතී.
එයින් හැලෙන දරුවන් විද්‍යා පීඨ තාක්ෂණික විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන වලට එකතුවේ. වාර්ෂිකව අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යාවන්ගෙන් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශ පහසුකම් සහිතව ලක්ෂ එකහමාරක් පමණ විභාගය සමත් වුවද විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමේ හැකියාව ඇත්තේ තිස් දහසකට පමණි. එයින් හැලෙන දරුවන් විද්‍යා පීඨ තාක්ෂණික විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන වලට එකතුවේ.
කාර්මික හෝ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතන තුළින් වෘත්තිකයෙක් බිහි කිරීමට රජයෙන් ලැබෙන සහයෝගය කුමක්ද ?
2022 වසරේ දී රුපියල් මිලියන 6713.78 මුදලක් විශ්ව විද්‍යාල ඇතුළු වෘත්තීය පුහුණු ආයතන සඳහා වෙන්කර ඇත.රජයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන 12 ක් වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන හත්දහසකට වැඩි මුදලක් වැය කරනු ලබයි. එහෙත් ඉන් ප්‍රතිලාභ ලබන පිරිස ඉතාමත් අඩු බව එම ආයතන වල වාර්තා සඳහන් කරයි.
2022 වසරේ දී රුපියල් මිලියන 6713.78 මුදලක් විශ්ව විද්‍යාල ඇතුළු වෘත්තීය පුහුණු ආයතන සඳහා වෙන්කර ඇත. එම මුදලින් විශ්ව විද්‍යාල සඳහා වෙන්කර ඇත්තේ , රුපියල් මිලියන 352.37 ක් වැනි ප්‍රමාණයකි.
මේ සා මුදලක් වාර්ෂිකව රජය මඟින් වෙන් කරනු ලබන්නේ නිපුණතා සහිත වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙනි. 2022 වසරේ තාක්ෂණික විද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව 7941කි. කාර්මික විද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව 14297 කි. රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉහත ආයතනවල පහසුකම් තිබියදී පාසල් හැර යන තරුණ තරුණියන් විධිමත් වෘත්තීය පුහුණු ලබා නොගැනීම පුහුණු සේවාලාභීන් නොමැති වීමට හේතු සපයයි.
මේ පිළිබඳව සමාජය තුළ ඇති මතවාද
මේ සා මුදලක් වාර්ෂිකව රජය මඟින් වෙන් කරනු ලබන්නේ නිපුණතා සහිත වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙනි. 2022 වසරේ තාක්ෂණික විද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව 7941කි. කාර්මික විද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව 14297 කි. රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉහත ආයතනවල පහසුකම් තිබියදී පාසල් හැර යන තරුණ තරුණියන් විධිමත් වෘත්තීය පුහුණු ලබා නොගැනීම පුහුණු සේවාලාභීන් නොමැති වීමට හේතු සපයයි.
මේ පිළිබඳව සමාජය තුළ ඇති මතවාද
වර්තමානය වන විට ශ්‍රම බලකායෙහි වෘත්තීය පුහුණුව ලද පිරිස ඉතාමත් අඩු මට්ටමක සිටි.මේ කුමන වෘත්තීය පුහුණු ආයතන තිබුණත්, කුමන මුදලක් රජය විසින් දැරුවත්, වර්තමානය වන විට ශ්‍රම බලකායෙහි වෘත්තීය පුහුණුව ලද පිරිස ඉතාමත් අඩු මට්ටමක සිටි. මෙරට වෘත්තිකයන්ගෙන් සිටියට අසූවක ප්‍රමාණයක් එනම් ලක්ෂ දාසියකට පමණ විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා නැති බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යාපනය පිළිබඳ කමිටුවේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සඳහන් කරයි.
