The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

July 26, 2024 • 12:16 PM

වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ 02, චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ, පිහිටි ගුරු මැදුර ශාලාවේ පැවැති මාසික දේශන මාලාව ඉන් ප්‍රධාන තැනක් ගත් අතර සමකාලීන ශ්‍රී ලාංකේය ජන සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස සම්බන්ධ යථාර්ථවාදී හා විද්‍යාත්මක සත්‍යයන් අනාවරණය කිරීම එමඟින් සිදු විය.
  • ඒ එම දේශන මාලාවේ ඊළඟ දෙසුම පැවැත්වීම පිණිස මට ඇරැයුම් කිරීමට ය. නීතිඥ ධර්මපාල සේනාරත්න ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ මුල් බැසගෙන තිබූ කිසියම් අන්ධ විශ්වාසයක නිසරු බව සම්බන්ධයෙන් යථාර්ථවාදී පදනම යටතේ අනාවරණය කිරීම ඒ දේශනය මගින් සිදුවිය යුතු බව තාරක මා හා කීය.
  • ඒ වන විට මා එවැනි බෞද්ධ සමාජ මිථ්‍යාවන් කිහිපයක් ගොනු කොට ලියූ “ජනකාන්ත මිත්‍යා මත” ( 2001 )නම් කෘතියේ අඩංගු යම් කරුණක් (බොහෝ විට ඒ ඊට වසර කිහිපයකට පෙර අසරණ බෞද්ධයන් ගේ ඉහ මොළ සූරා කෑ දොළුකන්දේ රන් කොත් මගඩි නාටකය විය යුතු ය.) එම දේශනයට පදනම් වූ බව මතක ය.
  • ඒ අනුව මා එහි දේශනය පවත්වන අතරතුර කුමක් හෝ අලකලංචියක් ඇති වීමට ඇති අවදානම ද මගේ සිත කෙළවරක රැදී නොතිබුණා නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

atkආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්ඒ ආචාර්ය කොවුර් හේතුවාදී විෂය පථය අළලා ඉංග්‍රීසියෙන් ලියූ පුරෝගාමී ග්‍රන්ථ කිහිපයක් සිංහලයට නංවමින් මෙරට සිංහල හේතුවාදී සාහිත්‍යයට සුවිසල් මෙහෙවරක් ඉටු කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සහ එවක තරුණ පෙළ නියෝජනය කළ මුල් පෙළේ හේතුවාදියකු වූ තාරක වරාපිටිය ඇතුළු තවත් නිදහස් චින්තකයන් කිහිප දෙනකු ගේ මූලිකත්වයෙනි.

ඒ වන විට අප සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් කොටස් එම හේතුවාදී විෂය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් පළ කිරීම මත ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ හේතුවාදී අදහස් ව්‍යාප්ත කරනු පිණිස දේශන,සම්මන්ත්‍රණ, පත්‍රිකා, පුස්තිකා, සහ ග්‍රන්ථ ආදිය එළි දැක්වීම් කෙරෙහි ද එලෙස යාවත්කාලීන වූ ශ්‍රී ලංකා හේතුවාදී සංගම් නිලධාරීහු අනලස්ව ක්‍රියා කළහ.

කොළඹ 02, චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ, පිහිටි ගුරු මැදුර ශාලාවේ පැවැති මාසික දේශන මාලාව ඉන් ප්‍රධාන තැනක් ගත් අතර සමකාලීන ශ්‍රී ලාංකේය ජන සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස සම්බන්ධ යථාර්ථවාදී හා විද්‍යාත්මක සත්‍යයන් අනාවරණය කිරීම එමඟින් සිදු විය. ඒ දේශන මාලාවට වසරක් හමාරක් කල් පිරෙන අතරේ වරක් ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් තාරක වරාපිටිය ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ එම දේශන මාලාවේ ඊළඟ දෙසුම පැවැත්වීම පිණිස මට ඇරැයුම් කිරීමට ය. 

