මාධ්‍ය අවකාශ අත්පත් කරගෙන. ඔවුන් කියන්නෙම ආණ්ඩුවේ අසාර්ථක බව සහ ක්‍රමය වෙනස් කරන්න ඔවුන්ගේ තියෙන සූදානම ගැනයි. නමුත් ඔවුන් නොකියන්නේම ඒ සඳහා ඔවුන් සතු වැඩපිළිවෙළ මොකක්ද යන්නයි. ඔවුන් කියන්නේ දීලා බලන්න කියලයි. ඒ බොහෝ දෙනෙක් අපිට සිහිපත් කරන්නේ, ඔය ඔලු දොළහේ මකරා මරලා, මුවේ සඟවාගෙන හිටපු යතුර අරගෙන කුමාරිකාව නිදහස් කරගත් පුංචි වීරයන් ව. ඇත්තටම ඔවුන් බරට හිතලා උස් හඬින් කි ළපටි නොමේරූ කතා බව ඉතාම පැහැදිලියි.
2024 ජනාධිපතිවරණය සමඟ ලංකා දේශපාලනය උණුසුම් වෙලා
නමුත් ජනතාව දන්නවා සැබෑ පොළවේ ප්‍රශ්න ඒ නොවන බව. අද වෙනකොටත් වෘත්තීය සමිති සාමාජිකයන් , ගොවියන් ඇතුළු වැඩ කරන ජනතාව පාරට ගේන්න නොහැකිව තියෙන්නේ ඒ නිසයි. ඔවුන් මළ කෑ මේ පැරණි දැලි පිහි ප්‍රතික්ෂේප කර අවසන්. ඔවුන් අර්බුදය සහ අරගලය විසින් ලබාදුන් පණිවිඩය නිවැරැදිව ග්‍රහණය කරගෙන අලුත් තත්ත්වයක් වෙනුවෙන් නිහඬ පෙළ ගැස්මක සිටිනවා. පක්ෂ දේශපාලනය තිබිය යුත්තේ ජාතික අභිලාෂය ජයග්‍රහණය කරගැනීමට මිස කාගේවත් සක්විති රජ සිහින ජයග්‍රහණය කරවීමට නොවන බව තේරුම් අරගෙන සිටිනවා. අන්න ඒ ජන පෙළගැස්ම වෙනුවෙන් මේ පාර හරිපාර වෙන් කරනවා.
අපේ රට අලුත් කරන්න නම්, අසාර්ථක පැරණි ක්‍රමයෙන් මිදීමට නම් අපේ තිබෙන , ජයගත යුතුම ප්‍රධාන දුර්වලතා කිහිපයක් තිබෙනවා. ඊට ජාතික දුර්වලතා කිව්වත් වැරදි නැති බව මගේ විශ්වාසයයි.
පළමු වැන්න තමයි, අපේ ඇකඩමික් ප්‍රජාව , එහෙමත් නැත්නම් දැන උගත් කියන, සහතික උගතුන් සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න නිවැරැදි ලෙස නිර්වචනය නොකිරීම. එහෙමත් නැත්නම් ඔවුන් තාර්කික ලෙස ප්‍රශ්නය විශ්ලේෂණය නොකර සිටීම. න්‍යාය හෝ දත්ත මඟින් විග්‍රහය ගෙන ඒම වෙනුවට ඔවුන් ජනප්‍රියවාදී දේශපාලනය තෝරාගැනීම ගැටලුවක් වී තිබෙනවා . මේ තුළ පළමුව උගතුන් ලෙස ඔවුන් සමාජය නොමඟ යවනවා. රෝගය වෙනුවට රෝග ලක්ෂණ වටා සමාජය ගොනු කෙරෙනවා. ජනප්‍රිය උදාහරණයක් ගෙන තේරුම් ගත්තොත් අතීසාරය වැළඳි රෝගියෙකුට ඉතා සුදුසු යට ඇඳුමක අවශ්‍යතාව මතු කරනවා. රෝගය සුවපත් කරන්න වෛද්‍යවරයා වෙත යොමුව ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාව අතපසු කරවනවා.