වෘත්තීය පුහුණු සඳහා මෙරට ස්ථාපිත කර ඇති වෘත්තීය පුහුණු ආයතන පිළිබඳ සැලකීමේදී කාර්මික අධ්‍යාපන පුහුණු දෙපාර්තමේන්තුව,වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය,ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, හරිත විශ්ව විද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විද්‍යාලය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජාතික යොවුන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව, විශ්ව විද්‍යාල, ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු අධිකාරිය, සාගර විද්‍යාලය වැනි ආයතන සඳහා රජයේ වාර්ෂික මැදිහත්වීම රුපියල් මිලියන 6000ත් අට දහසත් අතර ප්‍රමාණයක් බව වාර්ෂික අයවැය වාර්තා සඳහන් කරයි.
විශ්ව විද්‍යාල හැර අනෙකුත් වෘත්තීය පුහුණු ආයතනවල ඇති පහසුකම් ලබා ගැනීමට යොමු වීම් පිළිබඳ සහ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පරිවර්තනීය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ කොතෙක් සාධාරණදැයි, ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ අශෝක වැලි අංග මහතා සඳහන් කරනු ලැබුවේ NVQ ලෙවල් 3, 4, 5, 6 දක්වා යා හැකි වෘත්තීය පුහුණු තරුණ සේවා සභාවෙ පමණක් තිබියදී වාර්ෂිකව තිස් දහසකට පමණ පහසුකම් තිබියදී ඔවුන් ඒ පහසුකම ලබා නොගන්නා බවයි.
විශ්ව විද්‍යාල හැර අනෙකුත් වෘත්තීය පුහුණු ආයතනවල ඇති පහසුකම් ලබා ගැනීමට යොමු වීම් පිළිබඳ සහ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පරිවර්තනීය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ කොතෙක් සාධාරණදැයි, ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ අශෝක වැලි අංග මහතා සඳහන් කරනු ලැබුවේ NVQ ලෙවල් 3, 4, 5, 6 දක්වා යා හැකි වෘත්තීය පුහුණු තරුණ සේවා සභාවෙ පමණක් තිබියදී වාර්ෂිකව තිස් දහසකට පමණ පහසුකම් තිබියදී ඔවුන් ඒ පහසුකම ලබා නොගන්නා බවයි.
වෘත්තීය පුහුණු පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වන්නේ නම්, ඔවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එළියට යද්දි කිසියම් වෘත්තියකට යොමුවීමේ මූලික සුදුසුකම් ලබා සිටින්නම් බවට පත් වේ.ගෙවුණු වර්ෂයේදී පන්දහසක පමණක් තරුණ තරුණියන් පිරිසක් වෘත්තීය පුහුණු ලැබූ අතර, තවත් විශාල පිරිසකට අවස්ථා ලබා ගැනීමේ හැකියාව තරුණ සේවා සභාව සතුව ඇති බව ඔහු සඳහන් කළේය. වර්තමානයේ රැකියා ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යන වෘත්තීය පුහුණු පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වන්නේ නම්, ඔවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එළියට යද්දි කිසියම් වෘත්තියකට යොමුවීමේ මූලික සුදුසුකම් ලබා සිටින්නම් බවට පත් වේ. එමෙන්ම පාසල් විෂය පද්ධතිය තුළ වෘත්තීය අධ්‍යාපනයේ මූලික දැනුම ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් පවතින්නේ නම් එතැන් පටන් වෘත්තීය පුහුණු ආයතන වලින් ඉදිරියට ගෙන යාමට ඉතාමත් පහසු බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
නව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සමග පාසල් පද්ධතිය තුළ කුසලතා මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යන්නේ කෙසේද ?
පෙර පාසල් අධ්‍යාපනයේ පටන් වැඩිහිටියන් විසින් වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, කළමනාකරණ වැනි වෘත්තිකයන්ට වැඩි වැටුප් හා සමාජ පිළිගැනීම ලැබීම පිළිබඳව පමණක් දරුවන් දැනුවත් කිරීමට දරන උත්සාහය සහ ආකල්ප වෙනස් විය යුතුය. ද්වීතීයික අධ්‍යාපනය තුළ දරුවනට දැනුම මෙන්ම ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දිය යුතුව ඇත. ජීවිතයට හා වැඩ ලෝකයට අවශ්‍ය කුසලතා සෑම දරුවෙකුටම ලැබිය යුතුය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමය මගින් උසස් අධ්‍යාපනයකට යොමුවන බහුතරයක් සිසුන් නිසි සහතිකයක් නැතුව පාසල් පද්ධතියෙන් නික්මයෑම ඉතාමත් හොඳ තත්ත්වයක් නොවන බව ද ඔහුගේ අදහසයි.
