The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු දළු ලන තුරු බලා හිඳිමු ද ? - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

July 30, 2024 • 10:32 AM

මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු දළු ලන තුරු බලා හිඳිමු ද ? - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය අරගල සමයෙන් පසුව විකල්ප දේශපාලන බලවේගයක ක්‍රියාකාරිකයකු බවට පත්ව ඇති මෙම තරුණයා සිය මිත්තණියගේ දේශපාලන මතය කෙරෙහි දැඩි විරුද්ධත්වයකින් පසු වූ බව ද කියනු ලැබේ.
  • ඉකුත්දා ඔහු සිය මිත්තණිය සමඟ ඇති වූ දේශපාලන වාදයක් දුර දිග යාමෙන් පසුව ඇගේ ජාතික හැඳුනුම්පත පෙට්‍රල් දමා ගිනි තබා විනාශ කිරීමට ගිය අවස්ථාවේදී ඇය අසල්වාසීන් ගෙන් උදව් ඉල්ලා කෑගසා තිබේ.
  • එවිට වහා ඉදිරිපත් වූ අසල් වැසියන් තරුණයාට පහරදී ජාතික හැඳුනුම්පත බේරාගෙන මිත්තණිය වෙත ලබා දී ඇති බව සඳහන් වේ.
  • පසුව මව ඔහු අතහැර වෙනත් විවාහයක් කරගෙන විදේශගතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවසීම මත ඇගේ ජාතික හැඳුනුම්පත ගිනි තබා විනාශ කිරීමට උත්සාහ කළ 21 හැවිරිදි තරුණයකු පිළිබඳව ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 

සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම නිසා රැකියා විරහිතව පසුවන මෙම තරුණයා හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයකුට අයත් කොහු මෝලක කම්කරු රැකියාවක් කරමින් සිට ඇති අතර, 2019 වර්ෂයේ ජනාධිපතිවරණය සමයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම මත අත්අඩංගුවට ද පත්වූවකු බව ද පැවසෙයි. පසුගිය අරගල සමයෙන් පසුව විකල්ප දේශපාලන බලවේගයක ක්‍රියාකාරිකයකු බවට පත්ව ඇති මෙම තරුණයා සිය මිත්තණියගේ දේශපාලන මතය කෙරෙහි දැඩි විරුද්ධත්වයකින් පසු වූ බව ද කියනු ලැබේ.

ඉකුත්දා ඔහු සිය මිත්තණිය සමඟ ඇති වූ දේශපාලන වාදයක් දුර දිග යාමෙන් පසුව ඇගේ ජාතික හැඳුනුම්පත පෙට්‍රල් දමා ගිනි තබා විනාශ කිරීමට ගිය අවස්ථාවේදී ඇය අසල්වාසීන් ගෙන් උදව් ඉල්ලා කෑගසා තිබේ. එවිට වහා ඉදිරිපත් වූ අසල් වැසියන් තරුණයාට පහරදී ජාතික හැඳුනුම්පත බේරාගෙන මිත්තණිය වෙත ලබා දී ඇති බව සඳහන් වේ.

 

58d202aaaa2189ef38d9ee41e6c06249 XL තම දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ මතයක් දැරූ මිත්තනියගේ ජාතික හැඳුනුම්පත දෙසට යොමු කළ ඔහු ගේ පෙට්‍රල් හා ගිනි හුල ඇය වෙතට යොමු වීමට තිබූ සුළු අවකාශය ද අප බැහැර නොකළ යුතු ය.
කරුණු අනාවරණය වන අන්දමට මෙම සිද්ධියට සම්බන්ධ තරුණයාගේ ළමා විය ද එතරම් සොඳුරු වූවක් නොවේ. මෙම තරුණයා කුඩා කාලයේ දී ඔහු ගේ පියා හදිසි අනතුරකින් මියගොස් තිබේ. පසුව මව ඔහු අතහැර වෙනත් විවාහයක් කරගෙන විදේශගතව ඇත. පසුව මෙම තරුණයා කුඩා කල සිටම මෙම සිදු වීමට අදාල මිත්තණිය විසින් රැකබලාගෙන තිබේ. 