senarathneනීතිඥ ධර්මපාල සේනාරත්නශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ මුල් බැසගෙන තිබූ කිසියම් අන්ධ විශ්වාසයක නිසරු බව සම්බන්ධයෙන් යථාර්ථවාදී පදනම යටතේ අනාවරණය කිරීම ඒ දේශනය මගින් සිදුවිය යුතු බව තාරක මා හා කීය. ඒ වන විට මා එවැනි බෞද්ධ සමාජ මිථ්‍යාවන් කිහිපයක් ගොනු කොට ලියූ “ජනකාන්ත මිත්‍යා මත” ( 2001 )නම් කෘතියේ අඩංගු යම් කරුණක් (බොහෝ විට ඒ ඊට වසර කිහිපයකට පෙර අසරණ බෞද්ධයන් ගේ ඉහ මොළ සූරා කෑ දොළුකන්දේ රන් කොත් මගඩි නාටකය විය යුතු ය.) එම දේශනයට පදනම් වූ බව මතක ය. ඒ අනුව කැමැත්ත හා අකමැත්තට මැදි වූ මානසිකත්වයකින් යුතුව ඔහුගේ ඇරැයුම බාර ගත් මම නියමිත දින නියමිත වේලාව තරමක් කලින් ගුරු මැදුර වෙත ගියෙමි.

ඒ වන විට ශ්‍රී ලංකාවේ හේතුවාදී ව්‍යාපාරය ගැන වටින් ගොඩින් කරුණු ස්වල්පයක් දැන සිටි මම එහි නව පිබිදුම පිළිබඳව මෙලෝ හසරක් නොදැන සිටියෙමි. අඩුම තරමින් එහි සාමාජිකත්වය දරනුයේ මොන මොන ජාතියේ උන් ද කියාවත් වැටහීමක් මා තුළ නොවිණි. ඒ අනුව මා එහි දේශනය පවත්වන අතරතුර කුමක් හෝ අලකලංචියක් ඇති වීමට ඇති අවදානම ද මගේ සිත කෙළවරක රැදී නොතිබුණා නොවේ.

tharak තාරක වරාපිටියමා ගුරු මැදුර වෙත යන විට ද එම දේශනය සඳහා තිහ හතලිහක පමණ පිරිසක් එක්ව හිඳිනු දක්නා ලදී. එහෙත්, ඒ අතරේ මට අතිශය හුරු පුරුදු මුහුණක් ද තිබෙනු දැක මම ඒ කෙරෙහි වඩාත් විමසිලිමත් වීමි. ඒ මෙරට වාමාංශික දේශපාලනයේ ඉන්ද්‍ර ඛීලයක් ලෙස මා එක හෙළා පිළිගත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ය. ඔහු දුටු සැනින් මගේ සිත තුළ මහත් විමතියක් ඇති වූ අතර එසැනින් මට වැටහී ගියේ මා ඒකාන්ත වශයෙන්ම මගේ දෙසුම පැවැත්විය යුතු දිනය පටලවා ගෙන ඇති බවකි. ඒ අනුව මම හීන් සීරුවේම ඒ පිරිස අතරේ තාරක වෙත කිට්ටුවී ඔහුගේ කණට මුව ළං කළෙමි. “අද මෙතන තියෙන්නේ ඩොක්ට වික්‍රමබාහුලගේ මොකක් හරි සෙසන් එකක් නේද? මං හිතන්නේ මට දිනේ වැරදුණා.”

“නෑ නෑ අද තියෙන්නේ ඔයාගේ දේශනය නේ, ඩොක්ට වික්‍රමබාහු ඔය ඇවිත් තියෙන්නේ ඒක අහන්න”


බාහු සහෝදරයා' විප්ලවවාදී දිවි ගමන නිම කරයිආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
තාරක පවසත්ම මම මොහොතකට අන්දමන්ද වීමි. ඔහු පවසන කතාව ඇත්තක් නම් එය අපගේ ගැමි වහරට අනුව පන්සලේ නායක හාමුදුරුවන් අබරන් ලොක්කා ගෙන් බණ අසන්නට පැමිණියාක් වැනි කතාවකි. ඒ කෙසේ හෝ මා කෙසේවත් අපේක්ෂා නොකළ අන්දමට ආචාර්ය වික්‍රමබාහු ගේ පැමිණීමෙන් සිත තුළ හටගත් කුකුස පත් කරගත් මම සූදානම්ව පැමිණි දේශනය හැකිතාක් හොඳින් පවත්වා නිම කළෙමි. ඉන් පසුව ඒ හා සම්බන්ධ සාකච්ඡා වාරයේ දී වචන කිහිපයකින් අදහස් දැක් වූ ආචාර්ය වික්‍රමබාහු දේශනය මගින් මා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සාධනීය අදහසක් පළ කිරීම ද මගේ සිත අමන්දානන්දයට පත් කරවන්නක් විය. 