අධ්‍යාපන , කෘෂිකර්ම , සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රය ආශ්‍රිතව පර්‍යේෂණ ආයතන රැසක් තිබෙනවා. ඒ ක්ෂේත්‍ර ආශ්‍රිත ප්‍රතිපත්ති සැලසුම් ආයතන ද රැසක් තිබෙනවා. නමුත් මේ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම
දෙවැනි කාරණය ලෙස මගේ අවධානය යොමුවෙන්නේ , ලංකාවේ තිබෙන පර්‍යේෂණ ආයතන සහ ප්‍රතිපත්ති සැලසුම් ආයතන අතර සම්බන්ධයක් නොතිබීමයි. උදාහරණයක් ලෙස අධ්‍යාපන , කෘෂිකර්ම , සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රය ආශ්‍රිතව පර්‍යේෂණ ආයතන රැසක් තිබෙනවා. ඒ ක්ෂේත්‍ර ආශ්‍රිත ප්‍රතිපත්ති සැලසුම් ආයතන ද රැසක් තිබෙනවා. නමුත් මේ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා, පර්‍යේෂණ ප්‍රතිපළ මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය හරහා අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබී යනවා.
තුන්වන කාරණය නම්, අපි රටක් ලෙස කාලීන වෙනස්කම් සිදුනොකර සිටීමයි. උදාහරණයක් ලෙස 70 දශකයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වාමාංශික නායකයකු වූ එන්. එම්. පෙරේරා මහතා පැහැදිලිව පෙන්වා දුන් කාරණයක් තමයි, ලංකාවේ විශ්‍රාම වැටුප් ගෙවීම, රාජ්‍ය අයවැය මත පවත්වා ගෙන යාම ගැටලුවක් වන බව. ඊට විශේෂ අරමුදලක් තිබිය යුතු බව ඔහුගේ යෝජනාව වී තිබුණා. නමුත් වෘත්තීය සමිති සහ ජනප්‍රියවාදී දේශපාලනය විසින් ඒ අදහස යටපත් කළා. යළිත් 2001 වසරේ ලංකා ආර්ථිකය සෘන වූ අවස්ථාවේ , ආර්ථිකය යළිත් ධන තත්ත්වයට ගෙන එන්න නායකත්වය ලබාදුන්, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ද මේ කාරණය පෙන්වා දුන්නා. නමුත් නව තත්ත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ කාලීන අවශ්‍යතාව මත වෙනස් වීම ප්‍රතික්ෂේප කළ ජනප්‍රියවාදී දේශපාලනය සහ වෘත්තීය සමිති එම අදහස පරාජය කරවූවා.
අලුතින් රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශ්‍රාම වැටුප් ගෙවීම බරපතළ ප්‍රශ්නයක්
හතර වන කරුණ ලෙස මගේ අවධානය යොමුවෙන්නේ ව්‍යවස්ථාපිත නීති තිබුණත් නිලබල තන්ත්‍රය ඒ අනුව ක්‍රියාත්මක නොවීම කෙරෙහියි. නීති අනුව චක්‍රලේඛ හරහා ක්‍රියාත්මක වීම නිලධාරීන් කරදරයක් ලෙස සලකන තත්ත්වයක් තිබෙනවා. අනෙක් අතට නීති චක්‍රලේඛ තිබෙන්නේ ජනතාවට විධිමත් ආකාරයට රාජයේ සේවාවන් ලබාදීමට වුවත් නිලධාරීන් එය ජනතාවට අවශ්‍ය සේවය ලබාදීම ප්‍රමාද කිරීමට , සේවය ලබා නොදන්න , යොදා ගැනෙන අවස්ථා කොතෙකුත් අප අත්දැක තිබෙනවා.