ඇයගේ සැමියා ද ශ්‍රී ලංකා පොලිසියේ සේවය කර ඇති අතර, 1989දී සන්නද්ධ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ඝාතනය කර තිබේ. ඉහත සඳහන් ව ඇති සිදුවීම හුදකලා වූවක් නොවේ. කිනම් කරුණක් මත හෝ වහා කිපෙන හා ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රචණ්ඩත්වයට යොමු වන පුද්ගල මාදිලියක් පිළිබඳ නිදසුනකි.ඒ කෙසේ හෝ තම දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ මතයක් දැරූ මිත්තනියගේ ජාතික හැඳුනුම්පත දෙසට යොමු කළ ඔහු ගේ පෙට්‍රල් හා ගිනි හුල ඇය වෙතට යොමු වීමට තිබූ සුළු අවකාශය ද අප බැහැර නොකළ යුතු ය.

 

NW04 9පුවත්පත් වාර්තාවක්
මේ අතර සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුවතක් ද පසුගිය දා අසන්නට ලැබිණ. එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

වසන්ත සමරසිංහ විසින් හඩ්සන් සමරසිංහ ඉලක්ක කර කරනු ලබන තර්ජනාත්මක ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. එම ප්‍රකාශය පදනම් කරගෙන මෙම පැමිණිල්ල හඩ්සන් සමරසිංහ විසින් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කොට ඇත. මෙම සිදුවීම ද ඉහත සඳහන් කරුණයා සම්බන්ධ සිදුවීම සේම හුදකලා වූවක් නොවේ. 

එළඹෙන ජනාධිපතිවරණයේදී තම දේශපාලන මතයට එරෙහි මතයන් ඉස්මතු වීම වලකනු පිණිස කරනු ලැබූ අනිසි වෑයමකි. පොදු ජන සමාජයක් ලෙස පක්ෂ පාට නොතකා අප මේවාට එරෙහි විය යුතු ය.එසේ නොකළ හොත් මෙලෙස තැන තැන දැල්වෙන දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ ගිනි පුපුරු වලින් මුළුමහත් සමාජයම දැවී අලු වී යා හැක.

ජනාධිපතිවරණය නොවැම්බරයේ ! ඡන්දදායකයන්ට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

 

මේ අතර ඉහත සඳහන් තත්වයන් මුල් කොට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ ඡන්දය භාවිතා කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්දදායකයන්ට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව ද සඳහන් කරයි. මෙවර ජනාධිපතිවරණයේදී වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කිරීම සඳහා ඉල්ලුම්පත් යොමු කළ යුතු බවත් අදාළ ඉල්ලුම්පත් දිස්ත්‍රික් තේම් භාර නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 

 
මෙම අයදුම්පත් සම්පූර්ණ කර අගෝස්තු මස 01වන දිනට පෙර මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව, සරණ පාර, රජගිරිය යන ලිපිනයට එවිය යුතු බව පැවසෙයි. ඉල්ලුම්කරු විසින් මේ වසරට අදාළ ඒකාබද්ධ ඡන්ද නාමලේඛනය පදනම් කරගෙන අදාළ විස්තර ඉල්ලුම් පත්‍රයේ සඳහන් කළ යුතු වන අතර, නාමලේඛනයට අදාළ තොරුතුරු සියලුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවල, කච්චේරිවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තබා තිබෙන බව ද අනාවරණය කොට තිබේ.
 
පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)ජනාධිපතිවරණයේදී වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කිරීම සඳහා ඉල්ලුම්පත් යොමු කළ යුතු යි. 
මීට අමතරව මේ වසරට අදාළ ඡන්ද හිමි ලේඛනයේ ලියාපදිංචි විස්තරය www.election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවත් ඉල්ලුම්පත්‍රයේ සඳහන් තොරුතරු ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාර්වරයා විසින් සහතික කළ යුතු වන අතර, ග්‍රාම නිලධාරී සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
එළඹෙන ජනාධිපතිවරණය මුල් කොට මතු වන ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු සම්බන්ධ සිවිල් සමාජ කතිකාවතක අවශ්‍යතාව ශීඝ්‍රයෙන් ඉස්මත් වෙමින් තිබේ. ඒ අතරේ ජාතීන් හා ආගමිකයන් අතර වෛරී හැඟීම් මතු නොකරන, ප්‍රචණ්ඩත්වයෙන් සහ දූෂණයෙන් තොර නිදහස හා සාමකාමි ජනාධිපතිවරණයක් තහවුරු කරගැනීම සඳහා කටයුතු කිරීම අදාල සියළුම පාර්ශ්වයන්හි වගකීමක් බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ පවසයි. 
සිවිල් සේවයට හමුදා පාලන ක්‍රමවේදයන් මුහු කිරීම අතිශයින් ම බරපතලයි.' -කරු  ජයසුරියකරු ජයසුරිය
 