ඊට පසු මාස හත අටකට වරක් එවැනි විෂයන් අළලා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ මාසික දේශනය පැවැත්වීමට මට සිදු වූ අතර ඒ අවස්ථා දෙක තුනදී ද සභා ගර්භයේ ඇති ආචාර්ය වික්‍රමබාහු ගේ රුව දැක ගත හැකි විය. මා ඉහත සඳහන් සිදුවීම ඔබ හමුවට ගෙනෙනුයේ දේශපාලනඥයකු සේම විද්වතකු ලෙස අප සමාජයේ සම්භාවනාවට පත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නයන් ගේ අනතිමානීත්වය හුවා දැක්වීමට මිස මා පිළිබඳව පම්පෝරි ගැසීමට නොවන බව ද විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

කාමයේ ආශ්වාදයක් ඇති බවත් එම ආශ්වාදය අතික්‍රමණය කරන ආදීනවයක් ද එහි ඇති බවත් එබැවින් එය පිටුදැකීමේ ඒකායන මාර්ගය කාම සම්පත් හැර දැමීම හෙවත් නිස්සරණය බවත් බෞද්ධ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් චිත්ත පරියාදාන වග්ග නම් කොටසෙහි දැක්වේ. එම බෞද්ධ දාර්ශනික විග්‍රහය තේමා කොට ගත් මම 2006 වර්ෂයේ “අග්නි චාමර”නම් නවකතාව රචනා කළෙමි. එම කෘතිය සඳහා පසුවදනක් සපයමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්ත විමල හිමිපාණන් එය ථේරවාදී භික්ෂු ආකල්ප පිළිබඳව ගැඹුරු දැක්මක් ඉතා සරල ලෙස ඉදිරිපත් කොට ඇති කෘතියක් බව පවසා තිබිණ. එමෙන්ම සූත්‍ර පිටකයට අයත් අපදාන පාලියේ එන ථේර ථේරී ගාථාවන් හි ඡායා මාත්‍රයක් එම කෘතිය මින් පිළිබිඹු වන බවද උන්වහන්සේ පවසා තිබිණ. 

 

එම කෘතිය පළ වී මාස කිහිපයකට පසු මට ආචාර්ය වික්‍රමබාහු ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. අප දෙදෙනා අතර පැවැති මුල්ම දුරකථන සංවාදය ද එය විය. ‘තිලක් මම ඔයාගෙ අග්නි චාමර නව කතාව කියෙව්වා’ මට හිතෙනවා ඒ ගැන මොකක් හරි ලියන්නත්; හැබැයි අර පේරාදෙණියේ හාමුදුරුවෝ කියනවාට වඩා වෙන දෙයක්’ ආචාර්ය වික්‍රමබාහුගේ ස්වරය සවන් වැකෙත්ම මගේ සිත විස්මයෙන් පිරී යන්නට විය.

“මම ලියපු පොතක් ගැන ඩොක්ට වගේ කෙනෙක් යමක් ලිවීම බොහොම වුණත් ඩොක්ට` ගෙන් ඒ වගේ දෙයක් අහන්න ලැබුණු එකත් ලොකු දෙයක්”. මම අවංකවම කීවෙමි. ඊට සතියකට හමාරකට පසුව “සන්නස’ නම් විද්යුත් පුවත් පතේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නයන් විසින් ලියන ලද “අග්නි චාමර” නවකතාව පිළිබඳ එම විචාරය පළ විය. 