පුත්තලම කලාපයේ විල්පොත බණ්ඩාරනායක විද්‍යාලය කුසලතා පදනම් කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරතවීම නිසාම පසුගිය දිනක එම පාසල කුසලතා පාසල නමින් හඳුන්වාලීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරනු ලැබීය.මෙවැනි තත්ත්වයක් යටතේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් තොරව මීට වසර පහකට පමණ ඉහතදී වෘත්තීය හෝ රැකියා අභිමුඛ ප්‍රවේශ කුසලතා සම්පූර්ණ කර ගැනීම සඳහා බහුවිද ක්‍රමෝපායන මාර්ග සමඟ ඒකාබද්ධ වූ අධ්‍යයන සහ ජීවන කුසලතා ආශ්‍රිත විෂයයන් හඳුන්වා දෙමින් වර්තමානයේ පවතින විෂය නිර්දේශවලට අනුගතව ඉන් ඉහළ කුසලතා දක්වමින් ගොඩනැගෙන පාසලක් ලෙස, පුත්තලම කලාපයේ විල්පොත බණ්ඩාරනායක විද්‍යාලය කුසලතා පදනම් කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරතවීම නිසාම පසුගිය දිනක එම පාසල කුසලතා පාසල නමින් හඳුන්වාලීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරනු ලැබීය.
කුසලතා පාසලේ විශේෂත්වය කුමක්ද ?
කුසලතා පාසලේ විශේෂත්වය කුමක්ද ?
වැසි යාමට ලක්ව තිබූ පාසැලක දරුවන් සහ දෙමව්පියන් ඇතුළු මානව සම්පත කළමනාකරණය කරමින්, හය වසරෙන් ඉහළ ශ්‍රේණි සඳහා වඩු වැඩ, වයරින්, සපත්තු මැසීම, අබලි ද්‍රව්‍ය එකතු කිරීම, කෘෂිකාර්මික වශයෙන් ගෙවතු වගාව සහ වී ගොවිතැන් කිරීම, බඳුන් වගාව, මෝටර් කාර්මික ශිල්පය, ඝන අපද්‍රව්‍ය එකතු කිරීම, පොල් කටු අඟුරු නිෂ්පාදනය, ජලනල උපාංග අලුත් වැඩියා කිරීම, සූර්ය පැනලය භාවිතා කිරීම, ඩෙස්පුටු සකස් කිරීම, තීන්තාලේපනය, උත්සව අවස්ථාවලදී ආපනශාලාවේ කෑම සකස් කිරීම, කොන්ක්‍රීට් කැට නිර්මාණය කිරීම, ඉන්ටලොක් ව්‍යාපෘතිය, වෑදුම් ශිල්පය, සබන් සැකසීම, කෙසෙල් පටක රෝපණ වගාව, ලුණු දෙහි සකස් කිරීම, සියඹලා කල්තබා ගැනීම, කජු එකතු කිරීම, මී මැසි පාලනය, ජංගම පුස්තකාලය පවත්වාගෙන යාම, කසල කළමනාකරණය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් පාසල තුළ ක්‍රියාත්මක කිරීම.
පාසල සඳහා කුඩා ලොරියක් අත්ට්‍රැක්ටරයක්, මිලදී ගෙන ඇතමේ වන විට කසල කළමනාකරණය සහ නොයෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් පාසල සඳහා කුඩා ලොරියක් අත්ට්‍රැක්ටරයක්, මිලදී ගෙන ඇති අතර, දරුවන්ගේ වැඩ කටයුතු සඳහා බස් රථයක්ද පාසල සතුව තිබේ.