පාඩු ලබන ආයතන වල බර පොදුජනතාවගේ කර මතින් ඉවත් කිරීමට සූදානම් වන විට, ජනප්‍රියවාදී දේශපාලනය එය ජාතික සම්පත් විකිණීමක්, ජාතික අපරාධයක් ලෙස දක්වනවාපස්වන කරුණ ලෙස මා අවධානය යොමු කරන්නේ , ජනප්‍රිය දේශපාලන පොරොන්දු වෙතයි. මෙවැනි කාලසීමාවක් තුළ අන් කවරදාකටත් වඩා මේ ගැන අවධානය යොමු කළ යුතුව තිබෙන බව මගේ අදහසයි. නිදර්ශනයක් ලෙස පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණය ජනප්‍රියවාදී දේශපාලන තීන්දුවක් නොවෙයි. නමුත් මේ පාඩු ලබන ආයතන නඩත්තු කරන්නේ මහජන බදු මුදලින් නිසා , ඒ ගැන තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ප්‍රතික්ෂේප කළ නොහැකියි. පාඩු ලබන ආයතන වල බර පොදුජනතාවගේ කර මතින් ඉවත් කිරීමට සූදානම් වන විට, ජනප්‍රියවාදී දේශපාලනය එය ජාතික සම්පත් විකිණීමක්, ජාතික අපරාධයක් ලෙස දක්වනවා. අවසානයේ සිදුවන්නේ ඊනියා ජාතික සම්පතක බර පොදුජනයා පීඩනය පත්කර ඔවුන්ගේ කර මතට ඇද දැමීමක් පමණයි. නමුත් ලෝකයේ දියුණු රටවල අත්දැකීමට අනුව නම් ඔවුන් ජනප්‍රියවාදී දේශපාලන පොරොන්දු ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ජාතික අභිලාෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කර තිබෙන බවයි.
හත්වන කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත වීමයි. නිදර්ශනයක් ලෙස වර්ජනයක් කිරීම වෘත්තීය අයිතිවාසිකමක් වුවත් ඊට අදාළ අප රටේ අත්දැකීම නම් වර්ජනය දියත් කෙරෙනුයේ අදාළ ආයතනය ගැන තැකීමක් නොමැතිව බවයි. ලංකාවේ වැඩ වර්ජන වලට අදාළ පුරුද්ද නම් ආයතනය රැක ගැනීම වෙනුවට ඒ ආයතනය අවධානමේ දමා වෘත්තීය සමිති නායකයන් ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව ක්‍රියාත්මක වීමයි. වඩාත් නරක අත්දැකීම නම් , වෙනත් රටවල වර්ජකයන් ට ඒ වර්ජන කාල සීමාවේ වැටුප් ගෙවීමක් සිදුවන්නේ නෑ. නමුත් අපේ රටේ වර්ජන සමයේ අතිකාල දීමනා ලබන විහිළු සහගත වර්ජකයන් සිටිනවා.

ඔය ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අවභාවිතය ගැන සිංගප්පූරුව ගොඩ නැගූ ලී ක්වාන් යූ ලස්සන විග්‍රහයක් සිදුකර තිබෙනවා. එහිදී ඔහුගෙන් විමසන කරුණ, , "අලුතින් ගොඩනඟන සිංගප්පූරුවේ වැඩ කරන ජනයාට යුරෝපයේ දියුනු රටවල මෙන් වැඩ වර්ජනය කිරීමේ අයිතිය නොදෙන්නේ ඇයි ? කියලා. එහිදී ඔහුගේ පිළිතුර වෙන්නේ, ඔවුන්ගේ රටවල වත්කම අපිට වඩා බොහෝ වැඩියි. ඒ නිසා වර්ජනය හේතුවෙන් ලබන පාඩුව ඔවුන්ට දරාගන්න පුළුවන්. නමුත් අපිට එහෙම බෑ. අපි මුලින්ම ඒ තැනට එන්න ඕන. එවිට මේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් හිමි වෙනවා. එතැන් සිට ඔවුන්ට වැඩ වර්ජනය කිරීමට අවශ්‍යතාවක් එන්නේ නෑ. නමුත් මේ වෙලාවේ අපි වර්ජන කරමින් හිටියොත් අපිට දිගටම සිද්ධ වෙන්නේ වර්ජන කරන්නම විතරයි " යන්නයි.