එම නවකතාව සඳහා පාදක වී තිබුණේ වත්මන් සංඝ සංස්ථාව කෙරෙහි කලකිරීමෙන් උපැවිදි වන තරුණයකු කාන්තාවක ගේ ඇල්මට බැල්මට ලක්ව ඇය කෙරෙන් කාමාශාවන් සන්තර්පනය කර ගැනීමෙන් පසුව ක්ලේශ කාමයන් හි නිසරු බව වටහා ගෙන නැවත අන් ලෙසකින් පැවිදිව සසුන් ගත වන පුවතකි. ඒ ප්‍රස්තුතය සම්බන්ධයෙන් තම විචාරය මගින් අදහස් පළ කළ ආචාර්ය වික්‍රමබාහු නිර්වාණය හෙවත් අත්මිදීම තෙක් පංචකාම ලෝලීත්වය නිසා නිර්වාණය හෙවත් අත්මිදීම තෙක් මිනිසා මුහුණ දෙන ගැටළු සහ ඒවා කළමණාකරණය කරගත හැකි ක්‍රමෝපායන් සම්බන්ධයෙන් බෞද්ධ හේතුඵලවාදය සමාජ වාදය එක් කොට අගනා දාර්ශනික සංකල්පයක් ඉදිරිපත් කොට තිබිණ.

“ඩොක්ටර් ලියපු සටහන මගේ නවකතාව ගැන විචාරයකට වඩා මගේ නවකතාව උපයෝගී කරගෙන ඩොක්ට ඊට වඩා ප්‍රබල දාර්ශනික අදහසක් හුවා දක්වන්න කරපු උත්සාහයක් විදිහටයි මට නම් පේන්නේ. හැබැයි ඩොක්ට ගේ ඒ අදහසට මාත් මුළුමනින්ම එකඟයි” පසු දිනයෙක මම ඔහුට දුරකථනය මගින් ස්තූති කරමින් කීවෙමි. එවිට ඊට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ ”කොහොමත් තිලක් අපි දෙන්නගේ අදහස් සමාන්තරයි. ඒකයි මට ඕක ලියන්න හිතුණේ”යනුවෙනි.

 

වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – (විශේෂඥ  මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

බුදුදහම සහ සමාජවාදය ජලය සහ ගින්දර කෙසේවත් එකි`නෙකට සම්බන්ධ කළ නොහැකි දෙයකැයි බොහෝ දෙනෙක් සිතති. ඒ සඳහා කාල් මාක්ස් ගේ ප්‍රකාශයක් වශයෙන් සැළකෙන ආගම අබිං යන්න බොහෝ විට පදනම් වන්නට ඇත. එහෙත් කාල් මාක්ස් ආගම අබිං වශයෙන් හඳුන්වා දී ඇත්තේ මිනිසාගේ විචාරශීලීත්වය මොට කරමින් සිත් තුළ මෝහ සිතුවිලි ප්‍රවර්ධනය කරන ලබ්ධීන් මිස මුල් යුගයේ කිසිදු ආගමික ලක්ෂණයක් නොතිබූ චිත්ත දමනය මුල් කොට ගත් සාදාචාර මාර්ගයක් පදනම් කර ගත් ඥාන විමංසාවක් (Epistemology ) වන බුදු දහම නොවේ.

බුදු දහමේ මූලික පදනම වන හේතුඵලවාදය සහ සමාජවාදය යනු කිසිසේත් එකි`නෙකට ප්‍රතිවිරුද්ධ න්‍යායයන් දෙකක් නොවන බවත් දාර්ශනික විග්‍රහයක දී එම ඉගැන්වීම් වල ඇති බොහෝ සමානතා හඳුනා ගත හැකිව ඇතත් ගත වූ දශක කිහිපය තුළ අප රටේ බහුශ්‍රැත භික්ෂුන් වහන්සේලා කිහිප නමක විසින්ම පෙන්වා දෙන ලදී. 

මගේ වැටහීම අනුව මෑත භාගයේ ඒ සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු ශාස්ත්‍රීය සංවාදයකට එළඹෙන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය කුඹුරුපිටියේ ආරියසේන හිමිපාණන් ය. එහෙත්, ත්‍රිපිටකය හා ප්‍රාචීන භාෂාවන් පදනම් කරගනිමින් උන්වහන්සේ ලා සමාජගත කිරීමට වෙර දැරූ එම යතාර්ථයම නවීන විද්‍යාත්මක චින්තනය පදනම්ව සමාජ ගත කිරීමේ දුෂ්කරම වෑයම ගෙන ඇත්තේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නයන් යැයි මට සිතෙයි. නූතන ශ්‍රී ලාංකේය ජන සමාජයේ බහුතරය විසින් අදහනු ලබන ජනප්‍රිය බුද්ධාගමට බුදු දහම පදනම් වූ බව පැවසෙතත් බුද්ධාගම මුල් කොට නිරතුරුව යාවත් කාලීන වීම් සිදුවීම මත නූතන බුද්ධාගමින් මූලික බුදු දහම වේගවත්ව ඉවතට ඇදෙමින් තිබේ.