එහි සභාපති කරු ජයසුරිය නිකුත් කරන ලද නිවේදනයකින් සිහිපත් දෙන්නේ එහිදී මැතිවරණ කොමිෂන් සභාවට මෙන් ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ද ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයට ද විශේෂ කාර්යභාරයක් පැවරෙන බවයි. ශිලාචාරයක් මැතිවරණ සංස්කෘතියක් පිළිබඳව සිහපත් කරන දෙන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙර මෙන් එම අපේකෂා බිඳ වැටුණු පරිසරයක් නිර්මාණය නොරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

“සිවිල් සමාජයේ මැදිහත්වීමෙන් 2001 වසරේදී ඇතිකර ගත් දාහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ශීලාචාර මැතිවරණ සංස්කෘතියක් සඳහා මුල පුරනු ලැබුව ද 18 හා 20 වන සංශෝධන හරහා විධායකය අත්පත් කරගත් අසීමිත බලතල හේතුවෙන් සමාජය තුළ පැවති එකී අපේක්ෂා බිඳ වැටුණු අතර යළි එවන් පරිසරයක් නිර්මාණය නොකිරීම වර්තමාන ජනාධිපතිවරයාගේ මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ද වගකීමක් වන්නේය.”යනුවෙන් සඳහන් එම නිවේදනයේ මැතිවරණ වියදම් පනත අල්ලස් හෝ දූෂණ විරෝධි පනත නිසි පරිදි ක්‍රියාත්මක කරවිය හැකි වුවහොත් නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පිළිබඳ ජනතාව තුළ පවත්නා අපේක්ෂාව සාක්ෂාත් වනු ඇතැයි ද සඳහන් කර ඇත.
 
පොදු ජන මතකය සහ මහජන මතය හසුරුවන ජනමාධ්‍ය ගැන ප්‍රවේශමින් ! - නාලක ගුණවර්ධනජනමාධ්‍යයේ වගකීම
ඒ අතර පසුගිය පැවති ජනාධිපතිවරණයේ මෙන් පහත් ප්‍රචාරණ උපක්‍රම නොවීමට වග බලා ගැනීම ජනමාධ්‍යයේ වගකීමක් බව ද කරු ජයසුරිය සිය නිවේදනයෙන් අවධාරණය කොට තිබේ.
 
“2020 ජනාධිපතිවරණයේදි අප දුටු සමහර ප්‍රචාරක උපක්‍රම හා ක්‍රියාමාර්ග ද ඉතාමත්ම පහත් මට්ටමක පැවතිණ. මෙවර ජනාධිපතිවරණයේ දි යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමේ දී මේ රටේ ජනමාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරෙන බව ද අප මෙහිදි සිහිපත් කරනු කැමැත්තෙමු.”යනුවෙන් සඳහන් එම නිවේදනය මඟින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ එහි සාමාජිකයන් කෙරෙහි දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවකින් යුතුව සිටින බව ද කරු ජයසුරිය නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 
එමෙන්ම ඉහත සඳහන් සමාජ ඛේදවාචකය පිටු දැකීම පිණිස පොදු ජනතාව ලෙස ඉටු කළ හැකි මූලික කාර්ය භාරයක් ද අප හමුවේ තිබේ.එනම් ඉදිරියේ දී සාපරාධී බිය වැද්දීම් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධ වැඩි නැඹුරුවක් පළ කරන දේශපාලන පක්ෂ කණ්ඩායම් හා පුද්ගලයන් සම්බන්ධයෙන් සංතීක්ෂණ අවධානයෙන් යුතුව පසුවීම ය.

මෙතෙරින් සැලකුම් නැතත් ලක් පොළොවට සුව සදන එතෙරින් ආ ශාක අහිංසකාවිය;  ග්ලිරිසිඩියා – (රේණුකා දමයන්ති)(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...