අධ්‍යාපන කටයුතු වලදී ද පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පුත්තලම් කලාපයේ ඉහළ අගයක් ගැනීම, අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සියයට සියයක් ප්‍රතිඵලය පෙන්වීම, ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙලේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථාන ලබා ගැනීම, අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සියලුම දරුවන් කර්මික ආයතන තරුණ සේවා සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ඇතුළත්ව NVQ ලෙවල් 4 සහතිකය ලබා ගැනීම, දක්වා ඔවුන් වෘත්තීමය වශයෙන් පෙළ ගස්වා ඇත.
අධ්‍යාපන කටයුතු වලදී ද පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පුත්තලම් කලාපයේ ඉහළ අගයක් ගැනීම, අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සියයට සියයක් ප්‍රතිඵලය පෙන්වීම, ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙලේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථාන ලබා ගැනීම, අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සියලුම දරුවන් කර්මික ආයතන තරුණ සේවා සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ඇතුළත්ව NVQ ලෙවල් 4 සහතිකය ලබා ගැනීම, දක්වා ඔවුන් වෘත්තීමය වශයෙන් පෙළ ගස්වා ඇත.
කෘෂිකාර්මික වශයෙන් ගෙවතු වගාව වර්තමානය වන විට හය වසර සිට 11 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන් 50 වෙනුවෙන් මෝටර් කාර්මික ශිල්පය, වඩු කාර්මික ශිල්පය, වයරින් ඇතුළු වෘත්තීය පුහුණු සෑම සතියකම සෙනසුරාදා දිනය ඉගෙන ගැනීමට ඉඩ සලස්වා ඇත. වැසි යාමේ තර්ජනයට ලක්ව තිබූ පාසලෙහි වර්තමානයේ ශිෂ්‍ය සංඛ්‍යාව 217 ක් වන අතර විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු 18 දෙනෙකුට පන්ති 11ක් පවත්වාගෙන යනු ලබන්නේ වෘත්තීය පුහුණු පාඨමාලා ද ඇතුළත්වය.
මේ නිසාම මේ පාසල කුසලතා පාසල වශයෙන් හඳුන්වනු ලැබීය.
කසල කළමනාකරණයවයඹ පළාත් අධ්‍යාපන සැලසුම් අධ්‍යක්ෂ ( හිටපු) රත්න දේශප්‍රිය මුණසිංහ මහතා
"දැනුම කියන්නේ අමුද්‍රව්‍යයක්. හරියට පස් වගේ. නිවැරදිව කළමනාකරණය කරලා, ඒ පසෙ යමක් වගා කළොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවං. දැනුමත්, අන්න ඒ වගේ. දැනුමට කුසලතාවත් එකතු කරගෙන යමක් කළොත් ඒක වැඩදායි වෙනවා. වයඹ පලාතේ දහසකට වැඩි පාසල් ගණනක් අතරින් දුෂ්කර ප්‍රදේශයක කණිෂ්ඨ විද්‍යාලයක් පිළිබදව දුන් සහතිකය ලංකාවේ දස දහසක් පාසැල් වලට කොතරම් වටිනාකමක් ගෙන දෙන්නේද?"
වයඹ පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ උදිත උයන්ගොඩ මහතා
''වර්තමානයේ ගොඩක් පාසල් වල දකින්න ලැබෙන්නේ විශිෂ්ට ව්‍යවහාර එකක් හෝ දෙකක්. ඒත් මේ පාසල තුළ විශිෂ්ට ව්‍යවහාර විශාල සංඛ්‍යාවක් එකවර දකින්න ලැබෙනවා ඒක තමයි මේ පාසලේ දක්නට ලැබෙන විශේෂත්වය. දරුවන්ගේ බහුවිධ හැකියාවන් හා කුෂලතාවන් අමතක කර දමා ඇති අධ්‍යාපන ක්‍රමවේදයෙන් බැහැරව ප්‍රායෝගික සහ කුසලතාව මූලික කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුළින් මෙරට පුහුණු ශ්‍රමිකයන් සේවා නියුක්තිකයන් ලෙසදායාද කළ හැකි බව අපගේ අදහසයි. ජීවන කුසලතා නමින් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ කළෙක හඳුන්වනු ලැබුවේද මෙකී සංකල්පයයි."
(චාන්දනී දිසානායක)නිදහස් මාධ්‍යවේදීනී