 

බුදු සසුන පිරිසුදු කිරීමේ 'තායි' පිළිවෙත - ප්‍රභාශ්වර

බුද්ධ කාලීන භාරත සමාජමය ආධිපත්‍යය දැරූ පූජකවාදය (Claricalism ) ට එරෙහිව බුදුන් හඳුන්වා දුන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් විය යුතු ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව හුදෙක් ලාබ ලෝබකම් තකා යළි පූජක වෙසින්ම පෙනී සිටීම මුල් කොට අද වන විට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළින් සැබෑ බුදු දහම සෙවීම කළුනික සෙවීමක් බවට පත්ව තිබේ. 

ඒ අතර බුදු දහම යනු යථාර්ථයෙන් බැහැර පාරමනෝ විද්‍යාත්මක ප්‍රපංචයන්( Parapsychological phenomenon ) මත ස්ථාපිත කර වීමට වෙර දරන ගිහි පැවිදි විද්වතුන් වෙතින් බුදු දහමෙහි ඇති මූලික හරයන්ට පවා එල්ල වන බරපතල හානිය සම්බන්ධ ප්‍රමාණවත් ධර්ම ශාස්ත්‍රය සංවාදයක් මෙතෙක් ආරම්භ වී නැත. 

 

saya

ඒ තත්වය යටතේ වත්මන් අධි පරිභෝජනවාදී සමාජ ක්‍රමය පදනම්ව ඇති වී තිබෙන පැරණි දාගැබ් වලට රෙදි හැට්ට ඇන්දවීම, රටේම තිබෙන පළතුරු ගෙනවුත් ඒවා ඉදිරියේ ගොඩ ගැසීම ආදී ජාවාරම්කරණය පදනම් කර ගත් ගත් මිසදිටු පිළිලයක් විසින් මේ වන විට මූලික බුදු දහම නම් වන සඳුන් රුක වේගවත්ව වනසා දමමින් තිබේ. එවන් තත්වයක් යටතේ බුදු දහම, නවීන විද්‍යාව, සහ මාක්ස් වාදය යන විෂයයන් සම්බන්ධ තුලනාත්මක අධ්‍යයනයක යෙදුණු ආචාර්ය වික්‍රමබාහු එය මුල් කොට පර්යේෂණාතම ග්‍රන්ථ කිහිපයක් ද එළි දක්වා ඇතත් මේ වන විට බුදු දහම වෙනුවට බෞද්ධ ජාවාරම්කරණයට “පශ්චාත් භාගය ඉහළට එසවෙන සේ හිස පහත් කොට” දොහොත් මුදුන් දී වදින ශ්‍රී ලාංකේය බෞද්ධ බහුතරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සැබෑ සැදැහැවත් බෞද්ධයකු වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නයන් ගේ එම දාර්ශනික අනාවරණයන් සාහසික ලෙස පිටු දැක ඇති බව පෙනේ.

මජ්ජිම නිකායට අයත් චංකී ආදී සූත්‍ර වලට අනුව අන්ධ භක්තිය(අමූලිකා සද්ධාය )උතුම් දෙයක් ලෙස බුදු දහමේ හුවා දක්වා නැත. එහි උතුම් කොට දක්වා ඇත්තේ භක්ති මාර්ගයෙන් ඉඳුරාම බැහැර වූ ප්‍රඥාව පදනම් කර ගත් පැහැදීම හෙවත් ආකාරවතී ශ්‍රද්ධාව ය එම මූලික බෞද්ධ විග්‍රහය මත පදනම් ව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නම් වන ඒ මහා ප්‍රාඥයා ඔබට නුහුරු තරමක් අමුතු අයුරකින් හඳුන්වා දෙන්නට මම කැමැත්තෙමි. එනම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සැදැහැවත් බෞද්ධයකු බව ය.

(තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...