අටවන කරුණ ලෙස මම අවධානය යොමුකරන්නේ දේශපාලන එකඟතාවකට නොපැමිණීමේ පුරුද්දයි. විශේෂයෙන් ජාතික අවධානමකදී පවා පක්ෂ භේද පසෙක තබා එක්වීමේ ගුණයක් අපේ රටේ නෑ. නමුත් ඊට අදාළ ආදර්ශ තිබෙනවා. 71 කැරැල්ල අවස්ථාවේ රාජ්‍යය තර්ජනයට ලක්වූ මොහොතේ එවකට අගමැති සිරිමාවෝ මැතිනියට කැරැල්ල මැඩ පැවැත්වීමට සහාය දෙන්න, එවකට විපක්ෂ නායක වූ ජේ. ආර්. ජයවර්ධන ඉදිරිපත් වුණා. ඒ වගේම තමයි, පසුගිය කොවිඩ් වසංගතය හමුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ , එවකට ගෝඨාභය පාලනය කැඳවූ සර්ව පාක්ෂික නායක සමුළුව වෙත ගොස් කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කරා. ඒ වගේම ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට පවා ලෝබ නැතුව ඉදිරිපත් වුණා. නමුත් අප රටේ විපක්ෂය පුරුදුව ඉන්නේ , ජාතික අර්බුදයක් පැමිණි විට එයින් වාසිය ලබන්නේ කොහොමද කියලයි.
එය මේ මොහොතේ ද අප අත්දකිමින් සිටින සත්‍යක්. ඒ පසුබිමේ මගේ අදහස නම් මේ පැරණි ක්‍රමයේ වූ මළ කෑ පැරණි දැලි පිහි තරම් රටට අවධානම් නරක ජාතික පුරුදු පසෙක තබා , අර්බුදය සහ අරගලය විසින් බලකර ඇති, නව දේශපාලන සිතියම මත නිවැරදිව සිටගත යුතු බවයි. ආපසු හැරීමක් නැති , හරි පාර ද එයයි.
(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk
[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
සබැඳි ලිපි:
'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)
හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)
හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)
ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)
වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)
හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)




නමුත් ජනතාව දන්නවා සැබෑ පොළවේ ප්‍රශ්න ඒ නොවන බව. අද වෙනකොටත් වෘත්තීය සමිති සාමාජිකයන් , ගොවියන් ඇතුළු වැඩ කරන ජනතාව පාරට ගේන්න නොහැකිව තියෙන්නේ ඒ නිසයි. ඔවුන් මළ කෑ මේ පැරණි දැලි පිහි ප්‍රතික්ෂේප කර අවසන්. ඔවුන් අර්බුදය සහ අරගලය විසින් ලබාදුන් පණිවිඩය නිවැරැදිව ග්‍රහණය කරගෙන අලුත් තත්ත්වයක් වෙනුවෙන් නිහඬ පෙළ ගැස්මක සිටිනවා. පක්ෂ දේශපාලනය තිබිය යුත්තේ ජාතික අභිලාෂය ජයග්‍රහණය කරගැනීමට මිස කාගේවත් සක්විති රජ සිහින ජයග්‍රහණය කරවීමට නොවන බව තේරුම් අරගෙන සිටිනවා. අන්න ඒ ජන පෙළගැස්ම වෙනුවෙන් මේ පාර හරිපාර වෙන් කරනවා.