The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

මංගල එක්ක අසීරුම තැන සීරුවෙන් හිටගත්ත දවස....

T

The Leader Desk

July 25, 2024 • 5:38 PM

 මංගල එක්ක අසීරුම තැන සීරුවෙන් හිටගත්ත දවස....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ ගැහැනු පිරිමි වටකරගෙන ඒ මංගලමය දේශපාලන ව්‍යාපෘතිය මුදාහරින්නේ හරියටම අද වගේ දවසක.
  • ඊට පස්සේ දෙරණේ සංඛ 360 වැඩසටහනකදි මංගලගෙන් අහනවා ඔයා වාඩි වෙන්නේ තරුණ අය එක්ක වුනාට එයාලා තවම කතා කරන්නේ අතුරුදහන්වූවන් ගැන.
  • ආගම ජාතිය විකුණගෙන අවුරුදු 74ක් තිස්සේ අරන් ගියපු ග්‍රෝත්‍රික යුගය අවසන් කිරීමේ අරමුණෙන් තමයි අපි ඒ ගමන පටන් ගත්තේ කියල.
  • ඒ වැඩෙන් හුඟක් අය කැළඹුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
තරුණ ගැහැනු පිරිමි වටකරගෙන ඒ මංගලමය දේශපාලන ව්‍යාපෘතිය මුදාහරින්නේ හරියටම අද වගේ දවසක...  

ආන්න ඒ ව්‍යාපෘතියේ කොටස්කාරයෙක් වෙලා හරියටම අවුරුදු තුනකට කලින් අද වගේ දවසක මංගල එක්ක මාධ්‍ය සාකච්ඡාවේ මමත් වාඩි වෙනවා.

කොච්චර මාධ්‍ය සාකච්ඡාවල වාඩි වෙලා කතා කරල තිබුනත් එදා මංගලගේ දකුණු පසින් වාඩි වෙලා කතා කරද්දි මට චකිතයක් තිබුනා. එදා මම කතා කරේ ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය සහ අතුරුදහන්වූවන්ගේ පවුල්වලට අහිමි යුක්තිය ගැන.

ඒක මංගලගේ විෂයක්. අතුරුදහන්වූවන් වෙනුවෙන් මව්පෙරමුණ හදාගෙන සටන් කරපු මංගල ළඟ තියාගෙන ඒ විෂය කතා කරන එක තමයි මට අමාරුම වැඩේ වුණේ.

ඊට පස්සේ දෙරණේ සංඛ 360 වැඩසටහනකදි මංගලගෙන් අහනවා ඔයා වාඩි වෙන්නේ තරුණ අය එක්ක වුනාට එයාලා තවම කතා කරන්නේ අතුරුදහන්වූවන් ගැන... නීතියේ ආධිපත්‍ය ගැන... මේවා පරණ තැටිම නේ කියල...

මංගල කියනවා රට අද මේ ඉන්න තැනට පත්වෙලා තියෙන්නෙ පරණ තැටි නිසාම තමයි... ආගම ජාතිය විකුණගෙන අවුරුදු 74ක් තිස්සේ අරන් ගියපු ග්‍රෝත්‍රික යුගය අවසන් කිරීමේ අරමුණෙන් තමයි අපි ඒ ගමන පටන් ගත්තේ කියල.
 
452828216 8308857555824989 6446464977455311939 n
නිකන්ම නිකන් මාධ්‍ය සාකච්ඡාවක් වෙනුවට මංගල ඒක හැම අතින්ම තරුණ වැඩක් කරා. ඒ වැඩෙන් හුඟක් අය කැළඹුණා... මංගල රටේ දේශපාලන සිතියම ආයේ ලියමින් හිටියා...

අසීරුම තැන්වල සීරුවෙන් ඉන්න තරුණ ගැහැනු පිරිමි මංගලට ඕන වුනා...

ඒ නිසාම ඒ මංගලමය ගමන වටේ පුදුම තරම් තරුණ පිරිසක් රට වටෙන් එකතු වෙමින් හිටියා.

මංගල බොහොම සැහැල්ලුවෙන් Freedom Hub එකේ එහා මෙහා යමින් අපි හැමෝටම අර මහත මෘදු මොළොක් අතින් තට්ටු කරමින් ශක්තිය කාන්දු කරා...

හදිසියේම අපිට මංගලගේ අත අත්ඇරුණා...

එහෙම අත් නොහැරෙන්න අද ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා...

මංගල රේන්බෝ එන්ඩ් එකේ ඉඳන් බලන් ඉන්නවා ඇති...

කොහොමවුනත් අපි  ඒ “පරණ තැටි” තවම ගහනවා...

ඒක මංගලමය පොරොන්දුවක්.

81261499 2890161977694601 6822659251681361920 n
(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර)
 jayaniabeysekara89@gmail.com

(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...